මේ කතාව අපේ ආයතනයේ වැඩ කරන අයියා කෙනෙක් ගැන. මං මේ ආයතනයට සම්බන්ධ වෙන්න කලිං වෙච්ච කතාවක් තමා මේක. ඒක නිසා ඉතිං සමහරවිට අර ජාතක කතා වලට වෙලා තියෙනවා වගේ අතින් එකතු කරපු කෑලි ඇති. මං ඉතිං එව්වා ගැන දන්නේ නෑ…
ඉතිං මේං කතාව. මේ අයියගේ නම පුෂ්පකුමාර… කවුරුත් ෆිට් එකට කියන්නේ පුස්පේ කියලා. ඉතිං පොර හෙන බෞද්ධයා. මෙයාව බුදු මගට යොමු කරලා තියෙන්නේ අමරෙ කියලා එයාලගෙම අංශයේ වැඩ කරන කෙනෙක්. මිනිහා ගැන නම් මෙහෙම ලාවට කතා කරන්න බෑ… ඒක නිසා වෙනම පෝස්ට් එකකින් ඒක දාන්නම්. මොකද ඉතිං ඌරෝ මැරුවත් හෙන බෞද්ධයානේ. කොහොමත් පොර ඉන්නේ බුදු හාමුදුරුවන්ගේ කේෂ ධාතු පොරගේ ඔලුව උඩ තියන් ඉන්න ගානට.
ඉතිං අර කියපු පුස්පේ ඉන්නවනේ. මෑන් ඇත්තටම හරි හොඳයි. ඔය අමරෙගෙත් දැන් නම් කියන්න තරම් වැරැද්දක් නෑ ලොක්කන්ට ගොට්ට අල්ලන එක ඇරෙන්න. ඉතිං ඒ දවස් වල තමා අමරෙටත් බුදු දහම ගැන මහා වැටහීමක් ලැබිලා තියෙන්නේ. පස්සේ ඉතිං මෑන් අපේ කම්පැනියේ අහිංසක දනට පිනට ලැදි අය එක්කහු කරගෙන තියෙනවා තමන්ගේ අනුගාමිකයෝ විදියට. මං ඒ වචනේ යෙදුවට කේන්ති ගන්න දෙයක් නෑ…. මොකද පොර කොහොමත් රහත් වෙලා වගේ ඉන්නේ…. ඒ හරිය මං කිව්වත් වගේ වෙනම දාන්නම්.
ඉතිං ඔය අහිංසක පුස්පේ අයියත් අමරෙගෙ අනුගාමිකයෙක් වෙලා. තාමත් එහෙම්ම තමා. පස්සේ ඔන්න පුස්පේ අයියාට එක පාරටම ජීවිතේ කල කිරිලා. හේතුව නම් දන්නේ නෑ… පස්සේ ටික දවසක් යද්දී මෙන්න බොල මූ මිසින්ලු. වැඩට එන්නෙත් න… ගෙදර ගිහිල්ලත් නෑ… පස්සේ ගෙදර පුස්පේ අයියගේ වයිපරේ ඔෆිස් එකට ඇවිත් අපේ එච්.ආර් එකෙන් (අපේ එච්.ආර් එක ගැන දන්නවනේ…) අහනවලු පුස්පේ ගැන. ඉතිං කාට කියන්නද දවස් දෙක තුනකින් වැඩට ඇවිල්ලත් නෑ… ගෙදර ගිහිල්ලත් නෑ…
දැං ඉතිං හැමෝටම හරි ප්‍රශ්නේ. ඒ පාර පුස්පේ අයියාගේ යාළුවෝ ටික එයාව හොයන්න යද්දී… අමරෙ අයියා එනවලු අර අපේ අයියා කෙනෙක්ගේ පොඩි කෙල්ල වගේ උදැල්ලක් උස්සගෙන. පස්සේ ඇවිත් කියනවලු….
ඌ ඔහේ ඕනේ තැනක හිටපුවාවේ බං… දවස් දෙක තුනකින් එයිනේ… ඔන්න ඔහේ උඹලත් වැඩ කරගෙන හිටපල්ලා කියලා…
ඉතිං අර පුස්පේ අයියගේ යාළුවෝ ටිකට තේරිලා අමරයා කෙලින්ම ඩිරෙක්ට් මේකට සම්බන්ධයි කියලා. පස්සේ ඕං… අමරයාව වටකරගන පස්න කරලා එහෙම පුස්පේ ගිය තැන අහගෙන…
දැං ඉතිං කට්ටිය ඔෆිස් එකේ නිවාඩු දාගෙන එහෙම පුස්පේ සෙවීමේ මහා මෙහෙයුම දියත් කරලා. ඔන්න ඉතිං අමරෙගෙන් අහගත්ත විදියට පුස්පේ ඉන්න ඕනේ මතුගම පැත්තේ ටිකක් ඈතකට වෙන්න තියෙන වනගත ආරාමෙක.
ඉතිං දැන් කට්ටිය ට්‍රිප් යනව කියලා හිතාගෙනම තමා ගිහිං තියෙන්නේ. අපේ අය ට්‍රිපක් යන ගමන් ඉතිං දෙක තුනක් නමාගන්න හොඳ පින්බර පුරුද්දක් තියෙනවනේ. ඉතිං මේ ගමනෙදීත් ඒක වෙනස් වෙලා නෑ. පස්සේ ඉතිං ඕං කොහොම හරි අර කිව්ව ආරාමෙට ගිහින්. දැන් ඉතිං ඒකෙ ඉන්නේ ඔක්කොමලා භාවනා කරන අය. ඒ කාටවත් බාධා කරලා භාවනාව කඩලා පුස්පෙව අහන්න බැහැනේ… ඒක නිසා කට්ටිය තනියම පුස්පෙව හොයනවලු.
දැන් මුලින්ම යන්නේ වැඩිය බීලා නැති ආර්.එල් සුමති කියන අයියා. ඉතිං ටිකක් ඉස්සරහට යනකොට… අප්පට සිරි මේං ඉන්නවලු පොරක්. හොඳට දැකලා පුරුදු ෆේස් කට් එකක්ලු. ඒ අස්සේ අර නව ගුනවැල වගේ ඩුප්ලිකේට් එකකුත් බෙල්ලේ එල්ල ගෙනලු. ඉතිං තව ටිකක් ලඟට ගිහිං බැලින්නම් ඒ අපේ පුස්පේ අයියා…. ඉතිං යාළුවන්ට කොයි තරම් සතුටු හිතෙන්න ඇත්ද නේද….?
පස්සේ ඉතිං අපේ කට්ටිය… හා… පුස්පේ අයියේ… මොකද කරන්නේ මෙහේ…? කියලා ඇහුවම පුස්පේ උපාසක තැන කියනවලු….
හා… හා…. මං දැන් පුස්පේ අයියා නෙමේ…. පුෂ්පකුමාර බමුණු තැන… කියලා…
ගමන ගියපු එවුන්ට හිතුන එව්වා මං දන්නේ නැහැනේ… ඉතිං ඒක නිසා ලියන්න විදියක් නෑ…
පස්සේ ඔන්න පුෂ්පකුමාර බමුණු තැන කතාව පටන් ගන්නවලු.
ආහ්… ආර්.එල මෙහි එව… මෙහි එව…
ඒ කතා කරලා තියෙන්නේ ආර්.එල් සුමති අයියට. පොරට කම්පැනියේ ඇතුලේ ලේසියට කියන්නේ ආර්.එල් කියලා. ඉතිං පුෂ්පකුමාර බමුණු තැන එයාගේ භාෂාවෙන් ආර්.එල්ට එන්න කියන්නේ ආර්.එල මෙහි එව කියලා.
පස්සේ ඔන්න ආර්.අල් ගියාලු…
පස්සේ මෙන්න සංවාදේ….
ආර්.එල දැන් ආයතනයේ තත්වය කෙසේද…?
දැන් නම් සාරයි බමුණු තුමනි… (ආර්.එලුත් යන්තං දාගෙන නිසා භාෂාව අල්ලගන්න අවුලක් වෙලා නෑ)
ඒ කිව්වේ… ආර්.එල…? මුලින් අසුන්ගන්න ඔය ගල් බැම්ම මත…
ස්තූතියි බමුණුතුමනි…. සාරයි කිව්වේ…. දැන් අතිකාල බොහෝය…
(මේක ඇහුනා විතරලු… පුෂ්පකුමාර බමුණු තැන ඕං ඇඳන් ඉන්න රෙද්ද ගසලා දාලා එහෙම හරි බරි ගැහිලා වාඩි වුනාලු… අර බමුණු ආසනේ අතෑරලා සාමාන්‍ය විදියට පොර ඉන්නවලු…)
ආහ්… එසේද…. තව විස්තර කියව බලන්න….
බමුණු තුමනි රාත්‍රි වැඩ මුරයද ආරම්භ වී ඇත… කියලා ආර්.එල් කිව්වලු…
මෙන්න බොල පුෂ්පකුමාර බමුණු තැන, ගල් බැම්මෙන් නැගිටලා… මොන ලබ්බක් කරනවද බොල එහෙනම් ඉක්මනට යමන්… හෙට ඉඳන් වැඩට යන්න ඕනේ… යමන් යමන්… කිව්වලු…
දැන් ඉතිං පුස්පේ අයියගේ යාළුවෝ කට්ටියට හෙන අප්සට් මේ මොකද වෙන්නේ කියලා…
පස්සේ ඒක තේරුං ගිය පුස්පේ අයියා කියනවා…
දැන් උඹලා ආවේ මාව එක්ක ගෙන යන්න නේද…? දැන් ඉතිං යමල්ලා… මං එනවා…
පස්සේ ඉතිං පුස්පේ අයියත් එන ගමන් බෝතලේ කටේ තියාගෙනම ආව බව පුස්පේ අයියා දන්නෙත් නැතිලු.
කොහොම හරි පුස්පේ ගිහිගෙය කල කිරෙන දවස් වල ආයතනයේ රාත්‍රි අතිකාල සේවය තිබිලා නෑ… තාවකාලිකව නවත්තලා තිබිලා තියෙන්නේ… මූ ගිහිං දවසක් ඇතුලත නයිට් ෂිෆ්ට් එක පටන් අරං…
ඉතිං කාටද දෙයියනේ කෑලේ කට වෙලා භාවනා කරන්න හිතෙන්නේ, එක රැයකට රුපියල් දෙදාහක් විතර ලැබෙද්දී…. ඊටත් මේ සෑහෙන කාලෙකට කලිංනේ…. ඒ දවස් වල රුපියල් තුන්දාහක් කියන්නේ දැන් නිකං අට දාහක්, දහ දාහක් විතර ඇති මං හිතන්නේ…
කොහොම කොහොම හරි ඊට පස්සෙන්දා ඉඳන්ම පුස්පේ අයියා සතියකට නයිට් දෙකක් තුනක් කරන්න ගත්තලු. ඒ වුනාට පොර තාමත් හොඳ බෞද්ධයා. අරක්කු ටිකක් බොන්නේ පාටියකදී හරි සතියකට පාරක් හරි විතරයි. එතකන් මිනිහා බීම නවත්තලා තියෙන්නේ…..
2011 ජූනි 9 දින පෙ.ව. 10:48 ට
මාලෞඅවට වෙච්ච එකක් ලු මේක….
2011 ජූනි 9 දින පෙ.ව. 10:53 ට
කාට…?
2011 ජූනි 9 දින ප.ව. 4:19 ට
මාලුවට මාලුවට,,,,,
මේ මගුල අලුත් කමෙන්ට් බොක්ස් එකේ ගහන මෙලෝ දෙයක් පේන්නෙ නෑ…තිබ්බ එකම දැම්ම නම් ඉවරයි නේ
2011 ජූනි 9 දින ප.ව. 8:16 ට
මේකේ මුකුත් වෙනස් කලේ නෑ බං… උඹේ නෙට්වර්ක් එක හදාගනින්. නැත්තං මැසිම පෝර්මැට් කරපං…
2011 ජූනි 9 දින ප.ව. 8:20 ට
කලින් සුදුවට තිබ්බ එක දැන් කලුවෙලා යකෝ..
ඒ මදිවට හත් ඉලව්වට ගහපු කලාබරේ වගේ පින්තූරෙකුත් පේනවා
2011 ජූනි 9 දින පෙ.ව. 10:52 ට
සික්…… හැදෙන එකෙකුට හැදෙන්නෙත් නෑ….. උඹල හැදෙන්නෙත් නෑ… සාටර් කොම්පැණීයක් නේ……. 😀
2011 ජූනි 9 දින පෙ.ව. 10:53 ට
සාටර් ඇවිත් බලපං.. සාටර්ද කියලා… වේකන්සියක් තිබුනොත් බොට කියන්නම් මං…
2011 ජූනි 9 දින ප.ව. 12:20 ට
සාටර් කොම්පැනියක් නෙමෙයි නම් මේ වගේ සාටර් මාලුවෙක්ව ගනීද සෝරෝ ඒකට
2011 ජූනි 9 දින ප.ව. 12:27 ට
ඉහි ඉහි… ඊ…..ඊ…..
2011 ජූනි 9 දින පෙ.ව. 11:38 ට
aprade maluwt e trip 1 mis une..
2011 ජූනි 9 දින ප.ව. 12:24 ට
අර මොකටද… බොන්නද?
2011 ජූනි 9 දින පෙ.ව. 11:42 ට
පික්සු කොර නේ මාලුවෝ. උබලගේ කම්පැනි එකේ ඉන්නේ පිස්සු පොරවල් නේ. එලකිරි එකටම හිනා ගියා. පට්ට පට්ට. බැරිද මාලුවාටත් ඔහොම බණක් භාවනාවක් එහෙම කරන්න ???? එතකොට අපට කියන්න පුලුවන් නේ මාලු බමුණ කියලා 🙂
2011 ජූනි 9 දින ප.ව. 12:25 ට
මාලු බමුණා…. හිතන් ඇති…. හහ්….
2011 ජූනි 9 දින ප.ව. 12:16 ට
බොල මාලුව. තා සහ තාගේ සහචරන්ගේ ක්‍රියා කලාපය තරයේ හලා දකිමි. ස්වර්ගයට ගියද තා වැන්නවුන් ස්වර්ගයේ ගේට්ටුව ළඟදී කකුලෙන් ඇදගෙන එනු නො අනුමානය. ශික්ය. චාටර්ය. නොහොබිනා මාලුව.
2011 ජූනි 9 දින ප.ව. 12:25 ට
අනේ සුදු අක්කේ ඇයි බං මට මේ නිකරුනේ දෝසාරෝපනය කරන්නේ…? ගෙදර ගිහිං මල් පැලයක් රෝපනය කර ගන්කෝ…
2011 ජූනි 9 දින ප.ව. 12:17 ට
මේ අර මල් වාලුවා,චීත්ත මාලුවා, දුෂ්ඨ නොහොත් බේබදු මාලුවා ලෙස හඳුන්වන ගෝල්ඩ් ෆිෂ්ට උන සන්තෑසියක්ලු
හිකිස් 😉
2011 ජූනි 9 දින ප.ව. 12:59 ට
මේ මාලුවා මා එක්ක තරහා වෙන්නේ නෑලු
2011 ජූනි 9 දින ප.ව. 1:28 ට
ගී එෆ් ප්‍රසන්න බමුණු තැන…
2011 ජූනි 9 දින ප.ව. 1:34 ට
අඩෝ.. කාඩ් මදිවටද යකෝ තව ගහන්නේ…?
2011 ජූනි 9 දින ප.ව. 2:30 ට
එලම කතාව …………
පොරට කාඩ් එකක් එහෙම වැදුනෙ නැද්ද ……….
ගියාට පස්සෙ අමරෙ මොකෝ කිව්වෙ ……….
2011 ජූනි 9 දින ප.ව. 7:59 ට
අමරෙ ගැන ලොකු කතාවක් තියෙනවා… කොටස් දෙකකට තමා ලියන්න වෙන්නේ
2011 ජූනි 10 දින පෙ.ව. 10:25 ට
අමරෙයා මොනා කරන්නද… උගෙන් තමා පාර එහෙම අහගෙන තියෙන්නේ… තාම දෙන්න හෙන යාළුයි.
2011 ජූනි 9 දින ප.ව. 2:43 ට
පුස්පෙ අයිය තමයි දවසකට වත් පොර…. මේක උඹට වුන එකක් එහෙම නෙමෙයිනෙ…
2011 ජූනි 9 දින ප.ව. 8:00 ට
මේක හරි කෙලියක්නේ… මේකෙ ලියන හැම මගුලම මට වෙච්චා නෙමේ බං
2011 ජූනි 9 දින ප.ව. 10:58 ට
කමෙන්ට් බොක්ස් එක වෙනස් කලාද බං ? ඒක ටිකක් සැර වැඩයඉ වගේ ..
සත්තයි කියලා දිවුරලා කියපන් අයියේ මේක උනේ උඹට නෙවේමයි කියලා . කතාව බැලුවහාම මාත් කලකිරුනා . මමත් මෙන්න මේ විදිහට භාවනා කරන්න ඕන .. අඩේ ඒකනම් නියමයි ඒත් බොස් උදේට ඇවිල්ලා ඕටී කරානම් කෝ කරපුවා කියලා අහද්දී මොනාද බං පෙන්වන්නේ .?
2011 ජූනි 10 දින පෙ.ව. 7:07 ට
මං වෙනස් කරේ නෑ බං. wordpress ලොකු අයියලා තමා වෙනස් කරලා තියෙන්නේ
2011 ජූනි 9 දින ප.ව. 11:57 ට
අර ඇට මාලෙට මොකද දන්නේ නැ නොව ???
මේක නම් මාලුවට වෙන්න විදිහක් නැ.. මොකද මාලුවට දවසකටවත් ඔහොම තපස් රකින්න බැනේ
2011 ජූනි 10 දින පෙ.ව. 7:09 ට
අන්න මචෝ උඹට තේරුනා…
2011 ජූනි 10 දින පෙ.ව. 9:41 ට
eda trip eke kattiya deka thunak namaganna pinbara puruddata dayaka wenna beri una nisa malu aiya tama dukin neda inne??.. 😀 😀
2011 ජූනි 10 දින පෙ.ව. 9:49 ට
අපි ගැන හිතාන ඉන්න විදිය…
2011 ජූනි 10 දින ප.ව. 3:32 ට
ගෝල්ඩ් පිස් බමුණුතැන දැං කොහොමෙයි රැකියා ස්ථානයේ යථා තතු. යහමින් අතිකාල සේවය තියෙනෙවයි? ඕං බොලාගෙ ඔපීසියක් අපේ ඔපීසිය අහල පහලම දාල.
2011 ජූනි 10 දින ප.ව. 7:01 ට
ඈ… ඒ කියන්නේ අපිට ගෙදර යන්න වෙයි වගේ.
2011 ජූනි 10 දින ප.ව. 4:21 ට
දැන් අර බමුණා කාලේ හිටියේ නෝ පේ ද, නැත්තං මැන්ටල් වලට ගත්තු මෙඩිකල් පිටද?
2011 ජූනි 10 දින ප.ව. 7:02 ට
ඇනුඅල්නේ…. දවස් 14ක් තියෙනවා…
2011 ජූනි 11 දින පෙ.ව. 11:34 ට
රන්මාළුව තොපගේ බ්ලොගය කදිමය ::)
2011 ජූනි 11 දින පෙ.ව. 11:55 ට
තැන්ක් යූ මචං….