අන්තිමේ මාත් බැස්සා ගේමට….

2002 ඉඳන් මං මේ වෙනකන්ම කොම්පීතරකින් කරලා තියෙන වැදගත් වැඩ ගැන බැළුවම, දැන් තමා මටම හිනා යන්නේ. මුලින්ම අපේ තාත්තා‍‍ගේ මූල්‍ය අනුග්‍රහයෙන් ඕං ගෙනවා පී2 කෑල්ලක්. ඒක පී2 වුනාට කොරපු වැඩ ගොඩ…! ගේම් නම් කීයක් ගැහුවද….

නීඩ් ෆෝ ස්පීඩ් වලින් පටන් අරං ඩෙත් හවුස්, වර්චුවල් කොප්, ක්වාක්, ඩෙල්ටා ‍ෆෝස් එතකොට ටූම්බ් රයිඩර්…. අපේ අප්පෝ…. අපේ පිය තුමා මෙව්වා දැනන් උන්නං එහෙම මං විනාසයි. ඒ දවස් වල කොම්පීතරේ ගේන්න මුදල් අනුමත වෙලා තියෙද්දීම මං හිතාගෙන හිටියේ මේකෙන් කවදාවත් ගනයක් බලන්නේ නෑමයි කියලා… කොහොමහරි මුලින්ම ගෙනාපු ගනයත් බලන්නම බැරිවුනා කියමුකෝ. මොකද සීඩී සෙන්ටර් එකේ අයියා අපි ඒ දවස් පුංචි නිසා අපිට දීලා තියෙන්නේ හොඳම හරියේ කොටු කොටු තියෙන සීඩී එකක්. මොනා කරන්නද ආයේ ඉතිං වෙන එකක් ඉල්ලන්න කියලයැ…

ඉතිං ඔහොම ගිහිං ගිහිං ඔය මගුලෙන් එක එක විකාර කලා. ෆ්ලෑෂ් ඇනිමේසං, ඊට පස්සේ පානදුරේ ඉක්කෝලෙකට වෙබ් සයිට් එකක්, පස්සේ අපේ ඉක්කෝලෙ වෙබ් එක වගේ වැදගත් වැඩත් කලා. ඒ අස්සේ තමා හෙනම හෙන වැදගත් වැඩකුත් කලේ. ඊට පස්සේ තමා හිත ගිය ඇත්තිව බලෙන් කැමති කරගන්න ගේම හැදුවේ.

පස්සේ කෝම හරි ඒක පැත්තකට දාලා මං ගත්තා මගේ ලැපීව. ඒ අරගෙනත් කලේ එක එක විකාර. ඒ අස්සේ ඔය පුංචි පුංචි සීන් කෝන් කලා. චූට්ටං වයිරස් වගේ එව්වා ලිව්වා. තව තව ඇනිමේසං කලා. හපෝ ඒ කරපුවෑ ලිස්ට් එකක් දාන්න ගියොත් මට මාසයක් විතර නිවාඩු අරං තමා ලියන්න වෙන්නේ.

ඉතිං මං ඔය ෆ්ලෑෂ් ඇනිමේසං කරන්න ඉගෙන ගත්තේ තනිකරම ජංජාලය මරාගෙන කාලා තමා. එහෙම නැතුව ෆ්ලෑෂ් වලට ක්ලාස් එකකටනම් යන්න තවම අවස්ථාවක් උදා‍වුනේ නෑ. පස්සේ ඉතිං ඔය හදපුවා එහෙං මෙහෙං මගේ බ්ලොග් එකෙත් දැම්මනේ‍. එව්වා ඉතිං කට්ටිය දැක්කනේ. ඒත් ඉතිං මං කවදාවත් හිතුවේ නෑ… මට ගේම් එකක් හදන්න හිතෙයි කියලා.

අපේ හමාගේ බ්ලොග් එකේ දාලා තිබ්බ ක්‍රන්චර් 2011 පෝස්ට් එක දැක්කම, මටත් හිතුනා මේ දන්න කියන ඇක්ෂන් ස්ක්‍රිප්ට් ටිකක් දාලා, විෂුවල් ඉෆෙක්ට්ස් ටිකකුත් අස්සට ඔබලා චූටි ගේමක් හදන්න. කොහොමහරි අන්තිමේ ඔක්කොමත් හරි හදන්න ගේමක් හොයාගන්න නෑ… ඊට පස්සේ කම්පනා කරලා කරලා ගේමකුත් සෙට් කරගත්තා. දැන් ඉතිං ඒ පාර මේක හදන්න වෙලාවක් නෑ… ඒකට ඉතිං කොරන්න දෙයක් නෑනේ ඒක නිසා ඉතිං ඉඩ තියෙන තියෙන වෙලාවලට හදන්න තියාගත්තා. ඉතිං ඔන්න දැන් වෙද්දී ගේමෙන් 25%ක් විතර ඉවරයි කියමුකෝ. දැන් තියෙන්නේ චූටි සවුන්ඩ් කෑලි ටිකක් දාලා, ඩෙකරේෂන් පාරක් දාලා ඉන්ට්‍රෝ එක හදන්න විතරයි.

දැන් ඉතිං මේක හදන්න ගිහං මට ආපු අභියෝග ගැනත් කියන්න එපැයි. මේක හදන්නේ ඉතිං ෆ්ලෑෂ් වලින්නේ. ඒක නිසා මේක ප්ලේ වෙන්නේ වෙබ් බ්‍රවුසර් එකක් මැද්දේ. ඒ නිසා ඉතිං මේ ගේම තියෙන තැනක ඉඳන් ඉක්මනට ලෝඩ් වෙන්න එපැයි. ඒ කියන්නේ ෆයිල් කැපෑසිටි එක සෑහෙන අඩුවෙන්න ඕනේ. ඒක තියෙම ලොකුම පස්නේ. දැනට සද්ද බද්දයි එක එක ඇනිමේසං කෑලියි නැතුව බේසික් ගේම් එක විතරක් කිලෝ බයිට් 40කින් විතර සේප් කරගන්න පුළුවන් වුනා. තව ඉස්සරහට යද්දී තමා ගේම තියෙන්නේ.

ඊට පස්සේ ඉතිං ස්ක්‍රීන් එකේ සයිස් එක. ඒකත් ඉතිං අර බ්‍රවුසරේ ඇතුලේ ‍සම්පූර්ණයෙන් පේන විදියට හදන්න එපැයි… දැන් ඒකත් හරි. අනේ මන්දා කොරන්නම දෙයක් නැති වුනත් චුට්ටක් පුංචි කරන්න බැරි‍යෑ… ඒක නිසා ඒකත් අවුලක් නෑ. එතකොට බලාගෙන යද්දී දැනට කිසිම අවුලක් නෑ.

ඉතිං මං අර කිවුව ක්‍රන්චර් සයිට් එකට ගිහිං බලද්දී ඒකේ තියෙනවා සෑහෙන විස්තර වගයක්. ඒ පාර ඉතිං මාත් තව හතර දෙනෙක්ව සෙට් කොරගෙන ග්රූප් එකක් හදාගත්තා. දැන් තමා ඒකෙ මෝඩ කම තේරෙන්නේ. ඇයි ඉතිං මට ඕනේ විදියට නෙමේ අන්තිමට ගේම් එක හැදෙන්නේ… උංට ඕනේ විදියට. යන්තං එකියක් නම් මට සෑහෙන හෙල්ප් එකක් දෙනවා ඉංගිරිස් කෑලි වලින්. ගේම් එක හදන්න දවසකට ලැබෙන පුංචි කාලය ඇතුලෙදී සමහර තැන්වලට යෙදෙන සංවාද එහෙම ට්‍රාන්ස්ලේට් කර කර ඉන්න ගියාම වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. ඒකි නිසා ඉතිං අරයා තමා එව්වා මට කරලා දෙන්නේ. අනිත් තුන්දෙනත් පුළුවන් විදියට ගුණ දොස් කියලා මාව මඤ්ඤං කරනවා. කමක් නෑ අන්තිමේ මහ ලොකු ගේමක් නැතත් චුටී හරි, තර‍ඟෙකට ඉදිරිපත් කරගන්න පුළුවන් මට්ටමේ ගේමක් හදාගන්න පුළුවන්වෙයිනේ. කොහොමත් මං ඔය ලොකු ලොකු ප්‍රෝග්‍රැමින් ගැනවත් ගේම් එන්ජින් ගැනවත් වැඩිය දන්නේ නෑ. දන්න දේ රෙද්ද අස්සේ දාගෙන ඉන්නේ නැතුව තව කාව කාව හරි සම්බන්ධ කරගෙන එලියට දාන්න හදන්නේ, දිනුමක් නැතත් කවද හරි මෙහෙම තර‍ඟෙකට ඉදිරිපත් වුනා කියලා හරි කියන්න බැරියෑ… ඒක නිසායි.

දැම්මම ගේම් එක මොන වගේද කියලවත් කියන්න විදියක් නෑ… මොකද තාම ඉතිං හදාගෙන යන ගමන්නේ. කොහොමත් පුළුවන් ඉක්මනට ඉවරයක් කරලා දාලා ආපහු යතා තත්වෙට පත්වෙන්න තමා ට්‍රයි එක. මොකද මේ ගේම් එක හැදිල්ල නිසා මගේ වැඩ ගොඩක් එකතුවෙලා. ගොඩක් බ්ලොග් කියවන්න වෙලා නෑ… එතකොට ඔය පේරාදෙණිය මල්වත්ත ගැන පෝස්ට් එක සතියක් විතර පරක්කු වුනා දාන්න. ඒ වගේ දේවල් නිසා පුළුවන් ඉක්මනට මේක හදන්න වෙනවා. පස්සේ ඉතිං තව කල් තියෙන නිසා හිමිං හිමිං ඉතුරු වැඩ ටික කරගන්න බැරියෑ…

කොහොම කොහොම හරි මෙච්චර කල් අනුන්ගේ ගේම් ගගහා හිටිය මාත් අන්තිමේ ගේමට බැස්සා එහෙනම්….

35 Responses to “අන්තිමේ මාත් බැස්සා ගේමට….”

  1. deeps Says:

    ඉතිරි වැඩ ටිකත් සාර්ථකව කරගෙන්න යන්න මාළුවාට සුභ පැතුම්!

  2. සාතන් Says:

    නියමයි නියමයි…. හදපන්කො එහෙනම්… සුභ පැතුම්…

  3. මධුරංග Says:

    මාළු අයියා මාත් ෆ්ලැශ් කරලා තියෙනවා. ඒත් ගේම් හදලා නෑ. ගේමක් හදාගන්න හැටි පොඩි හෙල්ප් එකක් දෙන්න බැරිද ?
    මොනවහරි කරලා ඉතුරු ටිකත් ගොඩ දාගන්න අයියා. ගේම හදලා ඉවරවෙලා අපටත් දෙන්න හොදේ !!!

  4. නවම් Says:

    හපෝ ගේම්ද? මං නං පැත්ත බලං බත් වත් කන්නෙ නෑ බං. අප්පිරියාවෙ බෑ.

    ඔය ගේම් මුලින්ම හදල තියෙන්නෙ, එලියකට පහලියකට බැහැල විනෝදවෙන්න බැරි තරං ඍතු වෙනස්කම් වෙන රටවල පොඩි උන්ට කියලයි මං අහල තියෙන්නෙ.දැන් නම් මෙහේ හද්ද හම්පඩ නාකිත් ගේම් කාරයො වෙලානෙව.

  5. පිණිබිඳු Says:

    අඩේ මරුනෙ මාලුවො. මේ බන් ඒක නෙමේ යශෝධරාවත ලියපන්කෝ…

  6. කරුමක්කාරයෙකුගේ දින සටහන් Says:

    ela kiri. jaya wewa

  7. Dinuka Harshana Says:

    බෙස්ට් ඔෆ් ලක් කියුවා එහෙනම්.

  8. බෙලෙක් කටා Says:

    දැම්මම ගේම් එක මොන වගේද කියලවත් කියන්න විදියක් නෑ…
    ඒ කිව්වෙ උඹවත් තාම අවසානෙ කොහොම වෙනවද කියල දන්නෙ නැද්ද?

  9. Kasun Chanaka Says:

    එලකිරි මාලු අයියෙ. ලොවෙත් නැති වෙන ගේම් එකක් හදන්න. ඔන්න අපේ සුභ පැතුම්.

  10. හිස් අහස Says:

    මම තමයි ඔය ගේම ඉස්සරවෙලාම ප්ලේ කරන්නේ

  11. Sarath lankapriya Says:

    අම්මෝ දන්නා දේවල්..මම නම් ඉතින් යන්තම් මේකේ කොටන්න විතරයි දන්නේ.
    මේ බ්ලොග් ඒක මගේ එකේ අප්ඩේට් වෙන්නේ නැහැනේ මොනවද කරන්න ඕනේ ?

  12. කල්හාර Says:

    මුලින්ම මල්ලිය මගෙන් සුබ පැතුම් ………..

    ඔය වයසෙදි ඔය විදියට හිතන්න පුලුවන් එක ගැන අවංකවම හදවතින්ම සතුටුයි, වරදින්නෙ නැහැ මලයා කරගෙන යන්න, ගේම් එක හදලා ඉවර උනාම අපිටත් ලින්ක් එක එවන්නකෝ ……….

    සුබ අනාගතයක් ………


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: