ඕයි… මේකේ සීට් නැත්තං මේක ලොරියක්නේ…

හොඳ කෑමක් සෙට් කරගන්න ගිහිං අනූ නවයෙන් බේරුන කතාවක් මේ‍. හැබැයි මේ සීන් එකේ අඳුරු සෙවනැලි තාම මගේ වටේ කැරකෙනවා. මං උදේට ඔෆිස් එන්නේ පොදු ප්‍රවාහන සේවයේනේ. වැඩිහරියක් ප්‍රයිවෙට් බස් වල තමා ගමන. ඉතිං දැං හැමෝම දන්නවනේ ඔය ප්‍රයිවෙට් බස් වල කොන්දා මල්ලිලාගේ කටේ සද්දේ ගැන. ඒ වගේම තමා කොන්දොස්තරලා කියන එව්වා….

බස් එකේ සෙනග ‍ලෝඩ් කරද්දී, ගාල්ල අම්බලන්ගොඩ…. පැත්තේ අය කෑගහන්නේ… ආ…එන්න ඉක්මනට ගොඩ වෙන්න …. ඉක්මනට ගොඩ වෙන්න කියලා. ගොඩ වෙන්න කියන්නේ ඉතිං… මගුල් බල බල ඉන්නේ නැතුව ඉක්මනට  බස් එකට නැගපං යකෝ කියලා කියන එක ක්‍රමයක්.

අපේ ගම් පලාතේ කියන්නේ… නගින්න පුංචි මහත්තයා… නගින්න ඉක්මනට… කියලා තමා. ඒකත් ඉතිං අර ඉක්මනට නැගපං යකෝ එකේම තව විදියක්. ඒ වගේම තමා මං දැං ඉන්න දිහාවේ… ඒ කොන්දලා නම් හරි ජොලි. බස් එක හෝල්ට් එකට එනකොටම කොන්දා බස් එකෙන් බිමට පැනලා බස් එකේ මැදක් හරියට දුවගෙන ඇවිත් ජනේලකින් ඇතුලට එබිලා…. ඔන්න පටන් ගන්නවා සංස්කෘත පාඩම. මේ ඔය – කොල පාට ඉරි ෂර්ට් එක ඇඳන් මහත්තයා… දෙපැත්තට වෙලා ඉඩ දෙන්නකෝ, ඔතෙන හරි කරගෙන ඉන්නේ… පස්සේ ඉතිං අර මහත්තයා දෙපැත්තට කෙසේ වෙතත් එක පැත්තකට වෙලා ඉඩදෙනවා. ඊට පස්සේ කොන්දා තව ටිකක් ඉස්සරහට ගිහිං ආයෙමත් ජනේලකින් එබිලා කෑගහනවා… ඔය මහත්තයා පොල්ල අල්ලගෙන ඔතෙන හිර කරගෙන ඉන්නේ‍ පොල්ල අතෑරලා ඉස්සරහට යන්නකෝ… කියලා… ඒ මහත්තයාත් ඉතිං පොල්ලක් ගැන කියලා ලැජ්ජ කොරපු නිසාම කට පියාගෙන සයිඩ් එකට වෙනව‍ා . එහෙමත් නැත්තං ඉස්සහට හරි පස්සට හරි යනවා. ඒ ඉතිං සාමාන්‍ය බස් රථ වල. ඊට පස්සේ වායුසමනය කරපුවෑ පටවන්නේ වෙන විදියකට. මුලින්ම කියන්නේ තව මෙච්චරකට කියලා ගානකුත් කියලා  වාඩිවෙලා යන්න පුළුවන් කියලා….  ඊට පස්සේ ඕං සමහර බස්වල නම් කියනවා ගමනාන්තයට මෙච්චර වෙලාවකින් යන්න පුළුවන්ය… අරක මේක කියලා…

ඊටත් පස්සේ තවත් සීන් එකක් තියෙනවා… මේක නම් අහලා දැකලා විඳලා තියෙන්නේ මාතර – කොළඹ බස් එකෙයි මහනුවර – කොළඹ බස් එකෙයි විතරයි. අනිත් එව්වෑ කොහොමද කියන්න ඉතිං ගිහිං තියෙන එකක්යැ. මේකයි සීන් එක. මාතර ඉඳන් කොළඹ එන බස් එකටයි නුවර – කොළඹ බස් එකටයි ඒ ස්ටෑන්ඩ් වල ඉන්නේ මාර සෙනගක්. ඉතිං එක බස් එකක් ගිහිං තව බස් එකක් එන කොටම පෝලිමේ මුල හරියේ අය බස් එකට නැගලා සීට් අල්ලගෙන ඉවරයි. එතකොට ඉතිං ගොඩක් අය දෙන්නා දෙන්නා යන නිසා අල්ල ගන්නේ ඩබල් හරි ට්‍රිබල් හරි සීට්. ඒ අස්සේ ඉන්නවනේ තනිකඩ උන්දලා…. ඉතිං ඒ අය වාඩි වෙන්නේත් අර ඩබල් සීට් වලම තමා. ඒත් ඒ අය තනිකඩ නිසා තව එක්කෙනෙකුට සීට් එකක් තියෙනවා. පස්සේ ඔන්න කොන්දා බස් එකෙන් බැහැලා කෑ ගහනවා… තනි සීට් මෙච්චරක් තියෙනවා… තව යන කවුරු ඉන්නවනම් නගින්න කියලා… එහෙම කෑ ගහද්දී ඉතිං තනියම ඉන්න වයසක අංකල්ලා එත‍‍කොට අයියලා එහෙම දුවගෙන ගිහිං නගින්නේ. ඇයි ඉතිං කෙල්ලෙක් එහෙම වාඩි වෙලා ඉන්න තනි සීට් එකක් හම්බුනොත් එහෙම යමින් ගමන් දෙන්නටම බඩල් වෙන්න බැරියෑ…. ඇත්තට ඒ තනි සීට් කේස් එකෙන් ගොඩ ගිය අය නම් හෙනට ඉන්නවා. මතකනේ මටත් ඔය තනි සීට් කේස් එක නිසා කෙල්ලෙක් සෙට් වුනා. අර අයියේ ඔයා මුස්ලිම්ද කියලා මගෙන් ඇහුවේ… ඒ වුනෙත් ඉතිං නුවර බස් එකේම තමා. ඒ වගේම ඔය අක්කලාව කැම්පස් ඇරලවලා එන අයියලා, එතකොට පවුලව ගමේ ඇරලවලා එන අයියල එහෙම තනි සීට් වලට ආසයි. වෙන මොකකටවත් නෙවේ ඩබල්, මල්ටි කරගෙන වෙනසක් අත්විඳින්න. මේවා කියලා මට කන්න වෙයිද දන්නේ නෑ….

ඒ ඉතිං කිව්වේ අද කතාවේ පසුබිම. කතාව නම් හෙන හෙන චුට්ටයි. මේකෙ තව ටිකක් තියෙනවා ඉතුරු හරිය කියන්න බෑ,.. මොකද එහෙම වුනොත් එහෙම මට ආයේ බ්ලොග් ලියන එකෙක්ගෙවත් මූන බලන්න බැරි වෙනවා…. ඒ තරම් පට්ටයි වෙච්ච දේ.

ඉතිං මේකයි කතාව දැනට මාස දෙකකට විතර කලිං අපේ බස් හෝල්ට් එකට එනවා මග ඉඳන් කොළඹ යන ඒ.සී බස් එකක්. ඇවිල්ලා අනිත් බස් වලට නවත්තන්න බැරි වෙන්න පාර හරස් කරගෙන නවත්තනවා. ඊට පස්සේ ඉතිං අනිත් බස් වලට නවත්තන්න විදියක් නැතුව එව්වා නොනවත්වාම යනවා පිඹගෙන. ඔය සීන් එකෙන් පාඩු වුනේ අපි වග් නැති බැරි සාමාන්‍ය බස් වල යන අසරනයින්ට. මොකද අර ඒ.සී එක අද්දන්නේ සෙනග භාගයක් විතර පිරුනම.  එතකොට ඉතිං අපිට යන්න තියෙන බස් ගොඩක් ගිහිල්ලා.

දැං ඉතිං දවස් දෙක තුනක් ඔහොම වුනා. මාත් එක්ක බස් එකේ යන තව යාළුවෙක් ඉන්නවා. පොරට තද වුනාම යකා වගේ තමා. දැන් ඉතිං දවස් දෙක තුනක්ම අර ඒ.සී බස් කාරයා නිසා ලේට් ටයිම් සෙට් වෙච්ච එකට මූ හෙන මලෙන් හිටියේ. පස්සේ ඔන්න එදත් අර බස් එක ඇවිත් කොන්දා බැහැලා බස් එක ‍ලෝඩ් කරන්න කෑගහනවා මෙහෙම…

නගින්න මහත්තයා… නගින්න සීට් තියෙනවා…. සීට් තියෙනවා… කියලා. දැං මාත් එක්ක ආපු එකාට මල උපරිමයි. මූ ටිකක් වෙලා දත්මිටි කකා ඉඳලා… මං නවත්තන්න හැදුවත් ‍මගේ අතත් ගසාදාලා ගියා අර කොන්දා ගාවට… ගිහිං…

ඕයි… <පරුෂ වචනයක් > මේකේ සීට් නැත්තං මේක ලොරියක්නේ <පරුෂ වචනයක් > කිව්වා. වටේ පිටේ හිටිය අයටත් හිනා මූ ඒක කිව්ව විදියට. ඇත්තනේ ඉතිං ඒ බස් එකේ සීට් නැත්තං ඒක ලොරියක්නේ. සීට් තියෙනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඊට පස්සේ ඉතිං මෙන්න කොන්දා එනවා අපිට නෙලන්න. දැං ඉතිං කාලා වරෙන්කෝ. මං නම් උදේට කිරි එක විතරයි බීලා හිටියේ. අනික හාල්මැස්සා වගේ ඉන්න මට උදේ පාන්දර පාරක් වැදුනම ඉතිං කියනන දෙයක් නැහැනේ දවසම කිරියෙන් පැනියෙන් ඉතිරෙනවා කියලා. පස්සේ ඔන්න ගහන්න පනිද්දී වටේ හිටිය අය අපි දෙන්නවා පැත්තකට ඇදලා දාලා කොන්දාගෙන් ගේම ඉල්ලනවා. කොන්දාට ඒ අස්සේ කව්ද එකෙක් හෙල්මට් එකකිනුත් ගහලා. ඒ වැඩේ කරේනම් කව්ද දන්නේ නෑ…. සමහරවිට කාව හරි හෝල්ට් එකට දාන්න බයික් එකක ආවා කෙනෙක් වෙන්න ඇති.

ඊට පස්සෙ ඔන්න බස් එකේ සෙනග කව්රුවත්ම නැතුව අම්බානෙට චාටර් වෙලා බස් එක ගියා. ඊට පස්සේ ඉතිං ගේම ඇදගත්තේ අපි දෙන්නනේ…. ඉතිං ඒකට අපිට අර බස් එකේ උං ගෙන් රිටන් එකක් හම්බුනේ එහෙම නෑලු. එදාත් යන්තං ත්‍රී වීල් පාක් එකේ ඉන්න දන්න කියන වුන් නිසා අතපය බේරගෙන යාළුවෝ දෙන්න ගෙදර ගියාලු. ඊළඟ අටෑක් එක ආයේ කවද වදීදද දන්නේ නෑ… ඒක නිසා මං දැන් ටිකක් උදෙන්ම තමා ඔෆීස් යන්නේ… ඒ වගේම ‍ගොම්මං කළුවර වැටිලා මාව අඳුර ගන්න බැරි වෙලාවට තමා මං ගෙදර එන්නේ…

ඔය අන්තිම අටෑක් එක එල්ල වුනේ මීට මාසෙකට විතර කලින්. ඊට පස්සේ අද වෙනකං නම් තාම වලියක් ගහගන්න සෙට් වුනේ නෑ… අනික මට මොන වලිද… ඔන්න ඔහේ ටිකක් රෑ වෙලාම ගෙදර එනවා කියලා හිතාගෙනම මං දිගටම කටයුතු කරන්න තියාගත්තා‍ එහෙම නැතුව බයකට එහෙම නෙවේ… කොහෙමත් මේවා අපේ අතපය නෙවේනේ… අපේ අම්මලා තාත්තලා මහන්සියෙන් හදපු අතපයනේ… මෙව්වට මොනාහරි වුනොත් එහෙම අපිට වැඩිය දුක් වෙන්නේ එයාලා‍.

ඕං ඔහොමයි බස් කොන්දන්ගේ හැටි… මතකනේ බස් එකේ සීට් නැත්තං ඒක ලොරියක්….. තව පුංචි කතාවක් තියෙනවා. දවසක් දා මගේ ගෑණූ යාළුවෙක්ගේ හස්බන්ඩට ෂර්ට් එකක් ගන්න ඕනේ වෙලා පොරගේ උපන් දිනේට දෙන්න. ඉතිං මාවත් ඇදගෙන නැග්ගා ඒ.සී එකකට. නැග්ග ගමන් කොන්දා කියපි… මේ කපල් එකට පස්සේ සීට් එකට යන්න ඉඩ දෙන්න කියලා ♥♥♥…. 😉 ආව් සෝයි නේ… ඒවගේ කොන්දොස්තරලා නම්….

Advertisements

58 Responses to “ඕයි… මේකේ සීට් නැත්තං මේක ලොරියක්නේ…”

  1. sameera Says:

    ” මේ කපල් එකට පස්සේ සීට් එකට යන්න ඉඩ දෙන්න කියලා ♥♥♥…. ආව් සෝයි නේ… ඒවගේ කොන්දොස්තරලා නම්… ”

    අඩේ මට සෙට් වෙලා නැනෙ බං එහෙම හිත හොද මිනිස්සු………..

  2. maathalan Says:

    බස් රස බස්… නියම කතාව.. අර අන්තිම කතාව නම් එච්චර හොඳ කතාවක නෙමෙයි ගොයියෝ.. බලාගෙනයි…

    • ගෝල්ඩ් fish Says:

      අයියට කියන්න… අපිට එහා පැත්තෙත් කපල් එකක්. හිටියේ. මට ඉතිං විලි ලැජ්ජාවයි.

  3. sulagawageawidin Says:

    හික් හික් ඊයෙ මරු වැඩ තමා ම්එයාටත් වෙන්නේ

    ප/ලි : සික් ඊයෙ තව සුට්ටක් වෙලා මාව අඳුරගන්නේ නැතිව කතා කලා නම් මට අද පෝස්ට් එකක් ලියන්න තිබ්බා මාළු අයියේ 😀 😀 😀 😛

    • ගෝල්ඩ් fish Says:

      ඔයා ඉතිං බලාගෙන ඉන්නේ මට මඩක් ගහන්නනේ… අනේ යකෝ…වැරදුනා… යකී…

  4. Mahesh Nishantha Says:

    මාළු පැටියෝ , ඔය බස් වල තියෙන සනීපේ නම් කියල වැඩක් නැහැ , ගාල්ලෙන් කොළඹට ගිහින් බහින කොට කොන්ද (කොඳු ඇට) කැඩිල වගේ දැනෙන්නේ , මොකද ගන්න මුදලට සෑහෙන පහසුකම් තියෙනවා , 230ක් දීලා තව 460ක විතර බර උස්සගෙන තමයි යන්න ඕන , මොකද “ෂීට් ගානට විතරයිනේ ගන්නේ“ , අර ජංපිං ෂීට් නම් මරු , නිකං නෙවි මරේ මරු …
    හ්ම් කපල් එකකට පස්සේ ෂිට් එක දෙන එකනම් ඉතින් කාටත් හොඳයිනේ , නේද ?
    මේකට ටිකක් ලඟ කතාවක් මගේ සටහනෙත් තියෙනවා ,

    • ගෝල්ඩ් fish Says:

      ජම්බින් සීට් වල තියෙන ආතල් එක නම් නමරුම තමා. මාත් දන්නවා.

  5. deeps Says:

    නුවර කොළඹ බස් වල යන අයියලා, මාමලා සහ සීයලා ගැන නම් මතක් කරන්න එපා. ඔය හැම ජාතියේම අය මගෙන් අහගෙන තියනවා ඩබල් වෙන්න ඇවිත්. ජරා සත්තු :S

    • ගෝල්ඩ් fish Says:

      එලකිරිනේ මේ තියෙන්නේ මං කිව්ව කතාවට සාක්ෂි. නංගි පිරිමි වගේම තමා අවුරුදු 35ක් 40ක් වෙන ගෑණූත්…

      • deeps Says:

        අපොයි එහෙම කරන ගෑණු අයත් ඉන්නවද? මෙන්න ඒ ජාතියේ පිරිමි ගැන කතාවක්.

      • ගෝල්ඩ් fish Says:

        සුදු නංගියේ… මෙහෙම මිනිස්සු ගැන ලියනවනම් මටත් ගැහැණු ගැන ලියන්න දේවල් අනන්තයි අප්‍රමාණයි. ඒත් ඉතිං ගෑණු ගැනම හිතලා කට පරිස්සං ​ඉන්නවා…

  6. සාතන් Says:

    කව්ද අපේ වල් මාලුවට ගහන්න රැකන් ඉන්න කොන්ද?… එකපාරක් ගැහුවම ඇති හරි…. (මූ මෙතන ‍නොදැම්මට කන එක කාල ලෙසටම 😉 )

    අන්තිම සීට් එකේ කතන්දරේ නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි… පරිස්සමෙන්…

    • ගෝල්ඩ් fish Says:

      නෑ බං සාතන් තාම දන්සැල සෙට් වුනේ නෑ බං…

  7. blog gadol Says:

    දැන් උඹ කුකුලා නැගිටින්න කලින් පිටවෙලා වවුලා නිදාගත්තට පස්සෙ ගෙදර එන්නෙ එතකොට? හික් හික්!!

    • ගෝල්ඩ් fish Says:

      ඔව් බං… කටක් ඇරලා කියන්න විදියක් නැහැ බං…

  8. ඕනයා Says:

    ඇත්ත කියපං . . . උඹ බස් එක ඇතුලෙ වෙන සීන් එකක් දාගෙන නේද ඔය ගුටිය සෙට් වෙලා තියෙන්නෙ . . . .????

    • ගෝල්ඩ් fish Says:

      අපි බස් වල කරපු හරිය දන්නවනම් අයියලා අපිත් එක්ක කතා කරන්නෙත් නෑ…

  9. Gayan Kalhara Says:

    හැබැයි ජැක් කාරයො නම් ගහල පන්නනව. එහෙම කරන්නය කියල බෝඩුත් ගහල තියෙන්නෙ ඔය . අනේ මංදා මෙව්වානං

    මට නං ඩබල් දාලා AC අත්දැකීම් නෑ ඒත් සතියකට දෙපාරක් ගාල්ල මාතර අදින්න උන එකෙන් නං හම්බුනා සොඳවැයිං සැට් එකක්.

    ගොඩක් වෙලාවට සෙමි ලස්සරි හම්බුනත්, කපලේ අහිංසක මූණු දෙක දිහා බලාගෙන කිසි එකෙක් ඒ ගාණ ගත්තෙ නැතිලු, මොකේ ගියත් නෝමල් (ට්‍රිප්පුවක් ගිහින් අම්පාර බස් එකෙත් ඒ අත්දැකීමම තියෙනවා, ඌනං නෝන්ඩියකුත් දැම්ම මල්ලි අපිත් ඔය කාලෙ පහුකොලාය කියලා)

    (අර ඩබල් මල්ටි වැඩේ නං ඉතින් අනේ මංදා, ඒකට කියන්නෙ කාර්යක්‍ෂමතාවලු, අර ඇස් 5න් එකක්ය කියනවනෙ)

    • ගෝල්ඩ් fish Says:

      බඩල් මල්ටි වෙන එක five S එකේ කෑල්ලක් කිව්වා නේද… බලමු එහෙනම්….අපිත් ට්‍රයි කරලා.

  10. බෙලෙක් කටා Says:

    අනේ ඔය කොන්ද තොගෙ බ්ලොගේ කියවපං
    🙂

    • ගෝල්ඩ් fish Says:

      ඊඨ පස්සේ උඹ වරෙන් පස්සෙන්දාට කොඩි සුදු කොඩි අදින්න….

      • බෙලෙකා Says:

        පාට පාට ඒව දාමු නේ?

  11. Dinuka Harshana Says:

    කොන්දා අයියලා එක්ක සෙල්ලම් දාන්නේ පරිස්සමින් මාළුවෝ..උන් දෙයි උබට කොරල් හැලෙන්න..

  12. මධුරංග Says:

    “නගින්න මහත්තයා… නගින්න සීට් තියෙනවා…. සීට් තියෙනවා…”
    මාත් දවසක් ඔහොම කෑ ගහපු කොන්දෙක් හිටපු බස් එකකට නුවරදි නැග්ගා කොළඹ එන්නෙයි කියලා. නැගලා බැලුවම සීට් නම් තිබ්බා ඉඩ තිබ්බේ නෑ. කට්ටිය ඔක්කොම සීට් වල වාඩි වෙලා. මම මුකූත් කිව්වේ නෑ. මගේනේ වැරැද්ද. ඌ කිව්වේ සීට් තියෙනවාය කියලනේ ඉඩ තියෙනවාය කිව්වේ නෑනේ. 🙂

    අඩේ අරම කපල් වලට පස්ස සීට් එකේ ඉඩ දෙන කොන්දොත් ඉන්නවැයි !!!!

    • ගෝල්ඩ් fish Says:

      මලේ පිං කොරන්න ඕනේ බොල ඒ වගේ කොනදෙක්ව සෙට් වෙන්න. අන්තිමේ අපි දෙන්නත් පොඩි වෙලාවකට කපල් වුනා බං. 😉

  13. තීර්ථ යාත්‍රිකයා Says:

    අනේ වදින්න තිබ්බෙ පුරෝලා පාන්දර
    මට මැවිලා පේනවා උඹ අතකුත් එල්ලං එනවා මේ පැත්තට.. (මේ පැත්තට කිව්වෙ කොහාටද කියල දන්නවනේ..)

    • ගෝල්ඩ් fish Says:

      එතකොට උඹ වරෙන් එදාවගේ බිස්කට් එකකුත් අරගෙන….

  14. Kasun Chanaka Says:

    අපෝ තැනකට ගියොත් වන කරනව. බිව්වත් එකයි නැතත් එකයි. හලේ මාත් අඳුරන කෙල්ලො එක්ක බස් වල ගිහින් තියනව. මට ආසවට එකෙක් ඔහොම කියල නෑ නෙ.

    ප.ලි. මේ මාලු අයියෙ, උදව්වක් ඕන. මම මූනු පොතේ මැසේජ් එකක් දාල ඇති. ඉඩ තියන වෙලාවක රිප්ලයි කරන්නකො.

    • ගෝල්ඩ් fish Says:

      හරි මලේ මං බලන්නං මැසේජ් එක..

      අපි වන කරන්නේ නෑ බොල.

  15. Saji Says:

    මටත් උනානෙ ඔහොම විලිලැජ්ජාවෙ සන්තෝශෙ බැරි වැඩක් මාලු අයියෙ.මගෙ යාලුවෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ කතාකර කර ඉද්දි A/C බස් එකක කොන්දෙක් ඇවිත් යාලුවට කියපි නගින්න මල්ලි පිටිපස්සෙ ඩබල් සීට් තියනව.ඉඩ අරන් දෙන්නම් කියල සෙනග සේරම මැද්දෙ.

    • ගෝල්ඩ් fish Says:

      උඹට තිබුනේ ලැජ්ජාව පැත්තක තියලා නගින්න. අපරාදේ බං.

  16. පිණිබිඳු Says:

    අපෝ බස් කතා බස් නම්… එක දවසක් මම ගෙදර ඉඳන් කොළඹ එනවා. මගෙ එහා පැත්තෙන් කොල්ලෙක් වාඩි උනා. ඌ කතාවට එනකොට මම වඩිය ගනන් ගත්තෙ නෑ. මගේ අරයා කතෝලික හින්දා මම කොන්ත මුද්දක් දාගෙන හිටියෙ අතේ. මිනිහා මේක දැකලා මාත් එක්ක ආගම් වාදයක් දාගන්න ලෑස්තියි. කතෝලික ආගමේ ඕනෙ වැරැද්දක් කරලා පව් සමාවක් දෙනවා නේද. ඒකද මේකද කිය කිය. මල වදේ. මම අන්තිමට කිව්වා නොදන්න මිනිස්සුත් එක්ක මම ආගම ගැන විවාද කරන්න කැමති නෑ කියලා. (ඇත්තටම මම ඒක කිව්වෙ මම ඕවා ගැන වැඩිය දන්නෙ නැතුව කියවන්න ගිහින් චාටර් වෙන හින්දා). මොනා උනත් ඒක කිව්වට පස්සෙ මිනිහා කට පියාගෙන පාඩුවෙ ආවා.

    • ගෝල්ඩ් fish Says:

      පොලොන්නරුව පැත්තේ කොල්ලෝ ඔහොම්මයි…

  17. සෝරෝ Says:

    සික්……..

    ඉතිං බං ලොරි වලත් සීට් තියෙනව නේ…. ඩයිවර් මාමා යන්නේ සීට් එකේ නේ…..

    ඔන්න ඩක්කුවක් ද, වීල් බැරෝවක් ද කියල ඇහුව නම් හරි….. 😀

  18. කස්සා Says:

    ලඟදි හම්බවේද දන්නේ නැ එහෙනම් සම්බුව.පරිස්සමින් පුතෝ

    • ගෝල්ඩ් fish Says:

      අනිවා අනිවා… ඒකනේ වවුලා වෙලා තියෙන්නේ…

  19. සසීන්ද්‍ර වීරසිංහ Says:

    හික්ස්! මරු බයික් කාරයෙක්නෙ 😀
    මට ඔක්කොටම වැඩිය හිනාගියේ හෙල්මට් එකෙන් ගහපු සීන් එකට. මරු මරු….

    • ගෝල්ඩ් fish Says:

      අයියනං හිනාවෙයි… ඌට වැදිච්ච ෂොට් එකට පවු කියලත් හිතුනා…

  20. චතුර.. Says:

    “නැග්ග ගමන් කොන්දා කියපි… මේ කපල් එකට පස්සේ සීට් එකට යන්න ඉඩ දෙන්න කියලා ♥♥♥…. ආව් සෝයි නේ… ඒවගේ කොන්දොස්තරලා නම්…”
    ඉතින් ගියාද..?

    • ගෝල්ඩ් fish Says:

      නැතුව බං… ගිහිල්ලා ටික වෙලාවකට කපල් වුනත් එක්ක. ඒ කතාව බ්ලොග් එකේ ආදී කාලේ කතා පෙලක දැම්මා. පද්ධතියක් හැක් කරපු හැකර් කෙනෙක් ගැන කියලා.

  21. ඉන්දික උපශන්ත Says:

    ඔය ගෑණු ළමයි අතින් ඇදන් නග්ගගතහම කොන්දල ඔහොම කියනව අනිත් අයට කරදර නොවෙන්න සහ පිරිමිළමයට නෝන්ඩියක් නොවෙන්න කියල හිතල….

    • ගෝල්ඩ් fish Says:

      ඉතිං දෙයියනේ මට කිව්වේ අහවල් එකටැයි…. මං ඒකිගේ හොඳම යාළුවා විතරයි.

  22. හපා Says:

    ගාලු පාරේ බස් වල යාම පාපයකි. ඒ පව ගෙවීමට මාලුවාත් මාත් ඇතුලු ලක්ශ ගානක් සෙනග පින් කර ඇත.

  23. දේවා Says:

    මාලු සිරාවටම තාම මුකුත් සෙට් වුනේ එහෙම නැනේ… කෝකටත් පරිස්සමින් වැඩ කරපන්…. ආහ් කිවා වගේ අම්මලා තාත්තලා හදපුවානේ…. උබ දාගන්න ඒවට අම්මලා පලි නැනේ… ඒව කර ගත්තොත් අම්මලටමයි වියදම…. ඉතින් කෝකටත් කලින් ඉන්සුවරන්ස් එකක් දාගෙන ඉදපන්… ඕනම නම් ඔන්න BOC ඇසුවරන් කියලා එකකුත් පටන් අරගෙන තියනවා

    • ගෝල්ඩ් fish Says:

      අප්ප​ට සිරි BOC එක නම වගේමද දන්නේ නෑ… ලංකා බැංකුවෙන් වෙන්න ඇති නේද…?

  24. නවම් Says:

    ක‍ටුනායක, අමන්දොළුව පාරෙ බස්වලට සෙනඟ ලෝඩ් කරන්නෙ [සෙනඟ කිව්වට සීයට අනූවක්ම ගෑණු ළමයි තමා] එන්න චූටි පැටියෝ, එන්න වස්තුවේ, ඔය ඔතනින් එහාට යන්නෙ රත්තරනේ. ඒ අස්සෙ ඩ්‍රයිවර් ගොයියත් “ඔය පැටිය මෙන්න මෙතෙන්ට එන්න” කියල. කොහොමෙයි ඒ ආතල් එක තනි දොරේ රෝසා බස් එකේ….

    • ගෝල්ඩ් fish Says:

      අම්මේ අරුං දෙන්නගේ පැනි බේරෙනවා ඇති නේද නවම් අයියේ… ඔය කියන්නේ නවම් අයියා කටුනායක බස් වල වැඩ කරපු කාලේ වෙන්න ඇති.

  25. සිතුවම් Says:

    ඉල්ලන් ටිංකිරි ගාගෙන තියෙන්නෙ මේං ඒ පාර.

  26. මකුළු පැංචි Says:

    හප්පා….කොළඹ නුවර බස් එකේ පැටවිල්ල නං කියලා වැඩක් නෑ.. ඉස්සර මංචිත් ගියානේ කුකුලත් අතින් අරන් අර රොටරි එකේ පන්තියකට….183ක් එන්නැතුව වේලෙනකොට ඉතින් පොල් පටවපු කොළඹ-නුවර එහෙක අස්සකට රිංගන එක තමා කරන්නේ…පන්තියට යනකොට කොණ්ඩ කටු හෙයා බෑන්ඩ්ස් එහෙම වෙලාවකට අතේ අරගන යන්නේ…හැබැයි 83 වගේ ගාටන්නේ නෑ..ඇරලා දාල යනවා…. 😀

    මංචිගෙ ගම මාතර නිසා මාතර – කොළඹ බස් ගැනත් හොඳට දන්නවා.. 😛

    • ගෝල්ඩ් fish Says:

      මාතර – කොළඹ එව්වා ගැන දන්නව​නං මං කිව්වා එව්වා ඇත්ත නේද…?

  27. පන්සල් හංදිය Says:

    ඇත්ත කියපං මලයා, උඹල ගුටි කෑවා නේද කොන්දගෙන් …………
    දැන් ඒක කොන්ද පිටින් යවනවා ……….

  28. තාරක Dilsh@n Says:

    දැන්මම ඔය ත්‍රීවීල් පාර්ක් වල එහෙම ඉන්න අඳුනන උන්ට කියල තියපන්..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: