මේ සීන් එක වුනේ පෙරේදා රාත්තිරියේ කොටුව ස්ටේෂන් එකේදී. අර මං ඊයේ කිව්වේ අපේ ඇනුඅල් පාටියට තෑගි ගන්න කොළඹ ගියා කියලා… ඉතිං ඔය ගමනට අපේ ඔෆිස් එකේ යුනියන් එකේ සභාපති තුමාත් ආවා. පොර නැතුව බැහැනේ ඉතිං. මොකද හැම සේවකයෙක්ගෙම වුවමනා එපාකම් දන්නේ පොරනේ. ඒක නිසා ඉතිං අපිත් වැඩි අකමැත්තකින් තොරව මෑන්ව එක්කගෙන ගියා.
ඔන්න ඉතිං අපි පොඩි වුංට සෙල්ලම් බඩු තෝරද්දී පොර ඇවිල්ලා උදැල්ල දානවා, අවුරුදු 4-6 කාන්ඩෙට කතාකරන බෝනික්කෙක් ඕනෙයි කියලා. ඇත්තට මූ වෙන එකක් වත් ගන්න දෙන්නේ නෑ… මලම වදයක් වුනා. අන්තිමේ කඩේ මුදලාලි නානාව පැත්තකට එක්කං ගිහිං මංම කිව්වා… නානා මෙහෙමයි, අපේ සභාපතියා එන විදිය හොඳ නෑ… ඒක නිසා බෝනික්කෝ ස්ටොක් නෑ කියාපිය කියලා. මුදලාලි නානත් බිස්නස් එක කියලා බැළුවේ නෑ, බෝනික්කෝ නෑ කිව්වා. ඊට පස්සේ වෙන වෙන අයිටම් වගයක් පෙන්නුවා. එව්වා ඉතිං ටිකක් චා වගේ. ඒ පාර තමා අර පිපෙන පරවෙන මල් වාස් 6ක් අරගෙන වෙන කාන්ඩෙක තෑගි වලට සෙට් කලේ.
දැන් ඉතිං සභාපති අයියා අපිවත් ඇදගෙන හැම කඩේකටම රිංගනවා. කරුමේ කියන්නේ කතාකරන බෝනික්කෝ නෑ…. පස්සේ ඉතිං අපිට මහන්සියි. ඒ පාර දවල් ලන්ච් එක කෑවා. ඒ ගිහිල්ලත් සභාපති අයියා කඩේ මුදලාලි නානාගෙන් අහනවා… මේ මුදලාලි මහත්තයා, මේ හරියේ කතා කරන බෝනික්කෝ තියෙන කඩයක් එහෙම නැද්ද කියලා…. මුදලාලිත් හිනා වෙලා එහෙම නෑ කිව්වා…. පස්සේ ආයෙ මූ කියනවා… එහෙම කරන්න එපා මහත්තයා කියලා මුදලාලි නානාට වඳිනවා කතාකරන බෝනික්කෙක් හොයාගන්න. පස්සේ මුදලාලි නානා සද්ද නැතුව කඩේ ඇතුලට ගියා. අපි හිමීට මාරු වුනා. මොකද ඉතිං කියන්න බැහැනේ අපේ සභාපති අයියට මීට පස්සේ සිකුරාදාට පල්ලි යන්න වැඩක් සෙට් කරන්න ගියාද දන්නේ නෑනේ….
පස්සේ ඉතිං ගියා බෑග් කඩේකට. මේ ගස් ගෙම්බා එතනත් කතාකරන බෝනික්කෝ හොයනවා… ඇත්තටම සභාපතියට මොකක් හරි ලොකු *කේ අමාරුවක් තියෙන වග අපිට තේරුනේ එතකොට. පස්සේ අපි අරං ගියා පොඩි එව්වොන්ගේ ලෑස්තුව බලද්දී මේං බොල පොරගේ දුවගේ නම තියෙනවා 4-6 ලිස්ට් එකේ… පස්සේ අපේ වෙන එකෙකුට මල පැනලා…. මේ සභාපති අයියේ තමුසෙගේ දූ බෝනික්කන්ට ආසා වුනාට ස්කෝලෙ යන අනිත් ළමයි ආසා මැග්නටික් බොක්ස්, බැට්මින්ටන් වගේ ඒවාට. ඒක නිසා අපි ගන්නේ ඒවා. තමුසෙට ඕනෙනම් තමුසේ වෙනම අතින් සල්ලි දීලා එකක් ගන්නවා වෙන වෙලාවක ඇවිල්ලා … කියලා ඇරලා දැම්මම සභාපති අයියගේ කට වැහුනා. සභාපතිට මාර නෝන්ඩිය වුනේ… අපි තව තුන්දෙනෙකුයි, කොහේදෝ මන්දා ඉඳන් ආපු අපේ එච්.ආර් මැනේජර් ලොක්කයි සේරෝම ඉස්සරහා සභාපතිගේ සායම හෝදලා දැම්මම, මං නං හිතුවේ කැන්ටර් එකකටවත් පනියි කියලා… ඒත් කොහේද ඉතිං… ඕනෑම පස්නෙකට මුහුණ දීමේ හයිය තියෙන යුනියන් සභාපති කෙනෙක් විදියට පොර එහෙම දෙයක් කොරගත්තේ නෑයි කියමුකෝ. ඊට පස්සේ නම් අපිත් එක්ක සහයෝගෙන් වැඩකලා. හැබැයි ඒ වෙනකොට බෝනික්කෝ හොයලා හොයලාම රෑ වෙලා තිබුනේ… ඊට පස්සේ ඉතිං අපි ගත්ත බඩු වල බිල් ටික ගෙවලා බඩු ටික පැක් කරලා තියන්න කියලා ගෙදර එන්න කියල කොටුවෙන් කෝච්චියට නැග්ගා…
එතෙන තමා මරුම සීන් එක වුනේ. අපි යන්න හිතාගෙන හිටියේ 7.30 ගාල්ල කෝච්චියේ නිසා, පානදුරේට ටිකට් අරගෙන එහෙම කලින්ම ආපු කෝච්චියට නැග්ගා. නැගලා දැන් වාඩි වෙලා ඉද්දී හරියටම 7.30ට යන්න පිටත් වෙද්දී ෆ්ලැට් ෆෝර්ම් එකෙන් නැතුව එහා පැත්තේ රේල් පීල්ල දිගේ ඇවිත් අපි ඉන්න පෙට්ටියට නගින්න හදන අයියා කෙනෙක්ගේ අතේ තඩි ඇඳුම් බෑග් එකක්. පස්සේ ඉතිං ඕක දැක්කා අපේ සභාපති අයියා… පොර ජනේලෙන් ඔලුව දාලා… කෝ දෙන්න මල්ලී බෑග් කියලා කිව්වම…
ආ .. අංකල් , මොරටුවට විතරක් තියාගන්න කිව්වා….
අපේ සභාප අයියා , අර මෑන්ට මල්ලී කියද්දී පොර සභාපති අයියට අංකල්ලු…. ඉතිං අපිට පොඩ්ඩක් වත් හිනා ගියේ නෑලු. අපි සභාපති අයියට දෙන නෝන්ඩිය බලාගෙන වටේ හිට ගෙන හිටිය එවුනුත් හිනා වෙනවා. දැන් සභාපති අයියට කොරගන්න දෙයක් නෑ… නැගිටලා බහින්නත් බෑනේ…
ඊට පස්සේ ටික වෙලාවකින් තත්ත්වය සමනය වුනා. පස්සේ අපි වැල්ලවත්ත හරියට එද්දී සභාපති අයියා බොහොම අමාරුවෙන් මුහුද පැත්තට හැරිලා බර කල්පනාවක. පස්සේ අපේ වෙන අයියා කෙනෙක් ඇහුවා… මොකෝ….? කියලා පොඩි තට්ටුවකුත් දාලා… පස්සේ මූ කියනවා… නෑ බං… අර කොල්ලාට මං මල්ලි කිව්වම, ඌ කොහොමද බං මට අංකල් කියන්නේ… ඊටත් බං මේ කරුවලේ මගේ ඩයල් එක ඌ දැක්කේ කොහොමද…?
අපි අර හිනා වෙලා වෙලා, බොහොම අමාරුවෙන් නවත්ත ගත්ත හිනාව පටන් ගන්න ගියේ සුළු කාලයයි. අපේ සභාපතිතුමා මෙච්චර වෙලා මුහුද දිහා බලගෙන කම්පනා කොරලා තියෙන්නේ අර අයියා සභාපති ලොක්කගේ මූන, කළුවරේ හරියටම දැක්කේ කොහොමද කියලා… පව් අප්පා පොර….
පස්සේ ඔන්න මොරටුවේ ස්ටේෂන් එකේ නැවැත්තුවම අර බෑග් එකේ අයිතාකාරයා ආවා. දැන් ඉතිං අපි කට ඇරං බලන් ඉන්නවා, සභාපති අයියා බෑග් එක ගත්තා වගේම, බෑග් එක දෙන්නේ මොනා කියලද කියලා. …… ටික වෙලාවක් ගියා සභාපති අයියා බෑග් එක අතේ තියාගෙන ඉන්නවා, ඒත් කිසි දෙයක් කියන්නේ නෑ… මොකද මේ පාර මොනා අහගන්න වෙයිද දන්නේ නෑනේ ඒක නිසා. ඔන්න ඊට පස්සේ අයිතිකාරයා එළියෙන් ඇවිල්ලා බෑග් එක ගත්තා අයෙමත්, තැන්ක් යූ අංකල් ……. කියලා කියාගෙනම.
2011 ජූලි 13 දින පෙ.ව. 9:17 ට
හප්පා සභාපතිලා ඔහොම්මමයි, අහ්හ්හ් වැරැදුනා එහෙම දෙයක් කියවුනේ නෑ ඕන්
2011 ජූලි 13 දින පෙ.ව. 9:36 ට
මට පේනනේ බූඩිත් මොකක හරි සභාපති වෙලා ඉඳලා තියෙනවා…
2011 ජූලි 13 දින පෙ.ව. 10:49 ට
ඕව් ඕව් බුඩි සභාපති වෙන තැන්ද නැත්තේ නේද බුඩි ?? 😉
2011 ජූලි 13 දින පෙ.ව. 11:31 ට
අප්පට සිරි ඒක තමා මෙච්චර හොඳට සීන් එක දන්නේ…
2011 ජූලි 13 දින පෙ.ව. 9:27 ට
පව් බන්… අර සභාපති අයියට බෝනික්කෙක් ගන්න දෙන්නනෙ තිබුනෙ..
2011 ජූලි 13 දින පෙ.ව. 9:37 ට
ඌ අන්තිමේ ගත්තා බං එකෙක්ව, රුපියල් 80ක් විතර වියදම් කරලා… මෙලෝ රහක් නෑ… උංගේ වැඩ කරගන්න හදන්නෙත් කම්පැනියේ සල්ලි වලින්.
.
2011 ජූලි 13 දින පෙ.ව. 10:05 ට
ඔන්න දරුවො… ගනිං ඔය සබාපතියව ආදුරුසෙට.. ඇහැකි උඹටත් සෑහෙන දුර ගමනක් යන්න විලිලැජ්ජාවක් නැතුවම.
2011 ජූලි 13 දින පෙ.ව. 10:42 ට
වැඩක් නෑ අයියේ කතා කරලා….
2011 ජූලි 13 දින පෙ.ව. 10:23 ට
ඇත්තටම මොකද මේ සභාපතී අයියා කතා කරන බෝනික්කොම හොයන්නේ ?
2011 ජූලි 13 දින පෙ.ව. 10:43 ට
අන්න උඹ කතාව ඔක්කොම කියවලා නැතුව පස්න අහනවා…
2011 ජූලි 13 දින ප.ව. 1:33 ට
කතාව කියෙව්වට තේරුනේ නෑනේ අයියා. අර ලිස්ට් එකේ දුවගේ නම තියෙන නිසා දුව ආස හන්දද බෝනික්කෝ හෙව්වේ. මට කොයිල් උනා එකපාරම !!!!
2011 ජූලි 13 දින ප.ව. 3:03 ට
උඹව විතරක් නෙවේ මාවත් කොයිල් වුනා… කොයිල් නොවී තියෙයිද බං, බෑග් කඩ වලිනුත් බෝනික්කෝ හොයද්දී…
2011 ජූලි 13 දින පෙ.ව. 10:51 ට
එක නෙවේ මාළු, මේ කොහොමද ඔයාගේ බ්ලොගේ උඩ තියන නාම පුවරුවේ පාට වෙනස් කරන්නේ දවසින් දවස?
2011 ජූලි 13 දින පෙ.ව. 11:07 ට
මාලු ගෙන් ඇහුවට මම කිවට කමක් නැනේ නේද?? මාලු ටැංකිය ඔය මාලුවා දගලලා පාට වෙනස් කරනවා ජරා කරලා………………
ඔයාට ඇත්තටම දැන ගන්න ඕනේ නම් ඔයිට වඩා ගොඩාක් වෙනස් කම් ගොඩාක් ඔයගේ ටෙම්පෙලෙට් එකේ වෙනස් කම් ඔයාට ඕන විදිහටම වෙනස් කරගන්න ඔයාගේ බ්ලොග් එක බ්ලොගර් වල නම් මෙහෙම කරන්න
ඔයාගේ ඩැශ් බොඩ් එකෙන් ඩිසයින් වලට ගිහින් එතනින් තියනවා ටෙම්පෙල්ට් ඩිසයිනර් කියලා එකක්…. එතනින් ඔයාට පුලුවන් බ්ලොග් එකේ ඕන දේක පාට වෙනස් කරගන්න… තව ගොඩාක් දේවල්…
ගිහින්ම බලන්නකෝ
2011 ජූලි 13 දින පෙ.ව. 11:34 ට
යකෝ මේක වර්ඩ් ප්‍රෙස්… මේකෙ තියෙනවා බං හෙන ඔප්ෂන් තොගයක් එව්වා දැම්මම අර ඉස්සෙල්ලා එක වගේ හෙන වෙලා යනවා ලෝඩ් වෙන්න…
2011 ජූලි 13 දින ප.ව. 12:06 ට
ඔව් ඔව් අයියේ,,එහෙම පුළුවන්…එත් මගේ පොඩි ප්‍රතිපත්ති ටිකක් තියනවා බ්ලොග් සම්බන්දව…ඒවා ටිකට අනුව තමා මම බ්ලොගේ ටෙම්ප්ලේට් හදන්නේ..
1. ability to share
2.links to other blogs
3. easy to browse – labels, archive, popular posts, random posts
4. commenting system that will bring up discussions
5. minimalistic design
ඔය ටික දැනට මගේ බ්ලොග් එකේ තියනවා මට හිතෙන විදියට. සමහර බ්ලොග් තියනවා දවසින් දවස එක එක ගැජට් කෑලි මතුවෙන. එහෙම වෙන්නත් මම ආසා නැහැ.. හැබැයි මේ මාළුවා කරනවා වගේ චුටි වෙනස්කමක් නම් හැමදාම කරන්න ආසයි. එක තමා ඒ ගැන ඇහුවේ.
2011 ජූලි 13 දින ප.ව. 12:33 ට
හ්ම්… ඒක හොඳයි …
2011 ජූලි 13 දින පෙ.ව. 11:30 ට
ඒකට තීම් එකේ ඔප්ෂන් එකක් තියෙනවා… දවසින් දවස වෙනස් කරන්න නෙමෙයි තියෙන්නේ… ඒ වුනාට ඉතිං මං දාන පෝස්ට් එකට අනුව වෙනස් කරනවා. හරියට අර win 7 වල taskbar එකේ icon වල color වලින් high light වෙනවා වගේ…
2011 ජූලි 13 දින පෙ.ව. 10:55 ට
අනේ මන්දා ඉතින්…….. ඔහොම තමයි තාත්තලා…. පොඩි එකා අඩන්න ඇති බොනික්කෙක් ඕනා කියලා… තාත්තලා උන කාලෙකවත් සබා වැරදි නැ කියලා තෙරුම් ගන්න පුලුවන් වෙයි….
(ඔන්න අයේ මට මඩ ගහන්න එපා මමත් තාත්තා කෙනෙක් නම් වෙලා නැ තාම)
2011 ජූලි 13 දින පෙ.ව. 11:32 ට
තාත්තා කෙනෙක් වුනාම දුවගේ දේවල් වලට වියදම් කරන්න ඕනේ තමන්ගේ හයියෙන් හම්බු කරපුවා මිසක් ආයතන සල්ලි නෙමෙයි බං.
2011 ජූලි 13 දින පෙ.ව. 11:00 ට
හතර විලිලැජ්ජාවයිනෙ බං.අනේ මෙහෙමත් යුනියන්..හෙ හෙ ඔය සීන් එකනම් හැමතැනම බං.මයෙ හිතේ සමහර වුන්ගෙ ඇහේ පොට ගිහින්.පේන්නැත්ද ඔය සමහර කොන්දල 60 පැනපු වුන් කෑ ගහන්නෙ අයියෙ ඉස්සරහට යන්න කියලා.ඒක නෙවී බං ඔය පිපෙන පරවෙන මලේ බජට් එක කීයක් විතරද?
2011 ජූලි 13 දින පෙ.ව. 11:33 ට
වැඩිය නෑ බං රුපියල් 750 – 1000 ත් අතර තියෙනවා.
2011 ජූලි 13 දින ප.ව. 12:06 ට
හෙහ් හෙහ්.. දැන් ඉතින් මුනුත් අංකල්ලා ඔහොම හිටියට ඈ…
2011 ජූලි 13 දින ප.ව. 12:34 ට
ඔව් ඔව් අපි අංකල්ලා වෙද්දී පිනිබිඳු අක්කලා නිතරඟෙන්ම ආච්චිලා වෙනවා… ඇයි හත් දෙයියනේ අපිට වැඩිය කොච්චර වයසද මෙයාලට…
2011 ජූලි 13 දින ප.ව. 3:05 ට
අනේ පලයන්. මම බොට වැඩිය අවුරුද්දයි බොල වැඩිමල්.
2011 ජූලි 13 දින ප.ව. 12:36 ට
maxxa buwa..
2011 ජූලි 13 දින ප.ව. 3:02 ට
උඹට එහෙම හිතුනද…? රෑ වෙලා නාලා බියර් එකක් ගහපං… ඔය සෙම ටික කඩලා යන්න.
2011 ජූලි 13 දින ප.ව. 2:15 ට
හික් හික්.////ඔන්න සති තුනකින් ඇවිල්ලා අහගත්තු කතාව
2011 ජූලි 13 දින ප.ව. 3:04 ට
ඉතිං උඹ හැමදාම ඈවිදින් බැළුවනම් හරිනේ….
2011 ජූලි 13 දින ප.ව. 6:46 ට
පව් බන්… අපි කවුරුත් වයසට යන මිනිස්සුනේ
2011 ජූලි 14 දින පෙ.ව. 8:47 ට
ඒත් බං ඔහොම කරන එක කැතයිනේ
2011 ජූලි 13 දින ප.ව. 9:39 ට
හප්පා ගඳ 😦
2011 ජූලි 14 දින පෙ.ව. 8:48 ට
ඇයි බං?
2011 ජූලි 13 දින ප.ව. 11:37 ට
උඹ මට කෝල් එකක් දුන්නා නම් මම බෝනික්කෝ දුසිමක් එවනවනේ ..
2011 ජූලි 14 දින පෙ.ව. 8:49 ට
ඈ බං උඹට ෆැක්ටරියක් තියෙනවද?
2011 ජූලි 14 දින පෙ.ව. 9:01 ට
ඉතින් ඔය ඔෆිස් එකේ නැත්ද කතාකරන බෝනික්කියෝ
2011 ජූලි 14 දින පෙ.ව. 9:53 ට
හපෝ ඉන්නවා ගොඩක්…. ඔක්කොම බුක්ඩ්….
2011 ජූලි 14 දින ප.ව. 11:01 ට
සභාපති සිකුරාදට පල්ලි යන්න සෙට් කරගත්තේ නෑ නේ නේද?අංග උපාංග සහිතවනේ කෝච්චියට නැග්ගේ…..
මාළුවෝ වර්ඩ්ප්‍රෙස් බ්ලොගයක් මගේ බ්ලොගර් ලිස්ට් එක ඔස්සේ ෆලෝ කරන්න බැයිද?
2011 ජූලි 15 දින පෙ.ව. 7:20 ට
පුළුවන් මචං… ගොඩ දෙනෙක් මාව ලිස්ට් එකට ඇඩ් කරලා තියෙන්නේ…
2011 ජූලි 15 දින පෙ.ව. 10:47 ට
kiwwata taraha wenna epaaa.. mewage kisima terumak nethi wigadam liyanne nethuwa DELOWATAMA yahapathak wena deyak liyanava nam hadai neda..
2011 ජූලි 15 දින පෙ.ව. 11:22 ට
ඉතිං මචං මං කැමති එව්ව තමා මගේ බ්ලොග් එකේ ලියන්නේ…. අකමැති අයට නොකියවා ඉන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. අනික දෙලොවටම යහපතක් වෙන දේවල් ලියන්න තරම් මං මහ ලොකු රචකයෙක් නෙමයි. මං දන්න ගොන් පාට් තමා ඔය ලියන්නේ…
2011 ජූලි 22 දින පෙ.ව. 10:34 ට
ගෝල්ඩ් ෆිෂ්ගේ බ්ලොග් එකේ එක ලිපියක් දෙකක් බලලා තීරණේ කරන්න එපා ඒ බ්ලොග් එක හොඳද, නරකද කියලා මේ බ්ලොග් එකේ ඕන තරම් වැදගත් ලිපි තියනවා. ඒ වගේම ඕන බ්ලොග් එකක වැදගත් වැදගත් නොවන ලිපි තියනවා, මොන බ්ලොග් එකකවත් සේරම වැදගත් කියලා ගන්න බැහැ. සේරම වැදගත් නැහැ කියලා ගන්නත් බැහැ …….
ඒක නිසා තමන්ට වැදගත් නම් කියවනවා නැත්නම් නිකං ඉන්නවා. සෝට් ඇන්ඩ් ස්වීට් එච්චරයි ……
2011 ජූලි 22 දින පෙ.ව. 10:28 ට
ඔන්න මලයා මමත් ආවා සෑහෙන කාලෙකින්, උඹගේ අත රිදෙන්නෙ නැද්ද ඔය විදියට එක දිගට පෝස්ට් දානකොට, කොහොම හරි බොලා ඒ අහිංසක මනුස්සයගේ බලාපොරොත්තු කිසිම හිතක් පපුවක් නැතුව විනාස කලා නේද ……..
2011 ජූලි 22 දින පෙ.ව. 10:35 ට
අයියා විකාර කතා කරනවා… අපේ පාටිය ඉවර වුනානේ.. දැන් තමා මරු සන් ටික එලියට එන්නේ… එක අයියා කෙනෙකුගේ පොඩි එකාට පස් වෙනි පාරටත් කී බෝඩ් එකක් ලැබිලා…