මේ කතාව මටවත් මගේ යාළුවෙකුටවත් වෙච්චි එකක් නෙවේ මං කොහෙන් හරි කියවපු කතාවක්. කොහෙන්ද කියලා මතක නෑ හරිය.
ඔන්න එක පොරක් ඉන්නවලු. මෑන්ස් හෙන සල්ලාල ඩයල් එකක්. ඒ කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. නොදන්න අයට කියනව නම්, ගෑණු ළමයි ගොඩකට එක පාර (ආදරේ) කරන පොරක්. ඉතිං ගෙවල් වලින් කතාකරලා මූට හොඳ තැනකින් කසාදයක් කරලා දුන්නලු. ඒත් ඉතිං මුගේ විසේ අඩුවෙන්නෙම නෑලු. පස්සේ පොර ගෑණිව දික්කසාද කරලා. කොහොම හරි ඉතිං මූ මධ්‍යම පාන්තික පොරක්. ඒ කියන්නේ වැඩිය දුප්පත් නැති වැඩිය පෝසතුත් නැති සාමාන්‍ය මට්ටමේ ඩයල් එකක්. ඒත් පොරට රස්සාවක් නෑ. අම්මලා තාත්තලාගේ බූදලෙන් තමා මෑන් ෙජාලි කරන්නේ.
ඉතිං මුගේ තියෙන සල්ලාල කම කියන්නේ මූ සතියකට පාරක් කොටුවක් පයිනවමලු. නැත්තං මූට නිකං කලන්තයක් අල්ලලා වෙව්ලලා යන සීන් එකක් හැදෙනවලු. ඉතිං ගෙදර එවුනුත් මූට මුකුත් කියන්නේ නෑලු. සතා වුනත් පවුනේ කියලා.පස්සේ ඔන්න දවසක් දා මෑන් හෝටලයක් ගාවට ගිහිං කිකිලියෙක් එනකං ඉන්න කොට එනවලු ලොතරැයි විකුණන බුවෙක්.
හා මහත්තයා ගන්න… ගන්න… අද අදිනවා, අද අදිනවා… සුපිරි වාසනා සම්පත… කෝටි එකාමාරයි…
කියලා රෙකෝඩ් එක දාගෙන. දැන් ඉතිං හිතන්න එපා මූ ලංකාවේ බුවෙක් කියලා. මොකද මං දන්නවැයි මේ කතාවේ ලොතරුයි විකුනද්දී දාපු රෙකෝඩ් එක මොකද්ද කියලා… අනික පිටරට වල ලොතරැයි විකුණන සිංදුව මං අහලවත් නෑ…
ඒත් ඉතිං පොර කවදාවත් ලොතරැයියක් අරං පුරුදු පොරක් නෙවේලු. මොකද ඉතිං අම්මා තාත්තගේ බූදලේ තියෙද්දී මොන ලොතරැයිද…? ඒත් ඉතිං පොරට හිතෙනවලු… මං මේ සතියකට පාරක් කිකිලියෙක් බලන්න එන දාට ලොතරැයියක් ගන්න ඕනේ… ඊට පස්සේ කවද හරි මට පළමු ත්‍යාගයක් ඇදෙයිනේ, එදාට මං ලොතරැයිය ගත්ත දවසෙදි හම්බුවෙච්ච කිකිලිව බැඳලා අම්මලා තාත්තලට බරක් නොවී හොඳින් ඉන්නවා කියලා.
ඔන්න ඉතිං සති ගානක් එක දිගට මූ හෝටලේට රිංගන ගමන් ලොතරැයියකුත් ගන්නවලු. පස්සෙන්දාට උදේම ඒකෙ ප්‍රතිඵලත් බලනවලු. ඔහොම යද්දී දවසක් දා මූට ඇදුනලු මොකක් හරි මුදල් ඒකකේකින් 10ක්. පස්සේ 20ක්.. ආයෙමත් 10ක්…. ඒත් ඉතිං පොර හිතාගත්තේ පළමු ත්යාගයනේ…. ඉතිං වැඩේ කෙරෙන්නෙම නෑලු…
ඔන්න දවසක් දා මූට සෙට් වෙනවලු උගේ හිටිය කසාද ගෑණිව. අර දික්කසාද කරපු එක. මිනිහාත් ඉතිං අවුලක් නැතුව වෙනදා වගේම ලොතරැයියක් අරගෙන එහෙම කොටුව පැනලා ගෙදර ගියාලු. පස්සෙන්දා බලද්දීලු වැඩේ තියෙන්නේ…. මෙන්න මූට ලොතරැයිය ඇදිලලු…. දැන් ඉතිං පොර ෂොක් වෙලාලු අම්බානෙට. ඒත් ඉතිං මූ වචනෙ වෙනස් කරන එකෙක් නෙමෙයිලු. ඒක නිසා ඉතිං අර කලින් ගෑණිවම මූ ගෙදර එක්කං ආවලු. ගෑණිත් අවුලක් නෑලු. පුරුදු හප්පනේ…. ඒක නිසා වැඩේ නැගලා යනවලු. දැං මූ කොටු පයින්නෙත් නෑලු… හෙන හොඳ බුවාලු.
ඊට පස්සේ ඉතිං දෙන්න එක්ක බබාලා හදාගෙන අර ලොතරැයියේ සල්ලි වලින්, පොඩියට ව්‍යාපාරයකුත් පටන් අරගෙන සතුටින් ජීවත් වුනාලු.
ඉතිං ඒ කතාව යටින් මෙහෙමත් කියලා තිබුනා බෝල්ඩ් අකුරෙන්…
තමන්ට හිමි කෙනා කවදා හරි තමන් සතු වනු ඇත. එදින තෙක් තමා අනිවාර්යෙන් බලා සිටිය යුතුය. යමෙක් හොඳින් ඉඳ පසුව හැර යා හැක… නමුත් ඇය ඔහුටම උරුම නම් නැවතත් පැමිණෙනු ඇත…. කියලා.
අනේ මන්දා ඒක ඇත්තද බොරුද කියන්න නම් දන්නෙ නෑ… ඒත් ඉතිං එල කතාවක් කියලා හිතුනා. සමහරවිට අර උපදෙසද මොකද්ද එකක් ඇත්ත වෙන්න ඇති මං හිතන්නේ…
දැං ඉතිං කොටු පයින උං ඉන්නවනං, ඒ කියන්නේ බඳින්න කෙල්ලෙක් නැතුව අවලමේ යනං උං ඉන්නවනං ලොතරැයියක් ගත්ත නම් හොඳා. මොකද අන්තිමේ කෙල්ල නැතත් සල්ලි ටිකක් හරි ලැෙබයිනේ. ඒත් ඉතිං ඌ හෙනම වාසනාවන්තයෙක්නම් ඉතිං සල්ලි වියදම් කර කර හැමදාමත් කොටුම පයින්න වෙයිද කියන්නත් බෑ…
පස්සේ ආයෙම යටින් තිබුනේ නෑ…. ඒකි එනකං ඕනෙ තරම් ජොලි කරපල්ලා, ඕනෙ තරම් කොටු පැනපල්ල කියලා…..
2011 ජූනි 8 දින පෙ.ව. 8:44 ට
මෙන්න මූ අපිට නරක වැඩ කරන්න කියනව…
2011 ජූනි 8 දින පෙ.ව. 9:30 ට
අනේ බබා… වරෙන් නලවන්න…
2011 ජූනි 8 දින පෙ.ව. 8:47 ට
ek aththa mchn.. Apet urem kenek innwnam ey misk wen ay hriyn n.. E ken enkn blgen inn one… Per athmwl pthgen apu ay me athm wldith hmbenw.. Nama, Jathiy, kulmal, pradeshya wens unth athmgth bdimk nam hmbenwmii…
2011 ජූනි 8 දින පෙ.ව. 9:31 ට
අනිවා මචං…
2011 ජූනි 8 දින පෙ.ව. 9:49 ට
කිසිවක් නොකියමි 😀
මගේ සිනහව මට කීමට ඇති සියල්ල පවසනු ඇත
2011 ජූනි 8 දින පෙ.ව. 10:05 ට
අර මොකෝ දන්නේ නෑ…. හිනාව පවසන්නේ…
2011 ජූනි 8 දින පෙ.ව. 10:40 ට
if u miss one bus there will b another…. there will b 1 bus which will take u home. 😛
2011 ජූනි 8 දින පෙ.ව. 10:53 ට
පිස්සියෙක්ම තමා ඉතිං.. අනේ අර පිස්සා ..පවු….
2011 ජූනි 8 දින පෙ.ව. 11:36 ට
උඹ කියන එකේ අනිත් ලැත්තත් කරන්න පුළුවන් නේද.. ඒ කියන්නේ ලොතරැයි ගන්න කොටු පනින්නැති උන්ට ඒ ලොතරැයි ගන්න දවසට කොටුවක් පැන්නොත්…..?
ඒත් හිමි කෙනා හිමි වෙයි ද……… 😀
2011 ජූනි 8 දින ප.ව. 12:11 ට
කොරලා බලපං… පස්සේ විස්තර ටික මටත් කියපං… හපෝ … කොටු කිව්වොත් ඉතිං….
2011 ජූනි 8 දින ප.ව. 12:58 ට
lottery gamu ehenam digatama 😀
2011 ජූනි 8 දින ප.ව. 1:43 ට
ඈ.. ඒ කියන්නේ උඹ?
2011 ජූනි 8 දින ප.ව. 1:20 ට
කොමද මචං කොටු පයින්නේ ? පොඩි කාලේ කරපු දේවල් දැන් මට මතකත් නැ …
අපේ පලාත්වල කොටු පැන්නොත් රජකාලේ දඬුවම් ලැබෙනවා .. කොටු පැනලා ගමේ එවුවොන්ට මාට්ටු උනොත් . කෙල්ලව කොහොමටත් ගෙදර එක්කං එන්න වෙනවා .. කොහොමද ඒ ලොටරිය ?
2011 ජූනි 8 දින ප.ව. 1:44 ට
වතුපිටි ඉඩකඩම් සේරමත් එක්කද බං?
2011 ජූනි 8 දින ප.ව. 4:03 ට
උඹට කියන බං නොමිලේ ළමයි දෙන්නා තුන්දෙනෙක් එක්ක හා වයසක අම්මන්ඩි කෙනෙක් ෆ්‍රී
2011 ජූනි 8 දින ප.ව. 1:25 ට
සල්ලි දී අමතර ලොතරැයි ගැනීම අත්‍යවශ්‍ය නැහැනෙ…මොකද ඔය වගේ කොටු පනින අයට දවසක කොහොමත් ලොතරැයියක් ඇදෙනවනෙ…පලවෙනි තෑග්ග ඒඩ්ස් ද කොහෙද ?
Luckey
2011 ජූනි 8 දින ප.ව. 1:46 ට
දැන් ඉතිං ඒ තෑග්ගෙන් වැඩක් නැහැනේ… බෙහෙත් තියෙනවනේ…
2011 ජූනි 8 දින ප.ව. 2:11 ට
මෙන්න වල් මාලුවා අපට කොටු පයින්න කියනෝ. අපෝ බෑ මාලුවෝ කොටු පනින්න. 🙂
අන්තීමට කියපු කතාව නම් මසුරන්. තමන්ට හරි කෙනා ලබෙනකන් ඉවසගෙන ඉන්න ඕනේ. මේක නම් සිරාම කතාව මාලූ. 🙂
2011 ජූනි 8 දින ප.ව. 4:08 ට
මචං මං ඒ කතාව උඹටම කියල කියපු එකක් නෙමේ බං… 😀
2011 ජූනි 8 දින ප.ව. 5:12 ට
“මෑන්ස් හෙන සල්ලාල ඩයල් එකක්. ඒ කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. නොදන්න අයට කියනව නම්, ගෑණු ළමයි ගොඩකට එක පාර (ආදරේ) කරන පොරක්.”
ඇයි බං මෙහෙම තමන්ගෙ මූණෙම දැලි ගාගන්නෙ ?
2011 ජූනි 8 දින ප.ව. 9:07 ට
යකෝ මේක මගේ කතාවක් නෙවේ බොල
2011 ජූනි 8 දින ප.ව. 6:15 ට
me maluwata wal maluwa kiyala madi….maha papa mithrayek ne…..thaman weradi weda karnawa madiwata yalu maluwonwath thawa narak karanawa…..owa karala yashodarawata mattu wela methana awith adanawa ehma neme…..
2011 ජූනි 8 දින ප.ව. 6:16 ට
😀 😀
2011 ජූනි 8 දින ප.ව. 9:10 ට
මම නරක කෙනෙක් නෙමෙයි අප්පා…
2011 ජූනි 9 දින පෙ.ව. 7:33 ට
joke……
2011 ජූනි 8 දින ප.ව. 8:06 ට
උඹේ අනාගත කතාව උඹම ලියාලා…සතුටුයි සහෝ
😛
2011 ජූනි 8 දින ප.ව. 9:12 ට
never
2011 ජූනි 8 දින ප.ව. 9:40 ට
ඒ මොකෝ බං ඒ?
2011 ජූනි 8 දින ප.ව. 8:25 ට
හික්ස්..ඔහොම තව ටික දවසක් ඌ කොටු පැන පැන් ඉන්දියනම් ඌට නියම ස්විප් එකක් ඇදෙන්න ඉඩ තිබ්බා
2011 ජූනි 8 දින ප.ව. 9:11 ට
හිටහංකෝ මේකේ දෙවැනි කොටසක් කොහෙන් හරි දැක්කොත් ඒකත් දාන්න
2011 ජූනි 8 දින ප.ව. 8:33 ට
මූ හැදෙන එකෙක් නම් නෙමේ කවදාවත් ………..
පොඩි කමට කියන කතා ……….
කොටු පනිනවා ………
එලෝලු කොටුද …………
2011 ජූනි 8 දින ප.ව. 9:11 ට
අයියා බබා… කුකුල් කොටු
2011 ජූනි 9 දින ප.ව. 11:19 ට
කතාව පටන් ගන්න කලින්ම කියලා තියෙන්නේ මගේ කතාවක් වත් යාලුවෙකුගේ කතාවක් වත් නෙමේ කියලා මොකද මාලුවා දන්නවා මේ වගේ කේස් වල තොප්පිය නිකන්ම ඔලුවට වැටෙනවා කියලා.. ඉතින් පොඩි ඉන්සුවරන්ස් එකක් දාගෙන
වැඩක් නැ මලු.. අපි දන්නවනේ සතා ගැන
2011 ජූනි 10 දින පෙ.ව. 7:07 ට
හෆොයි ඉතිං මොනා කියන්නද
2011 ජූනි 12 දින පෙ.ව. 8:36 ට
තමන්ට හිමි කෙනා කවදා හරි තමන් සතු වනු ඇත. එදින තෙක් තමා අනිවාර්යෙන් බලා සිටිය යුතුය. යමෙක් හොඳින් ඉඳ පසුව හැර යා හැක… නමුත් ඇය ඔහුටම උරුම නම් නැවතත් පැමිණෙනු ඇත….
Well said මචං
2011 ජූනි 12 දින පෙ.ව. 9:01 ට
ඒ කියමන මගේ වුනාට අදාල අය ඕනේ තරම් ඉන්නවා…
2011 ජූනි 15 දින ප.ව. 2:21 ට
“තමන්ට හිමි කෙනා කවදා හරි තමන් සතු වනු ඇත. එදින තෙක් තමා අනිවාර්යෙන් බලා සිටිය යුතුය. යමෙක් හොඳින් ඉඳ පසුව හැර යා හැක… නමුත් ඇය ඔහුටම උරුම නම් නැවතත් පැමිණෙනු ඇත….”
මේකනම් ඇත්ත වෙන්න ඇති 🙂
2011 ජූනි 15 දින ප.ව. 3:48 ට
ඇත්ත නම් තමා නංගියේ….