මේක පුංචි කතාවක්… හැබැයි වෙනදා වගේ කතාව කියන්නේ නම් මං නෙමේ. අද කතාව හිතා ගන්න වෙන්නේ ඔයාලටම තමා. ඒකට… මං ගත්ත මේ පින්තූරය උදව් කරාවි. මං පුංචි අදහසක් දෙන්නම්… ඊට පස්සේ කට්ටිය එක්ක තමන්ට අදාල කතාව හිතාගන්න.
බලන්න මේ ගිනිකූර දිහා… ඉටිපන්දම පත්තු කරලා ඒ ගිනිකූර පිච්චිලා ගිහිං. ආයෙ වැඩක් ගන්න බැරිවෙන්නම. දැන් හෙමිහිට හිතින් මවාගෙන බලන්න අපි තමා අර දැල්වෙන ඉටිපන්දම… එතකොට ඔය ගිනිකූර අපිව පත්තු කරලා එලිය විහිදුවන්න උදවු වෙච්චි කිසියම් කෙනෙක් කියලා… එහෙමත් නැතිනම් අපි ගිනිකූර කියලා… අපේ ජීවිත වල මේ චරිත දෙකම ජීවත් වෙනවානේද කියලා හැමෝටම තේරෙයි ටිකක් හිතලා බැලුවම.
2011 ජූලි 8 දින පෙ.ව. 6:04 ට
ඇත්ත සහෝ අපේ ජිවිත වල මේ චරිත දෙකම ගොඩාක් තැන් වලදි ජිවත් වෙනවා..
අපි ගිනි කුර වෙන වෙලාවල් ගෑනා හිතුවේ නැතත් අපි ඉටිපන්දම වෙන වෙලාවෙදි නම් ඒ ගිනි කුර අමතක නොකරන්න දැන ගන්න්න ඕනා
ඉඩ තියන වෙලාවක අපේ පැත්තෙත් ගොඩ වෙලා යන්නකෝ
2011 ජූලි 8 දින පෙ.ව. 7:02 ට
හ්ම්… ඒක ඇත්ත….
2011 ජූලි 8 දින පෙ.ව. 7:58 ට
මොකෝ හදිස්සියෙම දාර්ශනිකයෙක් වෙන්න හිතිල… මොනා වුනත් කථන්දරේ නම් සෑහෙන සරලයි ගැඹුරුයි…
2011 ජූලි 8 දින පෙ.ව. 8:28 ට
මාර අදහස් ගොඩක් එනවා බං…
2011 ජූලි 8 දින පෙ.ව. 8:22 ට
අනේ මංදා අයියෝ කියන්න දෙයක් හිතා ගන්න බැ
2011 ජූලි 8 දින පෙ.ව. 8:29 ට
හ්ම්… ඔකම තමා මටත් වුනේ….
2011 ජූලි 8 දින පෙ.ව. 8:41 ට
සරල උනත් ලොකුවට හිතන්න ඕනෙ දෙයක් අයියේ
2011 ජූලි 8 දින පෙ.ව. 9:39 ට
ඔව්… ඒක එහෙම තමා….
2011 ජූලි 8 දින පෙ.ව. 8:55 ට
එක ෆොටෝ එකකින් ගොඩක් ගැබුරු කතාවක් කියන්න ගත්තු උත්සහයක්. මටත් කතාව ටිකක් තේරෙනවා. ඒත් කියන්න අමාරුයි.
2011 ජූලි 8 දින පෙ.ව. 9:46 ට
මටත් ඒ කියාගන්න ඕනේ ටික හරියකට ගලපා ගන්න බැරිවුනා බං
2011 ජූලි 8 දින පෙ.ව. 9:09 ට
හෆොයි දෙයියනෙ මාලු අයියට මොකද වුනේ? මම හිතන්නෙ පවුල් ප්රශ්නයක්.
2011 ජූලි 8 දින පෙ.ව. 9:47 ට
නෑ බං මචං. එහෙම අවුලක් නෑ… අනික එහෙම වෙන්න පවුලක් ඉන්න එපැයි බං.
2011 ජූලි 8 දින ප.ව. 12:04 ට
හරි ඉතින් වෙන්න පවුල ඉන්නවනෙ.
2011 ජූලි 8 දින ප.ව. 12:40 ට
🙂
2011 ජූලි 8 දින පෙ.ව. 10:25 ට
සීන් එක හිතාගත්ත මචෝ.මෙතන විචාරයක් නම් කොටන්නෙ නැ දිග වැඩි වෙන හින්ද
2011 ජූලි 8 දින පෙ.ව. 10:58 ට
එල එල මචං
2011 ජූලි 8 දින පෙ.ව. 11:17 ට
මල්ලි මේ දවස්වල මොනා හරි බේතක් එහෙම ගන්නවද ……..
හිහ් .. හිහ් ….
නියම වදන් ටික මලයා, අනිවාර්යෙන්ම ඔය ගිනි කූරයි, ඉටි පන්දමයි දෙකම අපේ ජීවිතේ තියනවා …..
2011 ජූලි 8 දින පෙ.ව. 11:32 ට
මොන බේත්ද අයියේ… මේ ටිකේ වයින් ස්ටෝස් එක පැත්තේ වත් ගියේ නෑ,…
2011 ජූලි 8 දින පෙ.ව. 11:36 ට
උඹටත් වැඩි කලක් යන්න කලින් අපේ ගෙවල් පැත්තෙ එන්න වෙයි වගේ..
විහිළු නෙමෙයි බං සිරාම පිංතූරයක්. අපි හැම වෙලාවෙම ඉටිපන්දමක්, තවත් වෙලාවක කාටහරි ගිණිකූරක් !
2011 ජූලි 8 දින ප.ව. 12:37 ට
එහෙම එන්න වුනොත් නම් මං එක පයින් එන්නේ… ඇයි ඉතිං නවම් අයියත් ඉන්නවනේ තනියට…
2011 ජූලි 8 දින පෙ.ව. 11:51 ට
උඹේ හිස ගිනිතබා
අවට ආලෝකවත් කළා මා
ආලෝකය උණුසුමක් වෙද්දියි මතක් උනේ
මගෙ හිසත් ගිනි වැදී ඇතැයි කියා
2011 ජූලි 8 දින ප.ව. 12:38 ට
මල හත්තිලව්වයි, දැන් ඉතිං ඔක්කොම වැඩ පැත්තක තියලා මේ කවිය තෝරපන්කෝ….
2011 ජූලි 8 දින ප.ව. 2:14 ට
පිණිබිදු දැකලා තියෙන්නේ අපි හුගක් අය නොදකින පැත්තක්.
හුගක් අය තමන්ගේ ඔලුවේ ගින්දර තියාගෙන… අනිත් අයටත් ගින්දර දෙන්න යනවනේ.
කොහොම උනත්..හිතන්න හුගක් ඉඩ දිපු පින්තුරයක්…නේ..මාලුවා දාලා තියෙන්නේ.
2011 ජූලි 8 දින ප.ව. 7:11 ට
ඔව් පිනිබිඳු අක්කා දාලා තියෙන කවිය සෑහෙන ගැඹුරුයි අප්පා….
2011 ජූලි 8 දින ප.ව. 5:58 ට
මෙන්න බොලේ මහා දාර්ශණිකයෙක් වෙලා!
2011 ජූලි 8 දින ප.ව. 7:12 ට
නෑ… නෑ… කතී… පොඩි උත්සාහයක් විතරයි….
2011 ජූලි 8 දින ප.ව. 8:17 ට
එක පාරටම මක්කෙයි උනේ..?
2011 ජූලි 8 දින ප.ව. 9:27 ට
විශේෂ මුකුත් නෑ චතුර…..
2011 ජූලි 9 දින පෙ.ව. 2:43 ට
ඇත්ත යාළුවා. අපි හැමදාම කාට හරි එක්කෝ ඉටි පන්දමක්, නැත්නම් ගිනි කුරක්. ඒත් කලාතුරකින් ඉටි පන්දමක් වෙන්න බැරිවුන හැමදාමත් ගිණි කුරක් වෙච්ච මිනිස්සුත් ඉන්නවා. හරියට මේ මං වගේ.
ගිණි කූර කරන්නේ හුගාක් කාලයක් තමන්ට මේ ලෝකේ එලිය කරන්න බැරි නිසාත් තමන්ගේ එලිය ප්රමාණවත් නැති නිසාත් තමන්ගේ එලිය තමන්ට වඩා වැඩියෙන්, වැඩි කාලයක් ලෝකේ එලිය කරන්න පුළුවන් ඉටි පන්දමකට දීල සදහටම නිවිලා යනවා. ඉටිපන්දම හුගාක් කාලයක් ලෝකේ එලිය කරල නිවිලා යනවා. හැබැයි ලෝකෙට හැමදාටම මතක තියෙන්නේ තමන්ව එලිය කරපු ඉටි පන්දම මිසක් ඉටි පන්දමට එලිය දීපු ගිණි කුර නෙමේ. මේක තමා සැබෑ යතාර්ථය. ඔය වගේම පින්තුරයක් මම පොඩි කාලේ දහම් පාසලේ ගුරුතුමෙක් පෙන්නලා හැම ළමයෙක්ගෙන්ම ඇහුව “ඔයාල කැමති ගිණි කුරක් වෙන්නද ඉටි පන්දමක් වෙන්නද” කියල. එක ළමයෙක ඇරෙන්න අනිත් හැම කෙනෙක්ම කිව්වේ ඉටි පන්දම වෙන්න කියලයි.
මෙච්චර කල් ඔයාගේ බ්ලොග් එකේ මම දැක්ක වටිනාම ලිපිය මේක කියල කිව්වොත් මම හිතනවා ඔයා තරහ වෙන එකක් නෑ මා එක්ක.
2011 ජූලි 9 දින පෙ.ව. 7:12 ට
මං මොකටද බං තරහා වෙන්නේ…? මේ ලිපි ඔක්කොම මගේම එව්වා නිසා කොයි එක හොඳයි කිව්වත් ඉතිං ඒ ඔක්කොම මගේනේ…. බොහොම ස්තූතියි මචං අදහසක් එක් කලාට…
2011 ජූලි 11 දින පෙ.ව. 8:50 ට
අපිව පත්තු කරපු ගිනි කූරු වලට ප්රණාමය 😀
2011 ජූලි 12 දින පෙ.ව. 6:51 ට
අන්න අන්න වැචගත් ප්රාර්ථනාවක්…
2011 ජූලි 14 දින පෙ.ව. 8:45 ට
හුඟක් වෙලාවට අපි අර ගිනිකුර තමයි..
2011 ජූලි 15 දින පෙ.ව. 11:00 ට
Hodai…