ලෝකය….

ලෝකය ගෝලාකාර නිසා….

…………….

දෑතේ බැඳී ඇවිදින්…

සෙනෙහෙ මීදුම් වැලිතලය මත,

මාව තනිකර, නවත්තා හිත

නූඹ ඇදී ගොස් අනන්තය වෙත

…………….

මතකේ රුවා ගන් මා සොඳුරිය

‍ලොව කොන් නොමැත… අහුමුලුද නැත…

ගෝලාකාර මෙලොව තුල,

නැවතින්න වෙන තැන් නොමැත

…………….

වටයක් ‍ගොසින් නැවත නූඹ,

පැමින බලන් මා නැවතුන තැන…

වටයක් කරකැවී පස්සට,

උඹව පිලිගන්න මා සිටින යුර…

%d bloggers like this: