ඉස්සර කාලේ ඉඳන්ම පෘථිවය බිහිවෙච්චි හැටි ගැන එක එක අදහස් තිබුනනේ… ඉතිං ක්රිස්තියානි ආගමේ හැටියට ලෝකය බිහිවුනේ දෙවියන් විසින් ලෝකය මැව්ව නිසානේ. ඉතිං මේ දෙවියන් විසින් ලෝකය මවද්දී ඇතිවෙච්චි පුංචි කලබලයක් ගැන, අපේ ඔෆිස් එකේ ක්රිස්තියානි අයියා කෙනෙක් කියපු කතාවක්. මේක ආගමකට කරන අපහසයක් එහෙම නෙවෙයි…. නිකං කතාවක් විතරයි.
ඉතිං දෙවියන් වහන්සේ විසින් ලෝකයේ තියෙන ගස් කොලන් එහෙම හරි හරියට මවාගෙන යන කාලෙලු. ඒ අතරේ .. පට්ට ලස්සන ගස් කොලන් මොනරා වගේ සිරාම සිරා කුරුල්ලෝ එහෙමත් මවනවලු. ඉතිං ඒ අස්සේ සමහර කුරුල්ලන්ට එක එක හඬවල් ලබාදීලා… එක එක පාට පිහාටු ලබාදීලා එහෙම ගානට මැවීම කරගෙන යන දවස් තමා මේ කියන කාලේ. ඒ ගමන්ම ඉතිං ලස්සන ලස්සන පාට පාට මල් අහෙ මෙහේත් මවනවලු. ඇත්තට මං දන්නේ නෑ මේ මැවීම ගැන නම් ක්රිස්තියානි ආගමේ හිටියට එක වර වුනාද එහෙම නැත්තං කාලයක් තිස්සේ වුනාද කියන්න. කොහොම හරි කතාවෙ හැටියට මේක කාලයක් තිස්සේ වෙලා තියෙනවා.
ඉතිං ඔහොම මැවීම කරගෙන යද්දී… අපේ බුදුහාමුදුරුවන්ට හිටිය හතුරා දේවදත්ත වගේ දෙවියන් වහන්සේටත් අර සාතන් කියන යස්සයා බකට් එක දාන්න ලෑස්ති වෙනවලු. ඒ කියන්නේ මේ මැවීමට කෙලවන්න. ඊට පස්සේ දෙවියන් වහන්සේගෙන් කිසිම ඉඩක් නොලැබුන තැන සාතන් ඇවිල්ලා දෙවියෝ ගාව පිංසෙන්ඩු වෙනවලු….
අනේ දෙවියන් වහන්ස මටත් මොකෙක් හරි මවන්න ඕනෙය කියලා… පස්සේ දෙවියො ඉතිං මූගේ ඉල්ලීම කිසිම අභියාචනයකින් තොරව ප්රතික්ෂේප කරනවාලු. දැන් ඉතිං සාතන් යකා වුනත් පොරටත් අම්බානෙට දුකයිලු චෙව්වි සීන් එකට. මොකර පොර එච්චර කාලෙකට දෙවියන්ගෙන් ඉල්ලලා තියෙන එකම ඉල්ලීම එච්චරයිලු.
පස්සේ ඉතිං මූ උගේ වාස භවනෙට ගිහිල්ලා තනියම හිතනවලු මේකට ප්ලෑන් එකක්. එත් ඉතිං පොරට කිසිම සීන් එකක් මීටර් වෙන්නෙම නැහැලු. ඒ දවස් වල අරක්කු, රොකට් එහෙම තියෙන්න නැතුව ඇති. නැත්තං ඉතිං ඒක එච්චර ගේමක් වෙන්න විදියක් නැහැනේ… පස්සේ ඉතිං කරන්නම දෙයක් නැති පාර සාතන් හිතාගත්තලු ආයෙම පාරක් දෙවියන් වහන්සේ ගාවට ගිහිං අඬලා වැලපිලා හරි එකම එක සතෙක් බැරිනම් ගහක්වත් මවන්න චාන්ස් එකක් ගන්නවා කියලා.
ඔන්න ඉතිං පහුවදා ආයෙමත් සාතන් ගියාලු දෙවියන්ගේ භවනෙට. ගිහිල්ලා මූ අඩනව අඩනවා ඉවරයක් නෑලු. පස්සේ ඔන්න ඉතිං දෙවියන්ටත් සාතන් ගැන අනුකම්පා හිතිලා… දෙවියෝ කිව්වලු…
හා එහෙනම්… උම මවපං එකම එක ගහක් කියලා… දැන් ඉතිං සාතන්ටත් හෙන හැපීලු. ඇයි ඉතිං උගේ ඇඬිල්ල ප්රයෝජනයක් තිබුනනේ… ඒක නිසා. ඊට පස්සේ ඔන්න සාතන් මැවුවලු කජු ගහක්.
මල මගුලයිලු…. දෙවියන්ට, මේ සාතන් මවපු ගහ ගැන අම්බානෙට කේන්ති ගිහිංලු. පස්සේ සාතන් අහනවලු… ඇයි දෙවියන් වහන්ස මොකද්ද පස්නේ කියලා… පස්සේ දෙවියෝ කියවලු… ඕයි … සාතන්… මේ බලනව ඕයි තමුසේ ඔක්කොම හරියට කලාට මේකේ ඇටේ එලියෙනේ…. කියලා…
අප්පටසිරි බලාගෙන යද්දී කතාව ඇත්තලු… අනිත් ඔක්කොම ගෙඩි වල ඇට තියෙන්නේ ඇතුලේ, කජු ගහේ හැදෙන ගෙඩියේ විතරක් ඇටේ එලියෙලු. දැන් ඉතිං සාතන්ට හෙන නෝන්ඩියිලු සීන් එකට. ඒ පාර මූ ආයෙම වැඳලා වැඳලා තව අවස්ථාවක් ඉල්ලුවලු එකම එක සතෙක් මවන්න…. පස්සේ ඉතිං මූට තියෙන උන්නදුව ගැන හිතලා දෙවියො දුන්නලු තව අවස්ථාවක්…. සාතන්ට සතෙක් මවන් කියලා…
මෙන්න ඒ පාර මූ මැව්වලු වවුලාව. ඒ පාරත් වැඩේ අඤ්ඤ කොරොස්ලු… මොකද වවලු කන්නෙයි පහරන්නෙයි දෙකම කරන්නේ කටින්ලු…. ඒ පාර නම් දෙවියෝ කෝප වුනාලු. පස්සේ සාතන්ව එලෙව්වලු… තෝ තොගේ විමානෙට වෙලා හිටු, මේ පැත්ත පලාතේ එන්න එපා.. මං මේ මැවීම තනියෙං කොරගන්නං කියලා….
නොදන්න රෙද්දවල් වලට අතදාලා ගම කන එවුන් ඒ දවස් වලත් ඉඳලා නෙවෙ. ඒක නම් කමක් නෑ කියමුකෝ… මං මේ කතාව ඇහුවට පස්සෙයි දන්නේ වවුලා කන්නෙයි පහරන්නෙයි දෙකම කරන්නෙ කටින් කියලා… පස්සේ මේක කිවුව එකාව සුවර් නැතුව තවත් කීප දෙනෙක්ගෙන් අහලා බැලුවම වැඩේ ඇත්ත. වවුලා දෙකම කරන්නෙ කටින්….
*දැන් ඉතිං මේක ආගමකට කරපු නින්දාවක් කියලා මාව ඩෙවල් දාන්න ලෑස්ති වෙන්න එපා හරිය. මේක මට කිවුවෙත් ක්රිස්තියානි අයිය කෙනෙක්. ඒක කිවුවෙත් ජෝක් එකට මිසක් ආගම පහත් කරන්න නෙමෙයි. අනික මං ආගමකට අපහස නොකරන බව දන්නවනේ… අර මිස්ක් කල්චර් සංකල්පය ගැන අහලා ඇතිනේ… අනිත් එක මේ අපේ බ්ලොග් ලියන සාතන් අයියා එහෙම නෙවේ ඕං…. ඌ මැව්ව නං එහෙම… අප්පේ මට මතක් වෙද්දීත් හිනා… අනිවා මූ මවයි අපි රජ ඉබ්බෝ… හා හා හරි හාවා, ටොමි ඇන්ඩ් ජෙරී වගේ එල කාටුන් ටිකක්…. නැද්ද මචාං….?
2011 ජූලි 21 දින පෙ.ව. 7:15 ට
මමත් දැනගෙන හිටියෙ ඉස්සව විතරයිනේ
යකෝ සිරාවට අපි ආතල් එකේ කන්නේ ඇටේද 😛
2011 ජූලි 21 දින පෙ.ව. 7:33 ට
ඉස්සාගේ සීන් එක මොකද්ද බං? මං ඒක දන්නේ නෑනේ…
මොනා වුනත් ඇටේ රසයි බං.
2011 ජූලි 21 දින පෙ.ව. 10:14 ට
උඹ ඉස්සාගේ ඔලුවත් එක්ක එහෙම කන්න එපා. මොකද ඉස්සාගේ ගූ තියෙන්නේ ඔලුවේ.
2011 ජූලි 21 දින ප.ව. 12:38 ට
හරියට උඹේ වගේද…? 😛
2011 ජූලි 21 දින පෙ.ව. 7:19 ට
උඹ ඔය මඩ පාර ඇරියෙ ඊයෙ පෝස්ට් එකට නේද ලොක්ක… හරි හරි… බලමුකො…. මොනා වුනත් උඹ දන්නවද ඔය එලියෙ තියෙන ඇටේ කොච්චර ගනන්ද කියල….
2011 ජූලි 21 දින පෙ.ව. 7:56 ට
අඩෝ මං එහෙම කැත වැඩ කරන්නේ නෑ බං. උඹගේ වෙලාවට ඊයේ තමා මං කිව්ව අයියා ඔය කතාව කිව්වේ. කජු තිනේනේ මචං අපේ ගමේනේ. ඒක නිසා මං දන්නවා ගාන.
කැඩිච්ච කෑලි කිලෝ එක රුපියල් 600 – 700
එක පැත්තක පියලි කිලෝ එක රුපියල් 800 – 1000
සුපිරි – පියලි දෙකේ කාලෝ එකක් රුපියල් 900- 1300 ක් විතර වෙනවා බං
2011 ජූලි 21 දින පෙ.ව. 7:22 ට
උඹ බයවෙන්න එපා මචෝ, ඒ ආගමේ ඕන තරම් ජෝක්ස් වලට ඉඩ තියෙන්ව. අපෙයි තලේබාන්ලගෙ වගේ නෙමෙයි.. මමත් කාළේකට ඉස්සෙල්ල එකක් දැම්ම කියවල බලපන්. අරකනම් අදයි දැන ගත්තෙ. ඒක තමයි දේශපාලුවොන්ට වවුල්ලු වගේ කියන්නෙ..
ෂුවර්ද…..?
http://maathalan.blogspot.com/2010/04/blog-post_30.html
2011 ජූලි 21 දින පෙ.ව. 8:06 ට
ඔය දේසපාලෙනේ කතාවක් ඈදලා අගෙන ඒකට උපමාවක්හැටියට තමා ඔය කතාව අහගන්න වුනෙත් මං…
2011 ජූලි 21 දින පෙ.ව. 8:16 ට
අයියා කිව්වත් වගේ මටත් හිතුනා කජුයි වවුල්ලුයි මවන්න ඇත්තේ සාතන්ම තමයි කියලා.
පිස්සු යකෙක් නේ !!! 🙂
ප.ලි. -අයියා බොලා ලෑ සංවත්සරයක් එහෙම ලඟදි එනවද ? අර ක්වුන්ට් ඩවුන් එකක් යන්නේ මොකෑ ?
2011 ජූලි 21 දින ප.ව. 12:36 ට
නැතුව නැතුව බං… පුංචි උපන් දිනයක් කිට්ටුයිනේ
2011 ජූලි 21 දින ප.ව. 2:43 ට
ඉතින් බොලා කියහන්කෝ මොකද්ද ඒ උපන්දිනේ කියලා. බ්ලොග් එකේ පලවෙනි අවුරුද්ද ද ? එහෙමත් නැත්නම් දෙවෙනි තුන්වෙනි අවුරුද්ද ද 🙂
2011 ජූලි 21 දින ප.ව. 4:03 ට
පළවෙනි අවුරුද්ද බ.
2011 ජූලි 21 දින පෙ.ව. 8:37 ට
ඈ බං මාලුවෝ!අපෙත් එහෙමයි නේ :O කජු ගහ වගේමයි නේ!
2011 ජූලි 21 දින ප.ව. 12:37 ට
අපේ කියන්නේ කොහොමද බං? එහෙනම් උඹලාගේ ඊටත් වැඩිය එහෙමනේ… නැද්ද කියපං…? 😛
2011 ජූලි 21 දින පෙ.ව. 8:55 ට
දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ.ඒ උනාට මමනම් හිතන්නෙනෑ ඕක දෙකම කරන්නෙ කටින් කියල.මොකද මම ලඟ හිටියා පොඩි වවුලෙක් ගහකින් වැටුනු එකෙක්.පොර එහෙම කරපු බවක් මට මතක නෑ.අර දිග නෑට්ට වගේ කෑල්ලෙන්නම් එහෙම ජරා කරනවා වගේ සුදු පාට වගේ මොකක් හරි දානවා.මම හිතුවෙ එහෙම තමයි උන් ඕක කරන්නෙ කියල.මේ කතාවනම්හොයල බලන්න වටිනවා මාළු.
2011 ජූලි 21 දින ප.ව. 12:37 ට
ඒක ඇත්ත. මාත් දෙතුන් දෙනෙකුගෙන්ම ඇහුවම සීන් එක ඇත්ත කිව්වා
2011 ජූලි 21 දින පෙ.ව. 9:31 ට
හුටා…. වවුලාගේ සීන් එක දැනගත්තේ අද නේ…………. 😀
2011 ජූලි 21 දින ප.ව. 12:37 ට
මමත් එහෙමයි බං
2011 ජූලි 21 දින පෙ.ව. 9:56 ට
වවුලගේ සීන් එක දැන ගත්තේ අද නෙව..
2011 ජූලි 21 දින ප.ව. 12:38 ට
චතුර උඹ විතරක් නෙවේ…. මාත්…
2011 ජූලි 21 දින පෙ.ව. 10:28 ට
මාලු අයිය අහල නැද්ද දෙයියො ගෑනියි, මිනිහයි මවන්න ගිහින් වෙච්ච සංතෑසිය? ඒක නම් ප්රසිද්ධ වේදිකාවක කියන්න හරි නෑ වගේ.
2011 ජූලි 21 දින පෙ.ව. 10:53 ට
මේකව මවන්න ඇත්තෙත් සාතන්ම තමා. මෙච්චර අප්සට් එකෙක්ව දෙවියන් වහන්සේ මැවුවයි කියන එක නම් හිතන්න අමාරුයි.
2011 ජූලි 21 දින ප.ව. 12:39 ට
අනේ ඉතිං මගෙ කටට එනවා කියන්න එව්වා….
2011 ජූලි 21 දින පෙ.ව. 11:01 ට
වවුලගේ කතාව වැරදියි නේදමචන් ඕක වෙනෙන ඌ අනික් පැත්තට ඉන්න නිසා ඌ අනික් වැඩේ කරන කොට එවා උගේ කටට වැටිලා බිමට වැටෙන සීන් එකක් නේද
හැබැයි ඉස්සා මැව්වා කියන සීන් එක ගැලපෙනවා මොකෝ ඔළුවේ අහවල් ඒවා නේ
2011 ජූලි 21 දින ප.ව. 12:40 ට
වවුලාගේ කේස් එක දන්න දෙතුන් දෙනෙක්ගෙන් ඇහුවම එහෙමයි කිව්වා බං… අනේ මන්දා…
2011 ජූලි 21 දින ප.ව. 1:38 ට
වවුලගෙ කතාව පට්ට බොරුවක්නෙ ….
මේ වගේ දෙයක් ලියනකොට ඩිංගක් හොයල බලල ලියන්න එපායැ මලේ…
2011 ජූලි 21 දින ප.ව. 4:05 ට
ඈ… මටත් සුවර් නැති පාර කීප දෙනෙක්ගෙන්ම අහලා නෙව ලියුවේ… උං කිව්වේත් වවලු පහරන්නේ කටින්ය කියලා. ඒකයිලු වවුල් බෙටි.. ඝන නනොවී දියර විදියට පිටවෙන්නේ….
2011 ජූලි 21 දින ප.ව. 6:33 ට
දැන් මට සැකයක් ඇතිවෙනවා ඒකාලේ සාතන් වෙලා හිටියේ උඹද කියලා 😀
2011 ජූලි 21 දින ප.ව. 7:41 ට
ඒක කියන්නත් බෑ බං… කෝකටත් කියලා මගේ අතීත භව දෙක තුනක් පරීක්සා කරගන්න ඕනේ…
2011 ජූලි 21 දින ප.ව. 7:21 ට
වවුල් බෙටි (Bat guano) දාලා හදන බඩු බොහොමයි. ඇසිපියට ගාන මැස්කැරා, ඇස් බැමි යට ගාන අයිෂැඩෝ, ෂැම්පූ, නියපොතු ආලේපන. ලිප්ස්ටික් වල දිළිසෙන ගතියත් ඕක දාන නිසාලු. අනේ ඉතින් ඒවා ගා ගන්න කෙල්ලො … ඊ ළඟට ඒ කෙල්ලො සිප වැළඳ ගන්න කොල්ලො ….
2011 ජූලි 21 දින ප.ව. 7:42 ට
ඊයා අක්කේ… ආයෙනම් කවම දාකවත් වවුලෙක්ම ඉම්බත් කෙල්ලෙක්ව නම් ඉඹින්නේ නෑ මං.
2011 ජූලි 22 දින ප.ව. 5:32 ට
අයියෝ යාළු මාළු මල්ලියේ, කෙල්ලො තරහා වෙයි දැන් මාත් එක්ක. ඉඹින්න කළියෙන්, පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න කියලා සාක්කුවෙන් ලේන්සුවක් එළියට ඇදලා අරන් සායම් සේරම පිහදැම්මොත් මොකද?!!
2011 ජූලි 23 දින පෙ.ව. 7:12 ට
අනේ මන්දා අරුණි අක්කා කියන එව්වා කරන්න ගිහින් මට ගුටි කන්න වෙයිද මන්දා කියලා. මොකද ගෑණූ ළමයි එයාලගේ කොල්ලට වැඩිය මේකප් එකට ආදරෙයිනේ….
2011 ජූලි 22 දින පෙ.ව. 11:38 ට
මෙතෙන්ට ගිහිං බලපං . . . සාමාන්්ය විදියටම කටයි, *කයි පිහිටල තියනව වවුලට. එකම අවුල වවුල බො* දැම්මාම ඇඟ දිගේ පෙරිල ඇවිල්ල පහලට හැරිල තියන කටෙත් ගෑවීගෙන බිම වැටෙන එක.
http://www.cnsweb.org/digestvertebrates/WWWEdStevensMammalBatCarnivore.html
ප.ලි.
උඹ ඔය එක එකාගෙං අහන්නෙ නැතුව ගූගල් දෙයියංගෙං ඇහුව නං වැඩේ අහවරයි නෙව . .
ප.ප.ලි.
හැබැයි එහෙම ඇහැවුව නං . . . අපිට මේ වගේ පෝස්ට් එකක් රසවිඳින්න තියන අවස්තාව නැති වෙන්නත් ඉඩ තිබුන
2011 ජූලි 22 දින ප.ව. 12:11 ට
ඇත්තටම මං හොයන්න ගියේ නෑ අයියේ… ප.ප.ලි කේස් එක නිසා තමා.
2011 ජූලි 22 දින ප.ව. 1:19 ට
හිහ් …. හිහ් ……. මම හිතුවෙ හෙන කුනු හරපයක් අතෑරලා කියලා …………
2011 ජූලි 22 දින ප.ව. 3:18 ට
ඒකට කියන්නේ වල් හිත කියලලු…