ගිය ඉරිදා, වැහැ පොදකුත් එක්කම අපේ ඔෆිස් එකේ වාර්ෂික සතුටු සාදය තිබ්බනේ. ඉතිං ඒකෙදී පුංචි අයට තෑගි දුන්නයි කියලා මං පහුගිය පෝස්ට් එකක දැම්මා. අපේ ඔෆිස් එකේ සහ කර්මාන්ත ශාලාවේ වැඩ කරන හැම කෙනෙක්ගෙම, අවුරුදු 12න් අඩු දූ දරුවන්ට තෑගි හම්බුනා. ඉතිං දැන් මේ කියන්න යන්නේ ඒ දුන්න තෑගි වලට මේ වෙන කොට වෙලා තියෙන දේවල්…
තෑගි වලට වෙලා තියෙන දේවල් අස්සේ පොළොව නුහුලන අපරාදත් තියෙනවා. ඒක නිසා සෙල්ලං බඩු ගැන සංවේදී හිත් ඇති අය මේ පෝස්ට් එක කියවීමෙන් වැලකී සිටින්න. නැත්තං වැරදිලා හරි හාට් ඇටෑක් එකක් හැදුනොත් මාව තමයි අහුවෙන්නේ.
මුල්ම කේස් එක… අපි පුංචි පිරිමි ළමයින්ට දුන්නේ රිමෝට් කන්ට්‍රෝල් කාර්. ඒ කාර් එක මාර ලස්සනට හැන්ඩ්ල් කරගෙන ස්මූත්ව යවන්න පුළුවන්. කහයි රතුයි පාට දෙකෙන්ම දුන්නා. ඉතිං ඒ වයස් කාන්ඩෙම ගෑණු ළමයින්ට දුන්නේ හෙනම ලස්සන පුලුං ගොඩවල් වගේ සුමුදු ටෙඩි බෙයාර්ස්ලා වගයක්. කෙල්ලෝ ඉතිං කොහොමත් කැමති පුලුං ගොඩවල් වලටනේ.
දැන් තමා කේස් එක පටං ගන්නේ…ඔන්න එක පවුලක ඉන්නවා අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි. අයියට හම්බුනේ රිමෝට් කාර් එකක්. නංගි ඊට වැඩිය වයසින් අඩු වුනත් එයාට ලැබුනේ අයියගේ වයස් කාන්ඩෙටම දුන්න ටෙඩියව. දැන් ඉතිං නංගි ටෙඩියව හුරතල් කරන අතරේ අයියා, එයාගේ රිමෝට් කාර් එක ගේ පුරාම යවනවා. පුංචි නංගිට මේක මැජික් වගේ. මොකද අයියා නංගි ගාවට වෙලා ඉද්දී, අයියාගේ කාර් එක ගේ පුරාම රවුම් ගහනවා. පස්සේ ඉතිං නංගි මේ සීන් එක අයියගෙන් ඇහුවලු….
කෝමද… ඒක තනියම යන්නේ…?
අයියත් ටිකක් ගනන් උස්සලා…. ඒක එහෙම තමා, කාර් එක යන්නේ මට ඕනේ විදියට,… මැජික් කාර් එකක්….. කිව්වලු. බොහෝම පොඩි කාලෙකදී නංගි ටෙඩියව පැත්තකින් තියලා වාඩිවෙලා හිටි තැනින් නැගිට්ටලු, දුවගෙන ගිහිං කාර් එක අතට ගත්තලු, ඊට පස්සේ සිං ගාලා ගිහිං අම්මා රෙදි පෙඟෙන්න දාපු බේසමට දැම්මලු…. ඔන්න ටික වෙලාවකින් වතුරේ මැදක් හරියේ තියෙන රෙදි ගොඩ උඩ නතර වෙලා කුරු .. කුරු… ගාලා සද්දයක් එහෙම දාලා කාර් එකේ මැජික් වැඩ ටික ඉවර වුනාලු.
පස්සේ නංගි ඇවිත් අයියට කියනවලු… ඒක මැජික් කාර් එකක් නම් වතුරෙත් යවන්න කියලා. ඊට පස්සේ ඉතිං නංගිට අයියාගේ ගෘහස්ථ ප්රචන්ඩත්වයට එරෙහිව නැගී සිටින්න සෑහෙන ගේමක් දෙන්න වුනාලු. කොහොමද අපි දීපු මැජික් කාර් එක…? ඇත්තට අපිට ඕක වතුරේ යනවද නැද්ද කියලා බලන්න බැරි වුනානේ.
පස්සේ කොහොම හරි අපේ බාස්ලා ටික එකතු වෙලා කාර් එක ආපහු හදලා දුන්නා. වැඩිය ඕනේ නෑ මායි මල්ලියි නම් කොච්චර මරාගෙන ඇද්ද සෙල්ලං බඩු වලට… එහෙව් එකේ ඔව්වා මොනාද…
ඊට පස්සේ තව කාර් එකක් දුන්නා බිත්තිවල, වහලේ එහෙම යන එකක්. ඒක වැඩ කරන්නේ කාර් එක යට තියෙන හුලං ඇදලා අරගෙන උඩින් පීඩනයකට ලක්කරලා පිට කිරීම මගින්. කාර් එක යට තියෙන වාතය ඇදලා ගනිද්දී කාර් එක නිකංම ඒ මතුපිටට තද වෙනවා.. ඊට පස්සේ කාර් එකේ උඩින් වාතය පිට වෙද්දී ආයම පාරක් කාර් එක රෝද තියෙන පල්ලෙහ පැත්තට ආයෙම තද වෙනවා… පස්සේ ඉතං රෝද කැරකෙද්දී භාන්ඩේ එයාට මෙහාට යනවා. හැබැයි අපි දීපු කාර් එක යන්නේ වහලේ හා බිත්ති වල විතරමලු. නිකංම ආසාවටවත් සාමානය විදියට බිම තියලා යවන්න බැහැලු. දැන් ඉතිං මල මගුලයි… මොකද අර පීඩනය නිසා කාර් එක පොළොවට ඕනෙවට වැඩිය තද වෙලාලු තියෙන්නේ… ඒකට ඉතිං මක්ක කොරන්නේ…? කොහොමහරි ඒ වැරැද්දත් අපේ කරපිට….
ඊට පස්සේ කතාව තමා ලස්සනම. අපි තව වයස් කාන්ඩෙකට දුන්නා කී බෝඩ් වගයක්. ඔයිට කලිනුත් හැම පාරකම එක එක ප්‍රමාණයේ විවිධ වර්ගයේ කී බෝඩ් දීලා තියෙනවා. ඉතිං අපේ එක අයියා කෙනෙකුගේ පුංචි පුතෙකුට ජයග්රාහි පස්වෙනි පාරටත් විදුලි ඕගන් එකක්ම හම්බුවෙලා. දැන් ඉතිං අර අයියා ඇවිල්ලා අපිට කියනවා…
අපේ ගෙදර තියෙවා බං ස්වර තිස්පහක කීබෝඩ් එකක් … කියලා. බලාගෙන යද්දී, අයියාගේ පොඩි එකාට අවුරුදු 5කට කලින් හම්බුවෙච්ච කී බෝඩ් එකත් හෙනට පරිස්සම් කරගෙන තියාගෙන ඉන්නවලු. කොහොමත් ඔය සෙල්ලං කී බෝඩ් වල, එක කීබෝඩ් එකක තියෙන ස ස්වර්යේ සංඛ්‍යාතය නෙමෙයි අනිත් කීබෝඩ් එකේ ස ස්වරයේ තියෙන්නේ… ඉතිං එහෙම බැළුවම… අර කීබෝඩ් පහම පෝලිමට තියලා ප්ලේ කරද්දී ස්වර මූලික ස්වර තිස්පහක් තමා තියෙන්නේ… ඉතිං කොහොම හරි ඒ වැරැද්දත් අපිටමයි…
ඊට පස්සේ ගිය අවුරුද්දේ තෑගි හම්බුවෙලා මේ අවුරුද්දේ තෑගි හම්බුවෙච්චි නැති, ඒ කියන්නේ දැන් අවුරුදු 13ක් වෙන ළමයෙක්ගේ… තාත්තා කෙනෙක් ඇවිත් අර ඔක්කොමලා එකතු වෙලා අපිට දාපු දෝස් මුර අහගෙන ඉඳලා කියනවා… ඔහොම තමා මල්ලි ඔව්වා… මේකෙ ඉන්නවා බං කොච්චර පුදලවත් සතුටු කරන්න බැරි එවුන්…. කියලා…. ඒක කිව්වෙත් අහක බලාගෙන අම්බානෙට දුකින්… හරියට නිකං තමාගේ සිතුවිලි පාපොච්චාරනේ කරා වගේ…
2011 ජූලි 23 දින පෙ.ව. 9:13 ට
ටිපිකල් ශ්‍රි ලංකාව… අපරාදේ උඹත් පවුලක් පන්සලක් වෙලා තිබ්බනම් රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් අතේනේ බං…..
2011 ජූලි 23 දින පෙ.ව. 10:20 ට
රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් කෙසෙ වෙතත් අපටනම් රිමෝට් කන්ට්රෝල්ර් එකකින් පාලනය වෙන්න වෙනවා.
2011 ජූලි 23 දින පෙ.ව. 9:17 ට
පව් අෆ්ෆා……… මාළුවා ලබන අවුරුද්දෙවත් ඔයාගෙ ළමයාට තැග්ගක් හිමිවේවායි පතමි
2011 ජූලි 23 දින පෙ.ව. 10:21 ට
මට තෑගි හමුබෙන්න තව කල් යයි
2011 ජූලි 23 දින පෙ.ව. 10:36 ට
බැරිද දන්නේ නෑ අපිටත් ඔය මොනවා හරි තෑග්ගක් කාරිය දෙන්න එහෙම..
2011 ජූලි 23 දින පෙ.ව. 10:54 ට
චතුරට දෙන්නම් පුංචි වලස් පැටියෙක්ව…
2011 ජූලි 23 දින පෙ.ව. 10:39 ට
මාලු අයියත් කසාද බැඳලා තිබ්බනම් මෙලහකට පොඩි එකාට කාර් එකක් ගෙනත් දෙනවා.
සෙල්ලම් බඩු ගෙනත් දුන්නා නම් ගෘහස්ත ප්රචන්ඩත්වයට පිලියමුත් හොයපල්ලා !!!!! 🙂
2011 ජූලි 23 දින පෙ.ව. 10:55 ට
අපි මොනා කරන්නද බං, පොඩි එවුන් මරා ගත්තට. අපිත් පුංචි කාලේ එහෙමනේ…
2011 ජූලි 23 දින පෙ.ව. 11:06 ට
ස්වර 35 ක කී බෝඩ් එකනං මරු තමයි.
2011 ජූලි 23 දින පෙ.ව. 11:21 ට
අනේ මන්දා අයියේ පොඩි එකා කොහොම ඒක ප්ලේ කරනවද කියලා…
2011 ජූලි 23 දින පෙ.ව. 11:17 ට
පුංචි අයගෙ සෙල්ලම් ලෝකය දැන් අපි හිතනවට වඩා ගොඩාක් වෙනස්..අපේ අයියගෙ පුතෙක් හිටිය මිනිහට සෙල්ලම් බඩු ගන්න එක්ක ගිහින් ඕනි දෙයක් තෝර ගන්න කිව්වහම පාට 24 පැස්ටල් පෙට්ටියක් තෝර ගත්තෙ.. පස්සෙ පහු කාලෙ මිනිහගෙ චිත්‍ර සමස්ත ලංකා තරඟවලින් පවා පලමුවෙනි තැන ගත්ත..
2011 ජූලි 23 දින පෙ.ව. 11:23 ට
ඒක නම් ඇත්ත අයියේ… ඇත්තටම අපිට හිතෙන එව්වා දීලා වැඩක් නෑ… පොඩි අයට ඕනෙ දෙයක් තෝරගන්න කියලා වවුචර් එකක් දෙන්න පුළුවන් වුනානම් හොඳයි. ඒත් අපේ වැඩකරන කට්ටිය කැමති නෑ නිවාඩු දාගෙන ගිහිං වවුචරේට බඩු ගන්න…
2011 ජූලි 23 දින ප.ව. 12:34 ට
මොකද්ද මාලුවෝ ඔය කොම්පැණිය? අපිටත් බැරිද දන්නෙ නැ දැන් ඉඳලම ට්‍රයි කරන්න….
ඊට ඉස්සෙල්ල ඉතින් ලමයෙක් හදා ගන්නත් ට්‍රයි කරන්න ඕනෙ.. :පී ….
2011 ජූලි 23 දින ප.ව. 1:20 ට
කොම්පැනියේ නම කිව්වොත් මං විනාසයි.
2011 ජූලි 23 දින ප.ව. 1:52 ට
e bn ar car 1 keyk withr unada, gaththe shop 1 name 1 mokakd, puluwannam e shop 1 contact number 1 ewpnko, matath gnn..
2011 ජූලි 23 දින ප.ව. 3:46 ට
කාර් එක මචං රුපියල් 1200ක් විතර වුනේ.
කඩේ නම මචං… සිටි ට්‍රේඩර්ස්… කන්ටෑක්ට් නම්බර් එකනම නෑ… කඩේ තියෙන්නේ පිටකොටුවේ මල් වත්ත පාර කෙලවරේ තියෙන සෙලල්ම් බඩු සාප්පු පේලියේ.
තව පෙන්ගුයින් එකෙත් තියෙනවා.
2011 ජූලි 23 දින ප.ව. 3:44 ට
ඕක තමයි කියන්නේ… පොඩි අය එක්ක සෙල්ලම් කරන්න යන්න – එපා- කියලා.
මහ ලොකු තාත්තා වගේ ගියා…. සෙල්ලම් බඩු ගන්න.
කොහේද ඉතිං..කෙල්ලන්ට දෙන සෙල්ලම් බඩු විතරනේ….මාලුවා දන්නේ…
2011 ජූලි 23 දින ප.ව. 3:47 ට
විනාසයි… මගේ මුනේ දැලි ගාන්න නේද මේ හදන්නේ….
2011 ජූලි 23 දින ප.ව. 3:48 ට
හැබැයි උඹටත් තෑග්ගක් ගන්න තිබ්බා . . . . උඹේ ඇඳට දාල තිබ්බ බෙඩ් ශීට් එක ගෙනිච්ච නං . . .
2011 ජූලි 23 දින ප.ව. 4:00 ට
ඈ බොල අයියේ…..?
2011 ජූලි 24 දින පෙ.ව. 8:31 ට
ඇයි . . . . උඹට ලැජ්ජ හිතුනද ????
2011 ජූලි 24 දින ප.ව. 5:58 ට
ලැජ්ජා හිතෙන්නේ නැද්ද බං…
2011 ජූලි 23 දින ප.ව. 4:29 ට
අඩේ උඔට තෑගි දෙන්න තිබ්බා එල මාලු ටැංකියක් 😀
2011 ජූලි 23 දින ප.ව. 5:24 ට
එතකොට බං මාලුත් දෙන්න එපැයි…
2011 ජූලි 23 දින ප.ව. 5:28 ට
නැද්ද ගන්න තෑග්ගකට කොමඩ් එකක්?
අපේ වල උතුරලා අලුත් එකක් ඕන…එතකල් සෙල්ලම් කරන්නවත් එකක් තිබ්බොත් හොදා
2011 ජූලි 23 දින ප.ව. 9:02 ට
එලකිරි සූප්පුවක් කටේ ගහගෙන වරෙන්…
2011 ජූලි 23 දින ප.ව. 9:21 ට
රොමෝට් කොන්ට්‍රෝල් කාර් එකක් ගන්න මටත් ආසයි බං . උඹට මාව මතක් වෙලා මට එක්ක අරං දෙන්න වත් හිතෙන්නේ නැද්ද බං ?
අඩේ ඇත්තටම කීයක් විතර වෙනවද බං අර වහලේ යන කාර් එකක් . අඩෝ ඒක පට්ටයිනේ . මම මේ එවුවා ගැන ඇහුවාමයි . මට එකක් අරං දියංකෝ ..!
2011 ජූලි 23 දින ප.ව. 9:35 ට
වහලේ යන එක 1200 ඉඳන් උඩට තියෙනවා… උඹගේ බොස්ට කියපංකෝ බං කාර් එකක් අරං දෙන්න කියල.
2011 ජූලි 24 දින ප.ව. 1:00 ට
මමත් හරි ආසයි බං රිමෝර්ට් කාර් වලට.ආයිත් සෙල්ලම් බඩු බෙදල දෙනකොට මටත් කතා කරපන්.මමත් එන්නම්.
තව එකක්,උඹත් ඔය සෙල්ලම් බඩු කෑලි දෙකක් තුනක් අරන් තියාගනින් උඹේ ළමයින්ටත් දෙන්න.
2011 ජූලි 24 දින ප.ව. 5:59 ට
අපිට ළමයි හම්බුවෙන කොට අහසට යවන රොකට් එකත් සෙල්ලම් බඩුවක් වෙලා තියෙයි තරිඳු
2011 ජූලි 24 දින ප.ව. 2:16 ට
පුංචි එව්වො ආසාවට සෙල්ලම් බඩු කඩනවායැ බං.ඕව ඔහොම තමයි.පව් බං ඒ උනාට අර අවුරුදු 13 පොඩි එකා
2011 ජූලි 24 දින ප.ව. 6:00 ට
කරන්න දෙයක් නැහැ මචං. කම්පැණියේ නිති වලට එහායින් අපිට යන්න බැහැනේ බං.
2011 ජූලි 24 දින ප.ව. 3:51 ට
හොඳ වැඩේ ඒ අයියට, නංගිට බොරු කිව්වට. හිතන්න පුළුවන් නිසා ඒ පුංචි නංගියා කවදාවත් බොරු වලට අහුවෙන එකක් නැහැ!!
ඊ ළඟ පාර ඉඳලා හැම වසරක දී ම තෑගි මොනවා ද ලැබුනෙ කාට ද කියල ලැයිස්තුවක් හදාගන්න. එකම දරුවො කාණ්ඩයක් නේද අඩු වැඩියෙන් හැම වසරක දී ම එකතු වෙන්නෙ?
අපි ගෑණු දාහක් සෙල්ලම් කරපු ටෙනිස් සංගමයක එහෙම තමයි වසර ගණනාවක් තිස්සෙ පවත්වපු නොයෙකුත් තරඟ හා උත්සව වල දී එකම තෑග්ග එකම අයට හැම වසරක දී ම නොලැබෙන්න විදියක් හදාගත්තෙ. දරුවොන්ට සෙල්ලම් බඩු හොයන්න ලේසියි. ඒත් ගෑණු දාහකට තෑගි හොයන්න?!!
එක්තරා නත්තල් උත්සවයක දී මෙහෙම දෙයක් කරනවාත් දැක්ක. කැමති අයට පමණක් තම තමන්ට ලැබිච්ච තෑගි මාරු කරගන්න අවශ්‍යද අයට වෙනම කාමරයක් දීලා තිබුණ.
2011 ජූලි 24 දින ප.ව. 6:03 ට
අක්කා කිව්ව දේ තමා හොඳම විසදුම. ඒත් අක්කා හිතනවද අපේ එවුන් පාරම්පරිකව රැකගෙන ආපු පුරුද්ද අතඇරලා මං කිව්ව දේට එකඟ වෙයි කියලා… ඊටත් මාව තෑගි ගේන්න යවන්නේ තෑගි තෝරන එවුන් තෝරන මෝඩ සෙල්ලං බඩු වලට යන්තං හරි බලපෑමක් කරලා ඒ ගැනිල්ල අඩුකරන්න පුළුවන් නිසා.
අර මැද්දෙන් කිව්ව කතාව ගැන නම් සෑහෙන්න හිතන්න වෙනවා. ඈත්තට පොඩි අයට තෑගි හොයනවා වගේද ගෑණූන්ට තෑගි හොයන එක…..
2011 ජූලි 24 දින ප.ව. 4:34 ට
හප්පා තියෙන ජර මර, අර හැමතැනම යන කාරෙක නම් මරු
2011 ජූලි 24 දින ප.ව. 6:05 ට
බූඩි අයියේ… ඒක මරු තමා… ඒත් බිම යන්නේ නැහැනේ…. 😀
2011 ජූලි 24 දින ප.ව. 9:36 ට
අඩේ කාරෙක වතුරට දැම්ම කිව්ව. පිස්සු වැඩක් නෙ බන්.. අපරාදෙ.. අව්ලක් නෑ ආයේ හදා ගත්ත නේ.. ජය…
2011 ජූලි 25 දින පෙ.ව. 7:26 ට
පොඩි අයට තේරෙන විදියටනේ බං වැඩ කරන්නේ… වැරැද්දක් කියන්නත් බෑ…
2011 ජූලි 24 දින ප.ව. 9:39 ට
මදැයි තෑගී දීලා කොරගත්ත හදියක්
2011 ජූලි 25 දින පෙ.ව. 7:27 ට
අන්තිමේ කොයිතරම් හොඳ කරත් නරක නාමේ නං අඩුනැතුව ලැබුනා…
2011 අගෝස්තු 13 දින පෙ.ව. 11:42 ට
ඔන්න සෑහෙන කාලෙකින් මම ආව මේ පැත්තෙ, අපේ උන්ට අස්සය නිකං හම්බ උනත් ෂුවර් එකටම දත් නම් ගනිනවාමයි ..
2011 අගෝස්තු 14 දින පෙ.ව. 6:26 ට
ඒක නම් සහතික ඇත්ත අයියේ…