කෙල්ලෝ, කියවනව එහෙම නෙමෙයි… හිතගිය ඇත්තිගේ ආදරේ ගැන තවදුරටත්….

කොච්චර කට කඩාගෙන අත උරුක් කොරගෙන ලියලා කියලා මොනා කලත් මේකත් කෙල්ලෝ කියවනවා…. ඒකත් නිකං හරියට බීරි ඊරියන්ට ගිටාර් ගහනවා වගේ තමා. උංට තේරෙන මගුලකුත් නෑ, මහ ලොකුවට කොල්ලන්ට පමණයි එව්වා කියවනවා. දැන් ඉතිං මේකත් කියෝලා කට්ටිය එක්ක අඩන්න. අපි ගැන මෙහෙමද කොල්ලෝ හිතාගෙන ඉන්නේ කියලා…

කීප දෙනෙක් මං අන්තිමට දාපු හිතගිය ඇත්තිගේ කතා පෙළේ කතාව කියෝලා ඉල්ලීමක් කොරලා තිබ්බා, හිත ගිය ඇත්තීගේ ආදරේ පරීක්ෂා කරගන්න විදියක් ගැන. ඒ කියන්නේ අපි කොයිතරම් ගෑණු ළමයට ආදරේ වුනත්, තෑගි දීලා, පුදු‍ම කරවලා අරවා මේවා ඔක්කොම කලා වුනත් මාත් පිළිගන්නවා සමහර කෙල්ලෝ කොල්ලන්ට ආදරේ නෑ කියලා.

එයාලට ඕනේ ෆන් එක. ඒ කියන්නේ කොල්ලෙක් එක්ක කොහෙ හරි රවුමක් යන්න. එතකොට කොල්ලගේ දතක් දෙකක් ගලෝලා අළුත් ඇඳුමක් ගන්න වගේ දේකට තමා ඒ වගේ ගෑණු ළමයි කොල්ලන්ව ඇසුරු කරන්නේ. දැන් ඉතිං කව්රුවත් තරහා වෙනවා එහෙම නෙවෙයි මාත් එක්ක. මොකද කියන දෙයක් නාහන ගෑණු ළමයි මේක කියවාගෙන යනවා නම් ටිකක් හිතලා බලන්න ඔයා‍ලා කොයිතරම් හොඳ වුනත් වැඩි හරියක් ගැහැණු ළමයි මෙහෙම නේද කියලා…

ඉතිං මං නම් කියන්නේ කෙල්ල අකමැති වුනා හරි කොහොම හරි කැමති කර ගත්තැයින් පස්සේ එයාට නොකියම එයාව පොඩි පරිවාස කාලයකට ‍දාන්න. ඒ අතරෙදි හොඳින් නිරික්ෂනය කරන්න කෙල්ලගේ සිතුම් පැතුම් ගැන. සැලකිලිමත් වෙන්න එයා අපෙන් බලාපොරොත්තුවෙන දේවල් ගැන.

කෙල්ල කොලුවා එක්ක ආදරේක පැටලුනේ කොලුවගේ තියෙන වත් පොහොසත් කම් වලට හිත ගිහිං හරි, එහෙමත් නැත්තං රැකියාවේ තත්වෙට හිතගිහිං හරි නම් ඒ ගැන පුදුම වෙන්න එපා. මොකද හැම ගෑණූ කෙනෙක්ම කැමතියි සතුටින් සන්තෝසෙන් ඉන්න. ඒක නිසා ඒ දේවල් ගැන වැඩියම හිතන්න එපා. ඒත් හොඳින්ම නිරීක්ෂනය කරන්න කෙල්ල බලාපොරොත්තු වෙන්නේ කොල්ලටගේ අකවුන්ට් එකේ තියෙන මුදල් ගැනද, වාහන ගැනද නැත්තං වෙනත් දේපොල ගැනද කියලා.

කොටින්ම කියනවා නම් කෙල්ල කොල්ලා එක්ක යාළුවුනේ සල්ලි බාගේ නිසා නම්,  එහෙමත් නැත්තං කෙල්ල කොල්ලට වැඩිය කොල්ලගේ සල්ලි වලට ආදරේ කරනවනම්… කොල්ලගේ ජීවිතේ අනතුරේ වැටෙන වෙලාවක් ගැන කලින් කියන්න කාටවත් බැහැ. මොකද අපිට තියෙන හැම සැපසම්පතක්ම අපි නොහිතන වෙලාවල් වලිදී අපිට අහිමි වෙන්න පුළුවන්. ඉතිං ඒ වගේ වෙලාවකට අපිත් එක්ක ආදරෙන් හිටිය… වැරදුනා අපිට ආදරෙන් නෙමේ අපේ සල්ලි වලට ආදරෙන් හිටිය කෙල්ලෝ අපිව දාලා යන එක නවත්තන්න සක්කරයටවත් බැහැ.

ඉතිං එහෙම එකේ ටිකක් සැලකිලිමත් වෙන්න… ගෑණු ළමයව තමන්ගේ ජීවන සහකාරිය කරගන්න හිතාගෙන ඉන්නවනම්… ඒ ගෑණූ ළමයා ජිවිත කාලයේදී ඇති වෙන එක එක කාලගුණ විපර්යාස වලට හොඳින්ම ඔරොත්තුදෙන කෙනෙක්ද කියලා. ඒ කියන්නේ සැපේදී විතරක් නෙමේ අපි දුකට පත්වෙන හැම වෙලාවකදිමත්… අපිට පිහිට වෙලා, අපිව ආදරෙන් බලාගෙන, අපිව ධෛර්යයමත් කරන්න පුළුවන් කෙනෙක්ද කියලා. එහෙම වුනොත් නම් සතුටින් ඉන්න පූළුවන් දෙන්නටම. ඒ වගේ ගෑණූ කෙනෙකුට අසීමිතව ආදරය දුන්නා කියලා වැරැද්දක් නෑ මං හිතන්නේ.

ජීවත් වෙන්න සල්ලි ඕනේ තමා, ඒත් සල්ලි කියන්නේ ජීවිතයම නෙමේ. මං හිතන විදියට නම් ජීවිතයෙන් සියයට 60ක් 70ක් විතරම සම්පුර්ණ කරන්නේ ආදරය විසින්. අනේ මන්දා මං වැරදිද කියලා… ඒත් ඉතිං ‍ඒ මට හිතෙන හැටි.

දැන් ඉතිං ඔය දඩබ්බර කොල්ලෝ… තමන්ගේ ගෑණූ ළමයි අයිස් කිරිමක් ‍එහෙම ඉල්ලනකොට ගනන්  උස්සනව එහෙම නෙවෙයි. අරන් දෙන්න එකට දෙකට… හැබැයි කලින් කිව්වා වගේ හොඳ ගෑණූ ළමයෙකුට. බය වෙන්න දෙයක් නෑ ඕනේ තරම් ඉන්නවා හොඳ ගෑණූ ළමයි. ඒ අස්සේ අතරින් පතර ඉතිං… අර කැලේ තියෙන හැම ගහටම හෙන ගන්නේ නෑ වගේ… හෙන පාත් වෙන කරුමක්කාර ගසුත් තියෙනවා. ඒක නිසා ඉතිං ප්‍රවේසමෙන් තෝරගන්න ඕනේ ගෑණූ ළමයව. ගොඩ දෙනෙක්ට හිත ගියාට… ඒ හැමෝටම අපිව ජීවත් කරන්න බෑ. අපි වැටෙන වෙලාවට, අපිව ​ධෛර්යයමත් කරලා උස්සලා තියන්නත් හැමෝටම බෑ.

ඒ වගේම එකෙක් හරි ස්පෙයාර් වීල් එකක් හයර් කොරනවා නම් මේ කියන එව්වා එකක්වත් අදාල නෑ. මොකද මෙව්වා කරන්න ගිහිං ඔරිජිනල් වීල් එක ගලෝලා දාලා ස්පෙයාර් එක ගෙදර ගෙනියන්න වුනොත් එහෙම මාව කන්න හදයි…

%d bloggers like this: