පුංචි කාලේ ඉඳන් තිබ්බ දාංගලේ එක පාරටම අඩුවෙලා යද්දී….
ක්‍රියාශීලී ගතිය අඩුවෙලා ගිහිං,
නිද්‍රාශීලි ගතියත් සමග කල්පනා කරන ගතියත් අරෑඪ වෙද්දී….
ගෙදර කිසිවෙකුටත්, අඩුම ගානේ මටවත්…
හිතුනේ නෑ මේක පිළිකාවක් මූලික ලක්ෂණයක් කියලා.
දැං ඉතිං මොනා කරන්නද…?
සුව කරන්න බැරි තරමටම පිළිකාව උඩු දුවලා.
වෙන පිළිකාවක් නම් සැත්කමක් කරලා,
අයින් කරන්න හරි පුළුවන්….
ඒත් මේක…
එහෙම කරන්නත් බැහැලු…
කොහේ ඉඳන් පැතිරෙනවද කියලවත්,
හොයාගන්න බැහැලු.
තාම නිට්ටාවට සුවවෙන බේතකුත් නැහැලු.
මට හිතාගන්නවත් බෑ…
හොඳට හිටිය මට ඇයි මෙහෙම වුනේ….?
හිතාගන්නවත් බැරි කාල නිමේෂයකදී,
පිළිකා සෛල වර්ධනය වෙලා…
ලේ සමග මුහු වෙලා සිරුර පුරා දුවනවා…
ඒක මට දැනෙනෙවා….
ඒත් කරන්න කිසිම දෙයක් නෑ…
පිළිකාව අයින් කරන්න නම්…
සිරුරයි, ආත්මයයි විච්ඡේදනය කරන්න ඕනෙලු.
ඒත් විශ්වාස කරන්න බැහැලු….
සමහරවිට ආයෙමත් සිරුරක් ලැබුනම,
පිළිකා සෛල ආයෙමත් වර්ධනය වෙන්න ඉඩ තියෙනවලු.
වෙන කරන්න කිසිම දෙයක් නැහැ…
අතීත මතකයන් පෝෂණ මාධ්‍යය කරගෙන…
සෙනෙහෙබර හැඟීම්, සිතුවිලි විසිරුම් මාධ්‍යය කරගෙන,
රතු රුධිර සෛල… රෝස පැහැ කරමින්…
මගේ සිරුර පුරා පැතිරීයන….
ආදරය
කියන මේ පිළිකාවත් එක්ක…
තවත් කොච්චර කල් මං හුස්ම ගන්නද…?
2011 ජූනි 28 දින පෙ.ව. 8:22 ට
ආආඅ බොල මාලුවො උඹට මාර කල්පනා තමයි ඔලුවට එන්නෙ නේද ?? පොඩ්ඩක් ඔලුව check කරගත්තොත් නරකද ??????
2011 ජූනි 28 දින පෙ.ව. 9:17 ට
මෙව්වා ඉතිං වෙන කාටවත් පහල වෙන්නේ නෑනේ බං.
2011 ජූනි 28 දින පෙ.ව. 8:39 ට
මම නම් දැනන් හිටිය උඹට ඔහොම ලෙඩක් තියෙනව කියල…. ඔන්න බලහන්කො උඹ නොදන්න තව ලෙඩ තියෙනව උඹ ලඟ…
2011 ජූනි 28 දින පෙ.ව. 9:18 ට
නෑ… ඒ කියන්නේ දෙන්නටම එකටම ඉප්පිරිතාලෙ ගියෑකි.
2011 ජූනි 28 දින පෙ.ව. 8:43 ට
ජීවිතේට හොඳ වෙන්නෙ නෑ ගොයියෝ… 🙂
2011 ජූනි 28 දින පෙ.ව. 9:18 ට
ඒක නම් ඇත්ත….
2011 ජූනි 28 දින පෙ.ව. 8:54 ට
මුල්ම ටික කියවද්දි සත්තකටම බය වුනා මොකද්ද මේ වින්නැහිය කියලා..ඊට පස්සෙයි මතක් වුනේ මාළුවට මොළේ අමාරුවක් තියේ කියලා.අම්මපා ලගපාතක හිටියනම් ටැංකියෙන් ඇදලා ගොඩට දානවා..
2011 ජූනි 28 දින පෙ.ව. 9:20 ට
දැන් ටික දවසක ඉඳන් ඔලුව විකාර වෙලා නංගියේ…
2011 ජූනි 28 දින පෙ.ව. 9:08 ට
යකෝ මගේ බඩ පපුව දාල ගියා .. මගේ අලුත් ලියවිල්ල පටස් කලා විතරයි මේකයි දැක්කේ. මගේ සරුවාන්ගෙම සීතල උනා. ළඟ හිටියනම් මං දෙනවා පු**න් දුං යන්න වේවැල් පාරක්..
2011 ජූනි 28 දින පෙ.ව. 9:20 ට
හික්… එහෙම කොහෙද මං දුම් පරීක්ෂාව කරගෙනනේ තියෙන්නේ… 😛
2011 ජූනි 28 දින පෙ.ව. 9:35 ට
maxxa maluwo…
2011 ජූනි 28 දින ප.ව. 3:16 ට
එල එල මචං
2011 ජූනි 28 දින පෙ.ව. 10:27 ට
කිසිසේත් සුවකල නොහැක.. සදා දුක නියතය
2011 ජූනි 28 දින පෙ.ව. 11:16 ට
topic එක දැක්කගමන් බයවෙලා දුවගෙන අවේ මාළුවට මොන මරාලයක්..! කඩාපාත්වෙලාද කියල….
බොල මාළුවෝ ඔයවගේ topics දාන්න එපා :@
2011 ජූනි 28 දින ප.ව. 3:17 ට
හික්… තැන්ක් යූ ඉසුරු බය වුනාට…. 🙂
2011 ජූනි 28 දින පෙ.ව. 11:40 ට
අර කෙලි පොඩ්ඩ දුන්නු කම්මුල් පාරේ සැර දැන් වගේ පිට කරන්නෙ. 😀
2011 ජූනි 28 දින ප.ව. 3:18 ට
නෑ නෑ… බං ඔය පිටවෙන්නේ මීට අවුරුදු 6කට විතර කලින් හම්බුන කම්මුල් පාරක රඟ
2011 ජූනි 28 දින ප.ව. 12:53 ට
ඔය පිළිකාව හැදෙන්නෙ කොහේද කියල නොදන්නව උනාට ඒකෙ අනිටු ප්‍රතිඵලය එලියට එන්නෙ කොහෙන්ද කියලනං මම දන්නව.. හිකිස් !
2011 ජූනි 28 දින ප.ව. 3:19 ට
ඔව් ඉතිං එව්වා නම් දන්න බව මං දන්නවා…
2011 ජූනි 28 දින ප.ව. 1:25 ට
අනේ මන්දා මාලුව කොහේ හරි ගිහින් ලෙඩක් හදාගෙන, දැන් ඉතින් හරි නේ. ඔන්න එහෙනම් මාලු අයියේ විදෝපන් !!!
ඕකට ඉතින් පලි අර යශෝධරා / Angel වෙන්න ඇති නේ !!!!! 🙂
2011 ජූනි 28 දින ප.ව. 9:40 ට
උඹ හොඳයි බං මලේ. දෙයක් වහෙන් ඔරෝ කියන කොට තේරුම් ගන්න පුලූවන්.
2011 ජූනි 28 දින ප.ව. 3:06 ට
හෙහ්…….මල්ලියෙ, උඹටත් හිතෙන දේවල් අම්මප…….
ඇත්තම තමයි කතාව නම්, ඕක පිළිකාවක්ම තමයි. පිළිකා තියෙනව වර්ග දෙකක්. Malignant & Benign කියල. මාරාන්තික සහ අහිංසක කියල කිව්වැහැකි. ඔය උඹට හැදිච්චි එක මොනව හරි කරල Benign එකක් කරගනින්, නැත්නම් කෙලියා…..හෙහ්…..හෙහ්,
අනික ලංකාවෙ පිළිකා විශේෂඥ කියල හිටිය එකම එක ගොබිල, අර වැලිගම දළුවත්ත ඉරිසින්නාන්සෙත් ආගිය අතක් නැතිකොට වෙන කරන්නම දෙයක් නම් නෑ ගොයියෝ, සොරිම තමයි,
2011 ජූනි 28 දින ප.ව. 9:42 ට
අනේ අයියේ අර ඉරිසින්නාන්සේව හොයාගන්න විදියක් නැතෑ…
2011 ජූනි 28 දින ප.ව. 4:34 ට
මරු සිතුවිල්ලක් මචං.සුපිරි.ඔඩු දුවල මැරෙන පිළිකාවක්ම තමා ඔය මඟුලත්.
2011 ජූනි 28 දින ප.ව. 9:42 ට
අත්දැකීම් ඇතිනේ නේද බං…?
2011 ජූනි 29 දින පෙ.ව. 12:00 ට
මොකෝ බං නැත්තෙ.අම්මෝ..මාර සීන් එක කියන්නෙ ඔය දෙකෙන්ම මැරෙන්නෙ ටික ටික වේදනා විදලා..නිට්ටාවටම සුව කොරන වැඩසටහනක් තමා නැත්තෙ.
2011 ජූනි 29 දින පෙ.ව. 8:53 ට
පොලිඩෝල් තමා විසඳුම…
2011 ජූනි 28 දින ප.ව. 4:38 ට
මම නම් මාතෘකාව දැක්ක ගමන්ම ..හිතුවා…මාලුවට තද සීතලක් අල්ලලා, උණ අර ගත්ත වෙලාවක දාපු පෝස්ට් එකක් කියලා.
හැබැයි රජෝ..ඇග හිරි වට්ටන මේ වගේ උපහැරන නම්..තවත් නොදා හිටියොත් තමා හොද.
2011 ජූනි 28 දින ප.ව. 9:43 ට
ඇයි බං ඒ? වෙනසකටත් එක්ක දැම්මේ….
2011 ජූනි 28 දින ප.ව. 7:39 ට
පිලිකාව සහ ආදරය…..
උඹට මේක හිතුනෙ කොහොමද මම දන්නෙ නැ..ඒත් මේක මට ගොඩක් සමීපයි.ඒත් මචන් පිලිකාව ආදරයට සමාන කරන්න එපා.ආදරය කියන්නේ ඊටවඩා ගොඩක් වෙනස් දෙයක්.
2011 ජූනි 28 දින ප.ව. 9:46 ට
ඇත්ත උඹ කියන්නේ… පිළිකාව සාපේක්ෂව බලලා…. ඒත් ටිකක් හිතපං සෙනෙහෙ පිළිකාව ගැන. මං හිතන විදියට ඒක තමා භයානකම.
2011 ජූනි 28 දින ප.ව. 10:00 ට
ඇත්තටම මම හිතුවෙ මාතෘකාව දැක්කාම කොල්ලා සමාජ සේවයට බැහැලා කියලා, සිරාවට ලියලා තියනවා, හොඳට ගලපලා තියනවා ……………..
එල
2011 ජූනි 29 දින පෙ.ව. 8:52 ට
බොහොම ස්තූතියි කල්හාර අයියේ
2011 ජූනි 29 දින පෙ.ව. 6:29 ට
ආදරය කියන පිලිකාවට බටහිර වෙදකමේ බෙහෙත් නෑ කියලා ශුවර්ද?.ගොඩ වෙදකමක් කරලා සනීප කරගන්න බැරිවෙයිද? 🙂
2011 ජූනි 29 දින පෙ.ව. 8:54 ට
මං දන්න තරමින් නම් බෙහෙත් නෑ…
2011 ජූනි 29 දින පෙ.ව. 8:01 ට
ඔබේ පැදි පෙළ හරිම ලස්සනයි ..මට ප්‍රශ්නයක් තියෙනවා ..ඔබ කොහොමද මේතරමටම මෙවැන්නෙක්ගේ හැඟිම් තේරුම් ගත්තේ කියලා ..ඔබේ ඔය කවිය …මම කදුලු කතාවක් විදියට සජීවිව අහල තියෙනවා .මගේ රාජකාරි කාළය තුල ….ඔබේ දක්ෂතාවය අගය කරනවා …ලියන්න තවත්
2011 ජූනි 29 දින පෙ.ව. 8:56 ට
හැඟිම් සජීවීව විඳින කෙනෙකුට ඒක වචන බවට හරවන එක ඒ තරම් අමාරු නෑ අයියේ…
2011 ජූනි 29 දින පෙ.ව. 10:06 ට
ඇත්ත , මම ගරු කරනවා ඔබේ හැකියාවට
2011 ජූනි 29 දින ප.ව. 12:23 ට
ස්තූතියි අයියේ
2011 ජූනි 29 දින පෙ.ව. 11:49 ට
යකෝ වල් මාළුවා මම ගලෝනවා තොගෙ වරල්, මම හිතුවෙ හුටා අපේ මාළුවා දාලාවත් යන්නද හදන්නෙ කියල, ඇට මාළුවා(replaced ගෙම්බා)!
දකින එවුන් බයවෙයි බං, සික් මමත් රැවටුනානෙ බොල!
තෝව යහතින් තියන්න කියලා දෙයියන්ට කියලා ජයත් පතලා මම මාරු!
2011 ජූනි 29 දින ප.ව. 12:26 ට
පොල් ගෙඩියක් ගැහුවේ නැද්ද බොල?
2011 ජූනි 29 දින ප.ව. 3:41 ට
සුපිරි පද පේලි කීපයක් මාළුවා අයියේ . මම නම් රැවටුනේ නෑ මම දැනගත්තා මේක මාළුවාගේ බ්ලොගර් ට්‍රික්ස් එකක් කියලා . නියමෙටම ලියලා තියන පද පේලියක් කියලා ආයෙමත් කියන්න ඕන . මචං උඹ බයෝ නේද කරේ ?
2011 ජූනි 29 දින ප.ව. 4:01 ට
දෙක තුනම කලා බං….
2011 ජූනි 29 දින ප.ව. 9:29 ට
මාළුවෝ බොට බෙහෙතක් සෙට් උනොත් මටත් කිව්වට කමක් නෑ…
2011 ජූනි 30 දින පෙ.ව. 7:06 ට
නෑ…… උඹත් අසනීපෙන්ද බං..?
2011 ජූනි 30 දින ප.ව. 8:00 ට
🙂 .. මම නම් ඔය ෙලෙඩ්ට ෙබෙහතක් ෙහායා ගත්තා. ඒෙක් නමත් “අාදරය” බන්. වැෙඩ් කියන්ෙන් ෙඩාක්ටට ඒ ෙබෙහත මට ෙදන්න බෑලු.
2011 ජූලි 1 දින පෙ.ව. 6:47 ට
ඉතිං දැන් මොකද කරන්නේ?
2011 ජූලි 1 දින ප.ව. 1:23 ට
මොනා කරන්නද බන්. කවදා හරි ඒ වෛද්‍යතුමියම බෙහෙත දෙනකල් බලන් ඉන්න තමා තියෙන්නේ.. 😦
2011 ජූලි 19 දින පෙ.ව. 11:31 ට
මම ලගදී තමයි ඔයාගේ බ්ලොග් 1 ට සෙට් උනේ. මම හිතුව මුලටික කියවද්දී මාළු පිළිකා ලෙඩෙක් ද කියල ඇත්තටම(හරියට පින්තුරේ බැලුවෙත් නැහැනේ)
දැන් තමයි දැනගත්තේ මමත් පිළිකා ලෙඩෙක් කියල.
2011 ජූලි 19 දින ප.ව. 4:11 ට
මේ පිළිකාවට බෙහෙත් නැහැ මචං…