පිස්සා කිවුව දවසේ… මට කෙලවුනා….

මට අයියා කියද්දී,

මං නංගි පැට්ටා කිව්වා…

‌‌

මට මිනිහා කියද්දී…

මං කෙල්ලේ කිව්වා…

මට වඳුරා කියද්දී,

මං වැඳිරි කිව්වද…?

නැහැ…

මං හාවි… කිව්වා….

වල් ඌරා කියද්දී…

ඊරි නොකියා මොනරී කිව්වා…

ඔක්කොමත් හරි…

මට පිස්සා කියපු දවසේ,

කියාගන්න දෙයක් නැතුව මං ගොළුවුනා.

හිතා ගන්න බැරිවුනා, පිස්සා කිව්වේ…

ආදරේටද…

තරහටද…

කියලා…………….

65 Responses to “පිස්සා කිවුව දවසේ… මට කෙලවුනා….”

  1. හසී Says:

    වතුරේ ඉන්නේ නැතුව පාරවල් ගානේ ඇවිදිනකොට පිස්සා කියන එක අහන්නත් දෙයක්ද? හිකිස්‌ 😉

  2. සාතන් Says:

    මාලුවට බඩු හරි වගේ…

  3. බෙලෙකා Says:

    අනේ මැටි ගොනා.තෝ හරියට විරුද්ධ පද දන්නෙ නැ නේ.තෝ ඉස්කෝලෙ ගියෙ නැද්ද බං.
    අයියගෙ විරුද්ධ පදේ නංගි
    මිනිහගෙ විරුද්ධ පදේ ගැණි
    වල් ඌරගෙ විරුද්ධ පදේ වල් ඊරි
    පිස්සගෙ විරුද්ද පදේ පිස්සි.

    😛

  4. දොඩං Says:

    හප්පේ අලි අමාරුවක නෙ මාළුවත් වැටිල තියෙන්නෙ….:D

  5. පිස්සු පුසා Says:

    හිකිස් මාලුවගේ ගෑනු සතා මාලු කෑල්ලද මැයිනිද???

  6. මධුරංග Says:

    තරහට වෙන්න ඇති. පිස්සි කියලා කියන්න එපෑ !!!!
    මාලු අයියත් පුදුම අමාරු වල තමයි වැටිලා තියෙන්නේ.

    ප.ලි.- මොකෝ මේ හවස් ජාමේ පෝස්ට් දාන්නේ. වෙනදා නම් උදේම්ම පෝස්ට් දාන කෙනා මම් බැලුවා අද මොකද සද්දයක්වත් නැත්තේ කියලා !!!! 🙂

  7. පූසා Says:

    කොහොමත් කෙනෙන්ට ගැලපෙන හරිම වචනේ කිව්වාම මොනවා කියන්නද කියලා හිතාගන්න බැරිවෙන එක සාමාන්‍යයයි 😀

  8. Gayan Kalhara Says:

    මයෙ සුදු මැණික කියන්ට (worked for me 🙂 )

  9. විසිතුරු  Says:

    පිස්සි කියලා ආදරෙන් කතා කරන්න … ආදරේ වැඩි කමට පිස්සු හැදිල ඇති නේද?

  10. arunishapiro Says:

    දැන් අනිත් එව්වා කියපු අවස්ථා හිතාගන්න පුළුවන් වුනාට පිස්සා කිව්ව අවස්ථාව කුමක් ද …?!!! 🙂

  11. රත්ගමයා Says:

    මම නම් හොද කුනුහබ්බ දෙකක් කියනවා.. 🙂

  12. Gayan Ruasinghe Says:

    ම්ම්ම් තරහටද ආදරේ ටද කියල දැනගත්තනම් ඒකට හරියන එකක් කියන්න තිබ්බ…. වැඩක් නෑ ඔව්ව ගැන කතා කරල මචං….. හීතන්න එප කියන්න මට බෑ. මොකද නොහිත ඉන්න අමාරුයි කියල මම දන්නව බං…

    ජය….

  13. හිස් අහස Says:

    ආදරෙත් පිස්සුවක් තමයි බං ..කෙල්ල පිස්සා කියන්න ඇත්තේ ආදරේට කියලා තමයි හිතෙන්නේ ..

  14. deeps Says:

    මාළුවෝ මොකෝ මේ හවස් යාමේ තකහනියක් මේ පැත්තේ එන්න හිතුනේ? අද දවසේ නම් මොකක් හරි සීන් එකක් වෙලා වගේ 😉

  15. චතුර.... Says:

    මොකක් වෙතත් ඇත්ත කියලා තියෙනවා .. 😛

  16. හපා Says:

    ඔව් ඉතින් පිස්ස තමා… ඒත් ඕක කියන්න ඕනද නේ……

  17. Dinuka Harshana Says:

    දැන් ඔය උබට පිස්සා කියලා කියුවේ හිනා වෙලාද…? තරහෙන් මූණ රතු කරගෙනද..?
    හිනා වෙලා නම් ඒ ආදරේට බං
    තරහෙන් මූණ රතුකරගෙන නම් බඩුම තමයි සපත්තුවක් අත ළගම…

  18. blog gadol Says:

    සුපිරියි මචෝ! තදින්ම හිතට දැනුනා. දැන්නම් මාලුවාගේ කවි හැකියාම උපරිමට ඇවිත් තියෙන්නේ!

  19. රතු මුහුද Says:

    ආදරේට කියන කතා බොලද උනාට…ජිවිතේක ගැබුර දැනේ නොවේද මාළුවෝ.

    මේ මම ඔයාට දාන 1මු කොමඩුව.

  20. චරිත් යශෝද / Charith Yashoda Says:

    මොනවා උනත් අය්යා
    මම අය්යානම් අනිත් පැත්තට ඔය ඔක්කොම කියන එක කියනවා

  21. පිණිබිඳු Says:

    නෑ බං ආදරේට ආදරේට. පිස්සා මිනිහා ඌරා යකා මැට්ටා ඕවා ඔක්කොම ආදරේට බං.

  22. mada Says:

    el kawi tika.. Oka thw hodi bn, pissa withrne Qwe.. Blpnko mata una de, “AWLAK NA SAHO KAMU EKATAMA SIGA” maru ne..

    Malu mchan podi hlp 1k deyanko, nokia 2700 phone 1t google map danna brid?? Danwanam kohomd danna one keyl keypnko..

  23. තාරා Says:

    පිස්සෙකුගෙ වත් ආදරේ ආදරෙන් විඳින්න තරම් ඒකි පින් කරලා නැතුව ඇති…

  24. අකීකරු හිත Says:

    හරි නමින්ම කතා කරද්දි ඔහොම වෙනවලු

  25. නවම් Says:

    මටත් ඔය ඌරා, හරකා, බූරුවා කියල කියනව. මං නෙමෙයි ඕවයෙ දිග පළල හොයන්න යන්නෙ. ඇහුනත් නෑහුනා වගේ ඉන්නව.

  26. පන්සල් හංදිය Says:

    මට තේරුනා සීන් එක ………
    ඇත්තටම මුකුත් නොකියා ඉඳියෙ බයට නේ ………….


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: