ඊළඟ උපන් දිනේට තව දවස් කීයද…? (18+)

ඔය පහල තියෙන්නේ මං තුමා විසින් බ්ලොග් එක පටන් ගන්න කලින් හදපු පොඩි ෆ්ලෑෂ් ෆයිල් එකක්. පස්සේ ටිකක් මොඩිෆයි කරලා ඕං දැම්මා. ඔයාලගේ උපන් දිනේ කවද්ද…? ඔයාලා​ගේ ඊළඟ උපන් දිනේට තව කොච්චර දවසක් තියනවද කියලා මේකෙන් බලාගන්න පුළුවන්. බලන්නකෝ කට්ටිය එක්ක පොඩි ට්‍රයි එකක් දාලා. මැද තියෙන කොටුවේ ක්ලික් කරලා “V” අකුර නැතුව අංක නමය විතරක් ටයිප් කරන්න.

මේකේ පොඩි අවුල් සහගත තැන් වගයක් තියෙනවා… ඒත් ඔයාලා හරියටම අයිඩෙන්ටි නම්බරේ දුන්නොත් වැඩේ හරි… වැරදුනොත් නම් සොරි. මං පුළුවන් තරම් බැලූවා මේකේ තියෙන කෝඩ් එක්ක හැප්පිලා එව්වා හදන්න. විවේකයක් නැති කම නිසා අද වෙනකං නම් පුළුවන් වුනේ නෑ. මට බැරි පාර වයඹ යුනියේ යාලුවෙක්ගේ උදව්වත් ගත්තා… ඒත් වැඩේ හරිගියේ නෑ. ඒ පාර ෆ්ලෑෂ් ගැන දන්න කෙනෙක්ගෙන් ඇහුවම දැනගත්තා මේක ෆ්ලෑෂ් සමග එන ඇක්ෂන් ස්ක්‍රිප්ටින් වල තියෙන දෝෂයක් කියලා… එව්වට ඉතිං මයේ ගාව බෙහෙත් නෑනේ… ඒක නිසා ඕං පුළුවන් විදියට දැම්මා. කාට හරි බාගන්න ඕනෙ නං… මෙතෙනින් ගන්න. ඒ වගේම මොබයිල් වර්ෂන් එකකුත් තියේ ඒක… මෙතනින්(ලින්ක් උඩ රයිට් ක්ලික් කරලා save link as )

දැන් ඇයි මේක 18+ කියලා දැම්මේ අහන අයට මොනාද කියන්නේ…? මෙන්න මේකයි සීන් එක, 18 අඩු අයට මේකෙන් වැඩ කරන්න බෑනේ… අයිඩෙන්ටිය තියෙන්න එපැයි ඒකයි. කවද හරි ඔය පොඩි එව්වෝ ලොකු වෙච්ච දවසක අයිඩෙන්ටියක් හම්බුවෙයිනේ, එතකන් ඔය ගෙදර ඉන්න කෙනෙක්ගේ නම්බරේකින් වැඩ කරලා බලන්න.

පුංචි ලෙඩක් තියෙන්නේ සර්…

නිකමට හිතන්න ඔයාලගේ ගෙදර තියෙන් මොකක් හරි උපකරනයක් මොකක් හරි දෙයක් නිසා වැඩ කරන්නේ නැතුව ගියා කියලා. ඒ වගේ වෙලාවකට ඔයාලා කරන්නේ ඒ අදාල දේට ලැබුන වගකීම් කාලය තව කොච්චරක්ද කියලා බලන එකනේ…

ඊට පස්සේ අදාල භාන්ඩෙ මිලදී ගත් තැනට කතා කරනවා. දැන් ඉතිං ඒ වගේ කෝල් එකක් මටත් ආවා. මේක ඇත්තටම මටම ආපු කෝල් එකක් නෙමෙයි. මගේ බොස්ට ආපු එකක්. ලොක්කා නැති නිසා මං තමා ආන්සර් කලේ… හිතාගන්නකෝ මං වැඩකරන ආයතනයේ හදන්නෙ විදුලි බල්බ් කියලා…

ඔන්න කෝල් එක දීපු කෙනා කතාකරනවා….

හෙලෝ…..

මම – හෙලෝ… ගුඩ් මෝර්නින් සර්….

ආහ්… මං මේ කතා කලේ මහත්තයා, මං සර්ලගෙන් ගත්තා බල්බ් එකක පුංචි ප්‍රශ්නයක් තියෙනවා කියන්න..

මල මගුලයි… මේක මේ කස්ටමර් කම්ප්ලේන් එකක්නේ… දැන් ඉතිං මොකද කරන්නේ… මට කස්ටමර් කම්ප්ලේන් වලට උත්තර දීලා පුරුද්දක් නැහැ. ඒකට තමා චීෆ් කොලිට් කන්ට්‍රෝලර් හරි, ප්‍රොඩක්ෂන් මැනේජර් හරි, කොලිටි මැනේජර් හරි ඉන්නේ… කරුමෙට මේ තුන් දෙනාම එකම මීටිමේ. ඒක නිසා කෝල් එක වෙන කෙනෙකුට යවන්නත් බෑ…

අන්තිමේ ඉතිං මං බලෙන්ම වගේ බීලී කොක්කට පැටලුනා. අර කෝල් එක දීපු පොරත් මට හිතෙන්නේ කොහෙහරි දුෂ්කර ගමක කෙනෙක් වෙන්න ඕනේ කතාකරපු විලාසයට අනුව. ආයෙමත් ඔන්න…

මම – එහෙමද සර්…. මොකද්ද දන්නේ නෑ ප්‍රශ්නේ…?

මං එහෙම ඇහුවේ… කස්ටමර්ලා අපිට කෝල් එක දෙන්නේ ප්‍රශ්නේ එයාලට පුලූවන් විදියට විසඳගන්න ට්‍රයි කරලා අනාගෙන … නාගෙන ඔක්කොම කරගෙන. ඒක නිසා ඉතිං විස්තරේ අහගන්න පුළුවන්නේ…. අනික පුංචි ප්‍රශ්නයක්නේ තියෙන්නේ… ඒක නිසා ඉතිං මට උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන වැඩේට බැස්සා.

අනික් පැත්තෙන් මට උත්තර දෙනවා…  මහත්තයා අපි මහත්තයලගෙන් ගත්ත බල්බ් එක පත්තු වෙන්නේ නෑනේ…. ඒකට මොනව හරි කරලා දෙන්න. කියලා.

ඒ වචන ටික ඇහුනට පස්සේ මාව නිකං කරකෝලා අතෑරියා වගේ. ඇයි දෙයියනේ මේ යකා මුලින් කිව්වේ පුංචි ප්‍රශන්යක් කියලා… පස්සේ බලාගෙන යද්දී ඇතිවෙන්න පුළුවන් ලොකුම ප්‍රශ්නෙත් ඒකමයි. බල්බ් කියන්නේ එලිය දෙන එකක්නේ. ඉතිං ඒකේ ප්‍රධාන අරමුන ආලෝකය දෙන එක නැත්තං පත්තු වෙන එකනේ. දැං අර මනුස්සයා කියන පුංචි ප්‍රශ්නේ තමා ලයිට් එක පත්තු වෙන්නේ නැති එක…. පොරට බල්බ් එක ගැන තියෙන ඒ ප්‍රශ්නය පුංචි ප්‍රශ්නයක් වුනාට අපේ කර්මාන්ත ශාලාවේ අයටනම් තියෙන ලොකුම ප්‍රශ්නය තමා ඒක… මං ඉතිං ඇදගෙන නාගත්ත වගේ දෙයක් තමා වුනේ.

ඕකට උත්තර දෙන්න අනිවාර්යෙන්ම තාක්ෂණික දැනුමක් තියෙන්න එපැයි. ඒක නිසා මං පොරගේ ගෙදර නොම්මරේ ඉල්ලගෙන පස්සේ අපි කතා කරන්නම් කියලා ප්‍රශ්නේ තාවකාලිකව විසඳුවා. අනික මං උදාහරණයක් විදියටනේ බල්බ් එක ගත්තේ. අපේ ආයතනයේ හදන භාන්ඩේ හැටියට ඒකේ ප්‍රධානම කාර්යය නොවෙන්න සෑහෙන්න කරුණු බලපානවා. මට ඉතිං නොදන්න දේවල් කියවන්න ගිහිං අර කස්ටමර්ව ආමරුවේ දාන්න බැහැනේ ඒක නිසා වැඩේ අපේ ලොක්කටම පංගාත්තු කරලා දැම්මා.

අනේ මන්දා අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ කස්ටමස්ලට පුංචි ප්‍රශ්නක් වෙන්නෙ කොහොමද කියලා….

එහෙම බලාගෙන පුංචි පුංචි ලෙඩ බර ගානක් තියෙනවනේ…. මට හිතිච්චා ටිකක් ඔය තියෙන්නේ පහල…

ඔරලෝසුවක් තියෙනවා… ඒකේ පුංචි ලෙඩක්…

ලෙඩේ තමා වෙලාව දුවන්නේ නැති එක.

අනිත් එක ශිතකරණයක්…

ඒකෙ පුංචි ලෙඩේ කූල් වෙන්නේ නැති එක…

එතකොට ටීවී ‍එකේ පුංචි ලෙඩේ රූප පේන්නෙත් නැ සද්දේ ඇහෙන්නෙත් නැති එක.

හීටරේටත් පුංචි ලෙඩක්… ලෙඩේ තමා පල්ග් කරාට රත්වෙන්නේ නැති එක…

පිස්සා කිවුව දවසේ… මට කෙලවුනා….

මට අයියා කියද්දී,

මං නංගි පැට්ටා කිව්වා…

‌‌

මට මිනිහා කියද්දී…

මං කෙල්ලේ කිව්වා…

මට වඳුරා කියද්දී,

මං වැඳිරි කිව්වද…?

නැහැ…

මං හාවි… කිව්වා….

වල් ඌරා කියද්දී…

ඊරි නොකියා මොනරී කිව්වා…

ඔක්කොමත් හරි…

මට පිස්සා කියපු දවසේ,

කියාගන්න දෙයක් නැතුව මං ගොළුවුනා.

හිතා ගන්න බැරිවුනා, පිස්සා කිව්වේ…

ආදරේටද…

තරහටද…

කියලා…………….

ඕයි… මේකේ සීට් නැත්තං මේක ලොරියක්නේ…

හොඳ කෑමක් සෙට් කරගන්න ගිහිං අනූ නවයෙන් බේරුන කතාවක් මේ‍. හැබැයි මේ සීන් එකේ අඳුරු සෙවනැලි තාම මගේ වටේ කැරකෙනවා. මං උදේට ඔෆිස් එන්නේ පොදු ප්‍රවාහන සේවයේනේ. වැඩිහරියක් ප්‍රයිවෙට් බස් වල තමා ගමන. ඉතිං දැං හැමෝම දන්නවනේ ඔය ප්‍රයිවෙට් බස් වල කොන්දා මල්ලිලාගේ කටේ සද්දේ ගැන. ඒ වගේම තමා කොන්දොස්තරලා කියන එව්වා….

බස් එකේ සෙනග ‍ලෝඩ් කරද්දී, ගාල්ල අම්බලන්ගොඩ…. පැත්තේ අය කෑගහන්නේ… ආ…එන්න ඉක්මනට ගොඩ වෙන්න …. ඉක්මනට ගොඩ වෙන්න කියලා. ගොඩ වෙන්න කියන්නේ ඉතිං… මගුල් බල බල ඉන්නේ නැතුව ඉක්මනට  බස් එකට නැගපං යකෝ කියලා කියන එක ක්‍රමයක්.

අපේ ගම් පලාතේ කියන්නේ… නගින්න පුංචි මහත්තයා… නගින්න ඉක්මනට… කියලා තමා. ඒකත් ඉතිං අර ඉක්මනට නැගපං යකෝ එකේම තව විදියක්. ඒ වගේම තමා මං දැං ඉන්න දිහාවේ… ඒ කොන්දලා නම් හරි ජොලි. බස් එක හෝල්ට් එකට එනකොටම කොන්දා බස් එකෙන් බිමට පැනලා බස් එකේ මැදක් හරියට දුවගෙන ඇවිත් ජනේලකින් ඇතුලට එබිලා…. ඔන්න පටන් ගන්නවා සංස්කෘත පාඩම. මේ ඔය – කොල පාට ඉරි ෂර්ට් එක ඇඳන් මහත්තයා… දෙපැත්තට වෙලා ඉඩ දෙන්නකෝ, ඔතෙන හරි කරගෙන ඉන්නේ… පස්සේ ඉතිං අර මහත්තයා දෙපැත්තට කෙසේ වෙතත් එක පැත්තකට වෙලා ඉඩදෙනවා. ඊට පස්සේ කොන්දා තව ටිකක් ඉස්සරහට ගිහිං ආයෙමත් ජනේලකින් එබිලා කෑගහනවා… ඔය මහත්තයා පොල්ල අල්ලගෙන ඔතෙන හිර කරගෙන ඉන්නේ‍ පොල්ල අතෑරලා ඉස්සරහට යන්නකෝ… කියලා… ඒ මහත්තයාත් ඉතිං පොල්ලක් ගැන කියලා ලැජ්ජ කොරපු නිසාම කට පියාගෙන සයිඩ් එකට වෙනව‍ා . එහෙමත් නැත්තං ඉස්සහට හරි පස්සට හරි යනවා. ඒ ඉතිං සාමාන්‍ය බස් රථ වල. ඊට පස්සේ වායුසමනය කරපුවෑ පටවන්නේ වෙන විදියකට. මුලින්ම කියන්නේ තව මෙච්චරකට කියලා ගානකුත් කියලා  වාඩිවෙලා යන්න පුළුවන් කියලා….  ඊට පස්සේ ඕං සමහර බස්වල නම් කියනවා ගමනාන්තයට මෙච්චර වෙලාවකින් යන්න පුළුවන්ය… අරක මේක කියලා…

ඊටත් පස්සේ තවත් සීන් එකක් තියෙනවා… මේක නම් අහලා දැකලා විඳලා තියෙන්නේ මාතර – කොළඹ බස් එකෙයි මහනුවර – කොළඹ බස් එකෙයි විතරයි. අනිත් එව්වෑ කොහොමද කියන්න ඉතිං ගිහිං තියෙන එකක්යැ. මේකයි සීන් එක. මාතර ඉඳන් කොළඹ එන බස් එකටයි නුවර – කොළඹ බස් එකටයි ඒ ස්ටෑන්ඩ් වල ඉන්නේ මාර සෙනගක්. ඉතිං එක බස් එකක් ගිහිං තව බස් එකක් එන කොටම පෝලිමේ මුල හරියේ අය බස් එකට නැගලා සීට් අල්ලගෙන ඉවරයි. එතකොට ඉතිං ගොඩක් අය දෙන්නා දෙන්නා යන නිසා අල්ල ගන්නේ ඩබල් හරි ට්‍රිබල් හරි සීට්. ඒ අස්සේ ඉන්නවනේ තනිකඩ උන්දලා…. ඉතිං ඒ අය වාඩි වෙන්නේත් අර ඩබල් සීට් වලම තමා. ඒත් ඒ අය තනිකඩ නිසා තව එක්කෙනෙකුට සීට් එකක් තියෙනවා. පස්සේ ඔන්න කොන්දා බස් එකෙන් බැහැලා කෑ ගහනවා… තනි සීට් මෙච්චරක් තියෙනවා… තව යන කවුරු ඉන්නවනම් නගින්න කියලා… එහෙම කෑ ගහද්දී ඉතිං තනියම ඉන්න වයසක අංකල්ලා එත‍‍කොට අයියලා එහෙම දුවගෙන ගිහිං නගින්නේ. ඇයි ඉතිං කෙල්ලෙක් එහෙම වාඩි වෙලා ඉන්න තනි සීට් එකක් හම්බුනොත් එහෙම යමින් ගමන් දෙන්නටම බඩල් වෙන්න බැරියෑ…. ඇත්තට ඒ තනි සීට් කේස් එකෙන් ගොඩ ගිය අය නම් හෙනට ඉන්නවා. මතකනේ මටත් ඔය තනි සීට් කේස් එක නිසා කෙල්ලෙක් සෙට් වුනා. අර අයියේ ඔයා මුස්ලිම්ද කියලා මගෙන් ඇහුවේ… ඒ වුනෙත් ඉතිං නුවර බස් එකේම තමා. ඒ වගේම ඔය අක්කලාව කැම්පස් ඇරලවලා එන අයියලා, එතකොට පවුලව ගමේ ඇරලවලා එන අයියල එහෙම තනි සීට් වලට ආසයි. වෙන මොකකටවත් නෙවේ ඩබල්, මල්ටි කරගෙන වෙනසක් අත්විඳින්න. මේවා කියලා මට කන්න වෙයිද දන්නේ නෑ….

ඒ ඉතිං කිව්වේ අද කතාවේ පසුබිම. කතාව නම් හෙන හෙන චුට්ටයි. මේකෙ තව ටිකක් තියෙනවා ඉතුරු හරිය කියන්න බෑ,.. මොකද එහෙම වුනොත් එහෙම මට ආයේ බ්ලොග් ලියන එකෙක්ගෙවත් මූන බලන්න බැරි වෙනවා…. ඒ තරම් පට්ටයි වෙච්ච දේ.

ඉතිං මේකයි කතාව දැනට මාස දෙකකට විතර කලිං අපේ බස් හෝල්ට් එකට එනවා මග ඉඳන් කොළඹ යන ඒ.සී බස් එකක්. ඇවිල්ලා අනිත් බස් වලට නවත්තන්න බැරි වෙන්න පාර හරස් කරගෙන නවත්තනවා. ඊට පස්සේ ඉතිං අනිත් බස් වලට නවත්තන්න විදියක් නැතුව එව්වා නොනවත්වාම යනවා පිඹගෙන. ඔය සීන් එකෙන් පාඩු වුනේ අපි වග් නැති බැරි සාමාන්‍ය බස් වල යන අසරනයින්ට. මොකද අර ඒ.සී එක අද්දන්නේ සෙනග භාගයක් විතර පිරුනම.  එතකොට ඉතිං අපිට යන්න තියෙන බස් ගොඩක් ගිහිල්ලා.

දැං ඉතිං දවස් දෙක තුනක් ඔහොම වුනා. මාත් එක්ක බස් එකේ යන තව යාළුවෙක් ඉන්නවා. පොරට තද වුනාම යකා වගේ තමා. දැන් ඉතිං දවස් දෙක තුනක්ම අර ඒ.සී බස් කාරයා නිසා ලේට් ටයිම් සෙට් වෙච්ච එකට මූ හෙන මලෙන් හිටියේ. පස්සේ ඔන්න එදත් අර බස් එක ඇවිත් කොන්දා බැහැලා බස් එක ‍ලෝඩ් කරන්න කෑගහනවා මෙහෙම…

නගින්න මහත්තයා… නගින්න සීට් තියෙනවා…. සීට් තියෙනවා… කියලා. දැං මාත් එක්ක ආපු එකාට මල උපරිමයි. මූ ටිකක් වෙලා දත්මිටි කකා ඉඳලා… මං නවත්තන්න හැදුවත් ‍මගේ අතත් ගසාදාලා ගියා අර කොන්දා ගාවට… ගිහිං…

ඕයි… <පරුෂ වචනයක් > මේකේ සීට් නැත්තං මේක ලොරියක්නේ <පරුෂ වචනයක් > කිව්වා. වටේ පිටේ හිටිය අයටත් හිනා මූ ඒක කිව්ව විදියට. ඇත්තනේ ඉතිං ඒ බස් එකේ සීට් නැත්තං ඒක ලොරියක්නේ. සීට් තියෙනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඊට පස්සේ ඉතිං මෙන්න කොන්දා එනවා අපිට නෙලන්න. දැං ඉතිං කාලා වරෙන්කෝ. මං නම් උදේට කිරි එක විතරයි බීලා හිටියේ. අනික හාල්මැස්සා වගේ ඉන්න මට උදේ පාන්දර පාරක් වැදුනම ඉතිං කියනන දෙයක් නැහැනේ දවසම කිරියෙන් පැනියෙන් ඉතිරෙනවා කියලා. පස්සේ ඔන්න ගහන්න පනිද්දී වටේ හිටිය අය අපි දෙන්නවා පැත්තකට ඇදලා දාලා කොන්දාගෙන් ගේම ඉල්ලනවා. කොන්දාට ඒ අස්සේ කව්ද එකෙක් හෙල්මට් එකකිනුත් ගහලා. ඒ වැඩේ කරේනම් කව්ද දන්නේ නෑ…. සමහරවිට කාව හරි හෝල්ට් එකට දාන්න බයික් එකක ආවා කෙනෙක් වෙන්න ඇති.

ඊට පස්සෙ ඔන්න බස් එකේ සෙනග කව්රුවත්ම නැතුව අම්බානෙට චාටර් වෙලා බස් එක ගියා. ඊට පස්සේ ඉතිං ගේම ඇදගත්තේ අපි දෙන්නනේ…. ඉතිං ඒකට අපිට අර බස් එකේ උං ගෙන් රිටන් එකක් හම්බුනේ එහෙම නෑලු. එදාත් යන්තං ත්‍රී වීල් පාක් එකේ ඉන්න දන්න කියන වුන් නිසා අතපය බේරගෙන යාළුවෝ දෙන්න ගෙදර ගියාලු. ඊළඟ අටෑක් එක ආයේ කවද වදීදද දන්නේ නෑ… ඒක නිසා මං දැන් ටිකක් උදෙන්ම තමා ඔෆීස් යන්නේ… ඒ වගේම ‍ගොම්මං කළුවර වැටිලා මාව අඳුර ගන්න බැරි වෙලාවට තමා මං ගෙදර එන්නේ…

ඔය අන්තිම අටෑක් එක එල්ල වුනේ මීට මාසෙකට විතර කලින්. ඊට පස්සේ අද වෙනකං නම් තාම වලියක් ගහගන්න සෙට් වුනේ නෑ… අනික මට මොන වලිද… ඔන්න ඔහේ ටිකක් රෑ වෙලාම ගෙදර එනවා කියලා හිතාගෙනම මං දිගටම කටයුතු කරන්න තියාගත්තා‍ එහෙම නැතුව බයකට එහෙම නෙවේ… කොහෙමත් මේවා අපේ අතපය නෙවේනේ… අපේ අම්මලා තාත්තලා මහන්සියෙන් හදපු අතපයනේ… මෙව්වට මොනාහරි වුනොත් එහෙම අපිට වැඩිය දුක් වෙන්නේ එයාලා‍.

ඕං ඔහොමයි බස් කොන්දන්ගේ හැටි… මතකනේ බස් එකේ සීට් නැත්තං ඒක ලොරියක්….. තව පුංචි කතාවක් තියෙනවා. දවසක් දා මගේ ගෑණූ යාළුවෙක්ගේ හස්බන්ඩට ෂර්ට් එකක් ගන්න ඕනේ වෙලා පොරගේ උපන් දිනේට දෙන්න. ඉතිං මාවත් ඇදගෙන නැග්ගා ඒ.සී එකකට. නැග්ග ගමන් කොන්දා කියපි… මේ කපල් එකට පස්සේ සීට් එකට යන්න ඉඩ දෙන්න කියලා ♥♥♥…. 😉 ආව් සෝයි නේ… ඒවගේ කොන්දොස්තරලා නම්….

කඳුළු බිංදුවට… වැහි බිංදුව හෝ පහන් දැල්ල රිප්ලේස් කල හැකිද…?

මේක පුංචි තර්කයක් වගේ එකක්. මං ලියන කතා අස්සේ එක දවසක් ලිව්වා මතකද… පහන් ටැඹක් නැවකට නක්කලේ දාන හැටි ගැන කියවෙන සිංදුවක් ගැන.  නෞකාවකි ඔබ ඈත සමුදුරේ – මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ කියලා තියෙන්නේ. ඉතිං මේ ලිපියත් ඒ වගේ එකක්.

මං ස්කෝලේ යන දවස් වල අපේ සිංහල සාහිත්‍ය පොතක තිබුනා ලස්සන කවි පන්තියක්. ඒක ලියලා තියෙන්නේ දයාසේන ගුණසිංහ මහත්මයා. කවි පංතිය නම් කරලා තිබුනේ එතෙර ගිය පොඩි දුවට කියලා. ඒ කියන්නේ පුංචි දුවව වෙන රටකට කවුරු හරි කෙනෙක් එක්ක ගෙන යනවා හෝ රැකියාවක් සඳහා පිටත් වෙලා යනවා. කවි පේලිය හා සම්බන්ධ ලිපියක ඈඳුමක් මං පහලින් දාලා ඇති එත‍නින් ගිහින් මුළු කවි පන්තියම කියවන්න පුළුවනි. ඉතිං මට ඕ‍නේ වුනේ මේ මුළු කවි පංතියෙම තියෙන පේලි දෙකක් ගැන විතරක් ටිකක් හිතන්න විතරයි. මොකද අපිට මේ කවිපන්තිය තේරුම් කරලා දුන්න ගුරුමහතා කිව්ව විදියට… “මේක බොහොම ප්‍රබල යෙදුමක්”  වෙනවා. ඒ දවස් වල ඉතිං ඔව්වා සත පහකට ගනන් ගත්තේ නෑනේ. අපිට මොකෝ මොන මගුලක් වුනත් කියලා හිතාගෙන හිටියට වයසින් මෝරද්දී අපි ඉගෙන ගත්ත දේවල් ගැන අපේ තියෙන අදහසුත් වෙනස් වෙලා.

අර අපේ ගුරුතුමා කිව්ව බොහොම ප්‍රබල යෙදුම අදටත් මගේ හිතේ තැන්පත් වෙලා තියෙනවා. ගුරුතුමා ‍එහෙම කිව්වේ මෙන්න මේ කවියේ අන්තිම පේලි දෙක තේරුම් කරන ගමන්.

මතු යම් දිනෙක සිතිවිල්ලෙන් සිටින සඳ

දෑතක පහස සිහිනෙක මෙන් දැනේ විද

සිතියම් පොතින් ලොව විමසා බලන සඳ

කඳුළක හැඩය මහ සයුරේ දකී විද

ඇත්තටම ඒක මටත් හිතෙන විදියට සෑහෙන හිතට වදිනවා. ලෝක සිතියම් පොතක් අරං බැළුවොත් අපිට ලංකාව පේන්නේ පුංචි කඳුළු බිංදුවක් වගේ තමයි. ඉතිං අපිත් ඒ දවස් වල ඔය වගේ කවියක් අහුවුනාම කියවලා විභාගෙට එනවා නම් විතරක් පාඩම් කරගන්නවා නැත්තං අල්ලලා දානවනේ. හැබැයි මේ කවියේ කි‍යවෙන අදහස නම් මටත් මතක හිටියා.

ඉතිං දැන් තමා මං මේ කවිය දකින විදිය දිගාරින්න හදන්නේ. මේක දයාසේන ගුණසිංහ මහත්මයාට කරන අපහසයක්වත්, මේ කවිය වැරදියි මේක වෙනස් වෙන්න ඕනේ කියලා කියන්න හදන දෙයක් වත් නෙමේ. නිකංම නිකං මගේ හිතට දැනෙන අදහසක් විතරයි. අනික මේ කවියේ කියලා තියෙන අර ප්‍රබල යෙදුම ගැන කිසිම තර්කයක් නෑ … ඒක සීයට සීයක් හරියටම හරි…

ඒත්…

අපේ රට අපි පුංචි කඳුළු බිංදුවක් විදියටම හැමදාමත් දකින්න ඕනෙද…? එහෙම නැතුව මේ කඳුළු බිංදුවක් කියලා හිතාගෙන ඉන්න රට සීතල, සාරවත්, පිරිසිදු වැහි බිංදුවක් කියලා දකින්න බැරිද…? එහෙමත් නැත්තං නිවි නිවී දැල්වෙවී, නොනිවී ඉන්න උත්සාහ කරන… හැමෝටම එලිය දෙන පුංචි පහන් දැල්ලක් විදියට දකින්න බැරිද…? මොකද කඳුළු බිංදුවේ හැඩේ වගේම තමා වැහි බිංදුවේ හැඩෙයි… පහන් සිලේ හැඩෙයි… දෙකම. ලෝක සිතියම් පොත අරගෙන “මේ තියෙන්නේ පුංචි පහන් දැල්ලක් වගේ රටක්…. මේකට තමා ශ්‍රී ලංකාව කියන්නේ” කියලා කව්රු හරි කෙනෙක් කියල තමන්ගේ දරුවන්ට කියල දෙද්දී කාටද ආඩම්බර හිතෙන්නේ…?

මට හිතුනේ මෙච්චරයි…  මං කොයිතරම් දුරට සාධාරනද දන්නේ නෑ… මට හිතෙන විදියේ වැරැද්දක් නැති නිසා තමා මේ පෝස්ට් එක දැම්මේ.

ඒ වගේම ගිනිකුරුල්ල තමා මං මේ කවි පන්තිය ගැන කිව්වම විස්තර ටික හොයලා දුන්නේ. මෙන්න අර මං කවි පන්තිය ගත්ත තැන. මෙතෙන තියෙනවා තවත් මහත්මයෙක් මේ කවි පෙලට සපයපු ලස්සන විග්‍රහක්….

ආයෙමත් ට්‍රිප් එකක්….

හැම අතින්ම සීතල හුළං පාර. බස් එකේ එකේ වීදුරු අස්සෙන් ඇදී ගෙන ඇවිත් මූනේ හැපෙද්දී තියෙන සනීපේ. කොළඹ අවට පැතිවල තියෙන රත්වෙච්ච දුම් පිරිච්ච විස වායූන් ගෙන් අපිරිසිදු වෙච්ච වායු‍‍ගෝලයේ පුංචිම පුංචි සලකුණක්වත් මේ ප්‍රදේශයේ හොයාගන්න වත් නෑ‍. වාහන වල සද්ද ඇහුනම හතර වටෙන්ම ඇහෙන්ම එක එක කුරුල්ලන්ගේ සද්දයි ලඟින්ම තියෙන දිය ඇල්ලක් පහලට කඩා වැටෙන සද්දෙයි විතරයි. ඉතිං මං ඒ කිට්ටු වෙලා හිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුස්සැල්ලාවට. මහා සෝෂාවක් වගේ ඇහෙන සද්දේ එන්නේ ගොඩ දෙනෙක් දන්න රම්බොඩ ඇල්ලෙන්.

ඉතිං රම්බොඩ ඇල්ල දැකලා තියෙන්නේ කව්ද….? මං හිතන විදියට ගොඩ දෙනෙක් රම්බොඩ ඇල්ල සජීවීව නොදැක්කත් ෆොටෝ එකකින් හරි දැකලා ඇති. මං නම් රම්බොඩ ඇල්ලට ගියා. ඒ 2008 විතර. අපේ ඔෆිස් එකේ වාර්ෂික විනෝද චාරිකාව යන ගමන් තමා ඒ ගියේ. දැන් බලමු  රම්බොඩ ඇල්ලේ විස්තර ටිකක්. කවදහරි යන්න කලින් මෙව්වා දැන ගෙන ගියාට කිසිම පාඩුවක් වෙන්නේ නෑ….

ඉතිං මේ රම්බොඩ ඇල්ල පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 945ක් උසින්. ඇල්ලේ සම්පූර්ණ උස මීටර් 109ක් විතර වෙනවා. ඒ වගේම ලෝකෙම තියෙන දිය ඇලි වලින් 729 වෙනියට උසම දිය ඇල්ල තමා මේ. ඒ වගේම මේ දිය ඇල්ල කඩා හැලෙන්නේ කොටස් දෙකකට. ඇත්තටම උස වගේම ලස්සනනිත් කිසිම අඩුවක් නෑ. කොළඹ ඉඳන් රම්බොඩට දුර කිලෝමීටර් 162ක් විතර වෙනවා. ඉතිං රම්බොඩට යන පාරේ තියෙන රම්බොඩ ඇල්ල කිට්ටුවම තියෙන උමග ඇතුලෙන් ගිය ගමන්ම පේන්නේ දිය ඇල්ල. ඊට වම් පැත්තෙන් තියෙනවා රම්බොඩ හෝටලය. ඒකත් හරිම ලස්සන තැනක්.

රම්බොඩ හෝටලයේ හැම තැනක්ම හොඳින් නඩත්තු කරන ලස්සන ලස්සන ගස් වර්ග වලින් පිරිලා තියෙන්නේ. හවස් වෙනකොට ඒ හැම තැනක්ම මීදුමින් වැසී ගෙන යනවා. ඒ වගේම අනිත් දියඇලි වල වගේ නෙවෙයි රම්බොඩ දිය ඇල්ලේ පාමුලටම ගිහිං වතුරේ බැහැලා නාගන්න වුනත් පූළුවන්. රම්බොඩ නාවතැනේ ඉඳන් දිය ඇල්ල පාමුලට යන්න තියෙන්නේත් දෙපැත්තෙම මල් ගස් වලින් පිරිච්ච පාරකින්. ඒ එක්කම කියන්න ඕනේ දිය ඇල්ල පාමුලට වැටිලා තියෙන ගල් තලාව දිය සෙවෙල වලින් පිරිලා නිසා ලිස්සන සුළුයි. මාත් ලිස්සලා ගිහිං වැටුනා‍. තුවාලයක් නම් වුනේ නෑ… කෙලින්ම වතුරටම වැටිච්ච නිසා. ඒ වගේම තමා වතුරේ තියෙන සීතල. ඒ වතුරට බැහැලා ආයේ ගොඩ එනවා කියන්නේ… හරියට වතුරෙන් ගොඩ දාපු මාලූවෙක් එහෙට මෙහෙට දඟලනවා වගේ තමා. ඒ තරමටම හැමෝගෙම ඇඟවල් ගැහෙන්න ගන්නවා. මං දන්න තරමින් කොයිතරම් ඇඟ රත්කරගෙන බැස්සත් ඒ සීතලටනම් ඔරොත්තු දෙන එකක් නෑ…

ඒ වගේම තමා හෝටලයේ තියෙන පහසුකම්. කිසිම අඩුපාඩුවක් කියන්න දෙයක් මං නම් දැක්කේ නෑ. මේ වගේ සීතල පැත්තකට ගියාම හැම කෙනෙක්ම තමන්ගේ ඇඟ සෝදා ගැනීම් නෑම් වගේ දේවල් වලට හොයන උණු වතුරේ ඉඳන් අනෙකුත් සියලුම පහසුකම් වලින් පිරපුන් නවාතැනක් තමා රම්බොඩ හෝටලය. දිය ඇල්ලේ විසිතුරු නරඹන්න පුළුවන් වෙන්න හොටලයේ ඉස්සරහින් හදලා තියෙනවා පොඩි ආලින්දයක්. ඊට අමතරව හෝටලයේ කාමර ගොඩකටම, ඒ කාමර වල ජනේල ගාවට ගියාම දිය ඇල්ල පේනවා. ඒ වගේම තමා ආහාර පානත්‍. කිසිම අඩුවක් කියන්න නෑ. ඉතිං ඔය කව්රු හරි කෙනෙකුත් රම්බොඩ ඇල්ල බලන්න ගිහිං හෝටලයේ රැයක් දෙකක් ඉදලා එන්න හිතාගෙන ඉන්නවා නම් රම්බොඩ ඇල්ල  හෝටලයේ වෙබ් අඩවියෙන් කාමර වෙන් කීරීම් වගේ දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව විශේෂ අඩු ගාස්තු යටතේ කාමර වෙන්කරගනීම් සහ වෙනත් පහසුකම් සපයා ගැනීමක් කරගන්න අවශ්‍ය නම් අපේ ටිකක් හිනාවෙන්න බ්ලොග් එක ලියන අභීත අයියට කතා කරානම් ඒ වැඩ ටික කරගන්න පුළුවන්. මෙන්න අභීත අයියගේ මොබයිල් එක…071 4449162. (අභීත අයියගෙන් අහලා දැම්මේ)

ඊට පස්සේ දිය ඇල්ලෙන් නාලා කරලා එහෙම රාත්‍රි කෑම සුදානම් වෙන තුරු අපි නම් කලේ වටේ පිටේ ඇවිද්ද එක. උමග ඇතුලෙන් දෙතුන් පාරක්ම එහාට ‍මෙහාට යන එකත් නියම වැඩක්. ඊට පස්සේ ඒ පාර දිගේ අනිත් පැත්තට කෙලින්ම ගියාම හම්බුවෙනවා පොඩි පොඩි කඩ තියෙන පුංචි කඩපිලක්. ඔයාලට අවශ්‍ය කරන ශීත හිස් වැසුම් එහෙමත් එතෙන තියෙනවා. ඊට අමතරව බහුලම දේ තමා විවිධ වර්ගයේ මල් පැල. වැඩියෙන්ම තිබු‍නේ පුංචි පුංචි පාට පා‍ට මල් පිපිච්ච කපුර පැල. එතකොට අලිගැට පේර වගේ පලතුරු වර්ගත් ඒ කඩ පිල්වලින් ලබාගන්න පුළුවන්. ඒ පලතුරු නිකංම ගස් වල හැදෙන ඒවා මිසක් නගරාශ්‍රිත අපිට කන්න හම්බුවෙන ගස් වල හදවලා බලෙන්ම ඉදවපුවා නෙමෙයි. බොරු නම් ඔයාලා කවදහරි ගිය දවසක දැක ගන්න පුළුවන් වෙයි රම්බොඩ හෝටලය හා ඒ අවට ගෙවතු වල අලිගැට පේර ගස්වල කොයි තරම් පලදාවක් හටගෙන තියෙනවද කියලා.

ඉතිං සංචාරය කරන්න, අළුත් අත්දැකීම් ලබාගන්න කැමති අයට දවසක් දෙකක් ගත කරන්න හොඳ තැනක් තමා රම්බොඩ කියන්නේ. ඒ වගේම ඔය ලඟදී බඳින්න ඉන්න ජෝඩු වලටත් මරුම ප්ලේස් එකක් පැනි හඳ බලන්න.

දැන් ඉතිං කට්ටය අහයිනේ ඇයි මේ මට එකපාරටම රම්බොඩ ගැන ලියන්න හිතුනේ, මුගේ මගුලවත් කිට්ටුද දන්නේ නෑ… කියලා… හේතුව තමා මේ පාරත් අපි ඔෆීස් එකෙන් යන විනෝද චාරිකාව යන්නේ රම්බොඩට ගිහිං. ඉතිං ඒක නිසා තමා මේ විස්තර ටික බෙදා ගන්න හිතුවේ.

සෙල්ලං බඩු නිසා ගෘහස්ථ ප්‍රචන්ඩත්වය… වගකිව යුත්තෝ නිදිද…?

ගිය ඉරිදා, වැහැ පොදකුත් එක්කම අපේ ඔෆිස් එකේ වාර්ෂික සතුටු සාදය තිබ්බනේ. ඉතිං ඒකෙදී පුංචි අයට තෑගි දුන්නයි කියලා මං පහුගිය පෝස්ට් එකක දැම්මා. අපේ ඔෆිස් එකේ සහ කර්මාන්ත ශාල‍‍ාවේ වැඩ කරන හැම කෙනෙක්ගෙම, අවුරුදු 12න් අඩු දූ දරුවන්ට තෑගි හම්බුනා. ඉතිං දැන් මේ කියන්න යන්නේ ඒ දුන්න තෑගි වලට මේ වෙන කොට වෙලා තියෙන දේවල්…

තෑගි වලට වෙලා තියෙන දේවල් අස්සේ පො‍‍ළොව නුහුලන අපරාදත් තියෙනවා. ඒක නිසා සෙල්ලං බඩු ගැන සංවේදී හිත් ඇති අය මේ පෝස්ට් එක කියවීමෙන් වැලකී සිටින්න. නැත්තං වැරදිලා හරි හාට් ඇටෑක් එකක් හැදුනොත් මාව තමයි අහුවෙන්නේ.

මුල්ම කේස් එක… අපි පුංචි පිරිමි ළමයින්ට දුන්නේ රිමෝට් කන්ට්‍රෝල් කාර්. ඒ කාර් එක මාර ලස්සනට හැන්ඩ්ල් කරගෙන ස්මූත්ව යවන්න පුළුවන්. කහයි රතුයි පාට දෙකෙන්ම දුන්නා. ඉතිං ඒ වයස් කාන්ඩෙම ගෑණු ළමයින්ට දුන්නේ හෙනම ලස්සන පුලුං ගොඩවල් වගේ සුමුදු ටෙඩි බෙයාර්ස්ලා වගයක්. කෙල්ලෝ ඉතිං කොහොමත් කැමති පුලුං ගොඩවල් වලටනේ.

දැන් තමා කේස් එක පටං ගන්නේ…ඔන්න එක පවුලක ඉන්නවා අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි. අයියට හම්බුනේ රිමෝට් කාර් එකක්. නංගි ඊට වැඩිය වයසින් අඩු වුනත් එයාට ලැබුනේ අයියගේ වයස් කාන්ඩෙටම දුන්න ටෙඩියව. දැන් ඉතිං නංගි ටෙඩියව හුරතල් කරන අතරේ අයියා, එයාගේ රිමෝට් කාර් එක ගේ පුරාම යවනවා. පුංචි නංගිට මේක මැජික් වගේ. මොකද අයියා නංගි ගාවට වෙලා ඉද්දී, අයියාගේ කාර් එක ගේ පුරාම රවුම් ගහනවා. පස්සේ ඉතිං නංගි මේ සීන් එක අයියගෙන් ඇහුවලු….

කෝමද… ඒක තනියම යන්නේ…?

අයියත් ටිකක් ගනන් උස්සලා…. ඒක එහෙම තමා, කාර් එක යන්නේ මට ඕනේ විදියට,… මැජික් කාර් එකක්….. කිව්වලු. බොහෝම පොඩි කාලෙකදී නංගි ටෙඩියව පැත්තකින් තියලා වාඩිවෙලා හිටි තැනින් නැගිට්ටලු, දුවගෙන ගිහිං කාර් එක අතට ගත්තලු, ඊට පස්සේ සිං ගාලා ගිහිං අම්මා රෙදි පෙඟෙන්න දාපු බේසමට දැම්මලු…. ඔන්න ටික වෙලාවකින් වතුරේ මැදක් හරියේ තියෙන රෙදි ගොඩ උඩ නතර වෙලා කුරු .. කුරු… ගාලා සද්දයක් එහෙම දාලා කාර් එකේ මැජික් වැඩ ටික ඉවර වුනාලු.

පස්සේ නංගි ඇවිත් අයියට කියනවලු… ඒක මැජික් කාර් එකක් නම් වතුරෙත් යවන්න කියලා. ඊට පස්සේ ඉතිං නංගිට අයියාගේ  ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට එරෙහිව නැගී සිටින්න සෑහෙන ගේමක් දෙන්න වුනාලු. කොහොමද අපි දීපු මැජික් කාර් එක…? ඇත්තට අපිට ඕක වතුරේ යනවද නැද්ද කියලා බලන්න බැරි වුනානේ.

පස්සේ කොහොම හරි අපේ බාස්ලා ටික එකතු වෙලා කාර් එක ආපහු හදලා දුන්නා. වැඩිය ඕනේ නෑ මායි මල්ලියි නම් කොච්චර මරාගෙන ඇද්ද සෙල්ලං බඩු වලට… එහෙව් එකේ ඔව්වා මොනාද…

ඊට පස්සේ තව කාර් එකක් දුන්නා බිත්තිවල, වහලේ එහෙම යන එකක්. ඒක වැඩ කරන්නේ කාර් එක යට තියෙන හුලං ඇදලා අරගෙන උඩින් පීඩනයකට ලක්කරලා පිට කිරීම මගින්. කාර් එක යට තියෙන වාතය ඇදලා ගනිද්දී කාර් එක නිකංම ඒ මතුපිටට තද වෙනවා.. ඊට පස්සේ කාර් ‍එකේ උඩින් වාතය පිට වෙද්දී ආයම පාරක් කාර් එක රෝද තියෙන පල්ලෙහ පැත්තට ආයෙම තද වෙනවා… පස්සේ ඉතං රෝද කැරකෙද්දී  භාන්ඩේ එයාට මෙ‍හාට යනවා. හැබැයි අපි දීපු කාර් එක යන්නේ වහලේ හා බිත්ති වල විතරමලු. නිකංම ආසාවටවත් සාමානය විදියට බිම තියලා යවන්න බැහැලු. දැන් ඉතිං මල මගුලයි… මොකද අර පීඩනය නිසා කාර් එක පොළොවට ඕනෙවට වැඩිය තද වෙලාලු තියෙන්නේ… ඒකට ඉතිං මක්ක කොරන්නේ…? කොහොමහරි ඒ වැරැද්දත් අපේ කරපිට….

ඊට පස්සේ කතාව තමා ලස්සනම. අපි තව වයස් කාන්ඩෙකට දුන්නා කී බෝඩ් වගයක්. ඔයිට කලිනුත් හැම පාරකම එක එක ප්‍රමාණයේ විවිධ වර්ගයේ කී බෝඩ් දීලා තියෙනවා. ඉතිං අපේ එක අයියා කෙනෙකුගේ පුංචි පුතෙකුට ජයග්‍රාහි පස්වෙනි පාරටත් විදුලි ඕගන් එකක්ම හම්බුවෙලා. දැන් ඉතිං අර අයියා ඇවිල්ලා අපිට කියනවා…

අපේ ගෙදර තියෙවා බං ස්වර තිස්පහක කීබෝඩ් එකක් … කියලා. බලාගෙන යද්දී, අයියාගේ පොඩි එකාට අවුරුදු 5කට කලින් හම්බුවෙච්ච කී බෝඩ් එකත් හෙනට පරිස්සම් කරගෙන ති‍යාගෙන ඉන්නවලු. කොහොමත් ඔය සෙල්ලං කී බෝඩ් වල, එක කීබෝඩ් එකක තියෙන ස ස්වර්යේ සංඛ්‍යාතය නෙමෙයි අනිත් කීබෝඩ් එකේ ස ස්වරයේ තියෙන්නේ… ඉතිං එහෙම බැළුවම… අර කීබෝඩ් පහම පෝලිමට තියලා ප්ලේ කරද්දී ස්වර මූලික ස්වර තිස්පහක් තමා තියෙන්නේ… ඉතිං කොහොම හරි ඒ වැරැද්දත් අපිටමයි…

ඊට පස්සේ ගිය අවුරුද්දේ තෑගි හම්බුවෙලා මේ අවුරුද්දේ තෑගි හම්බුවෙච්චි නැති, ඒ කියන්නේ දැන් අවුරුදු 13ක් වෙන ළමයෙක්ගේ… තාත්තා කෙනෙක් ඇවිත් අර ඔක්කොමලා එකතු වෙලා අපිට දාපු දෝස් මුර අහගෙන ඉඳලා කියනවා… ඔහොම තමා මල්ලි ඔව්වා… මේකෙ ඉන්නවා බං කොච්චර පුදලවත් සතුටු කරන්න බැරි එවුන්…. කියලා…. ඒක කිව්වෙත් අහක බලාගෙන අම්බානෙට දුකින්… හරියට නිකං තමාගේ සිතුවිලි පාපොච්චාරනේ කරා වගේ…

%d bloggers like this: