පොඩි එව්වොන්ට තෑගි… තාත්තලට කෑලි…..?

ඊයේ දවසම මං හිටියේ කොළඹ පිටකොටුවේ පළවෙනි හරස් වීදියේ තියෙන සෙල්ලමු බඩු කඩ වල. මේ දවස් වල  ඉතිං අපේ ඔෆිස් එකේ ඇනුඅල් පාටියට ලක ලෑස්ති වෙනගමන්, බොහොම කාර්ය බහුල වෙලා තමා ඉන්නේ. ඉතිං ඊයේ ගිහිං… මල් වත්ත පාරේ ටිකක් එහාට යද්දී තියෙන සෙල්ලම් බඩු කඩ පේළියකින් තමා අපි සෙල්ලම් බඩු තෝරගත්තේ….

අප්පේ වින්ද වදයක්…. සේල්ලම් බඩු ගේන්න ගියේ මමයි, ඔ‍ෆිස් එකේ අයියලා තුන් දෙනෙකුයි. ඕං ඉතිං ගිහිං තෝරනවා…. එක එක වයස් කාන්ඩ වලට ළමයින්ව ඇතුලත් කරලා ඒ ඒ වයස් කාන්ඩ වලට හරියන තෑගි තමා ගන්නේ. කොහොමත් අපි හැමදාම පාටිඑකට කරන්නේ ‍එහෙම්ම තමා. ඉතිං මුලින්ම ගියේ මල්වත්ත පාරේ කෙරවලේ තියෙන නිකි එකට.

ඒකෙ තියෙන සෙල්ලම් බඩු ගොඩ. අපි හදාගෙන ගිය ලිස්ට් එකේ හැටියට මුලින්ම තෑගි ගන්න ඕනේ වෙලා තිබ්බේ වයස අවුරුදු 1ට අඩු පුංචි පැටවුන්ට. ඒ අයට ඉතිං මහ ලොකු කාර් බාර් දිලා වැඩක් නැති නිසා අපිට නිකි එකෙන් වැඩක් වුනේ නෑ… මොකද එතෙන ගොඩක් තියෙන්නේ අවුරුදු දෙකෙන් වගේ ඉහල අයට. මරු අයිටම් වගයක් තිබුන‍ා… ඒව ඉතිං අපේ අනිත් කාන්කා හා ටිකක් ලොකු අයගේ තරඟ වලට ගත්තා. මට හිතගිය මැක්සම භාන්ඩෙ තමා… විදුලියෙන් පිපෙන පරවෙන මල් පොකුර… ඒක ඇත්තටම ක්‍රියාකරන්නේ ගෘහස්ත විදුලියෙන්. හැබැයි වැඩි විදුලි ප්‍රමාණයක් වැය වෙන්නේ නම් නෑ… මෝටර් එකක් ආශ්‍රිත යාන්ත්‍රනයකින් තමා ක්‍රියාත්මක වෙන්නේ… මාරම ලස්සනයි….

ඊට පස්සේ ඉතිං අපි ගියා සිටි ට්‍රේඩ් සෙන්ටර් එකට. අප්පේ එතෙන තියෙන්නේ නිකි එකේ තිබුනට වැඩිය හපන් එව්වා. එතනින් ‍තෝරගත්තේ බිත්තර දාන කිකිලියි… තාරාවයි…. ඒක වැඩ කරන්නේ බැටරි වලින්. ඒ සෙල්ලම් බඩුවේ… අපි කියමුකෝ තාරාව‍ගේ කියලා… උගේ පිට උඩින් තියෙන පියන ඇරලා පොඩි ප්ලාස්ටික් බිත්තර තුනක් ඇතුලට දැම්මට… තාරාව කෑගගහා සිංදුවකුත් කිය කිය ටිකක් දුර ගිහින්, කෙකර ගාගා බිත්තරයක් දානවා… ආයේ තව ටිකක් දුර ගිහිං තව එකක් දානවා… ඒක නම් සුපිරි. ඒක අපි තෝරගත්තේ අයව අවුරුදු 2-3 වයස් කාන්ඩෙට.

ඊට පස්සේ ඕං අපි ගියා ප්‍රින්ස් වීදියේ තියෙන පෙන්ගුයින් සෙල්ලම් බඩු කඩ සෙට් එකට. ඇත්තටම මං දැකපු ලොකුම සෙල්ලම් බඩු එකතුව තියෙන්නේ එතෙන. තට්ටු බිල්ඩිමක සම්පූර්ණයෙන් තට්ටු දෙකක් පිරෙන්න සෙල්ලම් බඩු…. ඕනෙ තරම් තියෙනවා තෝරගන්න. තෑගි දෙන්න පුළුවන් හැම දෙයක්ම එතෙන තියෙනවා කිව්වොත් තමා හරි.

පුංචි මල් වාස් එකේ ඉඳන් හැමදෙයක්ම තියෙනවා. පාසල් වලට අවශ්‍ය පොත්, පෑන්… ආදි පාසල් යන පොඩි අයට දෙන්න පුළුවන් ගොඩක් දේවල් එක එක ගානට එක එක ප්‍රමාන වලින්… විවිධ පාටන් ඕනේ තරම් තියෙනවා. ඊට පස්සේ  ඡායාරුප සඳහා විවිධ වර්ගයේ රාමු… එතකොට වීදුරු වලින් හදපු විවිද තෑගි භාන්ඩ ඕනේ තරම්… ඊට පස්සේ එක එක වයස් කාන්ඩ වලට ගැලපෙන තෑගි භාන්ඩත් තියෙනවා ගමකට ඇතිවෙන්න.

ඉතිං තාමත් අපේ තෑගි තේරිල්ල ඉවර නෑ… අදත් යනවා…. තව තෑගි සෑහෙන්න ප්‍රමානයක් ගන්න තියෙනවා. ඉතිං මේ පෝස්ට් එක දැම්මෙත් යන්න කලින් ලැබුන පුංචි ඉඩේදී…. දැන් ඉතිං මේ මගුල ලිව්වේ කඩ ටික ප්‍රමෝට් කරන්න නෙමේ… කාට හරි තෑග්ගක් ගන්න යනන හිතාගෙන ඉන්න කට්ටිය ඉන්නවනම් කම්මැලි කම පැත්තක දාලා ඔය කඩ ටිකට ගියොත් ඔයාලා හිතාගෙන ඉන්නවට වැඩිය හොඳ තෑග්ගක් හිතාගෙන ඉන්න ගානට වැඩිය සෑහෙන අඩුවෙන් මේ කඩ වලින් ගන්න පුළුවන්. පෙන්ගුයින් එකට ගියොත් නම් දවසක් දෙකක් විතර පරන සෙල්ලම් බඩු තමා හම්බුවෙන්නේ… මොකද ඒ කඩේට එන සෙනගත් එක්ක දන්න තරමින් එයාලගේ ගබඩාවේ ඉඳන් හැමදාම සෙල්ලම් බඩු ලොරියක් එනවා. ඒකෙ සෙල්ලම් බඩු පල් වෙවී තියෙන්නේ නෑ….

අනිත් විශේෂම දේ තමා පුංචි පැටවුන්ට තෑගි ගන්න යනව නම්… එයාලව එක්කගෙන යන්න එපා. මොකද ගියොත් එහෙම අහවල් එකත් උකස් ති‍යලා තමා එන්න වෙන්නේ… පුංචි එවුන් සෙල්ලම් බඩු ඉල්ලලා කරදර කරද්දී දාලා එන්න හිතෙන්නේ නෑ… ඒ වගේම අම්මලා කෙසේ වෙතත් තාත්තලා ගියොත් නම් පොඩි අය එක්ක, තාත්තලත් පොඩි අය වෙන එක වෙනවා ඒ වගේ තැන් වලදී….  ඒක නිසා තාත්තලව පාලනය කරගන්න අම්මලත් යන එක හොඳයි.

ඉතිං අද තමා තෑගි ටික ඔෆිස් එකට අරගෙන එන්නේ… ඒ ඔය තෑගි අස්සේ තියෙනවා හුරුබුහිටි දුරස්ථ පාලක වලින් වැඩ කරන සෙල්ලං කාර්.. එතකොට වහලේ බිත්ති වල යන සෙල්ලං කාර්…. අර ට්‍රාන්ෆෝමර් මූවි එකෙන් පස්සේ හදපු ට්‍රාන්ස්ෆෝමේෂන් කාර්… ඊට පස්සේ කතා කරන බෝනික්කෝ… පොඩි අයට ඉංග්‍රිසි දැනුම වැඩි කරගන්න උදව්වෙන… කතා කරන ලැප් ටොප්…

ආහ්… තව එල භාන්ඩයක් තියෙනවා… ඒක ඇත්තටම ගිරවෙක් විදියට තමා හදලා තියෙන්නේ. ඒ ගිරවව ඔන් එකලා ඌට ඇහෙන්න වචනයක් කිව්වම ඌත් ආයෙමත් නට නට ඒ වචනේ කියනවා. ඒක නම් නියමයි. මාරම ලස්සනයි… පොඩි අයට කියාපු සෙල්ලම් බඩුවක්…

ඉතිං ඔය මොනා කරත්, පොඩි‍එව්වොන්ට කොච්චර තෑගි දුන්නත්… ටික දවසකින් තාත්තලට කෑලි තමා එව්වයේ අහුලන්න වෙන්නේ… එහෙම තමා කොහොමත් සිංහල පොඩි එවුන්. උංට තියෙන දාංගලේ කුතුහලය වෙන ජාති වල පොඩි අයට නැහැ. ඒක නිසා මං නම් ඒකෙ වැරැද්දක් දකින්නේ නෑ… සෙල්ලම් බඩුවක් පොලොවේ ගහලා කැඩුවත් ආයෙ ටික වෙලාවකින් එයාම සෙල්ලම් බඩුව නැවත හදාගන්න දරන උත්සාහය තමයි පුංචි කෙනාගේ මොලේ වර්ධරනය කරන්නේ… ඒක නිසා ඉතිං සෙල්ලම් බඩුවක් කැඩුනම ඒක වෙනුවට අළුත් එකක් ගෙනත් දෙනවට වඩා පරන එකම පොඩි එකා එක්ක හදන්න ට්‍රයා කරනවනම් ඒක තමා වටින්නේ… ඒක ආයේ හදාගන්න බැරිවෙයි…. ඒත් ටිකක් ට්‍රයි කරන්න, පුංචි පැටියා විතරක් නෙමේ ඒක හදන්න ට්‍රයි කරන ලොකු අයත් ඒකෙන් යමක් ඉගෙන ගනියි.

අඩුම ගානේ ඇන ටිකක් වැඩි වුනාම…. අපේ මේ චීන්නු මහ මෝඩයි… මෙච්චර ඇන ඕනද මේකට…? මේ අපි හැදුවේ කෑලි අඩුවෙන් වැඩකරන්න කියලවත් කියන්න බැරියෑ…..!

Advertisements

37 Responses to “පොඩි එව්වොන්ට තෑගි… තාත්තලට කෑලි…..?”

  1. සෝරෝ Says:

    මගේ වයසේ පොඩිඋන්ට ගත්තේ මොන වගේ ඒව ද…….. 😀

  2. buddie-බුඩී Says:

    පට්ට සිරා කතාව.
    මටත් පොඩි කාලේ ඔය උන තිබිලා තියෙනවා, සෙල්ලන් බඩුව දවස් 2 3 න් කෑලී.
    ඇතුලේ මොනාද තියෙන්නේ කියලා බලනකම් මාර කික් එකක් තියෙන්නේ.
    මේ පුරුද්ද ඉතින් දිගටම ගියා නොවෑ සෙල්ලන් බඩු වලට 😉

    • ගෝල්ඩ් fish Says:

      එහෙනම් දෙයියන්නේ පිහිටෙන් දැන් ඉංජෙක් වෙන්ටෑ….

  3. පිණිබිඳු Says:

    දැන් ඔතනින් උඹ කීයක් ගෙදර පැන්නුවද?

    • ගෝල්ඩ් fish Says:

      එකක් වත් නෑ අප්පා… අපි හොරු කියලද හිතාගෙන ඉන්නේ?

  4. Praසන්ன Says:

    ඕකෙ මාලු පැටවු හිටියෙ නැද්ද?

    • ගෝල්ඩ් fish Says:

      හිටියා නේන්නං… බැටරි දැම්මම පිටිපස්සේ වරල දෙපැත්තට වන වනා එහෙ මෙහෙ දුවන එව්වෝ හිටියා…

  5. තාරා Says:

    අපිත් ඇනුවල් පාටි එකට එන්නද???

    • ගෝල්ඩ් fish Says:

      එන්න තාරා… එන ගමන් ඔයාලට ගෙදර ගෙනියන්න තෑගි ටිකකුත් අරගෙන එන්න… 😛

  6. චතුවා (ළමයා) Says:

    ඔය ගමන්ම මොකක් හරි තෑග්ගක් වැඩි පුර අරගෙන පරිස්සම් කරලා තියාගනිං මචං.. මගේ ‍බර්ත්ඩේ එක එනවා ළඟදී.. ඒක මට තෑගි දීපං.. 😀

    • ගෝල්ඩ් fish Says:

      උඹට දෙන්නම් බිත්තර දානා කිකිලියෙක්….

  7. අකීකරු හිත Says:

    අපි ආවොත් අපිටත් තැගි දෙනවද

    • ගෝල්ඩ් fish Says:

      ඔයාට තෑගි නොදී ඉන්නවද නංගි…. දෙනවා ​හොඳ කැරට් අලයක්… හප හප ඉන්න…

  8. මධුරංග Says:

    ඔන්න මතත් තෑග්ගක් ඕනි අයියා.මොනාහරි ගෙනත් දෙන්න. අර කිකිලිව අවුරුදු 2-3 එවුන්ට හොද නෑ. බිත්තර ටික කටේ දාගෙන හිර කරගත්තොත් මාළු අයියගේ අම්මවයි අප්පච්චිවවයි මතක් කරයි. 🙂

    • ගෝල්ඩ් fish Says:

      ඒ වුනාට බං බිත්තරයක් ගාන එක්ක බැලුවම… අවුලක් නෑ….වේලක් සේප් වෙනවනේ…

    • ගෝල්ඩ් fish Says:

      බිත්තර වල ගානේ හැටියට එහෙම වෙන එකක් නෑ බං…

  9. බෙලෙක් කටා Says:

    එකක් දෙකක් වැඩිපුර ගණින්.RC හෙලිකොප්පරයක් මට

  10. deeps Says:

    අපේ කාලේ තිබ්බ නැති සෙල්ලම් බඩු දැන් කඩවල් වල පිරිලා..හරිම ආසයි දකිනකොට…එත් ඉතින් කවුද අපිට දැන් ඔව්වා අරන් දෙන්නේ…ඒක නිසා පොඩි එකෙක් ඉන්න ගෙදරකට ගියාම ඕවා එක්ක ඇති වෙන්න සෙල්ලම් කරනවා

    • ගෝල්ඩ් fish Says:

      ඒක නම් ඇත්ත… අපි දැකපුවා තියා දකින්න හීනෙන් වත් හිතපුවා නෙමෙයි අප්පා දැන් තියෙන්නේ…

  11. abeetha Says:

    ඕකනෙ මල්ලි කියන්නේ නිකන් වද වෙනවා කියලා…. අපිට කෝල් කරලා කිව්වනම් අයියේ අපේ ඔෆිස් එකේ ඇනුවල් පාටි එක ඕගනයිස් කර ගන්න ඕන කියලා, මේ රස්තියාදුවීම් මොකුත් නෑ, ගානට වැඩේ කෙරිලා තියෙනවා අඩු මුදලට….

  12. කල්හාර Says:

    අර අපි කියන වචනෙ කියන ගිරවා නම් සිරා ……..
    කීයක් උනාද මලයා ඒක ………

    • ගෝල්ඩ් fish Says:

      රුපියල් වලින් 950 යි…. ඌ නම් පට්ටයි අයියේ….

  13. නිල් අහස Says:

    දැන් ඉතිං..නිදහසේ ගිහින්..මට ඕන සෙල්ලම් බඩු ටික ගත හැකී.
    තෑන්කු….මාලු ..මාමේ.

  14. ලාල් Says:

    මිල ගනන් ඇහුවොත් අපිට කලන්තෙ දමයිද?

    • ගෝල්ඩ් fish Says:

      නෑ අයියේ සාමාන්‍ය කඩවල ගානට වැඩිය ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන්….

  15. arunishapiro Says:

    පුංචිම පුංචි පොඩි එකී කාලේ පටන් මම දුව අරගෙන mall එක පුරා හැම සෙල්ලම් බඩු කඩයකම ඇවිද්දා. පිටත සීතල නිසා ඇතුලත ඇවිදීමෙන් පුංචි ව්‍යායාමක් ගන්නත්. වසර නමයක් දහයක් වෙනතුරු දුව හිතාගෙන හිටියේ mall එකේ සේරම සෙල්ලම් බඩු කඩ අපිට අයිතියි කියල. ඒක එයා සෙල්ලම් කරන mall එක කියල. බලල එනවා එකක් වත් අරගන්නෙ නැතිව. අද දවසේත් එයා mall එකකට ගියාම බඩුවක් අරගන්නෙ ඉතා කලාතුරකින්.

    ඔව් එහෙම ඇවිදින්න තරම් ඉඩකඩක් තියන කඩ ලංකාවේ කොහෙද?

    බඩු ගණන් කියලා කෑ ගහන අය හැම තැනම පොදි ගැහිලා කිසිම වැඩක් නැති අතට ගත්තත් කැඩෙන බඩු පවා පොරකාලා මිල දී ගන්නෙ ඇයි?!!

    • ගෝල්ඩ් fish Says:

      ඒක නම් ඇත්ත අක්කේ…. අපිට තෑග්ග ඕනෙ නැති වුනත් සමහර වෙලාවට ගන්නම වෙනවා…

  16. Alchemiya Says:

    අපිත් පොඩි එකා අරන් සෙල්ලම්බඩු කඩේට යනවා….
    පොඩි එකා සෙල්ලම්බඩු බලන අතරේ මම කෑලි බලනවා…
    හොඳ කෑල්ලක් දැක්කොත් ඇල්කෙමිච්චිටත් පෙන්නනවා…
    තනියම බලන්න ගිහින් ගුටි කන්න බැරි නිසා….

    • ගෝල්ඩ් fish Says:

      ඒ උපක්‍රමේ නම් මං දන්නවා… මං දන්න කියන බැඳපු උං සෙට් එකක්ම ඔය වැඩේ කරනවා… අනේ මන්දා ගෑණු කටවහගෙන ඉන්න එක තමා පුදුමේ…

  17. Sarath lankapriya Says:

    මගේ පොඩි එකාගේ කර එක ගලවන හැම සැරේම අපහු හයි කලාම වැඩිපුර ඇණයක් එළියේ !

  18. මකුළුවා Says:

    මකූළුවොන්ට හොඳ තෑගි තියෙනවද?

    • ගෝල්ඩ් fish Says:

      ස්පයිඩර් මෑන් කෙනෙක් හිටියා, බිත්ති දිගේ සිරාවටම නගින.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: