නෞකාවකි ඔබ ඈත සමුදුරේ…! ඔව් ඉතිං…..?

කට්ටිය දන්නවා  නේද… ලක්ෂ්මන් විජේසේකර මහත්මයාගෙයි, ප්‍රදීපා ධර්මදාස මහත්මිය‍ගෙයි ලස්සන සිංදුවක් තියෙනවා…. සුපෙම් හැඟුම් ඔබෙන් එපා…. මිතුරු දම් විනා…. කියලා…. ඉතිං දවසක් දා බස් එකේ යද්දී ඔය සිංදුව ඇහුනා. අනේ මන්දා මං එදා ඇ‍ඳෙන් නැගිට්ට පැත්ත වැරදිද කියලා, මට හිතෙන්නෙම පහන් ටැඹ කියන දේට විරුද්ධව ගේම ඉල්ලන්නමයි. ඒ කියන්නේ මට නෞකාව වෙන්න ඕනේ කියන එකයි.  දැන් ඉතිං කට්ටිය හිතන්න එපා මේක මේ සිංදුවට කරන අපහසයක් කියලා… ඒ වගේම මේ ගයනා කරන දෙපලටවත් ලිව්ව ඇත්තොන්ටවත් කරන අපහසයක් නෙමේ මේ… මොකද මාත් මේ සිංදුවට හෙන ආසයි. ඒ වගේම මේ ලියාගෙන යන්නෙත් නිකමට මට හිතිච්චි එව්වා.

සිංදුව මතක නැත්තං අහලම ඉන්න.

ඉතිං ඔය සිංදුවේ පහන් ටැඹ කියනවනේ… නෞකාවකි ඔබ ඈත සමුදුරේ, මා පහන් ටැඹයි මෑත ගොඩබමේ කියලා… ඉතිං මං අහන්නේ කොහොමද බොල පහන් ටැඹ කතා කරන්නේ…? අනික … බලන්න දැන්…. එයා පහන් ටැඹ වෙලා මාව නෞකාවක් කරලා…. ඒ මදිවට මං මුහුදේ යන එක තැනක ඉන්නේ නැති ගානට කතාව. හරි සෝක්…. කොටින්ම කියන්නේ මට එක හිතක් නැති නොසංඩාලයෙක් කියලනේ…  එත‍කොට පහන් ටැඹ හරී…. හොඳ එක්කෙනා…. එයා කිසි දෙයක් කරන්නේ නෑ… එක තැනකට වෙලා මට ලයිට් ගගහා ඉන්නවා…. මං අහන්නේ… ඔය ලයිට් පත්තු වෙන්නේ මං යද්දී විතරද…?

මං හැර වෙනත් නැව් මේ පහන් ටැඹ දිහා බලාගෙන යන්නෙ නැද්ද…? ඒ යන අනිත් නැව් වලට ලයිට් ගහන්නේ නැද්ද…?  ඊටත් වඩා පහන් ටැඹක අගේ තියෙන්නේ රෑටනේ… ඒ කියන්නේ ඉතිං ඔය ලයිට් එක ගහන්නේ රෑටනේ. ලැජ්ජා නැද්ද තනි පංගලමේ මුහුදේ යන නැව් වලට වෙරල අයිනට වෙලා ලයිට් ගගහා ඉන්න… ඈ…? ඔය හැදිච්ච පහන් ටැඹක හැටිද…? එව්වට උත්තර නෑ…. එනව මෙතෙන මාව විතරක් වැරදි කාරයා කරන්න… එව්වා කොහෙද මාත් එක්ක….

ඒ මදිවට මට කියනවා… සුපෙම් හැඟුම් මගෙන් එපාලු…. සුවර් එකට එහෙනං වෙන නැවක් ඇතිනේ. ආපු දෙන්කෝ ඕකා. ඌ දන්නේ නෑ මං හෙන යුධ නැවක් කියලා. යවනවා අන්ඩර් වෝටර් මිසයිල් එකක්. පහන් ටැඹ දන්නේ නැති වුනාට මයෙ ගාව තියෙනවා මරු රේඩාර් සිස්ටම් එකක්. පහන් ටැඹ පේන මානෙට කෙල හලාගෙන එනකොට මං දෙනවා…. ඩිෂුම් … ඩිෂුම්… ඩෝං …. ගාන්න.

‍කොහොම කිව්වත් යන්නේ නෑ…. නෑ…. නෑමයි මේ පහන් ටැඹ දාලා. හ්ම්…. මිතුරු දමින් හිටියා දැන් ඇති…. දැං මං දෙන්නෙම සුපෙම් හැඟුම්… එපා කිව්වට අහන්නේ නෑමයි මං… කොහොමත් පහන් ටැඹ.., ඔයාට බැහැනේ මාව දාලා දුවන්න… ඔයා ඉන්නේ එක තැනකනේ…

මං හෙන අඳුරේ ඉද්දී පහන් ටැඹ තමා මට ලයිට් ගහලා පාර පෙන්නුවේ… මට පහන් ටැඹ ගාවටම එන්න බැරිවෙයි තමා…. ඒත් පහන් ටැඹ ලඟ වෙරලට වෙලා මං නැංගුරම් දානවා හිතුනොත් හෙම. හිත ගොඩක් තද කරගෙන ඉවසගෙන ඉන්නේ… සුපෙම් හැඟුම් එපා කිව්වට. හ්ම්… දැන් එනවා බබා වෙන්න. සුපෙම් හැඟුම් එපා නම් මොන මගුලටද මට ලයිට් ගහලා පාර‍ පෙන්නලා දුන්නේ. මං යන පාර වෙනස් කරේ. පාඩුවේ හිටියනම් ඉවරයිනේ…. මට මං යන පාරේ යන්න දීලා. ලයිට් ගහලා ගහලා මාව මඤ්ඤං කරලා දැන් එනවා සුපෙම් හැඟුම් එපා කියන්න. මං ආයෙ කියන්නේ නෑ ඕං…. කවුරු කිව්වත් මං මගේ හීනය අතාරින්නෙත් නෑ….

කොච්චර කිව්වත් ඉතිං තේරෙන එකක්යැ. යකෝ පහන් ටැඹ, උඹ නැතුව නැවට පාලුයි…

මං කියන්නම් වැඩක්…. පහන් ටැඹ මට විතරක් පේන්න චූටියට ලයිට් ගහන්න. එතකොට වෙන නැව් වලට පේන්නේ නැහැනේ… මං පහන් ටැඹ ලඟටම වෙලා බලාගෙන ඉන්නම් ලයිට් එලිය දිහා. හැබැයි එතකොට් මට කිව්වොත් එහෙම… නෞකාවකි නුඹ ඇත සමුදුරේ කියලා… සත්තයි අන්ඩර් වෝටර් මිසයිල් එක ලෝන්ච් කරනවා මං.

මං දන්නවා මං පහන් ටැඹට සැර වුනත්… කොයි තරම් කෑගහලා පහන් ටැඹම සුපෙම් හැඟුම් එපා කිව්වත්…. පහන් ටැඹ බලන් ඉන්නේ මේ නැව දුර ඈත ක්ෂිතිජයෙන් මතු වෙනකං කියලා. ඒත් මොන මගුලටද එහෙනම් ඔය ලයිට් එක හැමෝටම ගහන්නේ… මාව දැක්කම විතරක් ලයිට් ගැහුවම ඇතිනේ. ඊටත් මං අනිත් නැව් එක්ක එන්නෙත් නැහැනේ… තනියමනේ එන්නේ… ඒක නිසා හොඳ පහන් ටැඹ වගේ මාව දැක්කම විතරක් ලයිට් ගහන්න හොඳද…?

නැත්තං මං හයියෙන් ඇවිල්ලා පහන් ටැඹේ හැප්පිලා, පහන් ටැඹත් බිම දාගෙන මාත් පවුඩර් වෙනවා. පහන් ටැඹ නැතුව මට ඉඳලා වැඩක් නෑ. ඊටත් මේ පටන් ටැඹ අනිත් එව්වට වැඩිය හොඳයි…… තේරුනාද පහන් ටැඹට…?

56 Responses to “නෞකාවකි ඔබ ඈත සමුදුරේ…! ඔව් ඉතිං…..?”

  1. සාතන් Says:

    සින්දුවක් පිට දාල මාළුව වෙනමම ලයින් එකකින් ගේම ගහන්නෙ… එහෙම නේද මාළුවො..?

  2. දිල් Says:

    පිස්සු හැදෙන සඳ….

    මේ උදේ පාන්දර ඔළුව අවුල් නොකර හිටපන් මාළුවො……මම ආසම සින්දුව…මේ පෝස්ට් එක කියෙව්වට පස්සෙ සින්දුව අහද්දී මඤ්ඤං මඤ්ඤං වගේ….

  3. අකිකරු හිත Says:

    මේක නිකන් අති භයානක ප්‍රේම කතාවක් වගේ…

  4. හංසකිංකිණි Says:

    මොකද මලයො.. අර සදරුට වගේ රතු ලේබල් බෝතලයක් වත් හම්බ වුණාද??

  5. cjgayan Says:

    මාලුවෝ උඹට වෙන වැඩ නැද්ද උදේ පාන්දරම මොලේ කොලොප්පන් කරන පෝස්ට් දාන්න……..

  6. Luckey Says:

    මම කිව්වෙ,,මාළුවා ගෙ මේ ශ්‍රාස්ත්‍රිය ලිපි එකතුව හරි වැදගත් කියලා. හොඳ විචාරයක්..

  7. පිණිබිඳු Says:

    අද උදේ පාන්දරම මේ යකා බීලද කොහෙද.

  8. sithuwam Says:

    සුපිරි පෝස්ට් එක මචං.ඒත් ඔහොම නැංගුරම් දාල හිටියා කියල පහන් ටැඹට දැනෙන්නෙ නැත්තම් ..මොකද ගොඩක් උඩනෙ පහන් ටැඹේ එළිය තියෙන්නේ.එකත් එකටම මටනම් හිතෙන්නෙ ඕක හොඳ වෙළද නෞකාවකට ලයිට් එක අල්ලයි.

  9. නවම් Says:

    වෙලාවට මායි ඕනයයි අංගොඩ දිහාවෙ පදිංචි උනේ. උඹත් එනවනං වරෙන් මයෙ ඇනෙක්සියේ වැඩිපුර කාමරයක් තියනව.

  10. නිල් අහස Says:

    හිත ගත්තු කෙනාට කියා ගන්න බැරි දෙයක්..නියන්න වගෙයි ව්‍රයි එක… නේද..මාලුවෝ.

    මාලු නෝනට ආදරෙන් කියන්න..අනිත් මාලුවෝ දිහා බලනකොට..උඹෙ හදුන්පොත..කීං..කීං..ගානවා කියලා.

  11. මිස්ටර් අන්දමන්ද Says:

    අඩෝ කැතයි බොල .. උඹල ලෝකෙ වටේ තියෙන කණුවලින් පාර අහගෙන ඇවිල්ල ..අනිත් අයට එළිය දෙන්න එපාලු ..සුපෙම් හැඟුම ඔබෙන් එපා..ඇත්තනෙ බං උඹල වගේ ආත්මාර්ත කාමියො එක්ක මොන ලව් ද බං .දවසකට දෙකකට ඇවිල්ල කණුවම අයිතිකරගන්න යනව ..තනි කරල ආයෙමත් යනව ..හරියට යාළුවො වගේ. හැමදාම ඉන්නෙ සැමිය ,ප්‍රේමවන්තය ..අනික එළිපිටම උම්බෑකිව්වනෙ හරක වගේ නැව හප්පල කුඩු කරනව වගේ ..උඹට පහන් කනුවක් නෙවේ හරියනෙ කොටින්ගෙ ටෝරා එකක් ..

    මේ අවුල්ක් ගන්න එපා මම නැව් සහ පහන් කණු දිහා බලාගෙන ඉන්න වෙරළක් වගේ පව්කාරයෙක් බං ..ඒත් රහකුත් තියෙනව පස්සෙ කියන්නම්

  12. හිස් අහස Says:

    මචං පහන් ටැඹ එක නැවකට විතරක් නෙවේ ලයිට් ගහන්නේ. මුහුදේ යන හැම නැවකටම ලයිට් ගහනවා . මට හිතෙන විදිහට උඹ එක නැවක් විතරමයි .

  13. ඔජායෙ Says:

    මචං ඔය සින්දුවට මමත් ආසයි….ඕකෙ තව පැත්තක් තියෙනව….මොකද පහන් ටැඹ ලයිට් ගහන්නෙ අනතුරු අඟවන්න…පහන් ටැඹවල් තියෙන්නෙ ගල්පර තියෙන නැව් යන්න බැරි තැන් වල….ආවොත් කෙල වෙන්නෙ නැවට…….ඒකයි සිංදුවෙ නියම තෙරුම මම හිතන විදියට. ඔයා කියන පැත්තත් ගැලපෙනව නේ :D………කොහොම උනත් මමත් ඔය කියන විදියෙ පහන් ටැඹක් ලඟටම තමයි යන්නෙ…….එලz

  14. Kasun Chanaka Says:

    ඇත්ත මාලු අයියෙ, පහන් ටැඹ හරි නරකයි. එයා හදන්නෙ නෞකාව හැමදාම පේන තෙක් මානයෙන් විතරක් තියාගන්න. වැඩිය ලඟට එන්න දෙන්නෙත් නෑ, ඒ වගේ සම්බන්දයක් ඇති කරගන්න බැරිලු. ඒ වුනාට ඇතට යන්න දෙන්නත් නෑ. ලයිට් එක ගහල කොහොම හරි ආයෙත් ගෙන්න ගන්නවා. පහන් ටැඹ මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ? ඇයි හරි වචනයක් දෙන්න බැර්? ඇයි නෞකාව හැමදාම කඩේ යවන්නෙ?

  15. roshanherath Says:

    එක අතකට ඒකත් ඇත්ත..
    මොකද තනි අතින් අත්පුඩි ගහන්න බෑ නෙව..
    ඒත් ඉතින් නැව මුහුදුගියේ නැත්නම් පහන්ටැඹ මුණගැහෙන්නෙත් නෑ නෙ..

  16. දොඩන් Says:

    මම මේකෙ දැකපු සිරාම පෝස්ට් එක….පට්ට ඈ…සුපිරි….පහන් කණුව තමා පහන් කණුව…සින්දුවත් මම ආසම එකක්. උපමාවල් නම් නියමෙට ගලපල සින්දුව ලියල තියනවා. මාලුව ඒ ටික අරගෙන කාටදෝ කියන්න තියන ටිකක් කියල දාල වගේ. හික්ස්. මල් වාලුවා….අහ් වරදුනා මබර කාලුවා…ඒකනෙ අළුත් කාඩ් එක :පී

  17. bckurera Says:

    මචෝ මොකද පෙත්ත ගන්න බැරි උනාද?

  18. මකුළු පැංචි Says:

    මාළුව පාන්දරම ආසනික් සහිත හාල් වත් කාලද බොලේ… හිකිස්… 😀

  19. කල්හාර Says:

    කොල්ලා දැන් විචාරත් (විකාරත්) ලියන්න අරන්ද ……….

  20. ගිනි කුරුල්ලා Says:

    ටැංකියේ වතුර පල් වෙලාද බන් මේ දවස් වල?

  21. Black king Says:

    ගනන් ගන්න එපා බන්
    පහන් ටැඹවල් වල හැටි ඔහොම තමයි
    ඒ වගේම උඹ ටිකක් උත්සහ කරපන් අංගසම්පූර්න නැවක් වෙන්න
    එතකොට පහන් ටැඹ අනිත් නැව් වලට ලයිට් ගහන එකක් නෑ බන්

  22. මකුළුවා Says:

    ප්‍රසන්න අයියා සෑහෙන කාලෙකින් අම්බානක හිනාවුනා….හිහි………..මරුවට ලියලා තියෙනවා……

  23. කෝඩුකාරයා Says:

    ඈ බොල…….මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්.පහන් ටැඹට අයිතියක් තියනව ඕන නැවකට ලයිට් ගහන්න……..(විහිළුවට හොඳේ..)හැබැයි ඔය සිංදුවෙත් පොඩි අමුතු මෙව්ව එකක් තියනව.ඇත්තටම luckey අයිය කියනව වගේ හොඳ විචාරයක්……


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: