සෝයි කාක්කා සහ තවත් කතා.

දැං ඉතිං කට ඇරගෙන බලන්න එපා අද මූ සුරංගනා කතාවක් වත් කියන්න යනවද කියලා හෙම. මේක ඒ වගේ සීන් එකක් තමා… ඉතිං ඊයේ මාත් ගියා අර විහාරමහාදේවි එකේ තිබ්බ බ්ලොග් සහ බස් කට්ටියගේ පුංචි ගෙට්ටුවට. කියලා වැඩක් නෑ ගිය වෙලේ ඉඳන් ෆන්…. මුලින්ම මගදිම ගිනිකුරුල්ලා මල්ලිවයි පොර‍ගේ යාළුවෙකුයි හම්බුවුනා. ඌට ලබන මාසේ එක්සෑම් නිසා අම්ම කිව්වලු ටිකක් ඇවිදලා වරෙන් කියලා….

ඔන්න ඉතිං ගිහිං කට්ටිය එක්ක රවුමට වාඩි වෙලා කතා කර කර ඉදිදී…. මට කෝල් එකක්…අපේ නංගි කෙනෙක් ගෙන්… නම කියන්න හොඳ නෑනේ… මම නොකිව්වට අනිත් අය කියයිනේ… නිකං මං මොකටද එක එක්කෙනාට මඩ ගහන්නේ….

හෙලෝ…අයියේ, අනේ අපිව ගේට්ටුවෙන් ඇතුලට ගන්නේ නෑ… කව්රු හරි එක්ක එන්නකෝ ගේට් එක ගාවට…..

මාත් ඉතිං වැපාව ඇදගෙන දිව්වා ගේට් එක ගාවට… මල මගුලයි… නංගිටයි අයියටයි ඇතුලුවෙන්න දෙන්න බැහැලු ගේට් එක මුර කොරන නාකි සික්කා. හේතුව මුං දෙන්න අසභ්‍ය විදියට හැසිරෙයි කියලා… සික්කාටත් ඕනෙ නැති රෙද්දක් නැහැනේ…. ඌට අපි වගේ මල් වයස කාලෙදී පාක් වල ඇවිදින්න හොඳයි ඒත් දැං කාලේ අයට තහනම්… හැබැයි පොරටම බයින්නත් බෑ… මොකද කට්ටිය කියපු විදියට මේ අයියයි නංගියි මේ පාක් එකේදීම මේ හා සම්බන්ධ පෙර වැරදි වලට හිමිකම් කියනවලු. අනේ මන්දා ඉතිං එව්වා නම්….

ඊට පස්සේ ඉතිං ඒ දෙන්න‍ට පස්සෙන් තව දෙන්නෙක්… මායි වැපයි වැඳලා වැඳලා සික්කාගෙන් අවසර ගත්තාම අනිත් කපල් එකටත් ඒ කේස් එකම දැම්මා. කොහොම හරි ඒකත් සේප් අන්තිමේ…

ඊට පස්සේ ඔන්න ඉතිං අපි කට්ටිය වට වෙලා දුමී අයියා එක්ක එක එක කතා කියනවා. එක එක විස්තර කතාවෙනවා. ඔය අස්සේ මං බලද්දී ඕනෙ අයියා මගෙ දිහා ටිකක් වැඩිපුර බලනවා. ඇයි බොල මෙච්චර මෙහේ නවම් අයියා හිටියා, වැපා හිටියා, පූසා හිටියා….. සෝරෝ…  ඒ එකෙක්වත් දිහා නොබල මූ මගේ දිහාම බලාගෙන ඉන්නවා. පස්සේ ඉතිං මාත් ඇහුවා මොකද කියලා ඇහුවාම, මෙන්න පොර බලලා තියෙන්නේ මගේ දිහා නෙමේලු. ඕනෙ අයියා බලලා තියෙන්නේ මට පිටිපස්සෙන් ටිකක් ඈතට වෙන්න හිටිය කපුටෙක් දිහා… අනේ මන්දා නහින දෙහින කාලේ බලන එව්වා. පස්සෙ ඉතිං මාත් කොහොම හරි කාක්කව පොටෝ එකක් ගත්තා… නැත්තං ඉතිං වැඩක් නැහැනේ… ඕනේ අයියගේ කාක්කනේ… කාක්කව බලන්න ගිහිං පොරගේ බෙල්ලේ පොට ගියෙ නැති ටික විතරලු. පස්සේ ඉතිං අපි එන්න සෙට් වෙද්දී කාක්කාගේ කකුල් කරේලු…. කියලා වැඩක් නෑ සෝයි කාක්කා… ඒ අස්සේ කාක්කා දිහා බල බල වයසක අංකල් කෙනෙකුත් හෙන ෆන් එකක් ගන්නවා කියලා අර අයියම තමා පෙන්නුවේ….

ඉතිං ඔය කතා බහ කරන අතරේ මඩක් ගහන්න කියලා දෙයක් සෙට් වුනේ නැති තරම්. කොහෙද ඉතිං කටක් අරින්න බැහැනේ… කවුරු හරි එකෙක් බලාගෙන ඉන්නේ මඩපාරක් ගහන්නනේ. ඒක නිසා මං නම් වැඩිය කතාවට ගියෙ නෑම කියමුකෝ….

පස්සේ ඉතිං අමද්‍යපේ අයට සෑ‍ වෙන්නේ නැතුව ගෙවල් වලට යන්න කියලා අපි ගියා වෙන තැනකට. ඒ ඉතිං නිකං ගියේ මැච් එක බලන්න. අපිට ඉතිං හවස ඉඳන්ම මැච් එක බලන්න වුනේ නෑනේ… පස්සේ ඉතිං එතෙන්ට ගිහිං ගත්ත ෆන් ‍මේකෙ ලියන්න තහනම් කියලා මරේද කොහෙද කිව්වා මතකයි. ඒත් ඉතිං මුචාගෙයි චමිලගෙයි අර ප්ලේයර්ස්ලා තුන් දෙනාගේ මැච් එක කොහොම අමතක කරන්නද? ඒ අස්සේ සමහර අයියලා පොඩි එකාට හෙට ඉඳුල් කට ගාන්න තියෙද්දී අපිත් එක්ක මෙහේ වෙන එව්වා කටගෑවා…. බලන්න ඉතිං කැපවීම කියන්නේ…. ගෙදර ගෑනි කිව්නම් එහෙම, මේ… කඩේට ගිහිං තුනපහ ටිකක් අරගෙන එනවා ඕයි … කියලා…. බලන්​න ඕනෙ තියෙන වැඩ කන්දරාව. කැතම වැඩේ කියන්නේ දුමී අයිය අපිට පර්ස් එක හොලවන්න දුන්නේ නැති එකනේ.

පස්සේ ඉතිං ඔන්න අපි කෑම කාලා එහෙම ආයේ ප්ලේන්ටියක් එහෙම බීලා ගෙදර ආවා. එත‍කොට ඉතිං මහ රෑ වෙලා නිසා දූමී අයියම තමා අපිව බම්බලපිටියට ගෙනත් දැම්මෙත්. ඉතිං ඕං කොහොම හරි දුමී අයියට අපි හැමෝගෙම හද පිරි ස්තූතිය.

අපොයි මීට වැඩිය ලියන්න බැරියෝ… කොහොමත් අනිත් ටික අනිත් අය එලියට දාවිනේ….

56 Responses to “සෝයි කාක්කා සහ තවත් කතා.”

  1. Udith Ishara Says:

    ඇත්තටම ඒ කපුටු දර්ශනයට පිටුපසින් නව යුගයේ ඩ්‍රැකියුලා දර්ශනයක් නරඹන්නත් පුලුවන් 😀 😀

  2. දොඩං Says:

    හපොයි කපුටෝ නං එමටයි 😀 😀

  3. මධුරංග Says:

    ශික් !!! මට එන්න බැරි උනානේ. අපරාදේ. අනිවාර්යෙන්ම සංසදයේ ගෙට්ටුවට නම් එනවා. අයියත් එනවැයි ????

  4. ~ChAnDiKa~~ Says:

    අම්මට සිරි. යකෝ කාක්කොයි වැම්පයර්ලයි එකම මොහොතෙ දකින්න ලැබෙන එකනම් පට්ටයි. හැබැයි ඔන්න පලපං මේවුවා පබිලිස් කොරල උඹ පව් පුරෝගන්නවා. මේ ආත්මෙදි ඩ්‍රැකූලා වෙන්න හම්බෙන්නේ නෑ ඕන්. බොරුනම් අහපන් මරණෙගෙන් 😀

  5. පූසා Says:

    යකෝ අර කෝච්චියා කිව්ව වගේ බොට මේවා ලබන ආත්මේ ඵල දෙයි හොඳේ…..
    උඹ ලබන ආත්මේ ටෑන්ක් ක්ලීනර් ක්‍ර්න්ර්ක් වෙන්න උනත් බැරි නෑ 😀

  6. දුමී Says:

    හෆොයි, මම මේ ලස්සන කාක්කාව දැක්කෙම නෑනේ….! මම කොහොමටත් බැළුවා මොකද මේ මාළුවයි, ඕනයයි එක පාරටම තෝන්තුවෙන් වගේ හිටියේ කියලා. හෆොයි, මේ කාක්කෝ කරන වින්නැහියක්…!

  7. කරුමක්කාරයෙකුගේ දින සටහන් Says:

    අර ඈතින් පෙන්නේ මාළුවා සහ මාළු කෑල්ලද?

  8. කල්හාර Says:

    මට සිරාවටම අප්සෙට් මේ පෝස්ට් එක දැක්කාම, උඹලා අපිව අමතකම කරලා, හිතට හෙන දුකයි, මමත් දන්නවනම් එනවා, මීට පස්සෙවත් මෙහෙම එකක් තියනකොට අපිටත් කියනවනං කොච්චර හොඳද ………….

  9. නවම් Says:

    මයෙ කට කහනව අම්මප පුදුම කැහිල්ලක්… ඒත් මරේ දාපු දණ්ඩනේ හන්ද කට පියාගෙන ඉන්නයි වෙන්නෙ.

    ඕං මං මේ කාට කටත් දැනගන්නයි කියන්නෙ. අපේ මේ මාළුවගෙ බෙල්ලෙ පොට එහෙම ගියේ නෑ හරිය… [ඌට වෙන මක්කා හරි ගියාද කියල දන්නෙත් නෑ ඕං…]

  10. ගිනි තුරුල්ලා... Says:

    අඩේ උබට ලබන ආත්මේ නම් ඩ්‍රැකියුලා රගපාන්න හම්බෙන්නේ නෑ…. ඇයි බන් කතාවේ හොදම හරිය උබ කිවිවේ නෑනේ.. අර ඩොටේ ඉදන් ගූගල් මැප් එකේ පිහිටෙන් පයින් ආපු එක?

  11. dinesh umagiliya Says:

    කට්ටිය කාක්කගෙන් හොද ෆන් එකක් අරගෙන වගේ මොනවා නැතත්… දන්න කියන කවුරුවත් නෙමෙයිද ඔය කාක්කට හැංගිලා ඉන්නේ???

  12. සෝරෝ Says:

    සික්……….
    යකෝ කපුටන්ට උන්​ගේ පාඩුවේ ඉන්න දීපියවු….. 😀

  13. ඕනයා Says:

    හෙහ් හෙහ් . . . එතකොට උඹ මගෙ කරට උඩිං බලාපු සීන් එක ගැන මෙතන ලියල නෑ නේද ???

  14. මදුශාන් Says:

    සිහ් මාලුවො..අරෙහෙම කාක්කො ඉන්නවා කියලා දන්නවානම් මම ගෙදරිං පැනලා හරි එනවා 😀 😛

  15. දේවා Says:

    දුකයි බන් නිකමටවත් අපිට ඔහොම ඒවා කියන්න එපා… මොකද අපි ආවොත් නරක් වෙයිද???? ඇත්තටම ගොඩාක් දුකයි මාලු

  16. හිස් අහස Says:

    දුමියව බලාගන්න බැරි වුණානේ ෂෙහ් .. ඔය බඩාගේ ෆොටෝ එකක්වත් නැද්ද ? මට බලන්න .

  17. buddie-බුඩී Says:

    අඩෝ මාලුවා මම දන්නෙත් නෑ නේ බන්; කොහෙද බන් මෙව්වා පබ්ලිසිටි දෙන්නේ. පහුගිය කාලේ නෙට් එන්නත් බැරි වුනානම් තමා 😦
    අනිත් සැරේ වත් බලමු

  18. ශානි Says:

    අඩෝව්ව්ව්ව්ව්ව්ව් මල් වාලුවා කාගෙද බොල පෙර වැරදි තියෙන්නේ

  19. Dinuka Harshana Says:

    ශික් මාළුවගේ කැම් එකේ තව ටිකක් සූම් තිබුනා නම්.ඔයිට වඩා හොදට කාක්කව බලන්න තිබුනා.යකෝ තව පොටෝ ටිකක් ගහන්න එපායෑ කාක්කගේ..
    මාළුවෝ ඔය කාක්කව බලනකොට සිවිල් පිට එහෙම නෙම් නේද හිටියේ…?

  20. පිණිබිඳු Says:

    තොපි අපිට කියන්නෙ නැතුව ගෙට් ටුගෙදර් ඈ… හා හා බලාගමුකො.

  21. mada Says:

    el fun ar gen wge ne.. E bn mluwo oy wge wadakat set wenn kochchr kl inn one d bn..

  22. Sarath lankapriya Says:

    නියම ජොලියක අරන් වගේ ඊරිසියත් හිතෙනවා..

  23. Says:

    අපොයි මේවා ලබන ආත්මේ පල දෙයි උඹට 😀


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: