කොල්ලන්ට පමණයි… කෙල්ලන්ගේ විගඩම්…

හා දැං කොල්ලෝ ටික ඔය ඇරගෙන ඉන්න කටවල් වහගන්න. අද කියන්නේ කුනුහබ්බයක් නෙවේ. මේකත් කොල්ලොන්ට වැදගත් වෙන කතාවක්. හැබැයි ඉතිං මේ කියන්න යන දේ 99%ක් විතරම පාවිච්චිය ගෑණු දරුවො තමා.

ඉතිං අද මේ කියන්න හදන්නේ, තමන්ගේ හිතගත්ත කෙල්ලගේ අත්ල, පාදය, නියපොතු එහෙම සිරාවටම ලස්සන කරගන්න විදියක් ගැන. කව්ද අකැමැති තමන්ගේ කෙලි පොඩ්ඩ ලස්සනට ඉන්නවා බලන්න…. දැන් ඉතිං මට කොහේ හරි හෝටලයකින් කෑමක් සෙට් වෙයිද දන්නේ නෑ, අනුන්ගේ ගෑණු ළමයින්ගේ අත් කකුල් දිහා බලන්න යනවා කියලා…. කොහොම හරි කමක් නෑ ඕනෙ ඔට්ටුවක් දානවා පිරිමි ළමයි ගොඩ දෙනෙක් මේක ගැන දන්නේ නෑ…. පිරිමි ළමයි විතරක් නෙමේ ගෑණු ළමයිනුත් සමහරවිට මෙහෙම දෙයක් ගැන දන්නේ නැතුව ඇති. මං දැන ගත්තෙත් ඒ වගේ ලස්සන අත් දෙකක් තිබ්බ කෙලි පැට්ටක් මට හිටිය නිසා…. එයාගෙන් තමා ගොඩක් දේවල් දැන ගත්තේ මේ කලාව ගැන.

හරි මේකයි කතාව. කට්ටිය හිංදි කතා, චිත්‍රපටි එහෙම බලලා තියෙනවනේ. දෙමළ ඒවායෙත් තියෙනවා. දැං ඉතිං ඔය මොකුත් නොබලපු අය ඉන්නවනම්… ඒ අය අඩුම ගානේ රන් දෙපැයවත් බලලා ඇතිනේ. ඉතිං ඒ බලද්දී ඔයාලා දැකලා ඇතිනේ ඒ කතාවල රඟපාන ගෑණු ළමයින‍්ගේ අත්වල අත්ලේ, එතකොට පාද වල… නියපොතු වල එහෙම දුඹුරු පාටින් වගේ පාටකින් එක එක විදියේ ලස්සන ලස්සන රටා ඇඳලා තියෙනවා. ගොඩක් වෙලාවට ඇඳලා තියෙන්නේ රවුම් හා ඒ ආශ්‍රිත දේවල් තමා. ඉතිං මෙහෙම අඳින රටා වලට කියන්නේ මෙහින්දි රටා කියලා. හෙනා කියලත් කියනවා. හින්දු විවාහයන් වලදී මනමාලිව සරසන්න අනිවාර්යෙන්ම මේ මෙහින්දි කලාව යොදා ගන්නවා.

මෙහින්දි රටා ලංකාවෙනම්‍ ගොඩක්ම භාවිතා වෙන්නේ මුස්ලිම් ගෑණු ළමයි අතර හා දෙමළ ගෑණූ ළමයි අතර. ඉතිං මේ හෙනා කියන්නේ මල් හැදෙන පැලෑටි විශේෂයක්. සාමාන්‍යයෙන් පඳුරු වශයෙන් හැදෙන මෙම ගස් මීටර් 2ක් 3ක් විතර උස යනවා. ඒ වගේම හෙනා පැලෑටිය අප්‍රිකාව, දකුණු ආසියාව වගේ රට වල සාමාන්‍යයෙන් වැවෙනවා. තව ගොඩක් රටවල් වල හෙනා පැලෑටිය වානිජ වශයෙන් වගා කරනවා. ඉතිං හෙනා වලට බෙහෙවින්ම ජනප්‍රිය ඉන්දියාව වගේම තමා… හෙනා නිෂ්පාදයන වැඩිත් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ.

‍ඒ වගේම හෙනා ගහේ කොල වලින් තමා ඉතිං මේ සෙල්ලං ඔක්කොම දාන්නේ. හෙනා ගහේ ‍වියළුන නැති නැවුම් කොල පොඩි කරලා තමා හෙනා පවුඩර් එක සකසා ගන්නේ. ඊට පස්සේ හෙනා කලාවට ආවේනික ගොට්ටක් වගේ හැඩයකින් යුක්ත උපකරණයක් තුලට හෙනා පවුඩර් හා දෙහි මිරිකා ගත් යුෂ මිශ්‍රණය දානවා. ඔය දෙහි මිශ්‍රණය වෙනුවට වෙනත් රටවල නම් අන්නාසි යුෂ, කහට තේ එහෙමත් යොදා ගන්නවාලු. ඒත් ලංකාවේ නම් පාවිච්චි කෙරෙන්නේ දෙහි යුෂ හෝ ඒ හා සමාන ක්‍රියාකාරීත්වයක් ඇති වෙළඳ සැල් වලින් ලබාගන්න පුළුවන් ආම්ලික ද්‍රාවන විතරයි.

ඇත්තටම මේ හෙනා කියන්නේ තාවකාලික පච්ච කෙටීමක් හා සමානයි. මොකද මේ හෙනා වලින් යම් උත්සව අවස්ථා සඳහා පමණක් ශරීරයේ විවිධ අලංකාර පච්ච ඇඳ ගන්න පුළුවන්. එව්වයේ කාල සීමාව තීරණය වෙන්නේ ලබාගන්නා හෙනා පවුඩර් එක අනුව තමා. ගොඩ දවසක් පච්චය තියාගන්න ඕනේ නම්, ඒ සඳහා සකස් කරපු හෙනා වර්ග වගේම පැය කීපයක් සඳහා සකස් කල හෙනා වර්ගත් වෙළඳ පොලේ තියෙනවා.

ආහ්… හෙනා වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. ස්වාභාවික හෙනා සහ කළු හෙනා කියලා. ඒ වගේම හෙනා පාව්චිච කරනවා කොන්ඩය පාට කිරීමටත්. ස්වභාවික හෙනා වල නම් ඇත්තෙන්ම අඩංගු වෙන්නේ හැනා පැලෑටියේ කොල වල පවුඩර් එකම නෙමේ. ඒ සඳහා යොදාගන්නේ වෙනත් ශාක පත්‍රය. ඒ වගේම ඒවායෙන් කොන්ඩයේ පාට විකෘති වීමක් සිද්ධ වෙන්නෙත් නෑ. ඊට පස්සේ කලු හෙනා. කළු හෙනාවල හෙනා පත්‍රයේ කුඩු අඩංගු වුනත් සෑහෙන ප්‍රමාණයකින් වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගුයි. ඒ රසායනික ද්‍රව්‍ය වලින් නිෂ්පාදකයින් බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් ඉක්මනින් හෙනා රටාව මතු කර දැක්වීමයි. ඒක නිසාම මේ කළු හෙනා වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ සංචාරකයින් බහුලව පැමිණෙන ප්‍රදේශ වල හා රටවල් වල තමයි.

ඉතිං පෙනේද හෙනා වල ර‍ඟේ. කව්ද  ඉතිං අකමැති වෙන්නේ ඔච්චර ලස්සනට දෑත හැඩ කරගන්න පුළුවන් හෙනා පවුඩර් එකක් තමන්ගේ ගෑණු ළමයට ගිහිං දෙන්න. ලංකාවේ ගාන දැන් නම් කීයද දන්නේ නෑ…. දැනට අවුරුදු කීපයකට කලින්, ඒ කියන්නේ අර ළමයාගේ අත්දෙක දිහා බලාගෙන ඉන්න දවස් වල නම් එක හෙනා ගොටුවක් රුපියල් 90ක් විතර වුනා.

තව පොඩ්ඩෙන් අමතක වෙනවා… මේ හෙනා වලට සාඩම්බර අතීතයක් තියෙනවා. කොටින්ම කියනවා නම් ආදී ලෝකඩ යුගයේ ඉඳන්ම එක එක දේවල් වලට මේ හෙනා භාවිතා කරලා තියෙනවා. ඒත් නිකං මේ අපි වගේ සාමාන්‍ය ජනතාව නෙවේ…. රජ පවුල් වල කාන්තාවෝ. ඒ කියන්නේ රැජිණියෝ, රජ දූවරු වගේ අය. දැන් ඉතිං ඔය කියන දෙයක් අහන්නේ නැතුව මේ පෝස්ට් එක කියවපු ගෑණූ ළමයි, එයාලගේ භාරකාරයන්ගෙන් හෙනා ඉල්ලලා හෙන වෙන්න එපා. ඕනෙම නං තමන්ම එකක් අරගෙන හැඩ වැඩ දාගෙන ගිහිං පෙන්නුවනම් ඊළඟ දවසෙම තව හෙනා පවුඩර් පැක් තුන හතරක් හම්බු වෙනවා ෂුවර්.

මේක සමහරුන්ට ඇත්තටම විගඩමක්. ඒත්…. අනේ මන්දා මට නම් හරි ජොලි වැඩක්. හිතුනොත් එහෙම හෙනා පැක් දෙක තුනක් මමත් ගෙනිහින් දෙනවා, මේං ගාගෙන හැඩ වෙන්න කියලා….

41 Responses to “කොල්ලන්ට පමණයි… කෙල්ලන්ගේ විගඩම්…”

  1. Sarath lankapriya Says:

    මොකද අපේ රන් මාළුවා ගෑනු ළමයින් ලස්සන කරන කඩයක් වත් දාන්නද යන්නේ ?

  2. buddie-බුඩී Says:

    මාලුවත් පොර වගේ මේක ලිව්වට වැඩියේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නෑ වගේ.
    ඔය හෙනා කියන එකට අපේ රටේ කියන්නේ “මරිතොන්ඩු” කියලා. අපේ ගෙදර ගස් ගොඩක් තියෙනවා.
    ඕක බියුටි කචල් වැඩ වලට ගන්නවා තමා ඒ කියන්නේ ඔය මෙහෙන්දි අදින්න. පිරිසිදු හෙනා පවුඩර් එක හොයන්න කාලයක් මාර කට්ටක් කන්න වුනා මොකද ඕවාට ඩයි එකතු කරන් නිසා. ඉතින් ඉන්දියාවෙන් තමා මේවා හුගාක් ගෙන්නුවේ. ඉන්දියා යන කාට හරි කියලා හෙනා පැකට් ට්කක් ගෙන්න ගන්න අපේ අම්මලාට අමතක වෙන්නේ නම් නෑ.
    ඔය මෙහෙන්දි වැඩේ ගැලපෙන්නෑ අපේ ඉන්දැලට, අනේ මන්දා මම නම් කැමති නෑ ඔවා අදිනවට, ඕක දැක්කම මට ඇත්තටම මාර අප්පිරියා හිතෙනවා, අනේ මන්දා අනිත් උන් ගැන නම්. ඕක හුගාක් මුස්ලිම් කාන්තාවෝ තමා කරන්නේ.

    ඉතින් මේ හෙනා ශාඛය එහෙමත් නැතිනම් මරිතොන්ඩු ඇයි තියන් ඉන්නේ. ලංකාවේ අපි නම් හුගාක් හෙනා පාවිච්චි කරන්නේ කොන්ඩේ ඩයි කරන්න. ඔය මරිතොන්ඬු වල කහට තමා ඔය හැම එකටම භාවිතා වෙන්නේ. තුවාල සුව කරන්නත් ගන්නවා ඕං.

  3. ~ChAnDiKa~~ Says:

    මොකෝ උඹටත් ආසද පච්චයක් කොටාගන්න? හැබැයි අවුලකට තියෙන්නෙ සුදු පාට මෙහෙන්දි හොයාගන්න එක තමයි 😛

  4. සාතන් Says:

    මලේ නරකද උඹ ‍දැන් කරන ජොබ් එක අතඇරල කෙල්ලන්ට ඕන වෙන පොඩි පොඩි පොඩි ජිගිරිමික්ස් විකුණන කඩයක් දාගත්ත නම්… දැනටත් කොල්ලන්ට හොම්බෙන් යන්න වෙන විදිහට ‍ප්‍රමෝෂන් පාර දෙනවනෙ….

  5. පිස්සිගෙ ලෝකය Says:

    දැන් නන් ඕක 110 ක් විතර වෙනවා… අපේ ගෙදරත් ගහක් තියෙනවා පිස්සිත් ඉස්සර ගානවා…. ගාලා පිස්සාට පෙන්නන්න ඔනී… පිස්සා බැන්නොත් එහෙම ඔය මාලුවා තමයි! 😛

  6. මධුරංග Says:

    මට මතකයි මම් යාලුවෙලා හිටපු දවස්වල කෙල්ලව කළණි කැම්පස් එකේ ප්‍රදර්ශනයක් බලන්න ගිහින් පැත්තක තිබ්බ හිංදි සංස්කෘතික මොකද්ද මන්දා එහෙකින් ඔය මෙහෙන්දි ගානවා.නොමිලේ නෙමෙයි ගෑවට පස්සේ 150ක් දෙන්න ඕනේ.

    මගේ එකත් ඔහොම මෙහෙන්දි ගාගෙන මගේ දතක් ගැලෙව්වා !!!!
    අපරාදේ ඒකෙන් මොනවහරි කන්න ගත්තා නම් දෙන්නම කනවා. ගෑවට පස්සේ එයාගේ බෑග් එකත් මටමයි උස්සන් යන්න සිද්ද උනේ. 😦

  7. mada Says:

    maxxa idea 1k ne, mluwth dnn dewl.. Kwada hri dwsk apita wdgth wei mluwge me post set 1, edata ubt pin mchn.. Kochchar nawaththanna hduwth parana mathaka ai eliyt enw ne d ban, wathure dapu rubber bolyk wge.. ubt pin mchn..

  8. Kasun Chanaka Says:

    ඒ පාර තව ජිල්මාට් එකක් උස්සගෙන ඇවිත්. මාලු අයිය කෙල්ලො ගැන මොකක් හරි කෝස් එකක් කලාද?

  9. කරුමක්කාරයෙකුගේ දින සටහන් Says:

    බියුටි කචල් මාළුවා. එල එල

  10. හිරු එළිය Says:

    ගෝල්ඩ් ෆීසෝ අපිට කොහේම්ද බං මාළු….ඔය මරතොන්ඩි අරගේන දේන්න …හිටියොත් අනිවා ගේ විකුණලා හරි අරන් දේනවා…..අර පටන් ගත්තාත් වගේ……කුට්ටක් කන්න වෙයිද දන්නේ නැහැ…෴

  11. Black King Says:

    නොදන්න දෙයක් දැන ගත්ත

  12. වජිර Says:

    මාලුවගෙ කතාවට තවත් පොඩි දෙයක් එකතු කරන්න හිතුන…

    මම දැකල තියනව ඉන්දියාවෙ ඔය මෙහෙන්දි රටා අඳින අය පාර දෙපැත්තෙ ඉන්නව. තමුන්ට රටාවක් ඇඳගන්න ඔනෙ නම් එයාලට රුපියල් 50ක් දීල වැඩේ කර ගන්න පුලුවන්… හැම තැනම නම් නැ.. ජනාකීර්ණ නගර වලදි ගොඩක් අය මම දැකල තියනව….

    තව දෙයක්… මට මතකයි පහුගිය කාලෙ අපෙ රටේ ප්‍රසිද්ධ සමාගමක තිබ්බ “මෙහෙන්දි දවස” කියල දවසක්.
    එදා ඒකෙ ඔක්කොම සේවිකාවො මෙහෙන්දි රටා සරසගෙන තමයි වැඩට ගියෙ… වෙනසකටත් එක්ක එකත් මරු අදහසක්…. 🙂

  13. prabo)dh Says:

    ඕක මතක තියාගන්න ඔනෙ ඔහොම අතක් ඇල්ලුවම කියන්න.
    …http://rmpmcreation.blogspot.com/

  14. හිස් අහස Says:

    හෙනා වල තියන පච්ච කතාව මම කලින් දැනං හිටියනම් තිබ්බා එහෙනම් තිබ්බා ෂෙහ් : …

  15. ღDreams☆of☆Shadowღ Says:

    you have a beautiful website , I wish you a nice Saturday greetings from Germany ღDreams☆of☆Shadowღ

  16. පිණිබිඳු Says:

    මෙහෙන්දි.. අප්පේ මාව පිස්සු නොවැට්ටුවා විතරයි. අර වෙඩින් ශෝ වලට ගිහින් තමා මම නම් මෙහෙන්දි ඇඳ ගන්නෙ. තව දෙයක් එකතු කරන්නම්. මෙහෙන්දි ආට් එක වේලුණාට පස්සෙ කුඩු ටික අයින් කරාට පස්සෙ මෝස්තරය උඩින් තව දෙහි යුෂ ටිකක් ඇතිල්ලුවාම පාට වැඩි වෙනවා. ඒ වගේම පොල්තෙල් ගෑවාමත් පාට වැඩි වෙනවා. ඒ වගේම වැඩි කාලයක් මැකෙන්නෙ නැතුවත් තියෙනවා.

  17. කල්හාර Says:

    ඈ බොල දැන් ඕක අරන් දුන්නයි කියමුකෝ, එතකොට ඔය නානා විදි රූප කාට කියලද ඇඳ ගන්නෙ …………


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: