පුංචි දිව්‍ය ලෝකයක්….!

හැම තැනින්ම ඇහෙන්නේ කුරුළු කිචි බිචිය විතරමයි. ඒ අස්සෙන් හිඳ හිට ඇහෙන රැහැයි නාදයත් එක්ක වටේටම වැවිලා තියෙන මහා රෑස්ස ගස් නිසා මේ පුංචි බිම් පෙදෙසට එකතු වෙලා තියෙන කළුවර ගතිය හරිම ගාම්භීර ගතියක් මවා පෙන්නනවා.

කොළඹ ඉඳන් කොළඹ – නුවර අධිවේගී මාර්ගය ඔස්සේ කිලෝමීටර් 112ක් විතර එනකොට තමා මේ පුංචි පාරාදීසයට පිවිසෙන්න පුළුවන් වෙන්නේ. මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන පේරාදෙණිය නගරයේ තමා මේ කියන රාජකීය උද්භිත උද්‍යානය පිහිටලා තියෙන්නේ. හැමෝම දන්න විදියට කියනව නම් පේරාදෙනිය මල් වත්ත.

මල් වත්තට ඇතුළු වන තැනම තියෙන ප්‍රවේශපත් කවුලුවෙන් රුපියල් 50ක් ගෙවලා ගන්න ප්‍රවේශපත්‍රයට අනුව බැළුවම අපිට ලබන්න පුළුවන් සතුට නම් අතිවිශාලයි.  මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 450කට වැඩි උසකින් පිහිටලා තියෙන මේ සොඳුරු භූමී භාගයේ පැතුරුම් ප්‍රදේශය අක්කර 145ක් විතර වෙනවා. ඒ වගේම මේ මල් උයන මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ තුන්වල වික්‍රමභාහු රජතුමා 1371 දී විතර තමා. ඊට පසුව විවිධ රජවරුන්ගෙන් සැලකුම් ලබන ගමන්ම වෙනත් ආක්‍රමණිකයින් අතින් විවිධ වූ කරදර හිරිහැර වලටත් ලක්වෙලා තියෙන මේ මල් වත්ත ආයෙම වතාවක් 1873දී නැවතත් ආරම්භකරලා තියෙනවා. පසුව 1912දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පටන් අරගෙන මේ සුන්දර මල් උයනේ පාලන කටයුතු පවරාගන්නවා.

ඊට පස්සේ තමා මහජනතාවට වඩාත් සුන්දර ආකා‍රයෙන්, හරියටම කියනවනම් පුංචි දිව්‍ය ‍ලෝකයක් වගේ තරම් ලස්සන මේ මල් වත්ත බලන්න අවස්ථාව උදාවෙන්නේ. ඇත්තටම මේ අක්කර 145ක් වෙන ඉඩ ප්‍රමාණයේ පැතිරිලා තියෙන විවිධ වූ මල් වර්ග ප්‍රමාණය නම් අති මහත්. සාමාන්‍ය ගෙවත්තකදී දැකගන්න බැරි විවිධ වර්ගයේ මල් සෑහෙන ප්‍රමාණයකින් අනූන මෙම ප්‍රදේශය සතියේ දින 365න් දින 200ක් පුරාවටම පුංචි පුංචි වැහි බිංදු වලින් දවස පුරාම සැලකුම් ලබනවා. හිටි හැටියේ කඩා වැටෙන වැස්සට මල් වත්ත බලන්න ගිය මමත් මගේ යාළුවනුත් මැදි වුනා. ඇත්තටම දුවලා ගිහිං හැංගෙන්න තරම් වැස්සත් මල් වත්ත මැද්දෙදී නම් දුවන්න වුවමනාවක් වෙන්නේ නෑ… මොකද අපිට ඉහලින් මහා රෑස්ස ගස් තම අතුපතර දසත විහිදුවාගෙන ඉන්නේ හරියට ලොකු කුඩයක් ඉහල ගෙන ඉන්නවා වගෙයි. ඒ වගේම ඒ වැස්සට තෙමෙන්දී කිසිම පීඩාවක් දැනෙන්නේ නැති තරම්.

ඔය රෑස්ස ගස් අස්සේ… බෙහෙත් පැලෑටි වලින් සමන්විත ඖෂධ උයනක්… ඒ වගේම ලංකාවේ තැනින් තැන දක්නට ලැබෙන තනකොල පැල එකතුවක් එහෙමත් තියෙනවා. ඇත්තටම සමරහ තනකොල අපේ ගෙවතු වල තියෙන පයට පෑගෙන තනකොල වුනත් මෙතෙනදී ඒවාට වටිනාකමක් අරෑඩ කරලා ඒ තනකොල වර්ගය හඳුන්වන නමක් සහිත නාම පුවරුවකුත් ගහලා තියෙන්නේ…. අපි මේ නිතර දෙවේලේ පාග පාග යන තනකොල වලට නමකුත් තියෙන බව අපිට මතක් කරමින්.

ඒ වගේම විවිධ ආහාර රසවත් කිරීමට ගන්න කුලුබඩු වර්ග… එහෙමත් තියෙනවා. ගොඩක් දුර්ලභ, අපිට සාමාන්‍යයෙන් දකින්නට නොලැබෙන කුලුබඩු වර්ග රැසකුත් නාම කරණය කරලා මහජන ප්‍රදර්ශනයට පවත්වාගෙන යනවා.

ඒ වගේම තමා හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම යන ඕකිඩ් නිවහන, මෙහි ඕකිඩ් වර්ග රැසක් අපිට බලාගන්න පුළුවන්. කැන්ඩියන් ඩාන්ස් කියන උඩරට නැට්ටුවෙක්ගේ ස්වරෑපයක් පෙන්නුම් කරන ඕකිඩ් විශේෂය විසින් අනිත් හැම ආකාරකම ඕකිඩ් වර්ග වල ලස්සන අපේ ඇස් වලින් පැත්තකට විසික් කරලා දාලා තමා දිහාට විතරක්ම අපේ ඇස් ඇද ගන්නේ ආත්මාර්ථකාමී විදියට. කැන්ඩියන් ඩාන්ස් ඕකිඩ් විශේෂය ඇරෙන්න තවත් විශේස රැසක් අතුරින් පේරාදෙනිය මල් වත්ත තුලදීම දෙමුහුම් කරපු තවත් ඕකිඩ් විශේෂ කීපයකුත් අපිට දැකගන්න පුළුවන්. ඒ හැරෙන්න මුළු උද්භිත උද්‍යානය පුරාමත් විවිධ වර්ගයේ ඕකිඩ් වර්ග පැතිරිලා තියෙනවා. සංඛ්‍යාත්මකව ගත්තොත් ප්‍රමාණයෙන් 300 ඉක්මවන තරම් ඕකිඩ් විශේෂ මෙහි තියෙනවා.

පසුව අපිට දැකගන්න පුළුවන් වෙනවා උද්‍යානය තුල ඇති පොකුණක්. රතු නෙලුම් වලින් අලංකාර වෙලා තියෙන මේ පොකුණ ශ්‍රී ලංකාවේ හැඩයට තමා නිමවලා තියෙන්නේ. ඒක නිසාම මේ පොකුණ ලංකා පොකුණ කියල නම් කරනවා. පොකුණ වටේට විවිධ මල් ගස් වලින් අලංකාර කරලා තියෙනවා. ඒ අතර අපි හැම තැනම දකින ‍බෝගන් විලා මල් පඳුරු කීපයකුත් තියෙනවා. ඇත්තටම අපි හැමතැනම දකින බෝගන් විලා වලට වැඩිය මේ මල් වල වෙනසක් නැති වුනත් හිතට එකතු කරන සුන්දරත්වය නම් අකුරු වලින් මෙහෙමයි කියලා ලියන්න බැහැ.

පසුව තවත් ටිකක් ඈතට යන විට, සල් ගස් වලින් අලංකාර වෙච්ච සල් මාවත මුනගැහේවි. අපිට යන කොටත් සල් මල් වල සුවඳ සෑහෙන දුරක ඉඳලම නාස් පුඩු අස්සට රිංගගෙන ඒ පැත්තට යන්න අපිට කරදර කලා.

එතනින් එහාට පාල්ම් ගස් පේලියක්, තල් ගස් පේලියක් සහිත පාරවල් දෙකක්ද මුන ගැහේවි. රජ තල් මාවත නමින් හඳුන්වන උස තල් ගස් වලින් හැඩවෙලා ඉන්න පාර දිහා ඕනෙ තරම් වෙලා බලන් ඉන්න පුළුවන් තරමට ලස්සනයි.

ඉතිං මේ සුන්දර මල් මාවත් වල සතිය දින හැම එකකම වගේ පාසල් දරු දැරියන් අවට සිරි නරඹන දර්ශනය සුලබයි. ඒ වගේම මල් වත්ත පුරාම හැම තැනකදීම දකින්න පුළුවන් සුලබම දසුන තමා අත් වැල් පටලවාගෙන යන පෙම්වතුන්. ඇත්තටම මල් වත්තේ පිපිලා සුවඳ දෙන මල් වගේම පෙම්වතුන් පිරිසත් ටිකක් අමුතු ආකාරයේ සෞන්දර්යක් එකතු කරනවා.

පසුව තවත් ඈතට යද්දී මහවැලි ගඟ අයිනෙන් ගඟ අයි‍නේ පිහිටලා තියෙන යෝධ උන ගස් දැකගන්න පුළුවන්. මේ උණ ගස් කොල පාටින් යුක්තයි. ඒ වගේම ලංකාව ඇතුලේ ස්ථාන දෙක තුනක ඇරෙන්න දැකගන්න බැහැ. පස්සේ යෝධ උන ගස් වල සෙවන ලබමින් ඉදිරියට ඇදෙද්දී අවසානයේ හමුවෙනවා සංගිලි පාලමක්. එක්වරකට 6 දෙනෙකුට පමණක් ගමන් කරන ලෙස තමා පාලානාධිකාරයෙන් දන්වලා තියෙන්නේ. හේතුව විදියට සඳන් කරන්නේ පාලම පැද්දෙන කොට අනතුරු වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ කතාව ඇත්ත වෙන්න ඕනේ.

ඉතිං අපිට නම් සංගිලි පාලමේ යන්න වුනේ නෑ… මොකද අපි එතෙනට යනකොට තවත් ‍ලොකු පිරිසක් එතෙන්ට වෙලා හිටිය නිසා. පස්සේ ඉතිං අපි ආයෙමත් අග ඉඳන් මුලටම ඇවිද ගෙන ආවා. ඒ එන ගමනුත් අපිට මග ඇරිච්ච තැන් ගොඩක් බලාගන්න පුළුවන් වුනා. ඇත්තටම තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක පුංචි වෙනසකටත් එක්ක යන්න හොඳම තැනක් තමා පේරාදෙණිය මල් වත්ත. තාමත් නොගිය කට්ටිය ඉන්නවනම් පොඩියකට ගිහිං බැළුවනම්… අනිවාර්යෙන් ආයෙමත් යන්න හිතේවි. ආහ්… ඒ වගේම තමා මල් වලින් පේරාදෙණිය උයන පිරිලා යන්නේ මාර්තු අප්‍රේල් මාස වලදී තමා. ඒක නිසා ඒ මාස දෙකේ ගියොත් නම් ඇත්තටම දිව්‍යලෝකේ ගියා වගේ දැනෙයි.

Advertisements

27 Responses to “පුංචි දිව්‍ය ලෝකයක්….!”

  1. Prabha Says:

    peradeniya mal waththa aththatama lassanai….eth malu aiya othanata giye yaluwo ekkamada kiyala nam mata sure na….oya anthima 4to eke inne maluwai, maluwage kellai neda??? 😀

  2. ගෝල්ඩ් fish Says:

    අපිට කොහෙන්ද නංගෝ කෑලි…. කෑල්ලක් තියා අරික්කාලක්වත් නෑ….

  3. කල්හාර Says:

    ෂහ් ලස්සනට විස්තර කරලා තියනවා පේරාදෙණිය මල්වත්ත ගැන, මටත් ආස හිතුනා පොඩි උන් දෙන්න එක්කගෙන යන්න. කැන්ඩියන් ඩාන්ස් නම් මාරම කොලිටි.

    එනකොට හොරකං කරං ආපු කැන්ඩියන් ඩාන්ස් ඕකිඩ් පැලයක් ගන්න පුලුවන්ද? මට මේ හදිස්සියේ පේරාදෙණි යන්න බැහැනෙ …….

    • ගෝල්ඩ් fish Says:

      අපි හොරු නෙමෙයි අයියේ…. හිතුවද අපිටත් මාළු පෑගෙනවා කියලා?

  4. නිල් අහස Says:

    මමත් කිප සැරයක් පේරාදෙණිය මල් වත්ත බලන්න ගිහින් තියෙනවා.
    කොච්චර ගියත් ඇති වෙන්නේ නම් නෑ.

    මේ පෝස්ට් එක මාර ලස්සන විදිහට ලියලි තියෙනවා.
    ආයෙම යන්න හිතෙන තරම් ම….

  5. දේවා ගේ අඩවිය Says:

    මගෙත් ගොඩාක් ලස්සන දවස් ගොඩාක් ගැන ඔය මල්වත්තේ සාක්ෂි දරනවා..
    එත් කොච්චර ගිහින් තිබුනට්න් ඔය තරම් ඒ දේවල් ගැන අතිතයක් නම් දැන ගෙන උන්නේ නැ… තැන්ක්ස් යාලුවා..
    ඉක්මනටම කෙලි පැටික්කියක් එක්ක යන්න ලැබෙයි මගේ යාලුවා

    • ගෝල්ඩ් fish Says:

      උඹගේ ප්‍රාර්ථනයට ගොඩක් ස්තූතියි මචෝ. ඒත් එහෙම ගිය දාට පස්සෙන්දට මේ වගේ ලියන්න ලැබෙන්නේ නම් නෑ. 🙂

      • දේවා ගේ අඩවිය Says:

        ඔව් උබ ඊට පස්සේ නෙමේ ඉතින් කවදාවත් මෙහෙම එකක් ලියන්න මේ වගේ වටින දේවල් මතක තියා ගනිද කියලා මටත් සැකයි තාමා

      • ගෝල්ඩ් fish Says:

        හික්ස්…. ඒකනේ ඒකනේ බං…. ඒ වුනාට ඉතිං කෙළි පොඩ්ඩක් හිටිය කියල නරකකුත් නෑ මං හිතන්නේ.

  6. මදුශාන් Says:

    හලේ මාලුවෝ අපිට අවුරුදු 4ක්ම තියනවා ඕක වටේ රවුං ගහන්නත් එක්කම 😛 😛 එල නෙහ්?

  7. Black King Says:

    nice post

  8. මධුරංග Says:

    මට නම් ගිහිල්ලා එපාම වෙච්ච තැනත් ඕකම තමා. ඒ තරමටම ගිහින් තියෙනවා.ඒ උනත් අයියා කිව්වත් වගේ යන්න යන්න ආස හිතෙන තැනක්. දැන් ඔය ජෝඩු වලට ගස් යට වාඩි වෙන්න දෙන්නේ නෑනේ. විසිල් ගහනවා. 🙂

    මමත් මල් ගැන ලිව්වම මාළු අයියා මල් වත්තක් ගැන ලියනවා. 🙂
    පරක්කු උනා බොලව් කමෙන්ට් කරන්න. අද කැළණි පංසල් ගියා නේ.

  9. සෝරෝ Says:

    තීම් එක එළ…

  10. deeps Says:

    මල් වත්ත කියන්නේ මාත් එපා වෙනකන් ගිහින් තියන තැනක්…එත් ඉතින් ලස්සන නිසා බැරි වෙලාවත් ගියොත් එලියට එන්න හිතෙන්නෙත් නැහැ. අපි විභාග ඉවර වුනාම හරි , යාලුවෝ එක්ක ජොලියක් දාන්න ඕනේ වුනාම හරි යන තැනක්. තව මාළුවට ඒක තැනක් අමතක වෙලා. අර ලොකු පිට්ටනිය අයිනේ තියන කෑම කඩේ. 😀 එකෙන් කෑම කන්න මම හරි ආසයි….එතන ඉදගෙන සීතල සුළඟ විදින ගමන් පැය ගානක් කතා කර කර කෑම කන්න පුළුවන්….යශෝදරා එක්ක යන්න නම් ශෝක් තැන මාළුවෝ

    • ගෝල්ඩ් fish Says:

      අඩේ එහෙම කඩයක් තිබ්බේ නැහැනේ… සමහරවිට එදා වහල තිබුනද දන්නේ නෑ,… මගෙත් තුන් හිතේම තියෙන්නේ යශෝධරාව එක්කන් යන එක තමා.

      • deeps Says:

        ඔව් ඒක හැමදාම ඇරලා නැහැ..කෑම කඩයක් කිව්වට ඉතින් ඒක අර restaurant ජාතියේ කෑම කඩයක්

      • ගෝල්ඩ් fish Says:

        ඇයි අර කැන්ටිම…. ඒකත් මරු

      • Black King Says:

        යකෝ ඕවා හිතේ තියාගෙන ඉදලා හරියන්නෙ නෑ බන්

  11. Mahesh Nishantha Says:

    මාළු පැටියෝ ..ඔයා හරිම ලස්සනට මල් වත්තේ රඟ අපේ සිතේ මවනවා …ආයෙත් හැබැහිනම් ගියා වගේ . හරිම ලස්සනනයි ලිපිය …

  12. කෝඩුකාරයා Says:

    මල් වත්තෙ රසනම් එළටම කියල තියනවා.දැන්නම් මල් වත්තට යන්නම හිතෙනවා.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: