මේ කතාවත් අපේ ඔෆිස් එකේ ඉන්න රජ පොරක් ගැන. කලිනුත් කිව්වනේ… කෆීර් දෙක බිම දාන්න තරම් කටක් තියෙන අයත් අපේ ඔෆිස් එකේ ඉන්නවා කියලා. ඇත්තෙන්ම මේ අයියා නම් මොන භාසාවෙන් කිව්වත් කියන්න වෙන්නේ …. එල පොරක් කියලා තමා. දැන් ඉතිං හිතන්න එපා මං මේ ඒ අහිංසකයට මඩ ගහන්න හදනවා කියල එහෙම හරිය… අපි පොර අයියට සමන්ත කියමු. බැරි වෙලාවත් මේ පෝස්ට් එක මොකෙක් හරි දැක්කොත් මං ඉවරයි.
ඉතිං අර කිව්වත් වගේ සමන්ත අයියා වචනයේ පරිසමාප්තියෙන්ම පොරක්. සමන්ත අයියා ටිකක් මිටියි. ටිකක් කියන්නේ අඩි හතරයි අඟල් හයක් විතර…. හැබැයි පොරට තියෙන සම්බන්ධකම් නම් අහසටත් වඩා උසයි. ඕනෙම දේකට ඕනෙම වෙලාවක මිනිහාට කෝල් එකක් දුන්නනම් අපිට දැන ගන්න ඕනේ විස්තර ටික පැයක් ඇතුලත හොයාගන්න පුළුවන් තරමටම සමන්ත අයියගේ නෙට් වර්ක් එක පැතිරිලා තියෙන්නේ…
හිතන්නකෝ ධර්ම දේශණාවකට රටම පිළිගත් හාමුදුරු කෙනෙක් වඩම්මවා ගන්න ඕනේ කියලා. අපිට කරන්න තියෙන්නේ සමන්ත අයියේ…. අහවල් හාමුදුරුවෝ අපිට වඩම්මවා ගන්න ඕනේ, මොකද කරන්නේ…? කියලා අහන එක විතරයි. ඊට පස්සේ …. ආ… එහෙමද…? කොහොදට…? කීයටද…? කවදද…? කියලා අවශ්‍ය කරන විස්තර ටික ඔක්කොම අහගන්නවා… පැත්තකට ගිහිං කෝල් එකක් දානවා… එච්චරයි…
ඊට පස්සේ තව චූටි වෙලාවකින් හාමුදුරුවන්ට එදාට එන්න පුළුවන්ද බැරිද… කියන එකේ ඉඳන් ධර්ම දේශනාව දවසට ලෑස්ති කරන්න ඕනේ කලමනා වෙනකම්ම සියළුම විස්තර පොරගෙන් ගන්න පුළුවන්.
මං දන්න තරමින් මෑන් ගෙවල් කිට්ටුව තියෙන හැම සමිතියකම වගේ සාමාජිකයෙක්. සිංහ සමාජයේ ලේකම් හරි මොකක් හරි පට්ටමක් තියෙනවා… ඊට පස්සේ පන්සල් කීපයකම කාරක සභාවේ ඉන්නවා… ඒ කොහොමද කියන්න නම් දන්නේ නෑ… ඒක නිසා දානෙකට බනකට හාමුදුරු කෙනෙක් වඩම්මව ගන්න එක සිම්පල්. හාමුදුරුවරුත් පොරව හොඳට දන්නවා. මොකද ගොඩක් වෙලාවට මෑන් පොඩි අයත් එක්ක පෝය දාට සිල් ගන්නත් යනවා. ඒ මදිවට හැම පොලිසියකම එක ලොක්කෙක්ව හරි දන්නවා. ඒක නිසා මෑන් එකක් කොහෙවත් යන්න බය නෑ,…
අනික තමා වැදගත්ම කාරනේ… දැං මේ උෂ්නෙ තියෙන කොල්ලන්ට කියන්නේ… අඩෝව්, එකෙක්වත් සමන්ත අයියගේ නොම්මරෙ ඉල්ලලා එහෙම කෑගහනවා නෙවෙයි හරිය… එව්වට ආවොත් පොර ගාව ඒවටත් බෙහෙත් තියෙනවා…. මං දන්න තරමින් මූ හෙනම සමාජ සේවකයෙක්. කසාද බඳින්න කලින් එක්ස්පිරීයන්ස් ගන්න අවශ්‍ය උන්ට ඒ අවශ්‍ය ස්ථාන සෙට් කරන්නත් මෑන්ස්ට බලය තියෙනවා. ඒ වගේම විශේෂ වට්ටම්, එතකොට විශේෂිත වෙන් කිරීම් කරන්නත් පොරට පුළුවන්. අවුරුදු 20 සිට ඕනෑම වයස් කාන්ඩෙකින් ඉල්ලුමට අනුව සැපයුම දෙන්න තරමට සමන්ත අයියට කනෙක්ෂන් තියෙනවා.
තව අමතර සේවයක් වශයෙන් වශී ගුරුකම් කරන ගුරුන්නාන්සෙලාවත් සෙට් කිරීමේ කටයුත්තකුත් තියෙනවා. එවුව වැරදිලා මැරුම් කන්න වුනොත් පොර අඳුරන මල්ශාලා කීපයකුත් තියෙනවා…. එව්වට කියලා ඩිස්කවුඩ් දාලා පෙට්ටියේ වැඩේ කරගන්න පුළුවන්.
ඒ වගේම තමා, කවුරු හරි ඇමති කෙනෙකුව හම්බු වෙන්න ඕනේ නම්… මිනිහාට කිව්වම කොහෙන් හරි විස්තර හොයලා හම්බුවෙන්න පුළුවන් වෙලාවල්…. ස්ථාන අරවා මෙව්වා විස්තර ඔක්කොම දෙනවා. හරියට නිකං ලෝකල් විකිපීඩියා වගේ තමා. ඔන් ලයින් චැනලින් සේවාවත් තියෙනවානේ….
ඒ වගේම පොර හරිම හොඳයි. මං හිතන්නේ මිනිස්සු ආශ්‍රය කරලම ලබාගත් අත්දැකීම් අනුව තමා ඒ. ඕනෙ කෙනෙකුට ඕනෙ වැඩකට උදවු කරනවා…. ඉතිං ඔය සාධාරණා කොටා කාඩ් එක ගහලා තියෙන්නෙත් ඒකමයි.
ඒ අස්සේ මූට දැන් පුතාලම තුන් දෙනෙක් ඉන්නවා. පොරට වයස අවුරුදු 45ක් විතර ඇති. පොඩිම පුතාට වයස මාස දෙකයි. බලන්න ඉතිං තාම ෆිට් පොරක්නේ. එච්චරනම් කමක් නෑ කියමුකෝ…. මූ කියනවනේ දූ පොඩ්ඩක් හදාගෙන මිසක් ගේම අත්හරින්නේම නෑ කියලා….
2011 ජූනි 25 දින පෙ.ව. 7:12 ට
අයියා වැඩ්ඩා නේ………….
2011 ජූනි 25 දින පෙ.ව. 9:33 ට
නැතුව නැතුව… තව ටික කාලෙකින් පඩි පෙල වගේ වෙයිද දන්නේ නෑ…
2011 ජූනි 25 දින පෙ.ව. 7:30 ට
තරහ නැතුව මට සමන්ත අයියගෙ නම්බර් එක දීපන්කො…
2011 ජූනි 25 දින පෙ.ව. 9:34 ට
යකෝ…
2011 ජූනි 25 දින පෙ.ව. 7:55 ට
මචෝ කොටා අයියගේ නම්බර් එක එවපන්කෝ
2011 ජූනි 25 දින පෙ.ව. 9:35 ට
ඇයි එක්ස්පීරියන්ස් ගන්නද?
2011 ජූනි 25 දින පෙ.ව. 8:02 ට
මචෝ මමත් හොය හොය හිටියෙ ඔය වගේ පොරක්ව තමා අනේ මටත් නම්බර් එක එවපන්කෝ……
2011 ජූනි 25 දින පෙ.ව. 9:36 ට
උඹටත් බඳින්න කලින් ටෙස්ටින් පාරක් දාන්න හිතිලා වගේ…
2011 ජූනි 25 දින ප.ව. 2:20 ට
අන්න මල්ලි ඒ වගේ හැදෙන්න …. ලෝකල් විකිපීඩියා
2011 ජූනි 25 දින ප.ව. 6:59 ට
ඒ කියන්නේ අක්කා වගේනේ….!
2011 ජූනි 25 දින ප.ව. 3:08 ට
මටත් ඔය නොම්මරේ දීපංකො බං. හැබැයි මං බැඳල ඕං……..
2011 ජූනි 25 දින ප.ව. 6:59 ට
නෑ නෑ නවම් අයියට කෙරෙන්න ඕනේ දේ කියන්නකෝ…
2011 ජූනි 25 දින ප.ව. 6:06 ට
ඔච්චට අපිට කියන්නෙ. උඹ මුකුත් කරගත්තෙ නැද්ද තාම කොටාට කියල………..
2011 ජූනි 25 දින ප.ව. 7:00 ට
ඔය ඇහුවේ කතාවක්… දැන් කොහොමද යකෝ මං මේ පස්නෙට උත්තර දෙන්නේ…?
2011 ජූනි 25 දින ප.ව. 6:20 ට
බෑ බෑ මාලුවෝ.නම්බර් එක ඕනේමයි.මේ කාලේ ගන්න අත්දැකීම කවදාහරි ජීවිතයට වටිනවා බොල 😀
2011 ජූනි 25 දින ප.ව. 7:01 ට
ඇයි උඹ කැමතිද පෙට්ටියකින් යන්න… මිනිහා වැඩිපුරම කරන්නේ ඒවගේ වැඩ… 😀
2011 ජූනි 25 දින ප.ව. 7:48 ට
මේ අයියට මාර නෙට්වර්ක් එකක් නේ තියෙන්නේ කියුවත් වගේ..
මාර වැඩේ වෙන්නේ මැරෙන්න කලින් දුවෙක් හදා ගන්න බැරි උනොත් මිනිහා භූතයෙක් වෙලා හරි ඇවිත් දුවෙක් හදලා යයි ඒ තරමට වැඩ කාරයෙක් වගේ..
යාළු වෙලාවක් තිබුනොත් මගේ කුනුබක්කිය පැත්තෙත් ඇවිත් යන්න එන්න..
2011 ජූනි 27 දින පෙ.ව. 8:45 ට
අනිවා … ඕකා යන විදියට ක්‍රිකට් ටීම් එකක්ම හදලා තමා නවතින්නේ
2011 ජූනි 27 දින ප.ව. 2:29 ට
ඔහොම ගියොත් ක්‍රිකට් විතරක් නෙමේ අනික් හැම ක්රීඩාවකටමත් ටීම් හදන්න පුලුවන් වේ ඕන්..
2011 ජූනි 27 දින ප.ව. 3:31 ට
හික්…. 🙂
2011 ජූනි 25 දින ප.ව. 7:51 ට
නමින් කොටා උනාට වැඩ කොට නැහැ වගේ ! මෙන්න මේ වගේ ගොබිලෙක් අපේ විදේශ ඇමති උනා නම් හොඳයි..
2011 ජූනි 27 දින පෙ.ව. 8:46 ට
ඔව් නේද…? ඇයි අයියේ එතකොට දැන් එකා අවුල්ද බං?
2011 ජූනි 25 දින ප.ව. 8:35 ට
මටත් නොබරේ …. දීපල්ලා !
2011 ජූනි 27 දින පෙ.ව. 8:47 ට
හිටහං උඹටනම් දෙනවා මං
2011 ජූනි 26 දින පෙ.ව. 11:37 ට
ඒයි මටත් සමන්ත අයියගේ නම්බර් එක දීපන්කෝ බං…. අර වෙන මොකකටවත් නෙමෙයි එකස්පීරියන්ස් එකක් ගන්න සීන් එකට…..
2011 ජූනි 27 දින පෙ.ව. 8:47 ට
දැන් ගිය සතියෙත් සෙරප්පු පාරක් කාලා තෝ ගෙදර හිටියා නේද යුනි නොගිහින්… ආයෙමත් කන්නද හදන්නේ?
2011 ජූනි 26 දින ප.ව. 9:30 ට
මූ නම් සිරාම පොරක් නේ. අඩේ මූගේ නම්බර් එක පොඩ්ඩකට ඉල්ලගන්න බැරි වෙයිද ? ඕන් මට එහෙම නෙමේ. වෙන එකෙකුට. මට මේ පෝස්ට් එක මිස් වෙලානේ බොල. කොහොමද එහෙම උනේ ? 🙂
2011 ජූනි 27 දින පෙ.ව. 8:51 ට
මල්ලි කොළඹ ආපු වෙලාවක කියහංකෝ මුන ගස්සන්න
2011 ජූනි 27 දින පෙ.ව. 1:08 ට
බැලුවාම මාලු මලයත් සෙල්ලං පොරවල් නෙමේ ආශ්‍රය කරන්නෙ ……….
2011 ජූනි 27 දින පෙ.ව. 8:53 ට
අපිට ඉතිං අයියලා වගේ අය හම්බුවෙන්නේ පෙර පිනටනේ… 😛
2011 ජූනි 27 දින පෙ.ව. 10:09 ට
ලොවෙත් නැති බුලට් එකක්නෙ බං.අන්න මිනිස්සු.
2011 ජූනි 27 දින ප.ව. 12:26 ට
නැතුව බං. කොටින්ම බලහං මිනිහා සිංහල ජාතිය ගැන කොයිතරම් හිතනවද කියලා.
2011 ජූනි 27 දින පෙ.ව. 11:20 ට
මාලුවට එහෙම සෑහෙන්න උදව් ඇති නේද පොරගෙන්.
2011 ජූනි 27 දින ප.ව. 12:26 ට
තියෙනවා තියෙනවා…. වැඩක් නෑ කියලා….