කෙල්ලෙක් කොල්ලෙක්ව සප්‍රයිස් කරපු හැටි….

මේ කතාව මගේ ෆිට්ම ෆිට් යාළුවෙක්ගේ එස් එම් එස් , ඒක පාර්ෂවීය ආදරයක් ගැන. මේ ලව් එකේ ඉතිහාසය නම් මං වැඩිය දන්නේ නෑ… ඒ වගේම මේකට යොදන්න පුළුවන් වෙනත් විශේෂන පද ගැනත් ඒ තරම් දැනීමක් නෑ. මොකද මේ ලව් එකට දාන්න සුදුසු විශේෂන එකක් වත් මං දන්නේ නෑ. කොහෙද ඉතිං අපේ සිංහල මිස්ලා අපිට ඔව්වා කියලා දුන්න එකක්යැ. අඩුගානේ පෙම් හසුනක් ලියන හැටි… දිනය දාන හැටි, ආමන්ත්‍රනය කොරන හැටි … මුකුත් කියලා දුන්නේ නෑනේ…

ඉතිං අපිත් කෙල්ලෙකුට ලියුමක් ලියද්දී…. ගරු මහත්මියනි කියලා තමා පටන් ගන්නේ… ඒ වුනාට අවසන් කරන්නේ ඔයා එනව නේද සුදු කියලා… බලහං ඉතිං ඕක ෆෝමල් ලෙටර් එකක්ද අන්ෆෝමල් එකක්ද කියලා… ඒ මදිවට දිනේ දාන්නේ… ඕනේ සැමදා සැමතැන කියලා… ස්ථානය… නුඹ ගැන සිහින මවන මාලිගයේ සිට…. ඔව්වා තමා අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන දුරුවල තැන්. ඔව්වා කියන්න ගියානම් කට්ටිය අපිව කන්න හදන්නේ…

ඉතිං මේ මගේ යාළුවා ඉන්නවනේ… පොර බොක්කෙන්ම ආදරේ කරන කෙල්ලෙක් ඉන්නවා. මං දන්න තරමින් හෙන හොඳ කෙල්ලෙක්‍. විස්ස විජ්ජාලෙක උකස් අධ්‍යාපනේ ලබනවා. ඉතිං මේ ළමයාගේ ගෙවල් තියෙන්නේ ඔය නුවර පැත්තට කිට්ටු වෙන්න. ඒ වුනාට ඉතිං නැවතිලා ඉන්නේ රත්මලාන කිට්ටුව.

ඒ වගේම මගේ යාළුවා එක්ක කෙල්ල කතා කරන්නේ බොහොම කලාතුරකින්. ඒ වුනාට මැසේජ් නම් යවනවා. හැබැයි තාම එක රිප්ලයි එකක් වත් නැද්ද කොහෙද… ඉතිං පොර කොහොම හරි කරලා කෙල්ලට විභාග තියෙන දවස් එහෙම හොයාගෙන මෑන්ගේ ආදර බර සුරඟන බලන්න යනවා. ඉතිං ඔන්න මට ගිය ඉරිදා එනවා මැසේජ් එකක්…. මචං මං ලබන සඳුදා කෙල්ල බලන්න යනවය, මං ගිහිං උඹට කෝල් එකක් දෙන්නම්ය කියලා…

පස්සේ ඉතිං මාත් දත කට මැදගෙන බලාගෙන ඉන්නවා මුගේ සුභ ආරංචිය අහන්න‍. සාමාන්‍යයෙන් පොර යන්නේ පාන්දර ජාමේ තමා. ඒ කියන්නේ උදේ හයට හයාමාරට විතර. පස්සේ ඉතිං මං බලාගෙන ඉන්නවා…. ඉන්නවා…. යාළුවගෙන් මැසේජ් එකක් එනකං…. වෙලාව අට වුනා… ඊට පස්සේ නවය වුනා… දහය වුනා‍‍‍… ඒත් නෑ…. දැං ඉතිං මට එක එක එව්වා හිතෙනවා… මූ කෙල්ල එක්ක කොහෙවත් ගියාවත්ද…? නැත්තං අද කෙල්ලගෙන් ඇඹ‍රැල්ලා පාරක් කෑවද…? නැත්තං ගෙදර උං මූට අල්ලං නෙලවනද… අරකයි මේකයි දාහක් පස්න මගේ ඔලුවේ… ඊට පස්සේ බැරිම තැන මං දැම්මා මැසේජ් එකක්…

මචං ‍මොකද වුනේ‍…? උඹ ගියාද අද…? කියලා…

පස්සේ ඉතිං වෙනද මැසේජ් එකට ක්ෂනික පිළිතුරු දෙන එකා අද නෑ… දැන් ඉතිං ආයෙමත් මාව රත්වෙලා… මේකට මොනා වෙලාද කියලා…

පස්සේ ඕං එනවා මැසේජ් එක…. යාළුවගෙම වචන වලින්….

Mama nokiyama giya eyawa surprise karanna. Eya awe nehe mawa surprise karanna. mama sms ekak ehema dala. Gedara lagata gihin job ekata giya. කියලා.

බලන්න ඉතිං… අපේ එකා කෙල්ලව පුදුම කරවන්න හිතාගෙන නොකියම ගියාම කෙල්ල මූව පුදුම කොරන්න හිතාගෙන ඇවිල්ලා නැහැ. අනේ සත්තලනේ කාටද ඉතිං කියන්නේ….? මේ මනුස්සයා උදේ පාන්දරම නැගිටගෙන කෙල්ලව බලන්න ගෙවල් කිට්ටුවට ගියාම කෙල්ල මූට පොල්ලක් තියලා… මං අහන්නේ කෙල්ල මෙහෙම මූට කරන එක වැරදියි නේද…? හරිනම් ගෙයින් එලියට ඇවිල්ලා…. මං මේ ඉන්නවා ඕයි කියලා යන්න තිබුනේ නැද්ද…?  නිකමට කෙල්ල හිතුවද මේ පිස්සා උදේ පාන්දරම නැගිටගෙන ආවේ මාව බලන්න නේද කියලා…. නැහැනේ… නෑ… මට එහෙම්ම කියන්න බැහැනේ…. කෙල්ල එහෙම හිතුවද දන්නෙත් නැහැනේ… ඒත් මොනා වුනත් නංගි උයා කොරපු දේනම් බොහොම වැරදියි. අතාරින්න එපා මචං… කොහොම හරි ඕක දාගනින්… ඊට පස්සේ මචං උඹට කිංඩි දාපුවට දීපං  හොඳ ගේමක්…

දැන් ඉතිං මේ පෝස්ට් එක පොර බලන්න ඕනේ පොතේ හැටියට… ඉතිං ඔය අත්දැකීම් බහුල නෝනා මහත්වරු දන්න උපදෙස් එහෙම තියෙනම් කිව්වට කමක් නෑ… අනිත් එක කෙල්ල මූට අකමැත්තකුත් නෑ වගේ තමා මෑන් කියන්නෙ… ආයෙ මොනාද පොරට විතරක් නෙමේ මටත් එහෙම්ම හිතෙනවා…. ඒක නිසා මුං දෙන්නව ඉක්මනට එක්කහු කරලා මාත් ‍කේක් කෑල්ලක් ඉල්ල ගන්න ඕනේ… ඔව්වා ඉතිං ආත්ම ගානකට මහත් පල මහානිසංස දෙන පිං කං නොවැ….

%d bloggers like this: