නරියට කියලා ඇනගත්ත අයට….

හ්ම්… පරන එක පාවිච්චි කරන්න දුන්නෙම නෑ… හැම තිස්සෙම බාගෙට දාගෙන යද්දී මග හිරවෙනවා. එක්කේ එක පාර යන්න ඕනේ. එහෙමත් නෑ….  ඒ වෙලාවට ඉතිං ආතල් එක කනවයි කියන එක කියන්න දෙයක් නෙමේනේ… ඒක නිසා ඉතිං අළුත් එකට මාරු‍වෙන්න කිය කිය හිත හිත උන්නත්, පරන එකේ රස දන්න නිසා අළුත් එකට යන්න හිත දුන්නෙම නෑ… කොහොම කොහොම හරි අන්තිමේ වෙන එකකට යන්න වුනා. කොහොමත් පරණ වෙද්දී ලෙඩ දෙනවලුනේ…. ඊටත් වෙන එකකට යන්නත් බෑ, මොකද මේකට ලයිසන් ඕනෙත් නැහැනේ…. ෆ්‍රී ෆන් එකනේ….

කො‍හොම හරි අන්තිමේ ඉතිං පරන එක අතෑරලා අළුත් එකට ගියාම තමා මටත් තේරුනේ, අනේ මං කලින් තියන් හිටිය එක හොඳයි නේද කියලා. පරන එකේ කරපු ගොඩක් ‍දේවල් අළුත් එකේ කරන්න බෑ. කොහොමත් මං පරණ එකේ ෆිගර් එකේ ඉඳන්ම හැම ගැජට් එකක්ම මට ඕනේ විදියට හදාගෙන තිබුනේ.  ඉතිං මොනා කරන්නද ආපහු ඔක්කොම දාලා පරන එක හෙව්වත් ඒකත් නෑ… ඒ පාර ඉතිං මං තීරණයක් ගත්තා අළුත් එකටම හුරු වෙනවා කියලා. ඒකත් මට ඕනේ විදියට හදාගන්න බැරියෑ….

ඉතිං මේ කියන්න යන්නේ ඒ කතාව තමා. දැං කටවල් ඇරගෙන මේක කියවන්න ගත්ත අය කටවල් වහගන්නලා. ෆයර් ෆොක්ස් 4 ටික කාලෙකට කලින් අපි වගේ ජංජාලෙම ඉන්න එවුන්ට හම්බුනානේ. ඉතිං මාත් නිකං දෙන එකනේ කියලා බාගත්තා. එත‍කොටත් ඉතිං පොඩි පොඩි පස්න තිවුනා. එව්වා කාලෙත් එක්කම ඇරිලා ගියා. නමුත් මගේ ලැපී ගෙයි, ඔෆිස් එකේ උන්නැහේගෙයි… දෙකේම ෆයර් ෆොක්ස් අම්බානෙට ස්ලෝ වෙලා ගියා එකපාරම. පස්සේ කරන්න පුළුවන් ඔක්කොම බේත් කරලා බැළුවා… ම්හු… හරියන්නේ නෑ…  ඒ අස්සේ සැරින් සැරේට එනවා මැසේජ් එකක් එනවා ෆයර් ෆොක්ස් 5 බීටා එලියට දාලය… අරගෙන ට්‍රයි කරලා බලන්නය කියලා. මං කොහොමත් ඔය අළුතෙන් එන එව්වයෑ ෆයිනල් වර්ෂන් එක එනකං ඩවුන් කරගන්නේ නෑ… ෆයර් ෆොක්ස් 4 බීට එකත් අහම්බෙන් දාගෙන මං හෙන කට්ටක් කෑවා…

සමහර අයට මතක ඇති ෆයර් ෆොක්ස් 4 බීටා එකේ සිංහල අකුරු හරියට රෙන්ඩර් වෙලා පෙන්නුවේ නෑ… කොම්බු ඉස්පිලි පාපිලි එහෙම වෙන වෙනම පෙන්නුවේ. ඒක නිසා 4 බීටා ගත්ත ගමන් මං ආපස්සට මගේ ගාව තිබුන 3 යි දශම ගානේ එකම දාගත්තා. ඒත් ඉතිං මගේ මැසින් දෙකම හිරවෙන නිසා මං තීරණය කොල ඕනේ වෙඩිමක් කියලා ෆයර් ‍ෆොක්ස් 5ට රට බාර දෙන්න කතිරෙ ගහනවා කියලා මේ පාරනම්…

ඉතිං නිතරම වගේ බ්ලොග් කියවන ෆේස් බුක් යන … වගේම සිංහලෙන් ගොඩක් වැඩ කරන මට නම් qsfox addon එක නැතුවම බැරි තරම්…. ඒත් මගේ පරණ වර්ෂන් එකේ තිබ්බ qsfox ෆයර් ෆොක්ස් 5ට වැඩ කරන්නේ නැතුව ගියා. දැන් ඉතිං මං නරියාගේ අහවල් එකෙන්යෑ සිංහල කොටන්නේ…? ඒ පාර ගූගල් කරා qsfox එකේ අළුත් වර්ෂන් එකක්… ම්හු… ඒකත් නැහැ. තියෙන අළුත්ම එක නරියා 5ට සපෝට් කරන්නේ නෑ. ඒ පාර මට නිකමට වගේ මතක් වුනා කාගේ හරි බ්ලොග් එකක තිබුනා qsfox එක වින් රාර් වලින් ඔපන් කරලා ඒකෙ තියෙන ෆයිල් එකක් වෙනස් කරලා වැඩ කරවගන්න පුළුවන් කියලා. (මට මතක නෑ කාගේ බ්ලොග් එකේද කියලා… පුළුවන්නම් ඒ ලින්ක් එක අදාලා කෙනා හරි වෙන කවුරු හරි දාන්න) පස්සේ ඉතිං ඒ වැ‍ඩේ කරාම භාන්ඩේ වැඩ.

ඒ වෙනස් කම කරේ… මුලින්ම වින් රාර් වලින් qsfox.xpi කියන ෆයර් ෆොක්ස් ඇඩ් ඔන් එක ඕපන් කරගෙන ඒකෙ තියෙන install.rdf කියන ‍file එක notepad වලින් ඕපන් කරලා… පස්සේ ඒකේ තියෙනවා එක තැනක් …. MAX VERSION කියලා… එතෙන තියෙන්නේ 4 කියන අගය. මං ඉතිං ඒක 6 කොරගත්තම භාන්ඩේ වැඩ කරන්න ගත්තා. ඊට පස්සේ සිංහල කෙටිල්ලනම් හරි. (මේ පිළිබඳ සියලූම ස්තූතිය අර පෝස්ට් එක දාපු කෙනාට හා qsfox හදපු ඉසුරුට හා පහන්ට … උඹලා නැත්තං අපි කම්මුතුයි බං. ඉක්මනට අළුත් එකක් දාපං)

පස්සේ ඉතිං මගෙ තවත් වටිනා කියන ඇඩ් ඔන් දෙකක් විතරක් යන්තං බේරිලා. ඒ තමා ඔය වැදගත් වීඩියෝ එහෙම ගෙදර ගිහිං බලන්න කියලා හිතාගෙන ඩවුන් කරගන්න උදවුවෙන net video hunter  හා down them all කියන දෙක. ඒ දෙකේ නම් අළුත් සංස්කරන මේ වෙන කොටම පිටවෙලා. ඒත් ඉතිං තව ටිකක් අතපත ගාලා බලද්දී,.. මල මගුලයි… මගේ බුක් මාක් ටික නෑ… ඒ ටික මං දාගෙන උන්නේ ගූගල් ටූල් බාර් එකේ බුක්මාක් වල.

ඒත් කරුමේ කියන්නේ ෆයර් ෆොක්ස් 5ට හරියන්න ගූගල් ටූල් බාර් එක තාම අප්ඩේට් කරලා නෑ… ඉතිං මක්කෙයි කොරන්නේ… වෙන එකෙක්ගේ තියා ම‍ෙග් ටැංකියේ ලොගින් ලින්ක් එකවත් මයෙ ගාව නෑ… ඒ පාර ඉතිං සියළුම වැඩ ‍කටයුතු ටික වෙලාවකට පැත්තකට දාලා පටන් ගත්තා ගූගල් ටූල් බාර් එක දාගන්ක විදියක් හොයන්න… ඉතිං ඔහොම හොයාගෙන හොයාගෙන යද්දී එක තැනක හම්බු‍නා අර qsfox එකේ වගේ කෝඩින් එක ටිකක් වෙනස් කරලා වැඩේ කොරගන්න පුළුවන් ක්‍රමයක්. ඒත් ඒක හෙන සංකීර්ණ නිසා වැඩේ අතෑරලා දැම්මා. පස්සේ තව ටිකක් හොයනකොට හමුබනා එලම භාන්ඩේ… උම්මා… මගේ වස්තුව….

මේකේ නම ­Add-on Compatibility Reporter. මේක දාගත්තම පරන ෆයර් ෆොක්ස් වල දුවපු ඇඩ් ඔන් ගොඩක් අළුත් එව්වයේ දුවවන්න පුළුවන් කියලා තිබුනා. ඒත් ඉතිං මට නම් සත පහක විශ්වාසයක් තිබුනේ නෑ…. පස්සේ ඉතිං ඒ තුත්තිරි ගහෙත් එල්ලුවා. අප්පට සිරි ඒක වැඩ ලෙසටම. ­Add-on Compatibility Reporter දාලා ගූගල් ටූල් බාර් එක දැම්මා විතරයි එරර්ස් මුකුත් නෑ බබා වගේ වැඩ…. ෆයර් ෆොක්ස් අළුත් වර්ෂන් එක නිසා ස්පීඩ් එ‍කේ කිසිම අවුලක් නෑ….  ඒ වගේම මේකෙ අර බීටා 4 වගේ සිංහල අකුරු වල අවුලත් නෑ… ඒක නිසා ඉතිං කොහොමත් හිසේ ඇම්මක් නෑ… දැන් ඉතිං ගොඩක් ස්මූත්ව වැඩේ කෙරීගෙන යනවා…

ඒත් ඉතිං තාම බීටා නිසා ටිකක් සැකයි. ‍කවදා ස්ථායි සංස්කරණයක් එයිද කියලා. ඒක ආපු ගමන්නම් ඒක දාගන්නවා අනිවා. එතකන් ඉතිං මේ මදෑ… කොහොමත් උන්න හැටියට මලා මදෑ….

ඉතිං මේ කිව්වේ නරියාට කියලා ඇනගත්ත තව කට්ටිය ඉන්නවා නම් ­Add-on Compatibility Reporter දාගෙන අවුලක් නැතුව වැඩේ කරගන්න පුළුවන්. qsfox එකත් වැඩ කරනවා. ඒක නිසා වෙන වෙන මගෝඩි කරන්න ඕනේ නෑ… අර අහවල් එක දාගත්තනම් ගොඩ….

දැන් ඉතිං තියෙන්නේ අළුත් උන්දගේ ෆිගර් එක හදලා ගන්න එක තමා. දැන් නම් ඉස්සර වගේ නෙමේ කොහොමත් හෙන හැඩයි. ඒ වගේම තමා පර්ෆෝමන්ස්…. තිබ්බ ගමන් යනවා….

30 Responses to “නරියට කියලා ඇනගත්ත අයට….”

  1. sithuwam Says:

    බලමු බලමු උඹ කියන හින්ද ඕක දාගෙන බලන්නෝනි.මම නරියව අතෑරලා ගොඩක් කල්.ඕක හදිසියෙ ක්‍රෑෂ් වෙන්න ගත්තට පස්සෙ මම අතෑරල දැම්ම.මේ භාණ්ඩෙ හොඳයි නේද?

  2. සාතන් Says:

    මටත් මේ නරියව දැන් එපා වෙලා ඉන්නෙ…. කවදත් සිංහල කෙටිල්ලෙනම් අවුලක් වෙලා නෑ කන්වටර් අරව මේව පාවිච්චි නොකර කෙලින්ම සිංහලෙන් ටයිප් කොරන හින්ද… හැබැයි මන් දාන් හිටපු ටූල් බාර් සෙට් එකකක්ම වැඩ නොකරන එක නම් කරදරයක්…. බලමුකො උඹ කිව්ව Add-on Compatibility Reporter දාල…

  3. සෝරෝ Says:

    හපොයි මල වදේ තමා 5 ඇවිත් 5 ඇවිත් කියලා…. හැබැයි ඔය කේස් එක එන්නේ 4 දාගත්ත අයට විතරයි..

  4. Dishan Savithra Rajapaksha Says:

    ගිනි නරියට වැඩ ක්‍රෝම් ඒක හොන්දයි මටනම් 😉

  5. blog gadol Says:

    හික් හික්!! මමනං විජේසේකරේ පිහිටෙන් තමයි කොටන්නේ. (මතකද උඹ තමයි ඒකෙ නම කියලා දුන්නේ)

  6. මධුරංග Says:

    අපෝ මම නම් එන එන හැම එකම පාවිච්චි කරන්නේ නෑ. මල වදේ මොබිටෙල් ගිගාබයිට් එකේ කනෙක්ෂන් එකෙන් ඕවා ඩවුන්ලොඩ් කරන්න පුලුවන් යෑ. එතකොට මාසේ ඉතුරු ටික රිම් එකෙන් යන්න වෙන්නේ. පාවිච්චිය වැඩි උනාම ගානත් වැඩියි නේ.

    අයියා සොෆ්ට්වෙයාර් සිංහලෙන් කියන සයිට් එකේ බැලුවේ නැද්ද ඔය ඇඩෝන් එක ?

  7. danulatb Says:

    අය්යෝ .. ඔය නරි අව්ල් නැනේ chrome use කරනන් .. දන්නෙත් නෑ නිකන්ම update වෙනවා කිසි අව්ලක් නෑ …

  8. චතුර.. Says:

    IDM වැඩද? නරියට වැඩිය ක්‍රෝම් එකට තමයි මම නම් ආස.. නරියා අවුල් යනවා නම් නරියා පරණ වර්ශන් දාන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන් Mozilla Seamonkey , Mozilla Epic යි කියල Mozilla browsers දෙකක්ම තියෙනවා..QSfox නම් වැඩද දන්නේ නෑ IDM නම් වැඩ..

  9. Black King Says:

    මචං බීටා 5 ට IDM හා ඉගිය ඈඩෝන් වැඩද බන්

  10. දොඩං Says:

    මේ බං නරියා 5 stable version එකක් නෙ ආවෙම. beta නං උන් කියල නෙ දෙන්නෙ. 4 මතකනෙ?

  11. හිස් අහස Says:

    මම නම් ගිනි නරියා තුන සංස්කරනෙට තාම කැමතියි ..

  12. roshanherath Says:

    දැන් ගිනිනරියා 6 බිටා චැනල්එකත් ඇවිත් තියෙන්නෙ..

  13. කල්හාර Says:

    ඔය නෙට් වීඩියෝ හන්ටර් කියන එක ඩවුන්ලෝඩ් මැනේජර් තරම් ස්පීඩ් නැහැ නේ …………


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: