මේක පුංචි තර්කයක් වගේ එකක්. මං ලියන කතා අස්සේ එක දවසක් ලිව්වා මතකද… පහන් ටැඹක් නැවකට නක්කලේ දාන හැටි ගැන කියවෙන සිංදුවක් ගැන. නෞකාවකි ඔබ ඈත සමුදුරේ – මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ කියලා තියෙන්නේ. ඉතිං මේ ලිපියත් ඒ වගේ එකක්.
මං ස්කෝලේ යන දවස් වල අපේ සිංහල සාහිත්‍ය පොතක තිබුනා ලස්සන කවි පන්තියක්. ඒක ලියලා තියෙන්නේ දයාසේන ගුණසිංහ මහත්මයා. කවි පංතිය නම් කරලා තිබුනේ එතෙර ගිය පොඩි දුවට කියලා. ඒ කියන්නේ පුංචි දුවව වෙන රටකට කවුරු හරි කෙනෙක් එක්ක ගෙන යනවා හෝ රැකියාවක් සඳහා පිටත් වෙලා යනවා. කවි පේලිය හා සම්බන්ධ ලිපියක ඈඳුමක් මං පහලින් දාලා ඇති එතනින් ගිහින් මුළු කවි පන්තියම කියවන්න පුළුවනි. ඉතිං මට ඕනේ වුනේ මේ මුළු කවි පංතියෙම තියෙන පේලි දෙකක් ගැන විතරක් ටිකක් හිතන්න විතරයි. මොකද අපිට මේ කවිපන්තිය තේරුම් කරලා දුන්න ගුරුමහතා කිව්ව විදියට… “මේක බොහොම ප්‍රබල යෙදුමක්” වෙනවා. ඒ දවස් වල ඉතිං ඔව්වා සත පහකට ගනන් ගත්තේ නෑනේ. අපිට මොකෝ මොන මගුලක් වුනත් කියලා හිතාගෙන හිටියට වයසින් මෝරද්දී අපි ඉගෙන ගත්ත දේවල් ගැන අපේ තියෙන අදහසුත් වෙනස් වෙලා.
අර අපේ ගුරුතුමා කිව්ව බොහොම ප්‍රබල යෙදුම අදටත් මගේ හිතේ තැන්පත් වෙලා තියෙනවා. ගුරුතුමා එහෙම කිව්වේ මෙන්න මේ කවියේ අන්තිම පේලි දෙක තේරුම් කරන ගමන්.
මතු යම් දිනෙක සිතිවිල්ලෙන් සිටින සඳ
දෑතක පහස සිහිනෙක මෙන් දැනේ විද
සිතියම් පොතින් ලොව විමසා බලන සඳ
කඳුළක හැඩය මහ සයුරේ දකී විද
ඇත්තටම ඒක මටත් හිතෙන විදියට සෑහෙන හිතට වදිනවා. ලෝක සිතියම් පොතක් අරං බැළුවොත් අපිට ලංකාව පේන්නේ පුංචි කඳුළු බිංදුවක් වගේ තමයි. ඉතිං අපිත් ඒ දවස් වල ඔය වගේ කවියක් අහුවුනාම කියවලා විභාගෙට එනවා නම් විතරක් පාඩම් කරගන්නවා නැත්තං අල්ලලා දානවනේ. හැබැයි මේ කවියේ කියවෙන අදහස නම් මටත් මතක හිටියා.
ඉතිං දැන් තමා මං මේ කවිය දකින විදිය දිගාරින්න හදන්නේ. මේක දයාසේන ගුණසිංහ මහත්මයාට කරන අපහසයක්වත්, මේ කවිය වැරදියි මේක වෙනස් වෙන්න ඕනේ කියලා කියන්න හදන දෙයක් වත් නෙමේ. නිකංම නිකං මගේ හිතට දැනෙන අදහසක් විතරයි. අනික මේ කවියේ කියලා තියෙන අර ප්‍රබල යෙදුම ගැන කිසිම තර්කයක් නෑ … ඒක සීයට සීයක් හරියටම හරි…
ඒත්…
අපේ රට අපි පුංචි කඳුළු බිංදුවක් විදියටම හැමදාමත් දකින්න ඕනෙද…? එහෙම නැතුව මේ කඳුළු බිංදුවක් කියලා හිතාගෙන ඉන්න රට සීතල, සාරවත්, පිරිසිදු වැහි බිංදුවක් කියලා දකින්න බැරිද…? එහෙමත් නැත්තං නිවි නිවී දැල්වෙවී, නොනිවී ඉන්න උත්සාහ කරන… හැමෝටම එලිය දෙන පුංචි පහන් දැල්ලක් විදියට දකින්න බැරිද…? මොකද කඳුළු බිංදුවේ හැඩේ වගේම තමා වැහි බිංදුවේ හැඩෙයි…
පහන් සිලේ හැඩෙයි… දෙකම. ලෝක සිතියම් පොත අරගෙන “මේ තියෙන්නේ පුංචි පහන් දැල්ලක් වගේ රටක්…. මේකට තමා ශ්‍රී ලංකාව කියන්නේ” කියලා කව්රු හරි කෙනෙක් කියල තමන්ගේ දරුවන්ට කියල දෙද්දී කාටද ආඩම්බර හිතෙන්නේ…?
මට හිතුනේ මෙච්චරයි… මං කොයිතරම් දුරට සාධාරනද දන්නේ නෑ… මට හිතෙන විදියේ වැරැද්දක් නැති නිසා තමා මේ පෝස්ට් එක දැම්මේ.
ඒ වගේම ගිනිකුරුල්ල තමා මං මේ කවි පන්තිය ගැන කිව්වම විස්තර ටික හොයලා දුන්නේ. මෙන්න අර මං කවි පන්තිය ගත්ත තැන. මෙතෙන තියෙනවා තවත් මහත්මයෙක් මේ කවි පෙලට සපයපු ලස්සන විග්රහක්….
2011 ජූලි 26 දින පෙ.ව. 7:13 ට
ඒකනේ අපි හිතන විදිහ වෙනස් කරන්න ඕනා. ඒකමනේ ධනාත්මක චින්තනයෙත් කියන්නේ.
2011 ජූලි 26 දින පෙ.ව. 7:25 ට
ඔව් බං… ඒකට තව විදියකින් කියනවා think difference කියලා… 😀
2011 ජූලි 26 දින ප.ව. 10:29 ට
නැහැ නැහැ think different කියන්නෙ positive thinking නෙමෙයි. වෙනස් විදියකට සිතූ පමණින් ධනාත්මක චින්තනයක් වෙන්නෙ නැහැ…මධුරංග හරි ධනාත්මකව හිතන්න ඕනා. මම දකින්නෙ මැණිකක් විදියට!!!
2011 ජූලි 27 දින පෙ.ව. 5:39 ට
ඒකත් එහෙමද… මං කිව්ව වෙනස් විදිය තමා ධනාත්මකව හා වඩාත් ප්‍රායෝගිකව කියන කරුණු දෙකම. මොකද කොච්චර ධාත්මක කියලා හීන වගේ හැබෑකරගන්න බැරි විදියට හිතුවට කවදාවත් ඒක ධනාත්මක වෙන්නේ නෑ මං හිතන්නේ නෑ….
2011 ජූලි 26 දින පෙ.ව. 7:32 ට
අයියෝ සිම්පල් කේස් එකක් නේ… කඳුළු බිංදුවක් විදියට දකින්න උඹ කැමති නැත්තං “ඉන්දියන් සාගරයේ මුතු ඇටය” කියල දැකපං……
ජය වේවා…!!
2011 ජූලි 26 දින පෙ.ව. 8:08 ට
ඔච්චර ලස්සන කේස් තියෙද්දී ඇයි බං කඳුළු බිංදුවක් විදියටම දකින්නේ…?
2011 ජූලි 26 දින ප.ව. 2:16 ට
මුතු ඇට දැකල නැත්තම් පහළ තියෙන ලිංක් එක බලන්න. කවුද දන්නේ නැහැ ලංකාව මුතු ඇටයක් වගේ කිවුවේ. ඉස්සර ලංකාව ප්‍රසිද්ධ වෙලා තිබ්බ තිබ්බ දෙයක් තමයි වටිනා මුතු වලට. ඒකයි ලංකාවට එහෙම කියන්නේ.
http://www.bing.com/images/search?q=pearl&view=detail&id=505D489790DAEB7DE6F9624B251EDDCEC7E061BD&first=0
2011 ජූලි 26 දින ප.ව. 3:18 ට
ඔව් මාත් හිතන්නේ ලංකාවෙන් වටිනා මුතු පිටරට වලට ගෙනිච්ච නිසා තමා ලංකාවට මුතු ඇටය කියන්නේ…
2011 ජූලි 26 දින පෙ.ව. 7:47 ට
මාළුවටත් හිතෙන එව්වා, ඔව් ඔව් කඳුළු බිංදුවට වැඩිය ඔය අනික් කියලා තියෙන එව්වා නම් හොඳයි තමයි..මම නම් සිංහල සාහිත්‍ය ගුරුතුමී ගෙදරම ඉන්න නිසා ආසාවෙන් තමයි ඉගෙන ගත්තේ ,ඒත් ඔය කවිය මීටර් නෑනේ, සිංහල අච්චු පොතකද සිංහල සාහිත්‍ය අච්චු පොතකද ඕක තිබ්බේ..? අපිට සිංහල සාහිත්‍යට ඕක නම් තිබ්බේ නෑ කියලා ෂුවර්..
2011 ජූලි 26 දින පෙ.ව. 8:08 ට
උසස් පෙළ සිංහල සාහිත්‍ය පොතේ… ගුරුතුමීගෙන් අහලා බලන්නකෝ…
….
2011 ජූලි 26 දින ප.ව. 4:16 ට
ආ වෙන්න ඇති .. අපි සාහිත්‍යය කළේ සාමන්‍ය පෙළට විතරයි, ඒ පොතේ නම් තිබ්බේ නෑ කියලා ශුවර්.. ඔව් ඔව් ගුරුතුමීගෙන් අහන්න ඕනේ..
2011 ජූලි 26 දින පෙ.ව. 8:07 ට
මේකනෙ බන් කඳුලු බින්දුවක් කිව්වහම අපේ උන්ට මාර ජොලිනෙ… ඒක වෙන්න ඇති…
2011 ජූලි 26 දින පෙ.ව. 8:28 ට
ඒකත් වෙන්න පුළුව්න් තමා… හෙන බොලඳ සීන් එකක් පෙන්නන්න පුළුවන්නේ… හරියට දැන් යන කතාවගේ. බැලූවොත් කොල්ලොයි කෙල්ලොයි දෙමවුපියොයි ඔක්කොම එක පොදියට අඩනව.
2011 ජූලි 26 දින පෙ.ව. 8:08 ට
කඳුළු බිංදුවක් වගේ අපේ රට දකින එකේ වරදක් මටනම් පේන්න නෑ මචෝ.රටේ ඉන්න අහිංසක දුප්පත් ගෑණු රට යවල බාබා ලට බිල්ලට දීලා එතකොට අහිංසක වතු කම්කරුව්ගෙන් කුණු කොල්ලෙට වැඩ අරන් තමයි අපේ රටේ විදේශ විනිමය උපයන්නෙ.කන්ටේනර් අස්සෙ හිරවෙලා ජීවිතයත් මරණයත් එක්ක සටනකින් තමයි දියුණු වෙන්න හොඳ රටවලට යන්න වෙලා තියෙන්නෙ.
ඒ අස්සෙ දේශපාලුවෝ රටින් ණයට අරන් ඒව ගෙවල්වල ගෙනිහින් හුදී ජනතාවගේ ගානෙ පොලිය ගෙවනවා.
ඉතිං කඳුලක් නෙවීද බං මේක.
උඹ කීවත් වගේ මාත් ආසයි කවදාහරි දරුවෙක්ට එහෙම කියල දෙන්න.ඒත් ඇත්ත කියල දෙන එකයි නේද වටින්නෙ.මමනම් කියන්නෙ පුතේ මේක දැනටනම් කඳුලු බිංදුවක් ගෝල්ඩ්ෆිශ් මාමා කීවා වගේ මේක වැහි බිංදුවක් හරි පහන් සිලක් හරි කරන්න උඹලටවත් පුලුවන්ද බලාපන් කියලා තමයි.
2011 ජූලි 26 දින පෙ.ව. 8:23 ට
අර අන්තිම ටිකට මං හෙනම ලයික්. ඒ වගේම මචං… කොයිතරම් කිව්වත් මේක කඳුළු බිංදුවක්කියලා අනිත් රටවලට සාපේක්ෂව මේක සුරපුරයක්බං. නිකංමට හිතලා බලපං ඉතියෝපියාව ගැන… බොන්න වතුර බිඳක් නැහැ…
2011 ජූලි 26 දින පෙ.ව. 8:33 ට
උබ හරි උබ හරි. එහෙම හිතෙන එක කිස වරදක් නෙ මචං…
ජය….
2011 ජූලි 26 දින පෙ.ව. 10:26 ට
ඒකනේ ඒකනේ… තෑන්ක්ස් මචං.
2011 ජූලි 26 දින පෙ.ව. 8:51 ට
මම ටික කාලෙකට කලිං අහල තියනව ලංකාවෙ ඉන්න මහා දාර්ශනිකයෙක් ඔය හැඩය ගැන නියම විග්‍රහයක් කරනව. . . . .”අඹ ගෙඩියක හැඩේ ගත්ත” කියල . . .
2011 ජූලි 26 දින පෙ.ව. 10:27 ට
පොර කිව්ව කතාව නම් සහතික ඇත්ත… මාත් ඒ දේශනේ ඇතිවෙන්න අහලා තියෙනවා…
2011 ජූලි 26 දින පෙ.ව. 9:06 ට
හිතන්නට දෙයක් ඉතිරිව ඇත ශ්‍රි ලංකා මාතාව ගැන
2011 ජූලි 26 දින පෙ.ව. 10:28 ට
හ්ම්… සෑහෙන දෙයක් තියෙනවා…
2011 ජූලි 26 දින පෙ.ව. 9:26 ට
ඕක ඔච්චර හිතන්න එපා බං. එතන කඳුළු බිංදුවක් කිඉයලා දාන්න ඇත්තේ කවියේ තාලේ රැකගන්නනේ
2011 ජූලි 26 දින පෙ.ව. 10:29 ට
එහෙම දාපු එක නෙමේ බං පස්නේ… අපේ මිනිස්සුත් එහෙම හිතන එකනේ…
2011 ජූලි 26 දින පෙ.ව. 9:31 ට
අපි කඳුළු බිඳුවක් විදිහට නෙමෙයි පිණිබිඳුවක් විදිහට හිතමු.
2011 ජූලි 26 දින පෙ.ව. 10:20 ට
ඊට හොඳයි කඳුලු බින්දුවක් කියල හිතන් වහ කනව 😉
2011 ජූලි 26 දින පෙ.ව. 10:34 ට
අන්න කතාව… පොලිඩෝල්ද? පටාස්ද?
2011 ජූලි 26 දින ප.ව. 1:19 ට
හක්ක පටස්. ඒන නියමයි නේ. හක්කත් එක්කම කෙලවෙලා යනවා.
2011 ජූලි 26 දින ප.ව. 1:29 ට
මලේ හක්ක පටස් තියන්නේ ඌරොන්ට… උඹට අපිව පේන්නේ ඌරෝ වගේද…? (එහෙම පෙනුනට වරදකුත් නෑ බං)
2011 ජූලි 26 දින පෙ.ව. 10:30 ට
හා… එහෙම හොඳයි… එතකොට සමහර අක්කලාටත් අඩි 10ක් විතර උඩින් ගියෑකිනේ… 😛
2011 ජූලි 26 දින පෙ.ව. 9:53 ට
මාලු අයියටත් හිතෙන දේවල්. එහෙනම් ඉතින් වැහි බිංදුවක් කියල වෙනස් කරමු. හැබැයි පිණි බිංදු බෑ.
2011 ජූලි 26 දින පෙ.ව. 10:31 ට
පිනි බිංදු බෑ.. ඇයි ඒ…?
2011 ජූලි 26 දින ප.ව. 1:10 ට
එතකොට පිණිබිඳු අක්ක ලොකු වෙනවනෙ. 😛
2011 ජූලි 26 දින ප.ව. 1:28 ට
මොනා කරන්නද කසුන්… ගෑණු ළමයින්ගේ ආසාවනේ… ඊටත් මුකුත් කියන්නත් බැහැනේ අක්කා කෙනෙක්නේ…
2011 ජූලි 26 දින පෙ.ව. 10:12 ට
නෑ බන්.. මම සිංහල නොකලට.. කවියා තෝර ගත්ත මාතෘකාවට ඕක තමයි තිතටම හරියන්නේ. අපි යම් දෙයක් දිහා බලන දෘෂ්ටි කෝනයක් තියෙනව (අංශක ගාන නෙවෙයි. අපි යම් දෙයක් දිහා බලන කොට හිතේ ඇතිවෙන සිතිවිල්ල) ඉතින් කවියා මෙක කියන්නේ අම්මගෙන් වෙන් වෙච්ච දරුවෙක් ගැන ඉතින් ඒ දරුවා අම්ම ඉන්න රට දිහා දුකෙන් බලනවා ඇති. ඉතින් ඒ පොඩි එකාට මේක කදුළු බිංදුවක්ම තමා…….
2011 ජූලි 26 දින පෙ.ව. 10:34 ට
ඒත් බං මං නං පොඩ්ඩක්වත් එකඟ නැහැ බං ඒකට. පොඩි එකා වුනත් ලංකාව අතෑරලා පිටරටකට ගියාම එහේ කොච්චර සැප වින්දත්… ලංකාවටනේ කැමති. එතකොට බං ලංකාව කොහොමද කඳුලු බිංදුවක් වෙන්නේ. කව්ද කඳුළු බිංදුවකට ආසා වෙන්නේ….?
2011 ජූලි 26 දින පෙ.ව. 11:32 ට
මල්ලි, මම හිතන විදියටත් එතනට හරියන යෙදුම නං ඕක, ඒ දරුව අම්මගෙන් ඈත් වෙලා දුකෙන් සිතියම් පොතකින් ලෝකේ බලද්දී කඳුළු බින්දුවක් වගෙ පෙනෙයි…
ඒත් ලංකාව දිහාවෙ කඳුලු බින්දුවක් විදියට නැතිව පහන්සිලක් විදියට දකින්න නං අපිම තමයි වෙනස් වෙන්න ඕන.
2011 ජූලි 26 දින ප.ව. 12:33 ට
අක්කා කියන දේ තේරෙනවා. රටෙන් ඇත් වුනාම තමා ඒක හරියටම විඳින්න පුළුවන් වෙන්නේ….
2011 ජූලි 26 දින ප.ව. 1:31 ට
කොහේ හරි… කවුරුහරි.. “භාරතය නැමැති පියයුරෙන් වැටුනු මව් කිරි බිඳුවක්” වගේ කියලත් කියල තිබුන…
මම හිතන්නෙ ඉන්දියන් ලේඛකයෙක් වෙන්න ඕන… අපිටනම් ඒක එච්චර ෆිට් යෙදුමක් නෙමෙයිනෙ..
2011 ජූලි 26 දින ප.ව. 3:17 ට
ඒකනම් ඇත්ත…
2011 ජූලි 26 දින ප.ව. 6:23 ට
කිසි වැරැද්දක් නෑ මාව්වෝ…..ලංකාව පහන් දැල්ලක් තමා……
2011 ජූලි 26 දින ප.ව. 9:44 ට
ඔව් බං මටත් එහෙම තමා හිතෙන්නේ….
2011 ජූලි 26 දින ප.ව. 10:35 ට
එක එක්කෙනා හිතන විදිහ වෙනස් නේ බං .. උඹගේ දැක්ම වෙනස් .. මට නම් කවදාකවත් ඔය වගේ සිතිවිල්ලක් පහල වෙන්නේ නෑ .. මමත් කැමතියි ලංකාව පහන් දැල්ලක් වගේ හඳුන්වනවට ..
2011 ජූලි 27 දින පෙ.ව. 5:39 ට
පහන් දැල්ලක් තමා බං. අපි නොදන්න වුනාට ලෝකේ අනිත් රට අය දන්නවා ඒක.
2011 ජූලි 30 දින පෙ.ව. 7:46 ට
මම ඕක හොදට බැලුව.ඔයා කියන එක හරි .ඒත් මීට කලින් ගොඩක් අය ලංකාව එක එක ඒවාට උපමා කරලා තියෙනවා >”ඉන්දියන් සාගරයේ මුතු ඇටය ” “අවාරයේ මී අඹ ගෙඩියක්” ඔය ගොඩක් විදියට කියල තියෙනවා .අපිට එතකොට ඇයි බැරි උනේ ඒ විදියට හිතලා අදහස් තවත් පෝෂණය කරගන්න.ලංකාවේ අයගෙ එකම දුර්වලකම ඒක තමයි.දෙයක් නැති උනාමයි අගය දැනෙන්නේ. ඒත් මෙතන දයාසේන ගුනසේනයන් කියන්නේ “කදුලක්” කියලා.ඒක ඔහුගෙ අත්දැකීමට අනුව හරි කියලයි මට හිතෙනන්.මොකද ඔය කවිය තියෙන්නේ “නොවදිමි සිදුහත්”(1982) කියන ග්‍රන්ථයෙ .මේකෙ නිමිත්ත වෙලා තියෙන්නේ “අපේ රටේ දරැවන් සිව් දෙනකුට ස්වීඩනයේ මව්පිය සෙනෙහස ලැබීමේ වාසනාව උදා වී තිබේ”යන පාඨය තියෙන පුවත්පත් වාර්ථාවක් දැකීම.
මෙතන අයියා දාලා තියෙන්නේ අවසාන පදපේලිය විතරයිනේ.ඒත් සම්පූර්ණ කවියෙන් කියෙවෙන දළ අදහස මට දැනෙන විදියට,දේශපාලන හා විශේෂයෙන් සංස්කෘතික දෙඅත් වලින් බැද තබා ගන්නා ,උදුරා ගන්නා අම්මා කෙනෙකු තුළ ඇති දරු සෙනෙහස.එහෙම දරු සෙනෙහස උදුර ගන්න නිසයි ලංකාවේ දරුවෙකුට පිට රටක මව් සෙනෙහස හොයමින් යන්න වෙන්නේ.ඒ ආකාරයට බලද්දි ගුණසේනයන් කියන තාලෙට මටත් ලංකාව “කදුලක් ම” තමයි.මව් සෙනෙහස උදුර ගන්න තරම් සංස්කෘතියත් ලංකාවට තියෙන එකයි වැරැද්ද.
ඒත් අයියා කියන විදියට දැන්වත් ඒක තේරුම් අරන් අපේ ආකල්ප වෙනස් කරගන්න පුළුවන් වෙනව නම් ඒකත් ඇති……………
මම මේ කිවුවේ මට හරි කියල හිතෙන දේ .ඒක කොතෙක් දුරට සාදාරණද දන්නේ නැ.ඒක නිසා මට බනින්න එපෝ………………………
2011 ජූලි 30 දින පෙ.ව. 8:07 ට
බනින්නේ මොකටද බං… මගේ ලිපියට තව දෙයක් අළුතෙන් එකතු කරද්දී මං බයින්නේ අහවල් එකටද…
2011 අගෝස්තු 13 දින පෙ.ව. 11:50 ට
නියම කවි පද දෙක ………
ඒ වගේම හොඳ විග්‍රහයක් ………
2011 අගෝස්තු 14 දින පෙ.ව. 6:27 ට
තෑන්ක්ස් අයියේ…