අද කතාවනම් හරියට නිකං කඩේකට ගිහිං, මුදලාලිට ජෙනුයින් සීන් එක කියලා සල්ලිත් දීලා, පොලිඩෝල් බෝතලයක් අරගෙන… හොඳ ළමයා වගේ ඔක්කොමත් බීලා… මැරුනේ නැතුව… එක එකාගේ කයි කතන්දර අහ අහ ඉප්පිරිතාලේ ලගිනවා වගේ කතාවක්.
බ්ලොග් ලියන කීප දෙනෙක්ම පහුගිය දවස් ටිකේ ලිව්වනේ සියදිවි නසා ගැනීම ගැන. සමහරුනම් වැඩේ ඉක්මනට කරගන්න ක්‍රමත් ලිව්වා. දැං ඉතිං මාත් ඒකම ලියන්න ඕනේ නැහැනේ. ඒක නිසා මං මේක වෙන පැත්තකින් බැලුවා. ඇත්තටම බැලුවා නෙමේ පෙනුනා. කොටින්ම කියනවා නම් අපේ රටේ පවතින සංස්කෘතික තත්ත්වයත් එක්ක පොඩි සීන් එකක් හින්දා තමා මේක වෙන්නේ….
උදාහරණයක් විදියට… අපේ රටේ කොල්ලෙක් කෙල්ලෙක්ට බොක්කෙන්ම ආදරේ කරනවා. ඒත් කෙල්ල එහෙම නෑ… ඒකි වෙන වෙන එවුන් එක්ක රටේ තියෙන ඔක්කොම සෙල්ලං දානවා. ඒවා ආරංචි වුනාම කොල්ලා මොකද කරන්නේ…? සමහර කොල්ලෝ නම්… අනේ තී ඕනේ මගුලක් නටා ගන්, මං වෙන එකක් සෙට් කරගන්නවා කියලා හිතලා වෙන කෑල්ලකට ට්‍රයි කරනවා. තවත් සමහරු කරන්නේ වහ බොනවා, එහෙමත් නැත්තං අර සාතන්ගේ ලිස්ට් එකේ තියෙන මොකක් හරි ක්‍රමේකින් ජීවිතේ නැති කරගන්නවා.
ඉතිං වෙන රටවල කෙල්ලෝ කොල්ලන්ට බූට් එක තියන්නේ නැද්ද…? ඔය ඔක්කොම වින්නැහි වෙන්නේ ලංකාවේ කොල්ලන්ට විතරද…? කොයි පැත්තට කරකෝලා කිව්වත් උත්තරේ තමා…. නැහැ…. කියන එක. ඒ කියන්නේ ලංකාවේ කොල්ලන්ට විතරක් නෙමේ පිටරට වල කොල්ලන්ටත් බූට් වදිනව නැතිවෙන්න. එතකොට එවුනුත් ජීවිතේ නැති කරගන්නවද…? ඒකටත් උත්තරේ…. නැහැ… තමයි. ඒ වගේම කවදාවත් අහලා තියෙනවද පිටරටක කොල්ලෙක්, කෙල්ලෙක්ගෙන් බූට් එක කෑවා කියලා කියලා ජීවිතේ නැති කරගත්ත සීන් එකක්. ඒකටත් මගේ උත්තරේ නම් …. නැහැ… තමා. සමහරවිට මට හොරෙන් කව්රුහරි එහෙම කොරගත්තද කියන්න නම් දන්නේ නෑ…. පිටරටක ඔය වගේ සීන් එකක් වුනොත් එහෙම කොල්ලා කරන්නේ හවස් වරුවක යාළුවෝ එක්ක සෙට් වෙලා හොදට නවාගෙන කාලා බීලා ජොලියක් දාන එක… ඊට පස්සේ පහුවෙනිදා වෙද්දී ඔක්කොම අමතකයි… පස්සේ ඕං පටන් ගන්නවා වෙන කෙල්ලෙක් එක්ක සම්බන්ධයක්…. ඊට පස්සේ අර කෙල්ලත් එක්ක වගේම සතුටින් ඉන්නවා. බැරි වෙලාවත් ඒකත් ගැස්සුනොත් එදා හවසට කාලා බීලා විනෝද වෙලා පහුවෙනිදාට වෙන එකක් අල්ලනවා.
ආං එහෙමයි පිටරටවල….
ඉතිං ඒ කිව්වේ ලංකාවේ සියදිවි නසා ගන්න බූටබල් කොල්ලන්ගෙයි පිටරටවල බූට් කන එවුන්ගෙයි කතාවනේ. දැං බලමු ලංකාවේ ගොවි මහත්තරු අත්තන ඇට කාලා, නියඟලා අල කාලා දිවි නසා ගැනීමේ කතාව. ලංකාවේ ගොවියා ගොඩක් වෙලාවට එන කන්නයේ මොනා හරි වගා කරන්න අවශ්‍ය ප්රාග්ධනය හා අනෙකුත් සම්පත් සපයා ගන්නේ ගොඩක් වෙලාවට ණය මුදල් වලින්. එහෙමත් නැත්තං පොලයට හෝ තමා සන්තක යම් වටිනා දෙයක් උකස් කිරීමෙන් ලබාගන්න මුදලින්…. ඉතිං ලංකාවේ ගොවි මහත්තරුන්ගේ කරුමෙට, වැස්ස වලාහක දෙයියෝ වැස්ස නොදී ඇරියොත් එහෙම මොකද වෙන්නේ….? වෙන මක්ක වෙන්නද ඉතිං අර හෙන අමාරුවෙන් පඹයෝ අටෝ ගෙන, රෑ තිස්සේ පැලට වෙලා මදුරුවෝ තල තල රකින්න තියාගත්ත හේන හරි කුඹුර හරි ගිනි ගහන රස්නෙත් එක්ක වේලිලා යන එක… එහෙමත් නැතුව වැස්ස වලාහක තුමා කලට වේලාවට වැස්ස දුන්න කියමුකෝ… එතකොට තමා ඊට වැඩිය කෙලිය තියෙන්නේ…. එතකොට ඉතිං හැමෝගෙම අස්වනු සරු සාරයි. පල බරයි. දැන් ඉතිං ලංකාවේ ඉන්නේ එක ගොවියා නෙමේනේ… සෑහෙන පිරිසක් ඉන්නවනේ… එතකොට ඉතිං අස්වනු ප්‍රමාණය අම්බානෙට වැඩියි. එතකොට අස්වැන්නට සාධරණ මිලක් ලබා ගන්න බැරි වෙනවා.
එතකොට අර වගා කරන්න කලින් ගත්ත ණය ගෙවන්නේ පොලිසිය ඉදිරිපත් වෙන්නේ නෑනේ… ඒක නිසා ගොවියගේ ඔළුව උඩට වැටෙන බර වැඩියි. ඉතිං වෙන කොරන්නම දෙයක් නැති නිසා ගොවියෝ කරන්නේ අත්තන ඇට ගිලින එක තමා. එතකොට පිටරටවල ගොයියොත් එහෙම්මද…? ඒකට උත්තරෙත් මං දන්න තරමින්… නෑ… කියන එක තමා.
මොකද පිටරටක ගොවියෙක්ට අස්වනු විකුනා ගැනීමේදී නම් ඇතිවෙන ප්‍රශ්න ගොඩක් අඩුයි. තිබුනොත් තියෙන්නේ ඉල්ලුමට සැපයීම නැති කම තමා. හැබැයි වතුර ප්‍රශ්නේ නම් තියෙනවා. එතකොට ඒ අයගේ වගා වලුත් ලංකාවේ ගොවියන්ගේ වගේම තමා පාළු වෙලා කරකුට්ටං වෙලා යනවා. ඒත් එහෙම වුනයි කියලා ඒ මිනිස්සු වහ බොන්නේ නෑනේ….. එක්කෝ වෙන වෙළඳාමක් කරනවා, එහෙමත් නැත්තං හොරකම් කරනවා…. කොහොම හරි ජීවත් වෙනවා.
ඉතිං මට ඔය ප්‍රශ්න දෙක ගැන අරගෙන බැළුවම මට නම් හිතෙන්නේ… ලංකාවේ තියෙන යම් සංස්කෘතික ප්‍රශ්නයක් නිසා තමා මෙහෙම වෙන්නේ කියලා… කොටින්ම කියනවා නම් ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන අවංක කම නිසා තමා මෙහෙම වෙන්නේ….
පොඩ්ඩක් හිතලා බලන්න… ලංකාවේ කෙල්ලෙක් කොලුවෙකුට බූට් එක පිදුවම, කොල්ලා වෙන කෙල්ලෙක් පස්සෙන් ගිහිං ඒක සෙට් කරගෙන සතුටින් ඉන්න අවස්ථා බොහොම අඩුයි. නැහැම කියන්න බැහැ…. ඒත් වැඩි හරියකට වෙන්නේ එක්කෝ මානසික රෝගීන් වෙනවා… එහෙමත් නැත්තං කෙල්ලවත් මරලා ඌත් මැරෙනවා… ඒත් නැත්තං කෙල්ලට යන අතක යන්න ඇරලා කොල්ලා ජීවීතය නැති කරගන්නවා. ඔය ඔක්කොම කරන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන අවංක කමට… ඒවගේම අවංක කමත් එක්ක බැඳිලා තියෙන මෝඩ කමට. අර කලින් කිව්වා සුළු පිරිසක් ඉන්නේ…. කෙල්ල බූට් එක තිබ්බත් වෙන කෙල්ලෙක් එක්ක එක්කහු වෙලා ජීවිතය ගොඩනගා ගෙන සතුටින් ඉන්න අය…. අන්න ඒ අය අවංක නැතුව නෙවේ… අවංක කමත් එක්කම බුද්ධිමත් භාවයත් තියෙන අය. එහෙම නැතුව අර පිටරටවල වගේ ඇඳුම් මාරු කරන්නැහේ කෙල්ලෝ මාරු කරන සීන් එකක් නෙමේ…
අනිත් කේස් එක තමා ලංකාවේ ගොවියා…. ලංකාවේ ගොවි මහත්තරුත් තම ජීවිතය නැති කරගන්නේ ගත්ත ණය ගෙවා ගන්න බැරුව සමාජය ඉස්සරහා නෝන්ඩි වෙයි කියලා තියෙන ලැජ්ජාවට. නැත්තං එයාලටත් පුළුවන්නේ හොරකම් කරලා හරි ජීවත් වෙන්න… ඒත් එහෙම කරන්නේ නැත්තේ ගොවියන්ගේ තියෙන අවංක කමට… එතකොට ඇයි එයාලට බැරි වෙන ව්‍යාපාරයක් වෙනුවෙන් හිත යොදවන්න… ඒකට හේතුව විදියට මං දකින්නේ නොදැනුවත් කම හා මෝඩ කම…. නැත්තං පිටරට ගොයියෝ වගේ ලංකාවේ ගොවියන්ටත් වෙන ව්‍යාපාරයක් කරගන්න බැරි කමක් නැහැනේ… හිත ඇත්තනම් ඕනේ තරම් අවස්ථා තියෙනවා…
ඉතිං මට ඇත්තටම කියන්න ඕනේ වුනේ ලංකාවේ තියෙන සියදිවි නසා ගැනීමේ ප්‍රශ්නයට මං දකින හේතුව තමා ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන අවංක කමත් එක්ක බැඳිච්චි මෝඩකම හා නොදැනුවත් කම කියන එක. අපේ රටේ මිනිස්සු හැම ප්‍රශ්නෙකටම විකල්ප විසඳුමක් හොයලා තියාගෙන පටන් ගන්න වැඩක් පටන් ගන්නවා නම් මෙහෙම වෙන එකක් නෑ… මං කියන්නේ නෑ ඔරිජිනල් ගෑණූ ළමයා ඉද්දී විකල්පයක් තියාගන්න කියලා… ඒත් ඒ ගෑණූ ළමයා වෙන අතක ගිය දාට හිත හයිය කරගෙන වෙන හොඳ කෙනෙක් එක්ක ජීවීතය සාර්ථක කරගන්න පුළුවන් නම් ඒ මනුස්සයා බුද්ධිමත් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ගොවි මහත්තරුත් ඔය වගා කරන වගාවන් අස්සේ හදිසියකට හරි නියං කාලෙට අල්ලලා යන වගාවක් කරගත්තා නම් ඒ ප්‍රශ්නෙත් වැඩි අවුලක් නැතුවම විසඳෙයි. මං කියන තරම් ඒ වැඩේ නම් ලේසි නැතුව ඇති. ඒත් ඒ විදියට හිතලා තව තව උපක්‍රම භාවිතා කලොත් නම් වරදින එකක් නැහැමං හිතන්නේ. ඉතිං කිහිප දෙනෙක් හරි මාත් එක්ක එකඟ වෙයි මං හිතන්නේ මේ මං හිතන විදියත් එක්ක, හැමෝම නොවුනත්…..
2011 ජූලි 16 දින පෙ.ව. 7:10 ට
මාලුවෝ කොයි රටේ වුනත් නැහිලා ආදරේ කෙරුවොත් තත්වේ එකම තමා, කතා ටිකක් තියෙනවා වෙලාව හම්බෙන විදිහට ලියන්නනම් කෝ. කෙල්ලෝ වගේම කොල්ලොත් බූට් එක තියෙනවා. ඉතින් ඕක vice verse වෙන දෙයක්. හැබැයි ඉතින් හැගීම් පාලනය කරගන්න එක තමා කරන්න ඕනේ. වහ බෙන එක ඉන්දියාවේත් ඉතා ජනප්‍රියයි. කොටින්ම ක්ඉව්වොත් සියදිවි නසා ගැනීම් ඕනේම 3ව්න ලෝකයේ රටක් දකින්න පුලුවන්. දියුණු රටවල සපේක්ෂව අඩුයි. මොනා වුනත් ඕනෙම ප්‍රශ්නයකට බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනෑ, ඒක ඒ ඒ කෙනාගේ පෞර්ෂය එක්ක ඇතිවන දෙයක්. බූඩි කාපු බූට් වල හැටියට ඉතින් බූඩි මැරුණු තැන්වල මේ වෙනකොට ගසුත් පැල වෙලා ඒ ගහ කපලා කවුරුහරි අල්මාරියකුත් හදලා තියෙන්න ඕනේ. මාලුවෝ බූට් ලැබිලා නැතෑ????
2011 ජූලි 16 දින පෙ.ව. 7:19 ට
මට ලැබුනේ එකම එක රාජකීය බූට් එකයි. ඒ බූට් එක නිසා තාම විඳවනවා.
2011 ජූලි 16 දින පෙ.ව. 7:38 ට
අලේ මට හෙන සතුටුයි… මම පිටරටක කොල්ලෙක්… මමත් ගැසුව ගැසිල්ලක් නොකවුට් වෙන්නම….:D හැබැයි යාලුවන්ට දුන්නෙ නෑ… උන් ඇදගෙන වැටුනනම් මට ගෙදර යන්න වෙන්නෙ නෑනෙ…
2011 ජූලි 16 දින පෙ.ව. 7:46 ට
මමත් එහෙම තමා බං. තනියම තමා වැඩිහරියක් නවන්නේ…
2011 ජූලි 16 දින පෙ.ව. 7:40 ට
ඔයාට තාම බූට් වැඩුනේ නෑනේ මාලුවෝ මොකෝ මෙව්වා ලියන්නේ දිවිනසා ගන්න අදහසක්වත් ඇවිත්ද
2011 ජූලි 16 දින පෙ.ව. 7:46 ට
මොකද නංගියේ නැත්තේ… රාජකීය බූට් එකක්නේ මට වැදුනේ…
2011 ජූලි 16 දින පෙ.ව. 7:53 ට
අනේ මංදා
2011 ජූලි 16 දින පෙ.ව. 8:41 ට
ඇයි අනේ මංදා කියන්නේ…?
2011 ජූලි 16 දින පෙ.ව. 8:22 ට
ඕවට උදාහරනේ තමා මං. කොච්චර බූට් කෑවත් ඔය ඉන්නේ ගහක් ගලක් වගේ. ජීවිතය විනාස කරගන්නවත් කෝච්චියට බෙල්ල තියන්නවත් හිතිලා නෑ මේ වෙනකන්.
මාලු අයියා මොකෝ දන්නේ නෑ මෙව්වා ලියන්න ගත්තේ. බුටබල් උනාද දන්නේ නෑ. 🙂
2011 ජූලි 16 දින පෙ.ව. 8:41 ට
මං බූටබල් වෙලා දැන් අවුරුදු 4ක් 5ක් වෙනවා බං.
2011 ජූලි 16 දින පෙ.ව. 8:51 ට
මාලු අයියා අර කතා ටික පී. ඩී. එෆ්. කරලා දෙන්න බැයිද ? අර හිත ගිය ඇත්තිගේ කතා.
2011 ජූලි 16 දින පෙ.ව. 8:59 ට
පොඩියක් හිටහං බලන්න…. හෙන කෝස් එකක් බං.
2011 ජූලි 16 දින පෙ.ව. 9:02 ට
අලේ.. තනි ඇහැට ඇඩෙනවා බන්…
2011 ජූලි 16 දින පෙ.ව. 9:47 ට
එතකොට අනිත් ඇහැ පවුනේ බං….
2011 ජූලි 16 දින පෙ.ව. 9:19 ට
වහ බොන්න එපා බං. අරවා බීපන් 😉
2011 ජූලි 16 දින පෙ.ව. 9:48 ට
අරවා… කිව්වේ…? උඹ විශ්ලේෂණය කරපුවද?
2011 ජූලි 16 දින පෙ.ව. 10:22 ට
කතාවනං ඇත්ත මාලුවෝ! ඒත් බුඩී කිව්වා වගේ 3වෙනි ලෝකයේ හැම රටකටම වගේ මේක පොදුයි.
2011 ජූලි 16 දින ප.ව. 12:02 ට
ඒකනං එහෙම තමා බං.
2011 ජූලි 16 දින ප.ව. 4:56 ට
ඔය මැරෙන්න හිතාගෙන උන්ට කියවනවනම් තියෙනවා ලස්සන පොත් සෙට් එකක් . . .
ජයසේන ජයකොඩි මහත්තයා ලියපු පිච්ච මල පොත් සෙට් එක.
ඒකේ රාහුල හාමුදුරුවන්ගේ චරිතේ ගැන හිතුවාම සහ ප්‍රශ්න වලට ප්‍රායෝගිකව උපේක්ෂා සහගත වීම ගැන හිතුවාම යකඩෝ මොන මගුලටද මැරෙන්නේ කියලා හිතෙනවා . . .
2011 ජූලි 17 දින පෙ.ව. 6:40 ට
අන්න වැඩ… ඇත්තටම දුකා අයියේ මං දන්න බුවෙක් ඉඳියා… මෑන් කරන්නේ කෙල්ල තරහා වෙච්ච ගමන් සතියකට විතර යනවා කොහෙහරි දුර ආරණ්‍යයකට… පස්සේ සතියකින් විතර ආයේ එනවා කිසි දෙයක් වුනේ නැති ගානට.
2011 ජූලි 16 දින ප.ව. 4:57 ට
බූට් කාල මැරෙන එවුන් හරි බොන එවුන් හරි මට නම් මුනගැහිල නෑ. ඒත් අර මගෙ පරණ පෝස්ට් එකක උන්නු ජංගිය බලල කෙල්ලගෙ ගෙදර හොයාගත්තු ඒ.ජේ බූට් එකක් කාපු දවසෙ ගාල්ලෙ ෆයිසාල් බත් කඩේට ගිහිල්ල මගෙ පර්ස් එක හිඳෙනකං බත් කෑව, මදි පාඩුවට වටලප්පමකුත් කෑව ඌ… අන්න එහෙමයි ඌ සෝකය නිවාගත්තෙ
2011 ජූලි 17 දින පෙ.ව. 6:48 ට
ඒ ටෙක් නික් හැමඑකාම දන්නේ නැහැනේ. ඇයි බං මාත් ෆෘට් සැලඩ් එකක් හැදුවේ….
2011 ජූලි 16 දින ප.ව. 5:26 ට
සිය දිවි නසා ගැනීම් හෝ ප්‍රතිශතය වැඩිම රට ලංකාව නෙමේ. අපිට වඩා වැඩි රටවල් තියෙනවා.
දත්ත හොයා ගෙන බලන්න. බොහෝ රටවල ඒවා මාධ්‍ය මගින් ප්‍රකාශ කරන්නේ නෑ. පත්තරවල, ටීවි එකේ ගියාම තත්වය දරුණු වෙනවා.
ලංකාවේ නං මේක වැඩි වෙන්න හේතුව, ප්‍රශ්ණවලින් බේරිලා දැන් මැරිලා, මාස දහයකින් ආපහු ඉපදෙන්න පුළුවන්ය කියන සංකල්පය අපිට කැවිලා තියෙන හින්දයි.
පාණාතිපාතා කියන්නේ පර පණ නැසීම විතරයිලු නේ.
තම පණ හානිකර ගැනීමත් නීතියෙන් වරදක්. ඒඛ පවක්. කෙලින්ම අපායට යන්නේ කියලා උගන්වන්න ඕනෑ.
අපේ දැවෙන ප්‍රශ්ණ වෙන අය එක්ක කතාකරන්න උගන්නවන්න ඕනෑ.
ප්‍රශ්ණ කතාකරන්න උපදේශක සේවා අරඹන්ණ ඕනෑ.
2011 ජූලි 17 දින පෙ.ව. 6:51 ට
ලංකාවේ අඩුවෙන්ම තියෙන්නේ ඒවා. ඒත් තැන දෙක තුනක් තියෙනවා. හැබැටි අයියේ ගොඩක් දෙනා ඒ ගැන දැනුවත් නෑ….
2011 ජූලි 16 දින ප.ව. 10:37 ට
ජීවිතය නැති කරගන්න උන්ට කෙලින්ම බැන වදින්නත් බෑ බං එක එකාගේ මානසික තත්වයන් වෙනස්නේ බං .දරාගැනීමේ හැකියාවනුත් වෙනස් . සත්තු පවා සියදිවි හානි කරගැනීමට පෙලඹෙනවා කියලා මම අහලා තියනවා .
මචං නියම පෝස්ට් එකක් . මගෙත් තියනවා ඔය සියදිවි හානිකරගැනීමේ කතාවක් ලියලා තමයි තියෙන්නේ තාම ඒකට අදලා පුග්ගලයාගෙන් පර්මිසන් ලැබුනේ නෑ පර්මිසන් එනකම් මේ ඉන්නේ .
මම කන එක පාරයි බූට් කෑවේ . ඒකත් බූටක් කියම කියන්න බෑ කෙල්ලගේ දෙමාපියන් විසින් මා ව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු කෙල්ල වෙන එකෙකු හා යාලු වීම බූටක් ලෙස ගන්න බෑ නේද
2011 ජූලි 17 දින පෙ.ව. 6:53 ට
උඹේ ප්රශ්නය ගැන මුකුත් කියන්න බැහැ බං. මොකද ඔය ප්‍රශ්නෙට ඔව් හර නෑ හරි මගේ ප්රශ්නෙගැනත් මට හිතන්නවෙනවා වෙන පැත්තකින්….
2011 ජූලි 16 දින ප.ව. 11:04 ට
අලේ …කොල්ලෝ කෙල්ලොන්ට බූට් තියන්නෙ නැද්ද ????? අසාධාරණයි …. 😦
හුඟාක් අපේ මිනිස්සු අවංකයි,මිනිස්සු මොන ප්‍රශ්නේ ආවත් මොලෙන් තීරණ ගන්න ඕනේ…එතකොට මේ වගේ හැගීම් එන්නෙ නෑ.
2011 ජූලි 17 දින පෙ.ව. 6:54 ට
ඇත්තටම ඒ තමා වෙන්න ඕනේ.. ඒ වුනාට අපේ මිනිස්සු තාම හදවතිනුත් හිතනවනේ….
2011 ජූලි 17 දින ප.ව. 10:03 ට
දෙපැත්තටම ඔය දේ එක වගෙයි, ඒත් ආදරේ කරන කෙනා නැති වෙන්න පුළුවන් කියලා හිතාගෙන හිත හදාගන්න එක නම් හරිම අමාරු වැඩක්.ඒත් ඒ වෙනුවෙන් සියදිවි හානි කරගැනීම නම් අනුමත කරන්න බෑ. ගොවියෙක් වුනත් තමන්ට ලැබෙන නොලැබෙන දේ ගැන අවබෝධයෙන් ඉන්න එක තමයි හොඳම දේ .
2011 ජූලි 18 දින පෙ.ව. 8:48 ට
හ්ම්…
2011 ජූලි 20 දින ප.ව. 5:55 ට
මාළු කතාවක්
ප.ලි – මාළු = බුද්ධිමත්
2011 ජූලි 20 දින ප.ව. 9:31 ට
එල එල…. තැන්ක්ස් මචං…..
2011 ජූලි 22 දින පෙ.ව. 10:57 ට
කොච්චර අඟ හිඟ කම් තිබුනත් හොරකම නම් අනුමත කරන්න බැහැ ……….
එහෙම කිව්වට ඒක සීයක් සාධාරණත් නැහැ වගේ නේ …….
2011 ජූලි 22 දින පෙ.ව. 11:11 ට
අනේ මන්දා….