සෝයි කාක්කා සහ තවත් කතා.

දැං ඉතිං කට ඇරගෙන බලන්න එපා අද මූ සුරංගනා කතාවක් වත් කියන්න යනවද කියලා හෙම. මේක ඒ වගේ සීන් එකක් තමා… ඉතිං ඊයේ මාත් ගියා අර විහාරමහාදේවි එකේ තිබ්බ බ්ලොග් සහ බස් කට්ටියගේ පුංචි ගෙට්ටුවට. කියලා වැඩක් නෑ ගිය වෙලේ ඉඳන් ෆන්…. මුලින්ම මගදිම ගිනිකුරුල්ලා මල්ලිවයි පොර‍ගේ යාළුවෙකුයි හම්බුවුනා. ඌට ලබන මාසේ එක්සෑම් නිසා අම්ම කිව්වලු ටිකක් ඇවිදලා වරෙන් කියලා….

ඔන්න ඉතිං ගිහිං කට්ටිය එක්ක රවුමට වාඩි වෙලා කතා කර කර ඉදිදී…. මට කෝල් එකක්…අපේ නංගි කෙනෙක් ගෙන්… නම කියන්න හොඳ නෑනේ… මම නොකිව්වට අනිත් අය කියයිනේ… නිකං මං මොකටද එක එක්කෙනාට මඩ ගහන්නේ….

හෙලෝ…අයියේ, අනේ අපිව ගේට්ටුවෙන් ඇතුලට ගන්නේ නෑ… කව්රු හරි එක්ක එන්නකෝ ගේට් එක ගාවට…..

මාත් ඉතිං වැපාව ඇදගෙන දිව්වා ගේට් එක ගාවට… මල මගුලයි… නංගිටයි අයියටයි ඇතුලුවෙන්න දෙන්න බැහැලු ගේට් එක මුර කොරන නාකි සික්කා. හේතුව මුං දෙන්න අසභ්‍ය විදියට හැසිරෙයි කියලා… සික්කාටත් ඕනෙ නැති රෙද්දක් නැහැනේ…. ඌට අපි වගේ මල් වයස කාලෙදී පාක් වල ඇවිදින්න හොඳයි ඒත් දැං කාලේ අයට තහනම්… හැබැයි පොරටම බයින්නත් බෑ… මොකද කට්ටිය කියපු විදියට මේ අයියයි නංගියි මේ පාක් එකේදීම මේ හා සම්බන්ධ පෙර වැරදි වලට හිමිකම් කියනවලු. අනේ මන්දා ඉතිං එව්වා නම්….

ඊට පස්සේ ඉතිං ඒ දෙන්න‍ට පස්සෙන් තව දෙන්නෙක්… මායි වැපයි වැඳලා වැඳලා සික්කාගෙන් අවසර ගත්තාම අනිත් කපල් එකටත් ඒ කේස් එකම දැම්මා. කොහොම හරි ඒකත් සේප් අන්තිමේ…

ඊට පස්සේ ඔන්න ඉතිං අපි කට්ටිය වට වෙලා දුමී අයියා එක්ක එක එක කතා කියනවා. එක එක විස්තර කතාවෙනවා. ඔය අස්සේ මං බලද්දී ඕනෙ අයියා මගෙ දිහා ටිකක් වැඩිපුර බලනවා. ඇයි බොල මෙච්චර මෙහේ නවම් අයියා හිටියා, වැපා හිටියා, පූසා හිටියා….. සෝරෝ…  ඒ එකෙක්වත් දිහා නොබල මූ මගේ දිහාම බලාගෙන ඉන්නවා. පස්සේ ඉතිං මාත් ඇහුවා මොකද කියලා ඇහුවාම, මෙන්න පොර බලලා තියෙන්නේ මගේ දිහා නෙමේලු. ඕනෙ අයියා බලලා තියෙන්නේ මට පිටිපස්සෙන් ටිකක් ඈතට වෙන්න හිටිය කපුටෙක් දිහා… අනේ මන්දා නහින දෙහින කාලේ බලන එව්වා. පස්සෙ ඉතිං මාත් කොහොම හරි කාක්කව පොටෝ එකක් ගත්තා… නැත්තං ඉතිං වැඩක් නැහැනේ… ඕනේ අයියගේ කාක්කනේ… කාක්කව බලන්න ගිහිං පොරගේ බෙල්ලේ පොට ගියෙ නැති ටික විතරලු. පස්සේ ඉතිං අපි එන්න සෙට් වෙද්දී කාක්කාගේ කකුල් කරේලු…. කියලා වැඩක් නෑ සෝයි කාක්කා… ඒ අස්සේ කාක්කා දිහා බල බල වයසක අංකල් කෙනෙකුත් හෙන ෆන් එකක් ගන්නවා කියලා අර අයියම තමා පෙන්නුවේ….

ඉතිං ඔය කතා බහ කරන අතරේ මඩක් ගහන්න කියලා දෙයක් සෙට් වුනේ නැති තරම්. කොහෙද ඉතිං කටක් අරින්න බැහැනේ… කවුරු හරි එකෙක් බලාගෙන ඉන්නේ මඩපාරක් ගහන්නනේ. ඒක නිසා මං නම් වැඩිය කතාවට ගියෙ නෑම කියමුකෝ….

පස්සේ ඉතිං අමද්‍යපේ අයට සෑ‍ වෙන්නේ නැතුව ගෙවල් වලට යන්න කියලා අපි ගියා වෙන තැනකට. ඒ ඉතිං නිකං ගියේ මැච් එක බලන්න. අපිට ඉතිං හවස ඉඳන්ම මැච් එක බලන්න වුනේ නෑනේ… පස්සේ ඉතිං එතෙන්ට ගිහිං ගත්ත ෆන් ‍මේකෙ ලියන්න තහනම් කියලා මරේද කොහෙද කිව්වා මතකයි. ඒත් ඉතිං මුචාගෙයි චමිලගෙයි අර ප්ලේයර්ස්ලා තුන් දෙනාගේ මැච් එක කොහොම අමතක කරන්නද? ඒ අස්සේ සමහර අයියලා පොඩි එකාට හෙට ඉඳුල් කට ගාන්න තියෙද්දී අපිත් එක්ක මෙහේ වෙන එව්වා කටගෑවා…. බලන්න ඉතිං කැපවීම කියන්නේ…. ගෙදර ගෑනි කිව්නම් එහෙම, මේ… කඩේට ගිහිං තුනපහ ටිකක් අරගෙන එනවා ඕයි … කියලා…. බලන්​න ඕනෙ තියෙන වැඩ කන්දරාව. කැතම වැඩේ කියන්නේ දුමී අයිය අපිට පර්ස් එක හොලවන්න දුන්නේ නැති එකනේ.

පස්සේ ඉතිං ඔන්න අපි කෑම කාලා එහෙම ආයේ ප්ලේන්ටියක් එහෙම බීලා ගෙදර ආවා. එත‍කොට ඉතිං මහ රෑ වෙලා නිසා දූමී අයියම තමා අපිව බම්බලපිටියට ගෙනත් දැම්මෙත්. ඉතිං ඕං කොහොම හරි දුමී අයියට අපි හැමෝගෙම හද පිරි ස්තූතිය.

අපොයි මීට වැඩිය ලියන්න බැරියෝ… කොහොමත් අනිත් ටික අනිත් අය එලියට දාවිනේ….

%d bloggers like this: