අළුත් තාලයක්… අහලම බලන්න…

හැමදාමත් ඉතිං අපි ගීත රස විඳිනවනේ. ඒ අස්සේ එක එක්කෙනාගේ බයිලා අහනවා, ඒ ගමන්ම සිංදුත් අහගෙන ඉන්නවා. සමහර වෙලාවට අපිත් බයිලා ගහනවා….නේ. ඉතිං එව්වා වෙන අය අහගෙන ඉන්නවා. කොහොම හරි ඉතිං දැනට අවුරුදු තුනකට විතර කලින් පොඩි පහේ ගීත රචකයෙක් බිහිවුනා. මෑන් ඒ වෙන කොටත් ගීත දෙක තුනක් ලියලා තිබුනට එකක්වත් සංගීතවත් කරලා ගීතයක් විදියට කෙනෙකුට අහන්න සුදුසු විදියට හරිගස්සලා තිබුනේ නෑ. ඒකට ගොඩක්ම හේතු වුනේ… පොරගේ කම්මැලිකම සහ අනිත් යාළුවන්ගේ කාර්යබහුල බව. මොකද මේ මනුස්සයට කවි වගේ ගීත ලියන්න පුළුවන් වුනාට, සංගීතය ගැන නම් මෙලෝ දැනුමක් නෑ.

ඒත් ඉතිං හැමදාමත් ගීත ලියාගෙන අස්සේ ගහගෙන ඉඳලා හරි යන්නේ නෑනේ කියලා හිතපු  මෑන්ස්, දවසක් දා පටන් ගත්තා පරිගණකයෙන් සංගීත කණ්ඩ හදන්න පුළුවන් මෘදුකාංගයක් ගැන ඉගෙන ගන්න. පස්සේ ඔය එක එක ප්‍රදර්ශන වලට ගිහිං ටියුටෝරියල් සීඩී එහෙම ගෙනැල්ලා වැඩේ පටන් ගන්න හදද්දීම… වැඩේ චකබ්ලාස් වුනා. මොකද ඒ සීඩී වල දීලා තියෙනවා ටෙලිපෝං නොම්මරයක්, ඒකට කතා කරලා තමා සීඩී කී එක ඉල්ල ගන්න ඕනේ… ඉතිං දැන් මේ කියන පොර, ඒ නොම්මරේට කෝල් එකක් ගත්තාම එ‍හා පැත්තෙන් අක්ක‍ කෙනෙක් කියනවා… ඔබ අමතන දුරකථනය තාවකාලිකව විසන්දි කර ඇත…. කියලා දැන් ඉතිං කාටද කියන්නේ….

ඒ පාර ඉතිං කොහොම කොහොම හරි වැඩේ ටික ටික පස්සට ගියා. ඊට පස්සේ අර හිතේ තිබ්බ ගීතය ගැන සිතුවිල්ලා ආයෙමත් වෙච්ච වෙලාවක ඔන්න ලිවුවා සිංදුවක්. කොහොම හරි යාළුවෝ ටිකත් සෙට් කරගෙන රෙකෝඩ් කලා පුළුවන් විදියට… පුළුවන් විදියට කියන්නේ… යාළුවෙක්ගේ ගෙදර කාමරේ දොර වහගෙන, ජනෙල් වහලා පුළුවන් තරමින් සවුන්ඩ් පෲෆ් කරලා තමා වැඩේ කලේ.

ඔය සිංදුව කියන්නේ ලියපු කෙනා නෙවේ. මොකද මෑන් සිංදුව කිව්වොත් එහෙම මල මගුලක් වෙන්නේ. ඒක නිසා සිංදුව කියන්නේ ගිටාර් එක ප්ලේ කරලා සහය දුන්න ඒ වගේම අනිකුත් වැඩ වලට සහය දුන්න ඉෂාර කියන ගීත රචකයාගේ යාළුවා. පොඩි පොඩි අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒත් ඉතිං ආයෙ කවදාවත් ඔය සිංදුව රෙකෝඩින් කරන්නවත්, එඩිට් කරන්නවත් වෙලාවක් නම් හම්බුවෙන් එකක් නෑ. දැන් ඉතිං අපි බිසීනේ…

ඒ වගේම සිංදුවේ තනුව, හා සමහර සංගීත කණ්ඩ වල වැඩ ටික කෙරුනෙත් මේ ගීතය ලියපු කෙනා අතින්ම තමා. ඉතිං බලන්නකෝ මේ සිංදුව අහලා… මේක ඇත්තටම සිංදුවක්ද, බයිලාවක්ද, එහෙමම්ත් නැත්තං මෙලෝ රහකට නැති වෙන මොකක් හරිද කියලා… ඒ මොකක්වත් නෙවේ නම් අඳෝනාවක්ද කියලවත් බලන්න.

සිංදුව ලිවේ අම්මගේ බේල්ලේ එල්ලිලා බර කිරන්න ගිය පොඩි බබාලු.

48 Responses to “අළුත් තාලයක්… අහලම බලන්න…”

  1. අපරාජිතයා :::: Aparajithaya Says:

    අම්මට බොල මැක්සානේ යකෝ….. මට අපේ තාත්තගේ ගමේ මිනිස්සු රෑට රෑට කියන පාරු කවි මතක් උනා බං…… 😀

  2. sulagawageawidin Says:

    සුභ පැතුම් අයියා ඇත්තටම සින්දුව මාරම ලස්සනයි

  3. අකීකරු හිත Says:

    ඔයා නම් මාරයි අයියෝ…… සින්දුව හරිම ලස්සනයි…..ජය වේවා….

  4. පූසා Says:

    හ්ම්ම්ම් වරදක් නෑ හොඳ උත්සාහයක්………..

  5. Botta Says:

    Man this is great. Keep up, Let me give my 5 cents how you can improve this little more, The lead parts during the song and verses are little too loud, reduce the volume during the vocals and increase during interlude and intro. Increase volume in the drum beat, and add a drum fill in during the transpose.

  6. තීර්ථ යාත්‍රිකයා Says:

    අඩෝ මචන් පස්සෙ තමයි අහන්න වෙන්නේ. මොබිටෙල් අයියලත් එක්ක බෑනේ..

  7. Black King Says:

    සිංදුව නම් නියමයි බන්
    ඒත් ඈත්තම කියන්නම්
    මට හිතෙන විදියට ඒක කියන එකාගෙ voice එක නම් ටිකක් විතර අවුල් වගේ
    හොද නිර්මානයක්

  8. deeps Says:

    මාලුවොන්ටත් සින්දු වැඩ පුළුවන් එහෙනම්..එළ එළ

  9. ඕනයා Says:

    නවනළු රසයට අයිති එක රසයක් තමයි මාළුවෝ . . . . .”භයංකාර රසය”

  10. ෴ හසියා ෴ Says:

    ඔහොම යාං…. වැඩේ හොදයි….. කොහොමද ගෝල්ඩ් ෆිෂ් කියලා බෑන්ඩ් එකක් තව අවුරුද්දක් වගේ ඇතුළත ලංකාවේම කතා වෙන්න ගත්තාම….. සුභ පතනවා…. වැඩේ ඉදිරියටම කරගෙන යමුකෝ….

  11. නදී... Says:

    ලස්සනට කියනව කෞද හැබෑට මේක කියන්නෙ?

  12. සාතන් Says:

    පිස්සු හැදෙන සඳ ඉර බදාගෙන බුදි කිව්වලු…. අඩේ මේක එල කිරි බන් ….

  13. කල්හාර Says:

    ලස්සනයි ………….
    හොඳ අදහසක් තියන සිංදුවක් …………

  14. maathalan Says:

    පළවෙනි එක හැටියට ඕනවටත් වඩා හොඳා

  15. හිස් අහස Says:

    මට කෑමත් එපා වුණා බං බඩ නිකම්ම පිරුනා .. පට්ට බං .. උඹ නම් මචං …

  16. ඩිලාන් Says:

    Buzz Radio අපි නවක ගායකයන්ට අතහිත දෙනවා….වහාම මේ ගීතය පටිගත කරමු,,කැමතිනම් ඉක්මනින්ම රේඩියෝ කණ්ඩායමේ සාමාජිකයෙක් අමතන්න….දන්නවා නේ තැන Buzz Radio


ඩිලාන් වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: