කරුණාවෙන් සවන්දෙන්න…. මේ ලිපිය පිරිමි ළමයින්ට පමණක් බව සලකන්න. ගෑණු ළමයි මේක බලලා…. තමන්ගේ උරුමක්කාරයින්ට වදයක් වෙනවට වඩා මේක නොබල ඉන්න ඇඟට ගුණයි.
දැන් ඉතිං ටික දවසක ඉඳන් මං කියාගෙන ආවනේ ගෑණු ළමයෙක්ට හිත ගියොත් එයා බැඳලද නැද්ද, එතකොට වෙන්ඩ අයිතිකාරයෙක් ඉන්නවද නැද්ද කියලා හොයාගන්න හැටි එහෙම. ඉතිං ඒ ලිපියට තරමක් හොඳ ප්‍රතිචාර තිබ්බ නිසා ඒකෙම තව කෑල්ලක් දැම්මා කෙල්ල සිංගල් නම් අකමැති වුනත් කැමති කරගන්න පුළුවන් ටක්ටෙකම හරියන වශිගුරුකමක් ගැන කියලා. පස්සේ ඉතිං ඒකටත් සතුටුදායක පිලිතුරු ටිකක් තිබ්බ නිසා තුන්වෙනි කොටසක් දැම්මා ගෑණු දැරිවිගේ ආදරේ වැඩි කරගන්න හැටි ගැන.
ඉතිං මේ අද කියන්න යන්නේ මුලින් කිව්ව ඔක්කොම කරගත්තාට පස්සේ ලැබෙන ආදරේ තව දුරටත් රැකගෙන තවත් ආදරේ වැඩි කරගන්න හැටි ගැන. දැං මේක නිකං පන කඩාගෙන ගෑණු ළමයෙක්ව සෙට් කරගන්න ට්‍රයි කරන සහ කරගත්ත වුන්ට දෙන ඔන් ලයින් ටියුටෝරියල් එකක් වගේ. මුලින්ම කියන්න ඕනේ … ගොඩක් කට්ට කාලා ගන්න ආදරේ වුනත් ලේසියෙන්ම ලැබෙන ආදරේ වුනත් වටිනාකමක් දැනෙන්නේ ඒක ආයෙමත් නැති වුනොත් විතරයි. ඒත් ඒ ආදරේ කවදාවත් නැතිනොවී තව තවත් වටිනා කමක් එකතු වෙලා ලස්සන වෙනවනම් ඒක තමා සැබෑ ආදරේ කියන්නේ…. අනිත් එක තමා ඒ ලැෙබන ආදරේ රැකගන්න එක ටිකක් අමාරු දෙයක්.
දෙන්නට දෙන්න හොඳ ඉවසීමකින්, දෙන්න ගැන හොඳ විශ්වාසයකින්… හොඳ පැහැදීමකින් කටයුතු කරනවා නම් කිසිම අවුලක් වෙන්නේ නෑ. කොටින්ම කියනවා නම් කෙල්ල/කොල්ලා ගේ ආදරේ නැති නොවෙන්න රැක ගන්න, ආදරේ දෙන්න කොල්ලා/කෙල්ල දැනගන්න ඕනේ.
මේ කියන්න යන්නේ තමන් ආදරේ කරන කෙනාට හිතේ පිරෙන ආදරේ කියාගන්න ලැජ්ජයි වගේ නම්, ඒ ආදරේ තෑග්ගකට හරවලා කෙල්ලට දීලා… ඒ තෑග්ග දැක්කම කෙල්ලගේ මූනේ ඇඳෙන සතුටු හිනාව දැකලා කොලු පැටියට සතුටු වෙන්න පුළුවන් විදිය. බැන්දට පස්සෙ නම් බය වෙන්න දෙයක් නෑ… හිතේ තියෙන ආදරේ රාත්‍රි කාලයට පැය දෙක තුනකින් කියන විදියක් තියෙනවලුනේ. එව්වා ඉතිං මං දන්නේ නෑනේ. මං දන්නේ මෙච්චරයි….
හිතන්න ඔයාලට ආදරේ කරන ගෑණු ළමයා දිනපතාම මුන ගැහැනෙවා කියලා… එතකොට නම් ඉතිං ආදරේ ඒ තරම් වටිනාකමක් තේරෙන්නේ නෑ… කමක් නෑ කොහොම වුනත් … ඒ ගෑණුළමයට මාසයකට පාරක් වත් පුංචි තෑග්ගක් දෙන්න පුළුවන්නම්… කෙල්ල කොල්ලට නොකිව්වට කෙල්ලට කොල්ලා ගැන ලොකු ආදරයක් ඇතිවෙයි. හැබැයි ඒ තෑග්ග හැමෝම දෙන තෑග්ගක් නොවෙන්න වග බලාගන්න ඕනේ. මොකද කෙල්ලෝ සෙට් එකක් එකතු වුනාම එයාලා කතාකරනවා එයාගේ අයිතිකාරයෝ ගැන…. ඉතිං ඒ අස්සේ අනිවා ඩෙෆා ඔය හම්බුවෙන තෑගි ගැනත් කතා කරනවා ඇති. ඉතිං ඒ වගේ වෙලාවක කිසිම කෙනෙකුට හම්බුනොවිච්ච තෑග්ගක් තමාට හම්බුවෙලා තියෙනවා කියලා, යාළුවෝ මැද්දේ ආඩම්බරෙන් කියන්න පුළුවන් තෑග්ගක් දෙනවා නම් ආයේ ඉතිං කියන්න දෙයක් නැහැනේ. ඒක නිසා හැම තිස්සෙම වෙනස් විදියට හිතන්න. වෙනස් දෙයක් ලස්සන දෙයක් තෑගි කරන්න.
දැන් ඉතිං අහන්න එපා කොහෙද ඒ වගේ තෑගි තියෙන්නේ කියලා… තමන්ට ඇත්තටම වුවමනාවක් තියෙනවා නම් පාරේ අයිනේ පදික වේදිකාවල පවා තියෙනවා. නැත්තං බුක් ෂොප් වල, එම්. සී එකේ දෙවෙනි තට්ටුවෙ… ලිබර්ටි එකේ…. ද ලවර්ස් ෂොප් වල…. ෆැෂන් බග්…, නෝ ලිමිට්… එතකොට කේ සෝන්… වගේ තැන්වලත් තියෙනවා. ඇත්තටම අවශ්‍ය වෙන්නේ ගෑණූ ළමයගැන තියෙන ආදරයයි, තෑග්ගක් දීමේ වුවමනාවයි විතරයි.
ඊට පස්සේ පූලුවන්නම් හිත ගිය ඇත්තගේ කැමත්තත් ඇතුව දවල් වෙලාවක හරි සැන්දෑ වෙලාවක හරි කෙල්ලව භෝජන සංග්‍රහයකට එක්කගෙන යන්න. ටිකක් විතර අඳුරු, විදුලි බුබුලු වලින් ආලෝකවත් වෙන තැනකට යන්න පුළුවන් නම් මැක්සා. මොකද දවල්ට දැනෙන රස්නය නැතිවෙලා සුවදායක විදියට කෑම වේලක් ගන්න තියෙනව කියන්නේ ඇත්තෙන්ම ලොකු දෙයක්. දැන් ඉතිං මේක කියවන්නේ කොල්ලෝ විතරයිනේ… ඒක නිසා මං පොඩි දෙයක් කියන්නම්… ඔයාලා බලන්න යම් කෑමක් ඕඩර් කරද්දී ගෑණූ ළමයා කැමතිම දෙයක් ගන්න. ඔයාලා ඒ කෑමට අකමැති නම් ඔයාලට වෙන දෙයක් ගන්න… මොකද ඉතිං කෙල්ලගේ බඩ පුරෝලා අපිට බඩගින්නේ ඉන්න පුළුවනෑ… ඉතිං ඒ කෑම කන ගමන් පොඩ්ඩක් කෙලි පොඩ්ඩගේ මූන දිහා බැළුවනම් සමහරවිට ඔයාලගේ බඩ පිරෙයි… ගෑණු ළමයාගේ මූනේ තියෙන සතුට දැකලා.
අම්මට සිරි මට කලිං කියන්න බැරි වුනා… මේ කිසිම දෙයක් කෙල්ලට කලිං දැනුම් දෙන්න එපා. එතකොට ගේම් එක ටිකක් අප්සට් වෙනවා. ගෑණු ළමයට විවේකයක් තියෙනවා නම් ක්ෂණිකව තීරණය කරන්න. කලිං නොදන්වා කරන මේ වගේ දෙයකින් මං හිතන විදියටනම් කෙල්ලෙක්ගේ හිතේ කොලුවෙක් ගැන තියෙන ආදරේ ගොඩක් වැඩිවෙනවා. ඒ වගේම, යාළුවනේ උඹලා හිතන්න එපා මේ කරන්නේ කෙල්ල වෙනුවෙන් ඔයාලගේ දතක් ගලෝගන්නවා කියලා… ඇත්තටම තමන්ගේ අනාගත සහකාරිය වෙන්න ඉන්න කෙනාට ආදරෙන් සලකන එක, රැකබලා ගන්න එක, සතුටු හිතෙන දෙයක් දීලා පුදුමයට පත්කරන එක දතක් ගලවා ගැනීමක් නෙවෙයි මං නම් හිතන්නේ… ඒත් ඉතිං ස්පෙයාර් වීල් වලටනම් සල්ලි වියදම් කරන්න එපා. තේරුමක් නැහැනේ… තාවකාලික සතුටක් වෙනුවෙන් ඔය තරම් මැරෙන්නේ මොකටද…
ඉතිං දැං කොයි තරම් එපා කිව්වත් කෙල්ලොත් මේක බලනවනේ… ඒක නිසා ගෑණූ ළමයින්ට තමා මේ ටික… මේ වගේ දේවල් නොදුන්නා කියලා ඔයාලගේ අයිතිකාරයා ඔයාලට ඇත්තටම ආදරේ නම් ඒක හදවතට දැනේවි. එයාලගෙන් කිසිම වෙලාවක මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නවත්, ඉල්ලන්නවත් යන්න එපා. එතකොට ඒ ආදරේ වැඩක් නැති වෙනවා. ඒ වගේම ඔයාලට විවේක වෙලාවක සමහරවිට ලොකු පුදුමයක් වෙනුවෙන් විතරක් බලාසිටින්න… කියන්න බැහැනේ… චූටි අද රෑට අපි ඩිනර් එකකට යමුද කියලා ඇහුවොත්…?
අනිත් වැදගත්ම එක තමා… මේ වගේ ආදරණීය හැඟිමක් එක්ක වෙනත් හැඟීමකට ඉඩ දෙන්න එපා. ආදරය කියන එක හොඳින් විඳලා ඉන්න වෙනත් දේවල් වලට යන්න කලින්. නැත්තං ඒක ආදරය නෙමේ වගේ වෙනවා. ඔහොම කිව්වට තේරෙන්නෙ නැති බබාලට කියන්නේ… යකුනේ රොමැන්ටික් කියන එකයි ලස්ට් කියන පටවලා ගන්න එපා. එහෙම වුනොත් ඉතිං අනේ මන්දා කොහොන් නවතීයිද කියලා…. ඉතිං ඒ වගේම තමා ….. මේ ක්‍රමය ස්පෙයාර් වලට අදාල නැහැ. ස්පෙයාර් වීල් වලට මේ ක්‍රමේ අත්හදා බලන්න ගිහිං එව්වා ඔරිජිනල් වීල් වුනොත් එහෙම මං නෑ ඕං….
2011 ජූනි 20 දින පෙ.ව. 6:44 ට
තෑග්ගක් අරන් දෙන්න පුලුවන් නම් ඒක සිරා.හැබැයි ඕක පස්සේ කාලෙක කරදරයක් වෙයිද දන්නෑ?. 😀
2011 ජූනි 20 දින පෙ.ව. 7:05 ට
ඒක නම් ඉතිං මං දන්නේ නැත….
2011 ජූනි 20 දින පෙ.ව. 6:52 ට
අඩෝ මාළුවා උඹ පිරිමින්ගේ රහස් කෙල්ලොන්ට කියනවා නේද? අහුවෙයන්කෝ මට! 😀
2011 ජූනි 20 දින පෙ.ව. 7:06 ට
පිස්සුද බං ඔය කොල්ලන්ට පමණයි කියලා උඩින් දාලා තියෙන්නේ
2011 ජූනි 20 දින පෙ.ව. 7:51 ට
අත්දුටුයි ප්රත්යක්ශයි! 😛
2011 ජූනි 20 දින පෙ.ව. 8:53 ට
ආ… ඔය තියෙන්නේ සාක්ෂී…
2011 ජූනි 20 දින පෙ.ව. 8:02 ට
මාළුවො, උඹ ලව් ගුරු වෙන්නද හදන්නෙ….. ඔය කෙල්ලට කලින් නොදන්වා කරන එක වැරදී මචන්…. ඒකෙන් ලකුණු වැටෙනව කියල හිතන් හිටියට ඇත්තටම වැඩිපුර ලකුණු වැටෙන්නෙ මුලින් දැනුම් දීල දෙයක් කරද්දි…. වැඩි විස්තර පස්සෙ වෙලාවක දාන්නම්….
2011 ජූනි 20 දින පෙ.ව. 8:54 ට
එහෙම සීන් එකක් තියෙනවද බං…ඒ වුනාට බං එහෙම කියලා කරද්දී අපිට සෑහෙන්න මහන්සි වෙන්න වෙනවනේ.
2011 ජූනි 20 දින පෙ.ව. 8:08 ට
“”ගොඩක් කට්ට කාලා ගන්න ආදරේ වුනත් ලේසියෙන්ම ලැබෙන ආදරේ වුනත් වටිනාකමක් දැනෙන්නේ ඒක ආයෙමත් නැති වුනොත් විතරයි””
ඔන්න දවසේ කියුම. 100% ක් ඇත්ත. මේ මාලුවෝ.. සතියකට වතාවක් විතර මීට් වෙන කෙල්ලෙක් ටත් මේ ක්‍රමේ සාර්ථක දෝ. හිටහන් මම උබේ ගෙදර එනව ඔව්වා ඉගෙන ගන්න. අනිවා. දැන් ඔය ලිපි පෙල නිසා කෙල්ලො අතරෙ උබේ බ්ලොගය සහ උබ බ්ලැක් ලිස්ට් වෙලා ය කියල තමයි ආරන්චි. හෙහ් හෙහ්. එව්ව කොහෙද අපි එක්ක .. නැත්ද මචං..
ජය…
2011 ජූනි 20 දින පෙ.ව. 8:56 ට
උඹ අපේ ගෙදර එනවද…? එන්න කලිං කියපං මං යනවා කොහේ හරි.
බුලැක්ලිස්ට් කෙසේ වෙතත් කෙල්ලෝ හොරෙන් හොරෙන් ටැංකියට එබෙන බවනම් පේනවා.
2011 ජූනි 20 දින පෙ.ව. 8:12 ට
මෙයාගෙන් උපදෙස් අරන්ද කොහෙද අරයානම් ඔය ටික ඔය විදිහටම කරනවා කියු මාලුවෝ උපදෙස් ගත්තා නේද එයා
2011 ජූනි 20 දින පෙ.ව. 8:57 ට
එහෙම උපදෙස් ගත්තද නැද්ද කියලා කියන්න බැහැනේ…. ඒක ගිවිසුමට පටහැනියිලු.
2011 ජූනි 20 දින පෙ.ව. 9:40 ට
අත්දුටුයි ප්රත්යක්ශයි! +++++++++++++
2011 ජූනි 20 දින පෙ.ව. 10:14 ට
කාට කාටත් හරියන කොට අපිටත් සන්තෝස නැතෑ
2011 ජූනි 20 දින පෙ.ව. 8:32 ට
මාත් මේ ක්‍රම ටික අත්හද බලන්න ඕනේ. මාලු අයියට බැරිද අර මනාලිට කලා වගේ පීඩී එෆ් ටිකක් කොරල දෙන්න. එතකොට කෙල්ලෙක් හම්බ වෙච්ච ගමන් මේ ක්‍රම එහෙම අත්හදා බලන්න පුලුවන්.
මම කියන්නේ මේ කෙල්ලන්ගේ හිත ගන්න විදිහ, ආදරේ වැඩි කරගන්න ක්‍රම එහෙම.
හරි ගියොත් තෑගි !!!1 වැරදුනොත් හෙන !!!!
2011 ජූනි 20 දින පෙ.ව. 8:57 ට
text විතරක් තියෙන එවුවා නම් pdf කරන්න පුළුවන් ඒත් බං flash එව්වා බැහැනේ…
2011 ජූනි 20 දින පෙ.ව. 8:55 ට
adee… Maluwt dan LOVE GURU wel ne… El el, api wge nodruwont kochchr wdgthth d me krn sewy… Thw tips dnn hrid..
2011 ජූනි 23 දින ප.ව. 9:07 ට
උඹට සැකනම් කරලම බලපං
2011 ජූනි 20 දින පෙ.ව. 10:09 ට
මාලු මල්ලි ලස්සන පෝස්ට් එකක්නේ දාල තියෙන්නේ..කාලයක් උඹේ බ්ලොග් එක කියෙව්වට කමෙන්ට් කරන්නෙ අද.දිගටම ලියපං මල්ලී.
මට ලෝන් එකක් දීපංකො බෙලෙක්ගෙ කැල්ලට මාලයක් අරං දෙන්න
🙂
2011 ජූනි 20 දින පෙ.ව. 10:14 ට
මොන ලෝන්ද අයියා, ඇයි ඔයාට නැද්ද ස්ටාර් පොය්න්ට් එකක්.
2011 ජූනි 20 දින පෙ.ව. 10:46 ට
අර ස්පෙයාර් වීල් කතාව නං හිතන්න වටින දෙයක්, අම්මප රෝදයක් වැඩි උනොත් පාරෙ යන්න බැලන්ස් නැතිවෙනව නෙව.
2011 ජූනි 20 දින ප.ව. 12:43 ට
අත්දැකීම් මතින් තමයි අයියා ජීවිතය ගොඩනැගැන්නේ…
2011 ජූනි 20 දින ප.ව. 2:47 ට
කථාවනම් ඇත්ත මචන්.මමත් ඉස්සර අහල තිබ්බ ලොකු දෙයක් නෙවි තමන්ගෙ පුලුවන් තරමින් පුංචි දෙයක් දෙන්න කියල.ඒ වගේම හතු පිපෙනව වගේ හදිසියේම දීල නවත්තලා දාන්නෙපා.ඒක දිගටම කරගෙන යන්න කියලා.ඒ උනාට මම ඕක විශ්වාස කරේ නෑ.මම හිතුවෙ ආදරේ තියෙනවනම් ඒ ඇති කියල.
ඒක වැරදියි කියල අද මගෙ ඇස් පනාපිටම ඔප්පුත් වෙලා තියෙනව මචන්.
දෙනෙන තේරෙන විදියට මේ වගේ අදහස් බෙදා ගනින් හැමදාම..
2011 ජූනි 20 දින ප.ව. 4:02 ට
අනිවා මචං… අනිවා…
2011 ජූනි 20 දින ප.ව. 2:55 ට
කෙල්ලන්ට පේන්න මේවා දාන්න එපෝ…
2011 ජූනි 20 දින ප.ව. 4:04 ට
මං ඉතිං උඩින් දැම්මනේ බං කොල්ලන්ට විතරයි කියලා…
2011 ජූනි 20 දින ප.ව. 5:50 ට
ඇත්තටම මාළුවට කෙල්ලන්ගෙ හිත් ගැන පුදුම දැනීමක් නේ තියෙන්නෙ…
2011 ජූනි 20 දින ප.ව. 8:41 ට
🙂
2011 ජූනි 20 දින ප.ව. 6:09 ට
අම්මපා මචං උඹ හරි කෙල්ලෙක් අල්ලගන්න අප්‍රමාන දහදුකක් වින්ඳට පස්සෙත් මේ රට කෝලං කරන්න එපෑය ඒකිව පිට යවන්නේ නැතුව තියාගන්න නම් .. බලන්න ඉතින් කෙල්ලෝ කියන ඈයෝ ..
උපදෙස් ටික නම් මැක්සා . අපිට ඉතින් උඹගේ පිහිටම විතරයි !!
2011 ජූනි 20 දින ප.ව. 8:42 ට
කොහොම හරි කරලා මලේ උඹත් ඉක්මනට එකක් සෙට් කරගනින්
2011 ජූනි 20 දින ප.ව. 6:47 ට
ෆට්ට ෆට්ට ෆට්ට….මරු උපදෙස් ටික අයියා….ගොඩක් ස්තූතියි……
2011 ජූනි 20 දින ප.ව. 8:42 ට
හරි ගිය දාට කේක කෑල්ලක් වත් දියන් හරිද…
2011 ජූනි 20 දින ප.ව. 10:07 ට
කතාව නම් සිරා… එත් වෙලාවකට ඔය මොනවා තිබ්බත් වැඩක් නැතුව යනවා බන් වෙලාව නැතුව
2011 ජූනි 21 දින පෙ.ව. 7:00 ට
ඒකත් ඇත්ත බං… මටත් අනන්ත කෙලවෙලා තියෙනවා ඒ සීන් එක නිසා නම්.
2011 ජූනි 20 දින ප.ව. 11:21 ට
ඇති යාන්තං, මම මාළුවගෙ කටින්ම පිට වෙනකං හිටියෙ ඔය ලව් එකයි ලස්ට් එකේ කතන්දර එලියට පනිනකන්, පොඩ්ඩක් ඒ ගැන සෙට් එකට විස්තරෞඅක් දැම්මනන් එලා!
කොල්ලො උබට ජය!
මාළි වත් මතක් කරා කියන්න
2011 ජූනි 21 දින පෙ.ව. 7:01 ට
ඒ කියන්නේ උඹ අපිට නොකියපු කතා ටිකක් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි වගේද?
2011 ජූනි 21 දින ප.ව. 9:53 ට
ශ්ශ්ශ්ශ්…
අඩේ මක්කැයි බොල ඒ හරුපෙ තේරුම?
මම කිව්වෙ කස්ටියට හොදට තේරුම් කරල දෙන්න කියලා ඒ දෙකේ වෙනස.
කොල්ලා කෙසේ වෙතත් කෙල්ලගෙ ඒකට තියන නැඹුරු තාවය ගැන.
2011 ජූනි 22 දින පෙ.ව. 7:30 ට
බලමු බලමු… ලියන්න ගියාම මොනා ලියවෙයිද දන්නේ නෑ බං.
2011 ජූනි 21 දින පෙ.ව. 10:20 ට
මාළු අයියගේ උපදෙස් ටික මාරයිනේ
2011 ජූනි 21 දින ප.ව. 1:17 ට
මෙව්වා ඉතිං හැමෝම කියලා දෙන්නේ නෑ… ඒ වුනාට ඉතිං මට වැඩක් නැති එකේ වෙන කෙනෙක්වත් වැඩක් ගනීනේ…
2011 ජූනි 21 දින ප.ව. 12:53 ට
කෙල්ලොන්ට කියවන්න එපා කියලම තිබ්බ හන්ද කියෙව්වෙ. ඇත්තටම මාලු ඔයා කියපු දේවල් ඇත්ත. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි. මහ ලොකු මිල වැඩි තෑගි එපා. පේමන්ට් එකේ විකුණන්න තියෙන වීදුරු වලලු දෙකක් උනත් ඇති.
2011 ජූනි 21 දින ප.ව. 1:19 ට
පෙනේද කෙල්ලෝ හිතන හැටි… අපි එයාලට පේමන්ට් එකෙන් වලලු ගෙනත් දෙයි කියලා හිතන් ඉන්නේ. අපි එහෙම කරන්නේ නෑ හලෝ….
2011 ජූනි 22 දින පෙ.ව. 10:07 ට
අඩෝව්… පල මාලුවා…
2011 ජූනි 21 දින ප.ව. 7:17 ට
පිණිබිදු අක්කා දෙන්න පහක්! 🙂
2011 ජූනි 21 දින ප.ව. 8:15 ට
හා දාන්න දාන්න…. එහෙනම්… කොල්ලන්ට විතරයි කිව්වම කෙල්ලෝ ටික පහක් දාන්න කතාව.
2011 ජූනි 21 දින ප.ව. 4:12 ට
මාලු මලයා මේ වැඩේ හරි යන්නෙ නැහැ අපි ලියමු පොතක් ………
ඔය පරණ ලිපි ටික දාලා එලට ම හදමු ……………
බය වෙන්න දෙයක් නැහැ උණු කැවුම් වගේ යනවා ෂුවර් ………..
2011 ජූනි 21 දින ප.ව. 8:11 ට
අනේ බෑ අයියේ…. මෙව්වා පොත් වල දැම්මොත් පුස්තකාල වහන්න වෙනවා. අච්චු කන්තෝරු ගිනිගන්නවා…
2011 ජූනි 21 දින ප.ව. 7:18 ට
හෆ්ෆටසිරි කිව්වලු….. යකො ෆිස් අයියා දැන් නියම ලව් කන්සල්ටන් කෙනෙක් වෙලානේ ….
ඉස්පෙයා වීල් තියා ඔරිජිනල් වීල් එකෙත් හුලන් නැතුව ලත් තැනම ලොප් වෙලා ඉන්නෙ අයියා මෙ දවස් වල… පොඩ්ඩක් දුක හිතුනා කියවද්දි පොස්ට් එක අනෙ මෙ සිරි මල්ලි ඔය වගෙ තැගි කාට අරන් දෙන්නද කියලා ……
බොඩිමෙ හිටියනම් මෙලාට ස්ට්‍රොන්ග් බියර් එකක් අනිවා මගෙ අතේ. :((
2011 ජූනි 21 දින ප.ව. 8:14 ට
ගණන් ගන්න එපා පුතා… මටත් ඔය තෑගි දෙන්න කෙනෙක් නැති නිසා තමා බං මේ විදියට කාට හරි ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්න ලියලා දාන්නේ…. කෙල්ලෝ හින්දා බියර් බොන්න එපා බං… ඔනෙම නම් පොඩි ෆන් එකකට බීපං.
මං දන්න අක්ක කෙනෙක් මට කියලා තියෙනවා දුකට බොන්න එපා… සතුටට ඕනේ තරම් බීපං කියලා.
2011 ජූනි 21 දින ප.ව. 9:09 ට
හිතේ තියෙන ආදරේ රාත්‍රි කාලයට පැය දෙක තුනකින් කියන්නෙ කොහොමද ?????
2011 ජූනි 21 දින ප.ව. 9:17 ට
ඒක මං දන්නේ නෑ බොල… බැඳපු එකෙක් ගෙන් අහගෙන මට කියහං…
2011 ජූනි 21 දින ප.ව. 9:55 ට
මාළු මල්ලිට බූට් වලින් තොර ලොවක් පතමි.
අනේ මල්ලියෙ කෙල්ලෙක්ගෙ ආදරේ අල්ලස් දීලා තියා ගන්න ඕන දෙයක් නෙවෙයි. ඉඳලා හිටලා පොඩි වෙනසකට නම් කමක් නැහැ. ඒත් ආදරේ කරන්න ගත්ත මුල දවසෙ ඉඳන්ම ඕවා කරන්න වුනොත් දෙයියන්ගෙම පිහිට තමා…ඔය වගේ දේවල් වලට හැම කෙල්ලෙක්ම ආසයි..ඒත් ඒවා අනිවාර්ය දේවල් නම් නෙවෙයි. බොරු නම් අර උඩ ඉන්න ආදරණීය ළමයි ගෙන් අහන්න.
පුහ්..උඹ දන්නෙ නැ..බැන්දට පස්සෙ තමයි ඕවා අනිවාර්ය දේවල් වෙන්නෙ. නුදුන්නොත් අන්න වලි තමා..
අර.රැට…පැය දෙක තුනක්…..ඒ ගැනත් මොනවා හරි හොයලා ලිව්ව්නම්..මොකද උඹ ලියන ශ්‍රාස්ත්‍රිය ලිපි ටික හරි වැදගත්.
2011 ජූනි 22 දින පෙ.ව. 7:33 ට
අප්පට සිරි මුං ඔක්කොම බැඳපු උං… මේ අහිංසක තනිකඩ මං තමා රෑට කොරන එව්වා ලියන්න ඕනේ… ඒවා මං දන්නේ නෑනේ…
2011 ජූනි 22 දින පෙ.ව. 3:00 ට
අනේ මන්ද මොනව කියන්නද කියල
2011 ජූනි 22 දින පෙ.ව. 7:34 ට
ඇත්ත කියවෙද්දී ඉතිං කියන්න දෙයක් නෑ නොවැ
2011 ජූනි 22 දින ප.ව. 2:29 ට
ඇත්තටම මාලුවෙක් කොහොමද …මේ තරම් හොදට -ලව්- කිරිල්ල ගැන දන්නේ.
මාලුවෙක් නෙවෙයි..මේකා – කිදුරෙක්ද – කොහේද.
2011 ජූනි 22 දින ප.ව. 4:34 ට
අන්න අන්න හරියටම තේරුම් ගත්තා…..
2011 ජූනි 22 දින ප.ව. 2:33 ට
යාළු මාලු.බැරිවෙයිද මේ සෙට් කරගන්න තැන ඉදන් ලියපු සීන් එකේ තව ස්ටෙප් එකක් ගිහින් දාගත්ත කෙනා ඇත්තටම ආදරේ කරනවද නැද්ද කියල හොයාගන්න විදියක් කියන්න.
2011 ජූනි 22 දින ප.ව. 4:34 ට
ඉවසලා හිටහං… තව පෝස්ට් ටිකක් දානවා…
2011 ජූනි 25 දින පෙ.ව. 7:34 ට
kathawa nam aththa tma…eth apita ithin auruddakata parak hambena kenekgen koheda hamadama thagi? kello oya wage dewal aniwa balaporoththu wenne na..2nna athara adarei wiswasei tyenawa nam eka hodatama athi….hik..aiya dan love guru kenek welane…
2011 ජූනි 25 දින පෙ.ව. 9:34 ට
බය නැතුව ඉන්න නංගි… අවුරුද්දකට පාරක් හම්බුවෙද්දී අවුරුද්දටම මතක හිටින්න තෑග්ගක් ගෙනත් දෙයි.
2011 ජූනි 26 දින පෙ.ව. 11:50 ට
“බැන්දට පස්සෙ නම් බය වෙන්න දෙයක් නෑ… හිතේ තියෙන ආදරේ රාත්‍රි කාලයට පැය දෙක තුනකින් කියන විදියක් තියෙනවලුනේ. එව්වා ඉතිං මං දන්නේ නෑනේ.”
😀 😀 😀
2011 ජූනි 27 දින පෙ.ව. 8:51 ට
උඹට සීන් එක මැවිලා පේනවද යකෝ හිනා වෙන්නේ?
2011 ජූනි 28 දින ප.ව. 4:45 ට
දෙන්නට දෙන්න හොඳ ඉවසීමකින්, දෙන්න ගැන හොඳ විශ්වාසයකින්… හොඳ පැහැදීමකින් කටයුතු කරනවා නම් කිසිම අවුලක් වෙන්නේ නෑ. කොටින්ම කියනවා නම් කෙල්ල/කොල්ලා ගේ ආදරේ නැති නොවෙන්න රැක ගන්න, ආදරේ දෙන්න කොල්ලා/කෙල්ල දැනගන්න ඕනේ.
මෙව්වා ඉතිං කියන්න නම් ලේසියි බන් . . හැබෑවට වෙන්නේ නැති එකනේ ලෙඩේ . . .
අනික මම දැකලා තියෙන ගොඩක් රිලේශන්ශිප් වල දෙන්නම හොයන්නේ රන්ඩුවෙන්න පුලුවන් හේතුවක්. ඒ වගේ වෙලාවට මොන දේ කලත් හරියට අර නොකෙරෙන වෙදකමට කොඳුරුතෙල් හත්පට්ටෙකුයි තව ටිකක් හොයනව වගේ තමයි . ..
2011 ජූනි 28 දින ප.ව. 9:44 ට
ඒක නම් ඇත්ත අයියේ… තනිකරම සැකය නිසා තමා එහෙම වෙන්නේ.
2011 ජූලි 1 දින ප.ව. 10:08 ට
මචන් මම මේ ලිපිය ගැන කෝඩුකාරයගෙ අඩවියේ පොඩි වචන දෙක තුනක් දැම්මට කමක් නැද්ද?
2011 ජූලි 2 දින පෙ.ව. 7:59 ට
අයියෝ කිසි අවුලක් නැ…
2017 ජනවාරි 9 දින ප.ව. 7:40 ට
අයියෙ ඔයාට ගොඩක් ස්තූතියි අපේ life එක හොද අතට ගන්න උදව් කරනවට. මම ඔයාට සුභපතනව ඔයාට අපේ ජීවිතවලට තවත් අලුත් හොද දේවල් එකතු කරන්න.