මං අර කලින් දවසක කිව්වා වගේ මං ගිය ස්කූල් වෑන් එකේ හරි හරි වැඩ තිවුනා. ඉතිං අක්කලා ගහෙන් වැටිලා ජම්බු මතක් කරද්දී අපිව කන්න පැන්න හැටි කලින් කතාවෙ කිව්වනේ. අද කියන්න යන්නේ වෑන් එකේ නංගිලාගේ කේස් එකක්.
මේකට නම් මම කෙලින්ම සම්බන්ධයි. ඉස්සර අපේ පන්තියේ හිටියා මගේ ෆිට් එකක් අරුණ කියලා. ඌත් එක්ක ගඟේ නාන්න ගිහිං තමා මගේ කලිසම මාරු වෙලා අම්මට මාට්ටු වුනේ. ඒ දවස් වලට පස්සේ තමා මේ සීන් එක වුනේ. අරුණට ඇත්තෙන්ම මාළු ගැන තිබුනේ මාර දැනුමක්. ඒ දවස්වල තියා දැනටත් අපිට මාළුන්ගේ ගෑණු පිරිමි අඳුරගන්න හෙන අමාරුයිනේ. ඒත් අරුණට එහෙම නෑ…. ඌට මාළුවා දැක්ක ගමන් කියන්න පුළුවන් ගෑණූද පිරිමිද කියලා. අනේ මන්දා කොහොම හොයනවද කියලා… මොකද ඉතිං මනුෂ්‍යයින්ගේ වගේ එක එක ගැජට් කෑලි එල්ලෙනවා, පැද්දෙනවා කියලයෑ… හැබැයි මූ ගැහැණු මාළු කියලා දෙන එවුන්ව අනිවාර්යෙන් පැටව් ගහන්න සෙට් වෙනවා. ඒක නිසා ඉතිං පොර බොරු කියනවා කියලා හිතන්නත් බෑ…
පස්සේ ඉතිං දැන් වගේම ඒ දවස් වලත් මට ලාවට මාළු පිස්සුව ගහලා තිබ්බ කාලේ. ස්කෝලේ යන කාලේ දැන් වගේ මාළු ගන්න සල්ලි නැහැනේ. ඒක නිසා ඉතිං අරුණට කිව්ව ගමන් ටක් ගාලා උඩ හඳයෝ හරි ගප්පි ටිකක් හරි, ප්ලේටි ටිකක් හරි ගෙන්න ගන්න පුළුවන්. පොර ගාව වැඩියෙන්ම හිටියේ උඩ හඳයෝ. මම නම් ඒ නම ඇහුවෙත් උගෙන් විතරයි. උඩ හඳයා කියන්නේ… ඒ මාළුවගේ ඔළුව උඩ අඩ හඳක් වගේ කහ පාටට සලකුණක් තියෙන නිසා. උන් වැඩියෙන්ම ඉන්නේ ස්කෝලේ අයිනෙන් බැහැගෙන ගිහිං ගඟට යන වතුර කාණුවේ. ඒක නිසා ඉතිං අරුණගේ වැඩේ ස්කෝලේ ඇරිලා ගියා ගමන් පුංචි දැල් කෑල්ලක් හොයාගෙන ඕකෙන් උඩ හඳයෝ අල්ලන එක තමා. ඊයා…..මට නම් අප්පිරියාවේ බෑ… සමහරවෙලාවට ඒ කානුවේ 18 පල්ස් රබර් බැළුම් එහෙමත් ගහගෙන යනවා.
ඒත් ඉතිං මාළුවා මාර ගති. හරියට නිකං ගුරාමි වගේ තමා. අනික ඉතිං කෝමත් අරුණ මට මාළු ගෙනත් දෙන්නේ උංව සබන් ගාලා හෝදලනේ… ඒකත් හැමෝටම කරන්න බැහැලු. බේබි සබන් නැත්තං මාළු මැරෙනවා කිව්වේ… කොහොම හරි කමක්නෑ… මට උඩ හඳයෝ ගෙනත් දුන්න දාට ඌයි මායි කැන්ටිමෙන් මොනා හරි කනවා. පස්සේ ස්කෝලේ ඇරුනම අරුණ මාළු දාගෙන ආපු ජෑම් බෝතලේ වතුර ටිකත් එක්කම මාළුන්ව වෙන ෂොපින් බෑග් එකකට දානවා. ඊට පස්සේ තමා මගේ අතට එන්නේ මාළු ටික. අම්මෝ බලන්න ලස්සනයි… මාළු 10ක් විතර බෑග් එකේ එහෙ මෙහෙ දඟලන ලස්සන….!
පස්සේ ඉතිං මාත් හෙන පොර වගේ ඔය මාළු ටික අරගෙන නගිනවා ස්කූල් වෑන් එකට. මුලින්ම නගින්නේ මම නිසා අවුලක් නෑ. ඊට පස්සේ ඔන්න පානදුරේ වටේම කැරකිලා කැරකිලා අනිත් ළමයින්ව අරගෙන අපිව ගෙවල් වලට දාන්න යනවා. ඔය යන ගමන් ඉතිං අපි එක එක එව්වා කතාකරනවා. අක්කලා අපිත් එක්ක ෆිට් වුනාට, මං මාළු ගෙනාපු දාට උංට මාවත් එක්ක අප්පිරියයි. මොනා කරන්නද ඉතිං… එහෙම වුනයි කියල මායි අනිත් කොල්ලෝ ටිකයි තනිවෙන්නේ නෑ… අක්කලා තරහා වුනාට නංගිලා හයක් හතක් ඉන්නවානේ…
පොඩි කෙල්ලෝ ටික වැඩියෙන්ම ආසා මාළුන්ට, ලේන්නුන්ට වගේ උංට තමා. මං මාළු ගෙනාපු දාට, වෙනදට වචනයක් කතා කරන්නේ නැති කෙල්ලෝ ඔක්කොම මගේ දෙපැත්තේ. මං ඉතිං අත රිදෙනකං මාළු බෑග් එක අල්ලං ඉන්නවා කෙල්ලෝ ටික මාළුන්ට ඇඟිල්ලෙන් ඇන ඇන ෆන් ගන්නවා. අන්තිමේ ගෙදර යද්දී මගේ අතට අංශභාගේ හැදිලා වගේ යන්නේ.
ඉතිං ඔහොම මං මාළු ගෙනිච්චි දවසක… වෑන් එකේ හිටිය, සූකිරි බෝලේ වගේ නංගියෙක් කියනවා…
අයියේ………. හෙට මට මාළු පැටවු දෙන්නෙක් ගෙනත් දෙන්නකෝ….. කියලා. අනේ ඉතිං එහෙම ඇදලා පැදලා නැලවිලා කියන කොට කාටද බැහැ කියන්න පුළුවන්…. ඉතිං මාත් ඇහුවා…
මොක්කුද ඕනේ….? කියලා… මේකි ගත් කටටම…
මට ඕනි…. ගෝල්ඩ් ෆිෂ් දෙන්නෙක්ව… ගෙනත් දෙනවා නේද මට…? කියලා මහ කෑදර බැල්මකුත් දැම්මා. ඒ දවස් වල ගෝල්ඩ් ෆිෂ් එකෙක් ගන්නවා කියන්නේ දවස් දෙක තුනක් නොකා ඉන්න වෙන වැඩක්… ඒත් ඉතිං අවුලක් නෑ… අරුණගාව ඕනේ මාළුවෙක් ඉන්නවනේ. ඒත් ඉතිං හෙට ගේන්නනම් අද කියන්න ඕනේ නිසා, ඒ නංගිට සීන් එක කියලා… මාළු දෙන්නව අනිද්දට ගේන්න පොරොන්දු වුනා.
පස්සේ ඉතිං ගෙදර ගිහිල්ලත් මට හෙන හැපී… පොඩි කාලෙම මාලියක් සෙට් වුනා තමා කියලා මං හිතුවේ. මොනා කරන්නද ඉතිං වැරදි වයසනේ. පස්සේ ඉතිං ඊට පස්සෙන්දා අරුණට ගිහිං සීන් එක කිව්වම මූ කියනවා…
අඩෝ බං… මගේ ගාව ගෝල්ඩ් ෆිෂ් නෑ බං… ප්ලේටි ජෝඩුවක් දෙන්නං…. කියලා.
පිස්සුද යකෝ බොට…? මං අර කෙල්ලට පොරොන්දු වුනා බං…
ඉතිං බං මගේ ගාව නැත්තං කොහොමද බං දෙන්නේ…?
ඇත්ත තමා ඉතිං… අරුණ ගාව නැත්තං මොනා කරන්නද? ඌට මාළුන්ව සබන් දාලා හෝදන්න පුලුවන් වුනාට මාළු මවන්න බැහැනොවැ. ඒක නිසා මට තමා අන්තිමේ පස්නේ වුනේ.
පස්සේ ඔන්න දවස් දෙකකට පස්සේ වෑන් එකේ නැගලා යද්දී මං තීරණය කලා මොකක් හරි කේස් එකක් දාගෙන නංගිලා ඔක්කොමලා එක්ක තරහා වෙන්න. ඒ ඉතිං වෙන කරන්නම දෙයක් නැති නිසා මගේ බේරුමට. අනික මගෙන් මාළු ඉල්ලපු කෙල්ලට තමා හොඳටම මල පයින්නේ… ඒක නිසා වැඩේ ලේසියි.
ඉතිං මාත් ගිහිං කඩදාසි බෝලයකින් ගහලා එහෙම ගේම පටං ගත්තා. දැන් ඔන්න පිටිපස්සේ සීට් වලින් මාර සේනාව නැගී ගෙන එනවා. ඒත් වෙනදට එන නායිකාව නෑ… ඒකි ඉන්නවා සීට් එකෙන් ඉස්සිලා මගේ දිහා බලාගෙන. මං මාළු දෙනකං තමා ඒ….
ඒත් ඉතිං මාළු කොහෙන් දෙන්නද මං…? පස්සේ මෙන්න මේකි අර අනිත් කෙල්ලෝ ඔක්කොමලාව තල්ලු කරගෙන මගේ ගාවට එනවා නැගිටලා… ඒ පාර නං මං ලාවට භය වුනා.
අයියේ……… (අම්මේ තොඳොලේ) මාලු ගෙනාවද…? (ඇස් දෙක දිලිසෙනවා… මැණික් කැට දෙකක් වගේ)
ඔව් මගේ වස්තුවේ…. ගෙනාව…. එන්න මගේ ගාවට… ඇවිත් උම්මා එකක් දෙන්න කම්මුලට… මගේ හොඳ මැණික….. කියලා කියවෙන්න ගියාට, එතනින් එහාට වෙන එව්වා දන්න නිසා කියන්න ගියේ නෑ….
මොන මාළුද… යාළුවා ගාව මාළු නෑ… කියලා මාත් හෙන අමාරුවෙන් වචන ගැටගහලා කිව්වම අර සෝස පාට මුහුන සතූ…. වුනා…. මෙන්න බොල මේකි අඩනවා… දැන් ඉතිං මොනා කරන්නද… මල මගුලයි. මාත් කොරගන්න වැඩ. පස්සේ මගේ වටේට උන්න අනිත් එවුනුත් ඩිම් වෙලා. මොකද මේකි ගෙදර ගිහින් කිව්වොත් එහෙම අපි නරක වැඩක් වත් කොරා කියලා… කම්මුතුයි නෙව ඔක්කොමලා…
පස්සේ ඔන්න කෙල්ල බහින තැන කිට්ටු වුනා. මූන රතු වෙලා…. ඉදිමිලා. බෑග් එකත් අමාරුවෙන් කරේ දාගෙන මාවත් පාස් කරගෙන ඉස්සරහට ගිහිං…
කතා කරන්න එපා ආයේ මාත් එක්ක….. කඩවුන පොරොන්දු දෙනවා… තරහයි මං ඔයත් එක්ක…. කියලා ඔරෝලා එහෙම බැහැලා ගියා. කෙල්ලෙක් ඔරෝනවා කියන්නේ ඒ දවස් වල හෙන හොල්මන් කේස් එකක්… දැන් නං ඉතිං ඔලුවෙන් හිටගත්තත් අපි නම් බලයි.
පස්සේ ඉතිං වෑන් එක එයාගේ ගේ පාස් කරනකං ඉඳලා….
අඩෝ මොනාද බං කෙල්ලන්ට කඩ වුන පොරොන්දු දෙන්නේ…? චී චී මචං ලැජ්ජයි බං… ෂික් බලපංකෝ බං කාඩ් කුඩුනේ… කියලා අපේ උං මට කින්ඩි දානවා. උං මෙච්චර වෙලා නිල් වෙලා හිටියේ… කෙල්ල බැස්සා විතරයි මුං ටික ෆෝම් වෙලා.
පස්සේ ඉතිං මොනා කරන්නද අර අක්කලා ටිකත් උංට සෙට් වෙලා මාව බයිට් කරනවා. මටත් ඉතිං කියාගන්න දෙයක් හිතාගන්න බෑ…. වලියක් ගහගන්නත් බෑ… මොකද 10ක් විතර ඉන්න තැනක මට චන්ඩියා වෙන්න බෑනේ. අනික මගේ තියෙන්නෙත් ඇට කටු ටික විතරයි, ඒ ටිකත් කුඩු වුනාම…. කියලා කම්පනා කරලා කටවහගෙන ඔරෝගෙන අහගෙන හිටියා. පස්සේ ඔන්න ටික ටික කට්ටිය සේප් වෙන්න එනවා කරේ අත එහෙම දාගෙන…
හරි හරි බං ඒක ඉවරයි… දැන් ඉතිං ජෝක් ඇති … කියලා අනිත් එවුටත් කියාගෙනම.
මගේ හොඳ වෙලාවට ඊළගට බහින්නේ මම…. ඒකත් ගේ ගාවින් නෙමෙ ඊට මෙහා තියෙන තුන්මං හන්දියෙන්…. වෑන් එක නැවැත්තුව ගමන් අරංගේ අත් ඔක්කොම ගසගා බසලා දාලා පට පට ගාලා බැහැලා දිව්වා ගෙදට්ටම….
පස්සෙන්දා ඉතිං අර ළමයා මාත් එක්ක හිනා වුනා… එතකොට ඉතිං තරහා නැති වෙලා… කොහොම හරි පස්සේ දවසක මං ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවක් ගිහිං දුන්නා. ඒ දුන්නයි කියලත් වැඩි වෙනසක් නෑ බොලව්. එදා හිනා වෙලා කතා කරා, ඊට පස්සේ මුකුත් නෑ… මං හිතුවේ ඉතින් හැමදාම කතා කරගෙන යාළු ෆිට් එෙක් ඉඳියි කියලා… ම්හු… එව්වා වානා කිව්වේ… අනේ මන්දා කෙල්ලෝ ඔහොම්මයි…
* අද කතාව ටිකක් විතර අස්පට් ඇති, මොකද මූඩ් එකත් චා වෙලා… ඒ එක්කම අළුත ගත්ත කැමරාවෙන් එක එක සීන් කරගෙන යන නිසා හිත තියෙන්නේ ඒකෙ… ඉතිං හෙන අමාරුවෙන් තමා හිත එක්තැන් කරගෙන මේ පෝස්ට් එක දැම්මේ….
2011 ජූලි 19 දින පෙ.ව. 6:49 ට
අනේ මන්දා …ඇත්තටම කෙල්ලො ඔහොම්මද ?
2011 ජූලි 19 දින පෙ.ව. 7:13 ට
ඔයා බබා… 😛
2011 ජූලි 19 දින පෙ.ව. 6:59 ට
කෙල්ලන්ට මොකටද මාලු????
මාලු අයියටත් ඉතින් කෙල්ලෙක් කියනවනම් ඉර හඳ උනත් ගෙනත් දෙයි !!!!! එහෙමට මාර පුත්තරයා !!!!!
ඇත්තටම කොහොමද අයියා මාලු හෝදන්නේ. මාත් ඔය ඉරි හඳයෝ අල්ලලා තියෙනවා. ඒත් හෝදලා නම් නෑ.
2011 ජූලි 19 දින පෙ.ව. 7:14 ට
හඳයෝ හේාදන එකනම් අපිට කෙලපු කෙප්පයක්ද කොහෙද බං…
2011 ජූලි 19 දින පෙ.ව. 7:00 ට
ඔය උඩ හඳයො කියන්නෙ තිත්ත පැටවුන්ට බන්… තිත්තයො වුනත් ලංකාවෙ ඉන්න විෂේශ 3න් දෙකක් ආවේණිකයි….
මොනාද බන් කෙල්ලන්ට කඩවුනු පොරොන්දු දෙන්නෙ… කැතයි හොඳේ…. 😉
2011 ජූලි 19 දින පෙ.ව. 7:15 ට
ඉතිං මං මක්ක කරන්නද…? උඹට කියන්න ඒ කෙල්ලට මං පස්සේ මාලු දෙන්නෙක් ගිහිං දුන්න නිසා අදටත් මාව දැක්කම තනියම හිනා වෙනවා.
2011 ජූලි 19 දින පෙ.ව. 7:09 ට
ඔය මාළු සබන් දාලා හෝදන සිස්ටම් එක ගැන පෝස්ට් එකක් දාන්න..
2011 ජූලි 19 දින පෙ.ව. 7:15 ට
චතුර හදන්නේ මගේ ඉතුරු වෙලා තියෙන සායමත් යවන්නද? 😀
2011 ජූලි 19 දින පෙ.ව. 8:58 ට
දැන් කොහොමෙයි ඔය මාළුවා හෝදන්නේ?
2011 ජූලි 19 දින පෙ.ව. 10:30 ට
ඒක දන්නේ නෑනේ… මං… පොර මට කවදාවත් ඒ ක්‍රමේ කියලා දුන්නේ නෑ….
2011 ජූලි 19 දින පෙ.ව. 9:05 ට
adee.. E dan nadda e buwa.. Malu gana poddak danaganna..
2011 ජූලි 19 දින පෙ.ව. 10:31 ට
දැන් අරුණ බැඳලා පොඩි කෙල්ලෙකුත් ඉන්නවා බං… උගෙන් මාලු ගැන අහන්න ගියොත් මගේ මාළු කයි.
2011 ජූලි 19 දින පෙ.ව. 9:46 ට
මාළු ජෝඩුවක් නිසා නැහිච්ච මාළුවෙක් මන් මේ දැක්කමයි 😀
2011 ජූලි 19 දින පෙ.ව. 10:31 ට
මොනා කරන්නද බං… හෙන ගෙඩි පාත් වෙන්නේ අපිටමයි…
2011 ජූලි 19 දින පෙ.ව. 10:15 ට
හොද වෙලාවට ඒ කෙල්ලා බේරිලා…….. 😀
2011 ජූලි 19 දින පෙ.ව. 10:32 ට
ඔන්න බලපං ඉතිං උඹ කිව්ව කතාව….
2011 ජූලි 19 දින පෙ.ව. 10:20 ට
මොනාද බන් ලෝකෙ පෙරලලා හරි මාලු ජෝඩුවක් ගෙනත් දෙන්නනෙ තිබ්බෙ. පව් වැඩේ..
2011 ජූලි 19 දින පෙ.ව. 10:33 ට
ඊට පස්සේ සති දෙක තුනකට විතර පස්සේ ගෙනත් දුන්නා…
2011 ජූලි 19 දින ප.ව. 12:31 ට
http://www.fishbase.org/summary/speciessummary.php?id=10939
මේ ඉන්නෙ උඩ හඳයා . . . .
2011 ජූලි 19 දින ප.ව. 4:12 ට
මං ඔය පින්තූරයක් හොයාගන්න කාපු කට්ටක්…
2011 ජූලි 19 දින ප.ව. 3:25 ට
“දැන් නං ඉතිං ඔලුවෙන් හිටගත්තත් අපි නම් බලයි.”
අහරෙ
2011 ජූලි 19 දින ප.ව. 4:12 ට
අහරේ කිව්වේ බං?
2011 ජූලි 19 දින ප.ව. 4:39 ට
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල බං…..
2011 ජූලි 19 දින ප.ව. 9:48 ට
අනිවා නවම් අයියා… ඒක නම් ඇත්තම තමා…
2011 ජූලි 19 දින ප.ව. 4:55 ට
මාළු දෙන්නෙක් එකතු වෙලා තනි මාළුවෙක්ව කඩේ ඇරපු එක වැරදි අප්පා…
අද තමයි මේ පැත්තේ ආවේ..නියමයි යාලු…
2011 ජූලි 19 දින ප.ව. 10:21 ට
බොහොම ස්තූතියි ෂානි…..
2011 ජූලි 19 දින ප.ව. 6:49 ට
අනේ මන්දා මලු පිස්සුව තිබිලා තියන දුර ගැන තමා මම මේ හිතන්නේ
2011 ජූලි 19 දින ප.ව. 10:22 ට
මාළු නිසා අම්මා මාව කීපාරක් එලවන්න ඇත්ද… ඔය මාළු ටික හිටිය තැනකට දාලා වර කියලා…
2011 ජූලි 19 දින ප.ව. 9:47 ට
උඹට ගෝල්ෆීෂ් කියලා නම දාපු කෙනාට පින් දෙන්න වටිනවා .
අපේ පැත්තේ ආවා නම් ඩොල්ෆින් අල්ලලා දෙන්න තිබ්බා අපේ ඇලේ ඩොල්ෆින්ලා පිරිලා
2011 ජූලි 20 දින පෙ.ව. 7:31 ට
ඈ… හිටිං මලේ මං පුළුවන් ඉක්මනට එනවා…
2011 ජූලි 20 දින පෙ.ව. 8:42 ට
අන්න දැක්කද මාළුවා කැමරාව මාකට් කලා…
2011 ජූලි 20 දින පෙ.ව. 9:33 ට
ඒ බොල… උඹ පාඩම් කරන්නේ නැද්ද?
2011 ජූලි 20 දින පෙ.ව. 9:48 ට
විභාග ලියන්න පාඩමි කරන්නම ඕනේද බන්?
2011 ජූලි 20 දින පෙ.ව. 9:49 ට
ඒකත් ඇත්තනේ බං… එල එල….
2011 ජූලි 20 දින ප.ව. 6:16 ට
මදෑ…මාළුවට මාලු හින්දා වුණු දෙයක්….හිකිස්.. 😀
2011 ජූලි 20 දින ප.ව. 9:32 ට
ඒකනේ මංචි බලන්න ඉතිං… පස්සේ ඒ නංගි ආයෙ යාළු වුනා….
2011 ජූලි 21 දින පෙ.ව. 10:52 ට
මාලුවගේ කතාව හින්දා මටත් පොඩි කතාවක් මතක් වුනා. ඒ කලේ සාරි ගප්පි තමා පොප්. ගෝල්ඩ් ෆිෂ් ඉතින් මාර හයි ෆයි මාලුවෙක් නොවෑ. ගුරාමියත් මතකයි.
2011 ජූලි 21 දින ප.ව. 12:39 ට
ඒකනේ බූඩි අර කෙල්ල ගෝල්ඩ් ෆිෂ්ම ඉල්ලලා මැරෙන්න හැදුවේ…
2011 ජූලි 22 දින පෙ.ව. 11:23 ට
ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවක් දීලා බාරියක් ගන්නද බොල හැදුවෙ ………….
2011 ජූලි 22 දින ප.ව. 12:11 ට
ඒ දවස් වල බාරියක් ගැන ඒ හැටි හිතුවේ නෑනේ අයියේ… හිතුන නම් එහෙම ගෝල් ෆිෂ් ජෝඩුවක් කොහෙන් හරි හොයලා ගේනවා…