කෙල්ලෝ, කියවනව එහෙම නෙමෙයි… හිතගිය ඇත්තිගේ ආදරේ ගැන තවදුරටත්….

කොච්චර කට කඩාගෙන අත උරුක් කොරගෙන ලියලා කියලා මොනා කලත් මේකත් කෙල්ලෝ කියවනවා…. ඒකත් නිකං හරියට බීරි ඊරියන්ට ගිටාර් ගහනවා වගේ තමා. උංට තේරෙන මගුලකුත් නෑ, මහ ලොකුවට කොල්ලන්ට පමණයි එව්වා කියවනවා. දැන් ඉතිං මේකත් කියෝලා කට්ටිය එක්ක අඩන්න. අපි ගැන මෙහෙමද කොල්ලෝ හිතාගෙන ඉන්නේ කියලා…

කීප දෙනෙක් මං අන්තිමට දාපු හිතගිය ඇත්තිගේ කතා පෙළේ කතාව කියෝලා ඉල්ලීමක් කොරලා තිබ්බා, හිත ගිය ඇත්තීගේ ආදරේ පරීක්ෂා කරගන්න විදියක් ගැන. ඒ කියන්නේ අපි කොයිතරම් ගෑණු ළමයට ආදරේ වුනත්, තෑගි දීලා, පුදු‍ම කරවලා අරවා මේවා ඔක්කොම කලා වුනත් මාත් පිළිගන්නවා සමහර කෙල්ලෝ කොල්ලන්ට ආදරේ නෑ කියලා.

එයාලට ඕනේ ෆන් එක. ඒ කියන්නේ කොල්ලෙක් එක්ක කොහෙ හරි රවුමක් යන්න. එතකොට කොල්ලගේ දතක් දෙකක් ගලෝලා අළුත් ඇඳුමක් ගන්න වගේ දේකට තමා ඒ වගේ ගෑණු ළමයි කොල්ලන්ව ඇසුරු කරන්නේ. දැන් ඉතිං කව්රුවත් තරහා වෙනවා එහෙම නෙවෙයි මාත් එක්ක. මොකද කියන දෙයක් නාහන ගෑණු ළමයි මේක කියවාගෙන යනවා නම් ටිකක් හිතලා බලන්න ඔයා‍ලා කොයිතරම් හොඳ වුනත් වැඩි හරියක් ගැහැණු ළමයි මෙහෙම නේද කියලා…

ඉතිං මං නම් කියන්නේ කෙල්ල අකමැති වුනා හරි කොහොම හරි කැමති කර ගත්තැයින් පස්සේ එයාට නොකියම එයාව පොඩි පරිවාස කාලයකට ‍දාන්න. ඒ අතරෙදි හොඳින් නිරික්ෂනය කරන්න කෙල්ලගේ සිතුම් පැතුම් ගැන. සැලකිලිමත් වෙන්න එයා අපෙන් බලාපොරොත්තුවෙන දේවල් ගැන.

කෙල්ල කොලුවා එක්ක ආදරේක පැටලුනේ කොලුවගේ තියෙන වත් පොහොසත් කම් වලට හිත ගිහිං හරි, එහෙමත් නැත්තං රැකියාවේ තත්වෙට හිතගිහිං හරි නම් ඒ ගැන පුදුම වෙන්න එපා. මොකද හැම ගෑණූ කෙනෙක්ම කැමතියි සතුටින් සන්තෝසෙන් ඉන්න. ඒක නිසා ඒ දේවල් ගැන වැඩියම හිතන්න එපා. ඒත් හොඳින්ම නිරීක්ෂනය කරන්න කෙල්ල බලාපොරොත්තු වෙන්නේ කොල්ලටගේ අකවුන්ට් එකේ තියෙන මුදල් ගැනද, වාහන ගැනද නැත්තං වෙනත් දේපොල ගැනද කියලා.

කොටින්ම කියනවා නම් කෙල්ල කොල්ලා එක්ක යාළුවුනේ සල්ලි බාගේ නිසා නම්,  එහෙමත් නැත්තං කෙල්ල කොල්ලට වැඩිය කොල්ලගේ සල්ලි වලට ආදරේ කරනවනම්… කොල්ලගේ ජීවිතේ අනතුරේ වැටෙන වෙලාවක් ගැන කලින් කියන්න කාටවත් බැහැ. මොකද අපිට තියෙන හැම සැපසම්පතක්ම අපි නොහිතන වෙලාවල් වලිදී අපිට අහිමි වෙන්න පුළුවන්. ඉතිං ඒ වගේ වෙලාවකට අපිත් එක්ක ආදරෙන් හිටිය… වැරදුනා අපිට ආදරෙන් නෙමේ අපේ සල්ලි වලට ආදරෙන් හිටිය කෙල්ලෝ අපිව දාලා යන එක නවත්තන්න සක්කරයටවත් බැහැ.

ඉතිං එහෙම එකේ ටිකක් සැලකිලිමත් වෙන්න… ගෑණු ළමයව තමන්ගේ ජීවන සහකාරිය කරගන්න හිතාගෙන ඉන්නවනම්… ඒ ගෑණූ ළමයා ජිවිත කාලයේදී ඇති වෙන එක එක කාලගුණ විපර්යාස වලට හොඳින්ම ඔරොත්තුදෙන කෙනෙක්ද කියලා. ඒ කියන්නේ සැපේදී විතරක් නෙමේ අපි දුකට පත්වෙන හැම වෙලාවකදිමත්… අපිට පිහිට වෙලා, අපිව ආදරෙන් බලාගෙන, අපිව ධෛර්යයමත් කරන්න පුළුවන් කෙනෙක්ද කියලා. එහෙම වුනොත් නම් සතුටින් ඉන්න පූළුවන් දෙන්නටම. ඒ වගේ ගෑණූ කෙනෙකුට අසීමිතව ආදරය දුන්නා කියලා වැරැද්දක් නෑ මං හිතන්නේ.

ජීවත් වෙන්න සල්ලි ඕනේ තමා, ඒත් සල්ලි කියන්නේ ජීවිතයම නෙමේ. මං හිතන විදියට නම් ජීවිතයෙන් සියයට 60ක් 70ක් විතරම සම්පුර්ණ කරන්නේ ආදරය විසින්. අනේ මන්දා මං වැරදිද කියලා… ඒත් ඉතිං ‍ඒ මට හිතෙන හැටි.

දැන් ඉතිං ඔය දඩබ්බර කොල්ලෝ… තමන්ගේ ගෑණූ ළමයි අයිස් කිරිමක් ‍එහෙම ඉල්ලනකොට ගනන්  උස්සනව එහෙම නෙවෙයි. අරන් දෙන්න එකට දෙකට… හැබැයි කලින් කිව්වා වගේ හොඳ ගෑණූ ළමයෙකුට. බය වෙන්න දෙයක් නෑ ඕනේ තරම් ඉන්නවා හොඳ ගෑණූ ළමයි. ඒ අස්සේ අතරින් පතර ඉතිං… අර කැලේ තියෙන හැම ගහටම හෙන ගන්නේ නෑ වගේ… හෙන පාත් වෙන කරුමක්කාර ගසුත් තියෙනවා. ඒක නිසා ඉතිං ප්‍රවේසමෙන් තෝරගන්න ඕනේ ගෑණූ ළමයව. ගොඩ දෙනෙක්ට හිත ගියාට… ඒ හැමෝටම අපිව ජීවත් කරන්න බෑ. අපි වැටෙන වෙලාවට, අපිව ​ධෛර්යයමත් කරලා උස්සලා තියන්නත් හැමෝටම බෑ.

ඒ වගේම එකෙක් හරි ස්පෙයාර් වීල් එකක් හයර් කොරනවා නම් මේ කියන එව්වා එකක්වත් අදාල නෑ. මොකද මෙව්වා කරන්න ගිහිං ඔරිජිනල් වීල් එක ගලෝලා දාලා ස්පෙයාර් එක ගෙදර ගෙනියන්න වුනොත් එහෙම මාව කන්න හදයි…

52 Responses to “කෙල්ලෝ, කියවනව එහෙම නෙමෙයි… හිතගිය ඇත්තිගේ ආදරේ ගැන තවදුරටත්….”

  1. මධුරංග Says:

    මාළු අයියා උබ නම් පට්ට කොල්ලෙක් බොලව්. කිව්වත් වගේ ජීවිතය කියන්නේ සල්ලි මත්තෙම නහෙන එක නෙමේ. ඒක මම අදහන ධර්මතාවයක්.

    අම්මෝ කෙල්ලෝ ගැන නම් කතා කරන්න එපා මාලු අයියේ. මම් එක කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා. ඒකිට මාව මතක් වෙන්නේ ඇඳුමක් ගන්න ඕන වෙලාවට විතරයි. එතකොට මගේ පර්ස් එක සුද්ධ කරනවා. අපෝ මෙහෙමත් කෙලි සංහතියක්. ඒ අතරින් හොඳ කෙල්ලොත් නැත්තෙම නෑ.

    මාළු අයියා අද උදෙන්ම නැගිටලා පෝස්ට් දාලා තියෙන්නේ.

    ප.ලි. – ටෙම්ප්ලේට් එක සරල කරපු එකනම් හොදයි. කොටින්ම බ්ලොග් එකක අපි ටෙම්ප්ලේට් එක කන්න කියලා යෑ. 🙂

  2. සාතන් Says:

    උඹ කෙල්ලො ගැන නම් දන්නව මලය බොහොම හොඳට… ඒත් ඉතිං උඹ සල්ලි ගැන හිතන් ඉන්න විදිහනම් බොහොම වැරදී…. ජීවිතේ කියන්නෙ සල්ලි නෙමෙයි වුනාට මිත්‍රය ජීවිතේ දුවවන්න සල්ලි කියන්නෙ, වාහනේකට පැට්‍රල් ඩීසල් වගේ දෙයක්….

    අලුත් ටෙම්ප්ලේට් එක හින්දද උඹ ඊයෙ පෝස්ට්ටුවක් නොදැම්මෙ… මේ තියන විදිහ හොඳා….

  3. deeps Says:

    අලුත් ටෙම්ප්ලේට් එක නම් ගති ඈ!

  4. ශානි Says:

    උඹනම් හරියන්නේම නෑ බොල අයියේ ඔව්වා බලලා හොඳට ඉන්න කොල්ලොත් නරක් වෙනවා ඒකෙන් වෙන්නේ අපි වගේ අහින්සකයින්වත් අවිස්වාස කොරන එක තමා

  5. Kasun Chanaka Says:

    මාලුව අයිය වගෙ ලෝකෙ කාපු අයියල ඉන්න එක අපි වගේ අහිංසක මල්ලිලාට කොච්චර දෙයක්ද? නැත්තන් අපි ඔය වගේ නරක කෙල්ලන්ට අහුවෙනවනෙ. 😛

    අර පරිවාස කාලෙ නම් බොහොම වැදගත් දෙයක් තමයි අයියෙ. පටන් ගත්ත ගමන් මේ තමයි ලෝකෙ ඉන්න හොඳම කෙල්ල කියල හිතාගත්තොත් කොච්චර වැරදි තිබ්බත් පේන්නෙ නෑ.

  6. chutiputha Says:

    gathi machan.. ජීවත් වෙන්න සල්ලි ඕනේ තමා, ඒත් සල්ලි කියන්නේ ජීවිතයම නෙමේ. මං හිතන විදියට නම් ජීවිතයෙන් සියයට 60ක් 70ක් විතරම සම්පුර්ණ කරන්නේ ආදරය විසින්. අනේ මන්දා මං වැරදිද කියලා… ඒත් ඉතිං ‍ඒ මට හිතෙන හැටි..
    :)..

  7. අකිකරු හිත Says:

    කියවන්ට එපා කිව නිසා හොරෙන් මුල් ටික කියවගෙන එනකොට මෙන්න තියෙනවා “ඒකත් නිකං හරියට බීරි ඊරියන්ට ගිටාර් ගහනවා වගේ තමා. උංට තේරෙන මගුලකුත් නෑ,“ කියලා …. මේ වාක්‍යට බලවත් මාගේ විරෝධය පල කරනවා ඔන්න….. (ඔය මොනව කිව්වත් ඊරියන්ට මොන සෞඛ්‍යද කියලා හිතාන මම මේක කියෙව්ව බොල).. තීම් එක නම් එළ..උපදෙස් ටිකත් එළ…මේ මාතෘකාවේ අනිත් පැත්ත ගැන ඔබ තුමාගේ අදහසුත් දැම්මනම් හොදා නේද?

  8. ariyarathna rajapaksha. Says:

    harima wadagath kiyamanak gold.meka kolloth therum ganna one.samaharawita thamanta adare karana karapu kellawath salli nisa kollantath amathaka wenawane.ekath aththa neda,honda lipiyak.

  9. පිස්සිගෙ ලෝකය Says:

    මාලුවා කැමති නන් විශ්වාස කරන්න අවුරුදු 2 1/2කටම මම ඉල්ලලා තියෙන්නෙ රෝස මලක් අරන් දෙන්න කියලා විතරයි. 🙂

  10. Dinuka Harshana Says:

    කතාව නම් සහතික ඇත්ත ඕන්..ඔය කියන ක්‍රම වලට කෙල්ලව පරීක්ශා කරන්න ටිකක් අමාරුයි හැබැයි..
    කෙල්ලො ගැන කතාවක් තියෙනවා මෙන්න මේකත් කියවලා බැලුවානම්..

  11. කල්හාර Says:

    කියලා තියෙන්නෙ නම් ඇත්ත …….. මේකත් චෙක් කරලා බලලද දැම්මෙ මලයා …….

  12. සිරි කොලුවා Says:

    ගොඩ දවසකින් පිශ් අයියෙ මෙ පැත්තෙ අවෙ.. පහු ගිය ටිකෙ ඔලුව කොල්ලොප්පන් වෙලා හිටියෙ මෙ මඟුල් එක්සැම් කෙලවිලා……… 😦
    දුප්පත් කම ජිවිතෙ වත්කම වෙද්දි ආදරය අන්සන්තක වෙන එක වලක්ක්වන්න අමරුයි කියලයි අයියා මම නම් හිතන්නෙ… මම ඒකට උදා. ගොඩක් දැකලා තියන්වා… හ්ම්ම් අනෙ මන්දා……. 🙂

  13. Luckey Says:

    පරිවාස කාලෙ…නියම අදහස..
    උඹට කෙලවුනෙත් ඔය පරිවාස කාලෙදිද මලේ?…

  14. නවම් Says:

    බලාගන යනකොට වතුරෙම උන්නට මේකගෙ මොලේ වැඩිය පෙඟිල පුස් කාල නෑ නෙව…. සහතික ඇත්ත බං.

  15. නවම් Says:

    කියන්න අමතක උනා….. මේ ටෙම්ප්ලේට් එක නම් මරේ මරු බං.. කියවන්න කිසිම අමාරුවක් නෑ. ඉස්සෙල්ල තීම් එකේ පෝස්ට් එකක් කියවල අහවර වෙනකොට ඇස් දෙක දොට්ට පනින්න ඔන්න මෙන්න වගේ……

  16. sithuwam Says:

    එළ මචං එහෙනම් අපේ ඉල්ලිම්වලටත් ඉඩක් දුන්න උඹ.හැබැයි රජෝ පොඩි පොඩි සීන් තියෙනව නොගැලපෙන.ඔය පරිවාසෙ පැන්නට පස්සෙත් ගහෙන් ගෙඩි එන්නැහෙ කණපිට ගහන ගෑණුත් ඉන්නව මචං.

  17. පිණිබිඳු Says:

    සල්ලිද වටින්නෙ… මිනිස්සුද වටින්නෙ… අපෝ මිනිස්සු මිනිස්සු.. හැබැයි සල්ලි තියෙන මිනිස්සු.. කියලා කවුදෝ කිව්වලු. මම නම් නෙමෙයි ඈ… අපි නම් දුප්පත් ඈයො වෙච්චි.

  18. මදුශාන් Says:

    හලේ මම ඔය පොඩි පරිවාස කාලෙ දැන්මම රන් කරනවද කොහෙද බං පටන් ගන්නත් කලිංම 😛 😛 කොහෙද ඒවා ඔටෝ රන් සෙට් වෙලාද කොහෙද තියෙන්න

  19. බෙලෙක් කටා Says:

    බොටයි මටයි එක වගේ අදහස් නේ බං තියෙන්නේ..

  20. චතුර.... Says:

    මමත් අහුවුනා නොවැ ඔය කිව්ව ජාතියේ එක්කෙනෙකුට..

  21. හිස් අහස Says:

    අනේ බං මට කලින් හිටපු කෙල්ලට මම අරගෙන දුන්නා එකට තුනක් ! . අන්තිමට ඒකි අම්ම අප්ප කියපු දේට එකඟ වෙලා . දැන් අම්ම අප්පගේ කනිනුත් රිංගලා . නිකං නෙල්සන් මැන්ඩෙලා වාගේ කොල්ලෙක්ව සෙට් කරගෙන දැන් යහතින් ඉන්නේ .

    අනේ බං මට තාම අළුත් එකියකට හිත ගියේ නෑ නේ තවම ..

    දුකේදී ඉන්න කෙල්ලක්ව ලබාගන්න නම් කොල්ලා අමර වාසනාවන්තයෙක් වෙන්න ඕන .අද කාලේ අතරින් පතර එහෙම කෙල්ලෝ නැතුවාමත් නෙවේ .! වාසනාව තිබ්බොත් කාර බාරියෙක් හම්බ වෙයි . නැත්තං ඉතින් වදක බාරී කෙනෙක්ව තමා කරපින්නා ගන්න වෙන්නේ .

  22. දේවා ගේ අඩවිය Says:

    සල්ලි මත්තේ නැහෙන එහෙම හොයන කෙල්ලෙක් එක්ක ජිවත් වෙනවා කියන්නේ අතුරේ යනවා වගේ වැඩක් නේ .. (වෙලාවට මට නම් එහෙම වෙලා නැ..)
    ජිවත් වෙන්න සල්ලි ඕනා.. තමයි.. එත් ඒක ජිවිතේම නෙමේ කියලා මම නම් හිතන්නේ,….
    මේකේ තුන්වෙනි කොටසත් දාන්න වෙයි වගේ නේද? ජය

  23. Kathandara Says:

    මොකද කොල්ලෝ කියල සාන්තුවරයෝ ද?

  24. Black King Says:

    adanam kollo ube mole tikak padila wge, but awanka adarak unath ekata pawathmak thiyenne salli thibunoth witharai bun, eka warthamana samajaye hati


Kathandara වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: