අවංක කමට බෙල්ල කපා ගැනීම…

අද කතාවනම් හරියට නිකං කඩේකට ගිහිං, මුදලාලිට ජෙනුයින් සීන් එක කියලා සල්ලිත් දීලා, පොලිඩෝල් බෝතලයක් අරගෙන… හොඳ ළමයා වගේ ඔක්කොමත් බීලා… මැරුනේ නැතුව… එක එකාගේ කයි කතන්දර අහ අහ ඉප්පිරිතාලේ ලගිනවා වගේ කතාවක්.

බ්ලොග් ලියන කීප දෙනෙක්ම පහුගිය දවස් ටිකේ ලිව්වනේ සියදිවි නසා ගැනීම ගැන. සමහරුනම් වැඩේ ඉක්මනට කරගන්න ක්‍රමත් ලිව්වා. දැං ඉතිං මාත් ඒකම ලියන්න ඕනේ නැහැනේ. ඒක නිසා මං මේක වෙන පැත්තකින් බැලුවා. ඇත්තටම බැලුවා නෙමේ පෙනුනා. කොටින්ම කියනවා නම් අපේ රටේ පවතින සංස්කෘතික තත්ත්වයත් එක්ක පොඩි සීන් එකක් හින්දා තමා මේක වෙන්නේ….

උදාහරණයක් විදියට… අපේ රටේ කොල්ලෙක් කෙල්ලෙක්ට බොක්කෙන්ම ආදරේ කරනවා. ඒත් කෙල්ල එහෙම නෑ… ඒකි වෙන වෙන එවුන් එක්ක රටේ තියෙන ඔක්කොම සෙල්ලං දානවා. ඒවා ආරංචි වුනාම කොල්ලා මොකද කරන්නේ…? සමහර කොල්ලෝ නම්… අනේ තී ඕනේ මගුලක් නටා ගන්, මං වෙන එකක් සෙට් කරගන්නවා කියලා හිතලා වෙන කෑල්ලකට ට්‍රයි කරනවා. තවත් සමහරු කරන්නේ වහ බොනවා, එහෙමත් නැත්තං අර සාතන්ගේ ලිස්ට් එකේ තියෙන මොකක් හරි ක්‍රමේකින් ජීවිතේ නැති කරගන්නවා.

ඉතිං වෙන රටවල කෙල්ලෝ කොල්ලන්ට බූට් එක තියන්නේ නැද්ද…?  ඔය ඔක්කොම වින්නැහි වෙන්නේ ලංකාවේ කොල්ලන්ට විතරද…? කොයි පැත්තට කරකෝලා කිව්වත් උත්තරේ තමා…. නැහැ…. කියන එක. ඒ කියන්නේ ලංකාවේ කොල්ලන්ට විතරක් නෙමේ පිටරට වල කොල්ලන්ටත් බූට් වදිනව නැතිවෙන්න. එත‍කොට එවුනුත් ජීවිතේ නැති කරගන්නවද…? ඒකටත් උත්තරේ…. නැහැ… තමයි. ඒ වගේම කවදාවත් අහලා තියෙනවද පිටරටක කොල්ලෙක්, කෙල්ලෙක්ගෙන් බූට් එක කෑවා කියලා කියලා ජීවිතේ නැති කරගත්ත සීන් එකක්. ඒකටත් මගේ උත්තරේ නම් …. නැහැ… තමා. සමහරවිට මට හොරෙන් කව්රුහරි එහෙම කොරගත්තද කියන්න නම් දන්නේ නෑ…. පිටරටක ඔය වගේ සීන් එකක් වුනොත් එහෙම කොල්ලා කරන්නේ හවස් වරුවක යාළුවෝ එක්ක සෙට් වෙලා හොදට නවාගෙන කාලා බීලා ජොලියක් දාන එක… ඊට පස්සේ පහුවෙනිදා වෙද්දී ඔක්කොම අමතකයි… පස්සේ ඕං පටන් ගන්නවා වෙන කෙල්ලෙක් එක්ක සම්බන්ධයක්…. ඊට පස්සේ අර කෙල්ලත් එක්ක වගේම සතුටින් ඉන්නවා. බැරි වෙලාවත් ඒකත් ගැස්සුනොත් එදා හවසට කාලා බීලා විනෝද වෙලා පහුවෙනිදාට වෙන එකක් අල්ලනවා.

ආං එහෙමයි පිටරටවල….

ඉතිං ඒ කිව්වේ ලංකාවේ සියදිවි නසා ගන්න බූටබල් කොල්ලන්ගෙයි පිටරටවල බූට් කන එවුන්ගෙයි කතාවනේ. දැං බලමු ලංකාවේ ගොවි මහත්තරු අත්තන ඇට කාලා, නියඟලා අල කාලා දිවි නසා ගැනීමේ කතාව. ලංකාවේ ගොවියා ගොඩක් වෙලාවට එන කන්නයේ මොනා හරි වගා කරන්න අවශ්‍ය ප්‍රාග්ධනය හා අනෙකුත් සම්පත් සපයා ගන්නේ ගොඩක් වෙලාවට ණය මුදල් වලින්. එහෙමත් නැත්තං පොලයට හෝ තමා සන්තක යම් වටිනා දෙයක් උකස් කිරීමෙන් ලබාගන්න මුදලින්…. ඉතිං ලංකාවේ ගොවි මහත්තරුන්ගේ කරුමෙට, වැස්ස වලාහක දෙයියෝ වැස්ස නොදී ඇරියොත් එහෙම මොකද වෙන්නේ….? වෙන මක්ක වෙන්නද ඉතිං අර ‍හෙන අමාරුවෙන් පඹයෝ අටෝ ගෙන, රෑ තිස්සේ පැලට වෙලා මදුරුවෝ තල තල රකින්න තියාගත්ත හේන හරි කුඹුර හරි ගිනි ගහන රස්නෙත් එක්ක වේලිලා යන එක… එහෙමත් නැතුව වැස්ස වලාහක තුමා කලට වේලාවට වැස්ස දුන්න කියමුකෝ… එතකොට තමා ඊට වැඩිය කෙලිය තියෙන්නේ…. එතකොට ඉතිං හැමෝගෙම අස්වනු සරු සාරයි. පල බරයි. දැන් ඉතිං ලංකාවේ ඉන්නේ එක ගොවියා නෙමේනේ… සෑහෙන පිරිසක් ඉන්නවනේ… එත‍කොට ඉතිං අස්වනු ප්‍රමාණය අම්බානෙට වැඩියි. එතකොට අස්වැන්නට සාධරණ මිලක් ලබා ගන්න බැරි වෙනවා.

එතකොට අර වගා කරන්න කලින් ගත්ත ණය ගෙවන්නේ පොලිසිය ඉදිරිපත් වෙන්නේ නෑනේ… ඒක නිසා ගොවියගේ ඔළුව උඩට වැටෙන බර වැඩියි. ඉතිං වෙන කොරන්නම දෙයක් නැති නිසා ‍ගොවියෝ කරන්නේ අත්තන ඇට ගිලින එක තමා. එතකොට පිටරටවල ගොයියොත් එහෙම්මද…? ඒකට උත්තරෙත් මං දන්න තරමින්… නෑ… කියන එක තමා.

මොකද පිටරටක ගොවියෙක්ට අස්වනු විකුනා ගැනීමේදී නම් ඇතිවෙන ප්‍රශ්න ගොඩක් අඩුයි. තිබුනොත් තියෙන්නේ ඉල්ලුමට සැපයීම නැති කම තමා. හැබැයි වතුර ප්‍රශ්නේ නම් තියෙනවා. එතකොට ඒ අයගේ වගා වලුත් ලංකාවේ ගොවියන්ගේ වගේම තමා පාළු වෙලා කරකුට්ටං වෙලා යනවා. ඒත් එහෙම වුනයි කියලා ඒ මිනිස්සු වහ බොන්නේ නෑනේ…..  එක්කෝ වෙන වෙළඳාමක් කරනවා, එහෙමත් නැත්තං හොරකම් කරනවා…. කොහොම හරි ජීවත් වෙනවා.

ඉතිං මට ඔය ප්‍රශ්න දෙක ගැන  අරගෙන බැළුවම මට නම් හිතෙන්නේ… ලංකාවේ තියෙන යම් සංස්කෘතික ප්‍රශ්නයක් නිසා තමා මෙහෙම වෙන්නේ කියලා… කොටින්ම කියනවා නම් ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන අවංක කම නිසා තමා මෙහෙම වෙන්නේ….

පොඩ්ඩක් හිතලා බලන්න… ලංකාවේ කෙල්ලෙක් කොලුවෙකුට බූට් එක පිදුවම, කොල්ලා වෙන කෙල්ලෙක් පස්සෙන් ගිහිං ඒක සෙට් කරගෙන සතුටින් ඉන්න අවස්ථා බොහොම අඩුයි. නැහැම කියන්න බැහැ…. ඒත් වැඩි හරියකට වෙන්නේ එක්කෝ මානසික රෝගීන් වෙනවා… එහෙමත් නැත්තං කෙල්ලවත් මරලා ඌත් මැරෙනවා… ඒත් නැත්තං කෙල්ලට යන අතක යන්න ඇරලා කොල්ලා ජීවීතය නැති කරගන්නවා. ඔය ඔක්කොම කරන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන අවංක කමට… ඒවගේම අවංක කමත් එක්ක බැඳිලා තියෙන මෝඩ කමට. අර කලින් කිව්වා සුළු පිරිසක් ඉන්නේ…. කෙල්ල බූට් එක තිබ්බත් වෙන කෙල්ලෙක් එක්ක එක්කහු වෙලා ජීවිතය ගොඩනගා ගෙන සතුටින් ඉන්න අය…. අන්න ඒ අය අවංක නැතුව නෙවේ… අවංක කමත් එක්කම බුද්ධිමත් භාවයත් තියෙන අය. එහෙම නැතුව අර පිටරටවල වගේ ඇඳුම් මාරු කරන්නැහේ කෙල්ලෝ මාරු කරන සීන් එකක් නෙමේ…

අනිත් කේස් එක තමා ලංකාවේ ගොවියා…. ලංකාවේ ගොවි මහත්තරුත් තම ජීවිතය නැති කරගන්නේ ගත්ත ණය ගෙවා ගන්න බැරුව සමාජය ඉස්සරහා නෝන්ඩි වෙයි කියලා තියෙන ලැජ්ජාවට. නැත්තං එයාලටත් පුළුවන්නේ හොරකම් කරලා හරි ජීවත් වෙන්න… ඒත් එහෙම කරන්නේ නැත්තේ ගොවියන්ගේ තියෙන අවංක කමට… එත‍කොට ඇයි එයාලට බැරි වෙන ව්‍යාපාරයක් වෙනුවෙන් හිත යොදවන්න… ඒකට හේතුව විදියට මං දකින්නේ නොදැනුවත් කම හා මෝඩ කම…. නැත්තං පිටරට ගොයියෝ ව‍ගේ ලංකාවේ ගොවියන්ටත් වෙන ව්‍යාපාරයක් කරගන්න බැරි කමක් නැහැනේ… හිත ඇත්තනම් ඕනේ තරම් අවස්ථා තියෙනවා…

ඉතිං මට ඇත්තටම කියන්න ඕනේ වුනේ ලංකාවේ තියෙන සියදිවි නසා ගැනීමේ ප්‍රශ්නයට මං දකින හේතුව තමා ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන අවංක කමත් එක්ක බැඳිච්චි මෝඩකම හා නොදැනුවත් කම කියන එක. අපේ රටේ මිනිස්සු හැම ප්‍රශ්නෙකටම විකල්ප විසඳුමක් හොයලා තියාගෙන පටන් ගන්න වැඩක් පටන් ගන්නවා නම් මෙහෙම වෙන එකක් නෑ… මං කියන්නේ නෑ ඔරිජිනල් ගෑණූ ළමයා ඉද්දී විකල්පයක් තියාගන්න කියලා… ඒත් ඒ ගෑණූ ළමයා වෙන අතක ගිය දාට හිත හයිය කරගෙන වෙන හොඳ කෙනෙක් එක්ක ජීවීතය සාර්ථක කරගන්න පුළුවන් නම් ඒ මනුස්සයා බුද්ධිමත් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ගොවි මහත්තරුත් ඔය ව‍ගා කරන වගාවන් අස්සේ හදිසියකට හරි නියං කාලෙට අල්ලලා යන වගාවක් කරගත්තා නම් ඒ ප්‍රශ්නෙත් වැඩි අවුලක් නැතුවම විස‍ඳෙයි. මං කියන තරම් ඒ වැඩේ නම් ලේසි නැතුව ඇති. ඒත් ඒ විදියට හිතලා තව තව උපක්‍රම භාවිතා කලොත් නම් වරදින එකක් නැහැමං හිතන්නේ. ඉතිං කිහිප දෙනෙක් හරි මාත් එක්ක එකඟ වෙයි මං හිතන්නේ මේ මං හිතන විදියත් එක්ක, හැමෝම ‍නොවුනත්…..

%d bloggers like this: