ලෝකය….

ලෝකය ගෝලාකාර නිසා….

…………….

දෑතේ බැඳී ඇවිදින්…

සෙනෙහෙ මීදුම් වැලිතලය මත,

මාව තනිකර, නවත්තා හිත

නූඹ ඇදී ගොස් අනන්තය වෙත

…………….

මතකේ රුවා ගන් මා සොඳුරිය

‍ලොව කොන් නොමැත… අහුමුලුද නැත…

ගෝලාකාර මෙලොව තුල,

නැවතින්න වෙන තැන් නොමැත

…………….

වටයක් ‍ගොසින් නැවත නූඹ,

පැමින බලන් මා නැවතුන තැන…

වටයක් කරකැවී පස්සට,

උඹව පිලිගන්න මා සිටින යුර…

Advertisements

24 Responses to “ලෝකය….”

  1. මධුරංග Says:

    ලස්සනයි. මාලු ටත් කවි ලියන්න පුලුවන් නේ.

  2. සාතන් Says:

    මේකෙ‍ හැන්ගිච්ච කුප්ප කථාවක් නැ නේද මාළුවො … 😉

  3. buddie-බුඩී Says:

    සිරාද ගෝලාකාර දෙයක්ද?

  4. හිස් අහස Says:

    ඔවු මචං ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි ..

  5. මිස්ටර් අන්දමන්ද Says:

    උඹ හරි බන් …එකම එකා විවිධාකාර වෙන එක තමා කාල ඉන්න බැරි වැඩේ ..

  6. Dinuka Harshana Says:

    ලෝකය ගෝලාකාරයි..
    මිනිසුන් විවිධාකාරයි..
    කෙල්ලන් සෙල්ලක්කාරයි..
    කොල්ලන් නන්නත්තාරයි..

  7. කස්සා Says:

    පට්ට.පික් එක නියමයි.උබට ෆ්ලිකර් එකක් නැද්ද?

  8. මකුළුවා Says:

    “වටයක් ‍ගොසින් නැවත නූඹ,

    පැමින බලන් මා නැවතුන තැන…

    වටයක් කරකැවී පස්සට,

    උඹව පිලිගන්න මා සිටින යුර…”

    නියම පද ටික…..

  9. arunishapiro Says:

    “ගෝලාකාර මෙලොව තුල,
    නැවතින්න වෙන තැන් නොමැත”

    හැංඟෙන්න තැන් ද නැත!!!

    • ගෝල්ඩ් fish Says:

      ඔව් අක්කේ… කොහේ කියලා හිංගෙන්නද… කොහෙන් ගියත් අන්තිමට පටන් ගත්ත තැනමනේ…

  10. Sarath lankapriya Says:

    වටයක් කැරකී ගොස්
    එසේ ඔබ එන මොහොතේ
    අපේ පියසටහන් නම්
    මැකී ගොස් ඇත රැල්ලෙන්

  11. prasanna Says:

    Anna HOdai..Agei …

  12. කල්හාර Says:

    දැන් ඔය ලියලා තියෙන්නෙ මලයා උඹට ඇත්තටම කරන්න පුලවන් දෙයක්ද …………
    නැත්නම් අදහසක් විතරද?


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: