මේ කතාව මගේ ෆිට්ම ෆිට් යාළුවෙක්ගේ එස් එම් එස් , ඒක පාර්ෂවීය ආදරයක් ගැන. මේ ලව් එකේ ඉතිහාසය නම් මං වැඩිය දන්නේ නෑ… ඒ වගේම මේකට යොදන්න පුළුවන් වෙනත් විශේෂන පද ගැනත් ඒ තරම් දැනීමක් නෑ. මොකද මේ ලව් එකට දාන්න සුදුසු විශේෂන එකක් වත් මං දන්නේ නෑ. කොහෙද ඉතිං අපේ සිංහල මිස්ලා අපිට ඔව්වා කියලා දුන්න එකක්යැ. අඩුගානේ පෙම් හසුනක් ලියන හැටි… දිනය දාන හැටි, ආමන්ත්රනය කොරන හැටි … මුකුත් කියලා දුන්නේ නෑනේ…
ඉතිං අපිත් කෙල්ලෙකුට ලියුමක් ලියද්දී…. ගරු මහත්මියනි කියලා තමා පටන් ගන්නේ… ඒ වුනාට අවසන් කරන්නේ ඔයා එනව නේද සුදු කියලා… බලහං ඉතිං ඕක ෆෝමල් ලෙටර් එකක්ද අන්ෆෝමල් එකක්ද කියලා… ඒ මදිවට දිනේ දාන්නේ… ඕනේ සැමදා සැමතැන කියලා… ස්ථානය… නුඹ ගැන සිහින මවන මාලිගයේ සිට…. ඔව්වා තමා අපේ අධ්‍යාපන ක්රමයේ තියෙන දුරුවල තැන්. ඔව්වා කියන්න ගියානම් කට්ටිය අපිව කන්න හදන්නේ…
ඉතිං මේ මගේ යාළුවා ඉන්නවනේ… පොර බොක්කෙන්ම ආදරේ කරන කෙල්ලෙක් ඉන්නවා. මං දන්න තරමින් හෙන හොඳ කෙල්ලෙක්. විස්ස විජ්ජාලෙක උකස් අධ්‍යාපනේ ලබනවා. ඉතිං මේ ළමයාගේ ගෙවල් තියෙන්නේ ඔය නුවර පැත්තට කිට්ටු වෙන්න. ඒ වුනාට ඉතිං නැවතිලා ඉන්නේ රත්මලාන කිට්ටුව.
ඒ වගේම මගේ යාළුවා එක්ක කෙල්ල කතා කරන්නේ බොහොම කලාතුරකින්. ඒ වුනාට මැසේජ් නම් යවනවා. හැබැයි තාම එක රිප්ලයි එකක් වත් නැද්ද කොහෙද… ඉතිං පොර කොහොම හරි කරලා කෙල්ලට විභාග තියෙන දවස් එහෙම හොයාගෙන මෑන්ගේ ආදර බර සුරඟන බලන්න යනවා. ඉතිං ඔන්න මට ගිය ඉරිදා එනවා මැසේජ් එකක්…. මචං මං ලබන සඳුදා කෙල්ල බලන්න යනවය, මං ගිහිං උඹට කෝල් එකක් දෙන්නම්ය කියලා…
පස්සේ ඉතිං මාත් දත කට මැදගෙන බලාගෙන ඉන්නවා මුගේ සුභ ආරංචිය අහන්න. සාමාන්‍යයෙන් පොර යන්නේ පාන්දර ජාමේ තමා. ඒ කියන්නේ උදේ හයට හයාමාරට විතර. පස්සේ ඉතිං මං බලාගෙන ඉන්නවා…. ඉන්නවා…. යාළුවගෙන් මැසේජ් එකක් එනකං…. වෙලාව අට වුනා… ඊට පස්සේ නවය වුනා… දහය වුනා… ඒත් නෑ…. දැං ඉතිං මට එක එක එව්වා හිතෙනවා… මූ කෙල්ල එක්ක කොහෙවත් ගියාවත්ද…? නැත්තං අද කෙල්ලගෙන් ඇඹරැල්ලා පාරක් කෑවද…? නැත්තං ගෙදර උං මූට අල්ලං නෙලවනද… අරකයි මේකයි දාහක් පස්න මගේ ඔලුවේ… ඊට පස්සේ බැරිම තැන මං දැම්මා මැසේජ් එකක්…
මචං මොකද වුනේ…? උඹ ගියාද අද…? කියලා…
පස්සේ ඉතිං වෙනද මැසේජ් එකට ක්ෂනික පිළිතුරු දෙන එකා අද නෑ… දැන් ඉතිං ආයෙමත් මාව රත්වෙලා… මේකට මොනා වෙලාද කියලා…
පස්සේ ඕං එනවා මැසේජ් එක…. යාළුවගෙම වචන වලින්….
Mama nokiyama giya eyawa surprise karanna. Eya awe nehe mawa surprise karanna. mama sms ekak ehema dala. Gedara lagata gihin job ekata giya. කියලා.
බලන්න ඉතිං… අපේ එකා කෙල්ලව පුදුම කරවන්න හිතාගෙන නොකියම ගියාම කෙල්ල මූව පුදුම කොරන්න හිතාගෙන ඇවිල්ලා නැහැ. අනේ සත්තලනේ කාටද ඉතිං කියන්නේ….? මේ මනුස්සයා උදේ පාන්දරම නැගිටගෙන කෙල්ලව බලන්න ගෙවල් කිට්ටුවට ගියාම කෙල්ල මූට පොල්ලක් තියලා… මං අහන්නේ කෙල්ල මෙහෙම මූට කරන එක වැරදියි නේද…? හරිනම් ගෙයින් එලියට ඇවිල්ලා…. මං මේ ඉන්නවා ඕයි කියලා යන්න තිබුනේ නැද්ද…? නිකමට කෙල්ල හිතුවද මේ පිස්සා උදේ පාන්දරම නැගිටගෙන ආවේ මාව බලන්න නේද කියලා…. නැහැනේ… නෑ… මට එහෙම්ම කියන්න බැහැනේ…. කෙල්ල එහෙම හිතුවද දන්නෙත් නැහැනේ… ඒත් මොනා වුනත් නංගි උයා කොරපු දේනම් බොහොම වැරදියි. අතාරින්න එපා මචං… කොහොම හරි ඕක දාගනින්… ඊට පස්සේ මචං උඹට කිංඩි දාපුවට දීපං හොඳ ගේමක්…
දැන් ඉතිං මේ පෝස්ට් එක පොර බලන්න ඕනේ පොතේ හැටියට… ඉතිං ඔය අත්දැකීම් බහුල නෝනා මහත්වරු දන්න උපදෙස් එහෙම තියෙනම් කිව්වට කමක් නෑ… අනිත් එක කෙල්ල මූට අකමැත්තකුත් නෑ වගේ තමා මෑන් කියන්නෙ… ආයෙ මොනාද පොරට විතරක් නෙමේ මටත් එහෙම්ම හිතෙනවා…. ඒක නිසා මුං දෙන්නව ඉක්මනට එක්කහු කරලා මාත් කේක් කෑල්ලක් ඉල්ල ගන්න ඕනේ… ඔව්වා ඉතිං ආත්ම ගානකට මහත් පල මහානිසංස දෙන පිං කං නොවැ….
2011 ජූලි 5 දින පෙ.ව. 7:16 ට
මෙහෙම කිව්වට මුකුත් හිතන්නෙ එපා මචං. ඒ කෙල්ලගේ වැරැද්දක් නෑ. උඹේ යාළුවා විහින් මුලා වෙලා ඉන්නේ. කෙල්ලෙක් කොල්ලෙක්ට කැමතිනම් මම දන්න තරමින් ඔච්චර සෙල්ලම් දාන්නේ නෑ….
2011 ජූලි 5 දින පෙ.ව. 7:50 ට
පිස්සුද බං කෙල්ල මූඨ කැමතියි… ඒත් ගෙදර එවුන් නිසා බයයි වගේ….
2011 ජූලි 5 දින පෙ.ව. 7:19 ට
අනේ මන්ද
2011 ජූලි 5 දින පෙ.ව. 7:51 ට
මේං ලොකු මිනිස්සුත් කිසිදෙයක් හිතාගෙන්න බැරුව අමාරුවේ වැටිලා….
2011 ජූලි 5 දින පෙ.ව. 7:20 ට
බොරුව නොදා ඉඳපන්… මේක උඹේ යාළුවෙක්ට වුන එකක් නෙමෙයිනෙ… (* කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහනවනම් උදේ 6ට කලින් අහන්න ඕන… උඹ පාන්දර ගිය එක වරදක් නෑ ඒ හින්ද… ;))
2011 ජූලි 5 දින පෙ.ව. 7:52 ට
අඩේ මං නෙමේ බං… උඹලට ඕකනේ කිසි දෙයක් කියන්න බැරි ඔක්කොම දාන්නේ මගේ අකවුන්ට් එකට. 😦
2011 ජූලි 5 දින පෙ.ව. 8:18 ට
කොහෙද මාළු අයියා ඔය කෙල්ල ඉන්නේ ? ගෙදෙට්ට ම ගිහින් දෙකක් කතා කරලා එන්නම් !!!!
අපිට නම් කැම්පස් එකේ ඉන්නකොට පෙම් හසුන් ලියන්න ඉගැන්නුවා. ඒක හැබැයි ඉංග්‍රිසි වලින්.
2011 ජූලි 5 දින පෙ.ව. 8:54 ට
කෙල්ල මං හිතන විදියට ඉන්නේ රත්මලානේ….
2011 ජූලි 5 දින ප.ව. 2:45 ට
රත්මලානේ නම් අමාරුයි. නුවර කොහෙද ඉන්නේ කියලා කිව්වනම් අඩු වියදමින් බැනලා එන්න පුලුවන් !!!! 🙂
2011 ජූලි 5 දින ප.ව. 3:16 ට
බොලේ උඹ නුවරනේ…..හිටිං මං පොරගෙන් අහලා උගේ නම්බරේ එවන්නම්.
2011 ජූලි 5 දින පෙ.ව. 9:17 ට
නිකං කැමතියි අකමැතියි සීන් එකක්නෙ බං.ඉතින් මේ යෝධයා තාම ඇහුවෙ නැද්ද?යන කජු අත්තකින් යන්න කියල අහල දැම්මනම් ඉවරයි බං..
2011 ජූලි 5 දින පෙ.ව. 11:28 ට
අහන්න හිත හිත ඉන්නේ….
2011 ජූලි 5 දින පෙ.ව. 9:30 ට
කෙල්ල ඇත්තටම කරනවදෝ කියන සැකයකුත් එනවා හැබැයි. ඔච්චරම දුක් විඳගෙන ආපු කොල්ලව තත්පරේකටවත් නොබල ඉඳියිද ඇත්තටම ආදරේ නම්.
2011 ජූලි 5 දින පෙ.ව. 11:29 ට
තාම ආදරේද නැද්ද කියලා දන්නේ නැහැනේ අක්කේ….
2011 ජූලි 5 දින පෙ.ව. 9:37 ට
ඔය වගේ සර්ප්‍රයිස් නම් ඕන තරම් ලැබෙනව නෙ.
2011 ජූලි 5 දින පෙ.ව. 11:29 ට
අත්දැකීමෙන් වෙන්න ඕනේ කියන්නේ 😛
2011 ජූලි 5 දින පෙ.ව. 11:55 ට
අනේ නෑ නෑ. මම කිව්වෙ ඔය කොල්ලො කියන ඒව. මම තාම එහෙම ගිහිල්ල තියෙන්නෙ 4පාරක් විතරයි. එයාල නම් පරක්කු වුනේ නෑ. අන්තිම පාර මම නම් විනාඩි 30ක් පරක්කු වුනා. ඒකත් එයා වෙලාව වැරදියට කියල. මගේ ඔක්කොම සම්බන්දකම් තිබුනෙ ෆෝන් එකෙනුයි, ෆේස්බුක් එකනුයි විතරයි. ඒව එතනින් එහාට අරගෙන යන්න බැරි වුනා. (මගේ වැරැද්ද නෙමෙයි.) 😦
2011 ජූලි 5 දින ප.ව. 12:15 ට
ඒකත් එහෙමයි එතකොට….
2011 ජූලි 5 දින පෙ.ව. 9:37 ට
සප්‍රයිස් නොකරම ගියා නම් යාළුවා ගොඩනේ.
2011 ජූලි 5 දින පෙ.ව. 11:30 ට
ඒත් පොර සප්‍රයිස් වෙනවා බං….
2011 ජූලි 5 දින ප.ව. 5:14 ට
පොර මරුවට සප්‍රයිස් වෙලා තියෙනවා මචං කියලා වැඩක් නෑ. මේකට කියන්නේ කටු කෑම කියලා නෙමේ නේද.
2011 ජූලි 5 දින පෙ.ව. 10:41 ට
උට කෙල්ල සෙට් වෙන්ට ඕනෙ නම් මාළු අයියා ඌ එක්ක කෙල්ල බලන්න නොයා ඉන්න ඕනේ. මොකෑ කියනව නම් ගෝල් පිෂ් වගේ හැංසොං එකෙක් දැක්කම අර කෙල්ලට අරූව එපා වෙන්න පුළුවන්
2011 ජූලි 5 දින පෙ.ව. 11:32 ට
අන්න උඹට තේරුණා සීන් එක…. කොහොමත් මං යන්නේ නෑ බං. පොර තනියම තමා යන්නේ. කෙල්ල සෙටාර් වෙච්ච දාට මාත් ගිහිං බලලා එනවා.
2011 ජූලි 5 දින පෙ.ව. 11:00 ට
යංතං ගෝල්ඩ් ෆිෂ් ගෙ කක්කුස්සියට ලෝඩ් වෙන හමක් දාලා. නැත්තං මේ මගුල ලෝඩ් වෙන්න සතියක් විතර යනව.
2011 ජූලි 5 දින පෙ.ව. 11:33 ට
අඩෝ ඇනෝ නම දාපං කිව්වේ ඊළඟ පාර.
2011 ජූලි 5 දින ප.ව. 12:54 ට
හපොයි ඒක පාර්ශවීය ආදරේ ගැන නම් කියන්න එපා.. ඒක කොහොමත් එහෙම තමයි.. මෙහෙමයි එයට ආදරේ කරනකන් එයා ඔයාට කරාවි. ඉතින් බිතතරේද කිකිලිද ඉස්සෙල්ල එන්නේ ?
2011 ජූලි 5 දින ප.ව. 3:13 ට
ඒක ඇත්ත…. මුලින්ම එන්නේ පැටියා….
2011 ජූලි 5 දින ප.ව. 2:19 ට
උඹ අර රාහු කාලෙ පන්නල යනයි කිව්වෙ මේ කෙල්ල බලන්නෙයි බං. ඒත් ඉතිං එහෙම වෙන්නත් බෑ, මොකෝ මේක වෙන එකෙක්ට වෙච්ච දෙයක්නෙ නේද…… හික්… !
2011 ජූලි 5 දින ප.ව. 3:15 ට
උදේ පාන්දර රාහු කාලයක් තියේද?
2011 ජූලි 5 දින ප.ව. 3:37 ට
යාලුවට කියන්න පුරුස දහිරිය අරගෙන කෙලින්ම ගෙදරින් අහන්න කියලා, වැඩේ කම්මුතුයිනෙ එතකොට ………
2011 ජූලි 5 දින ප.ව. 3:59 ට
ගෙදරින් අහන්න විදියක් නැහැනේ… කෙල්ල තමා ඉගෙන ගන්නවනේ… ඒක ඉවරවුන ගමන් අනිවා අහයි
2011 ජූලි 5 දින ප.ව. 3:43 ට
හලේ මාලුවෝ මටත් මෙහෙම වෙයිද? :O :O දවසට මැසේජ් 60ක් විතර ගැහුවට තාම ඒක පාර්ශිකයිනෙ බං 😦 😦 😦
2011 ජූලි 5 දින ප.ව. 4:00 ට
හිත හදාගනින් වස්තුවේ… අවුරුදු 5ක් තිස්සේ මාත් එහෙමමනේ….
2011 ජූලි 5 දින ප.ව. 4:26 ට
“කොහොම හරි ඕක දාගනින්… ඊට පස්සේ මචං උඹට කිංඩි දාපුවට දීපං හොඳ ගේමක්” – දාගත්තට පස්සෙ ඉතින් අත අරින එක තමා ඩෙන්න පුලුවන් හොඳම ගේම? කික්
2011 ජූලි 5 දින ප.ව. 7:03 ට
ඔය ඉතිං දන්න හරිය තමා…. මං කිව්වේ මාස දහයේ පනිෂ්මන්ට් කෝස් දෙකක් විතර කෙරෙව්වුනම් … මුලු පවුලම සන්තෝසෙන් ඉන්නවා. යකෝ කෙල්ලෙක් අපිව රිද්දුව පලියට කෙල්ලට රිද්දලා හරියන්නේ නෑ,.. ඒකිට තව තව ආදරේ දෙන එකයි කරන්න ඕනේ.
2011 ජූලි 5 දින ප.ව. 4:39 ට
අමතක කරන්න යනව වගේ ඇට් කරන්න කියපං කොල්ලට.කෙල්ල අඬල අඬල යාලු වෙයි…[මට උනා වගේම.]
2011 ජූලි 5 දින ප.ව. 7:01 ට
ඉතිං බං අමතක කරන්න මුලින් යාලූ වෙලා ඉන්න එපැයි…. ඒකටනේ මේ දත කන්නේ…
2011 ජූලි 5 දින ප.ව. 6:09 ට
මාලුවට වෙච්ච වැඩක්ලු 😀
2011 ජූලි 5 දින ප.ව. 7:00 ට
නෑ බං නෑ… සිරාවටම යාලුවෙක්ට
2011 ජූලි 5 දින ප.ව. 8:17 ට
තරුණ කාලේ මතක් වෙනවා.
කැමති නැහැයි කිව්වම තරහ වෙයි කියන බයට අකමැති අය එක්ක යාළු වෙච්ච, විවාහ වෙලා දීග කන යෙහෙළියෝ ඉන්නවා.
අකමැතියි කියල බොරුවට කියන්න ගිහින් කැමති අයව නැතිවෙච්ච යෙහෙළියෝ ඉන්නවා.
ඇත්තෙන්ම යාළුවෙක් විදියට කැමතියි ඒත් එතැනින් එහා දේවල් වලට අකමැතියි කියන්න ගිහින් (ඒ මම) තරහා වෙච්ච අය ඉන්නවා!!!
සමහර අය මහළු වයසට යද්දී ආයේ තරුණ වයසට යන්න හිතනවා. ඔය ගැටළු නැති මේ මහළු වයස කොතරම් සුන්දර ද?!!!!
2011 ජූලි 5 දින ප.ව. 8:22 ට
අනේ අක්කේ ඔයා හරි ෂෝක්නේ…. ඔයා අපේ වයස ඉක්මනට පහුකරලා ගිහිං… දැන් අපිට විරිත්තනවා. හිටුකෝ අපිත් වයසට යනවනේ…
2011 ජූලි 6 දින පෙ.ව. 1:02 ට
අයියා ඔය කෙල්ලොන්ගේ හැටි අයියා…..ගණන් ගන්න එපා…උන්ගේ මොළේ විකාර ඒකයි……නැත්තම් ඔහොම ගොන්පාර්ට් දායියෑ…….කේක් කැවොත් ඉතින් තනියම කන්න එපා…අපිත් කන බොන මිනිස්සුනේ……..
2011 ජූලි 6 දින පෙ.ව. 6:28 ට
එලකිරි කේක් ලැබුනොත් කියන්නමකෝ….
2011 ජූලි 6 දින ප.ව. 2:29 ට
malu aiyage love guru theory walinwath yaluwa kellawa kamathi karaganna baluwe nadda??anith aya ewa karanna gihin guti kewata ekek hari ewagen goda giya kiyala maluwata sathutu wenna puluwan… 😀 😀 😀 Kella akamathi na wage kiyala hithenawanam baya wenna deyak na..maluwage yaluwa ikmanta goda yawi..
2011 ජූලි 6 දින ප.ව. 3:24 ට
අනේ ඔව් නංගියේ මාත් මේ දත මැදගෙන ඉන්නේ උං දෙන්නගෙන් කේක් කෑල්ලක් කන්න.
2011 ජූලි 7 දින ප.ව. 9:58 ට
පව් අර කොල්ලා…….ඔය කෙල්ලව නම් අතාරින්න හොඳ නෑ.මේ ඔයාගෙ අත්දැකීමක් නෙමෙයි නේද?
2011 ජූලි 8 දින පෙ.ව. 5:27 ට
නෑ නෑ… තාම මට එච්චර හරියක් කරන්න ලැබුනේ නෑ
2011 ජූලි 10 දින පෙ.ව. 10:12 ට
ඔය තරම් බලෙන් ගන්න ආදරේකින් වැඩක් තියෙනවද ටිකක් හිතල බලපන්