කසාදෙට කලින් යාළුවෝ ටික නැති කරගමු…

බොහොම දුක්මුසු පුවතක් තමා අද කියන්න යන්නේ… පුංචි කාලේ… ඒ කියන්නේ අපි මොන්ටිසෝරි යන කාලේ ගමුකෝ…. ඉතිං ඒ දවස් වල ඉඳන්ම අපිට ඉන්නවනේ යාළුවෝ ගොඩක්. ඊට පස්සේ ස්කෝලෙදී තවත් සෙට් එකක් හැදෙනවා… ආයෙම පන්ති යද්දී වෙනමම සෙට් එකක් හැදෙනවා. ඊටත් පස්සේ ඔන්න නෙට් එකේ රවුං ගහද්දී ෆේස් බුක් ‍එකෙයි බ්ලොග් වලයි අරවෑයි මේවෑයි හැම තැනම යාළුවෝ. ඉතිං අපිට නොදැනිම මුළු විස්වයම ගම්මානයක් වෙලා. ඇයි ඉතිං ගම්මානෙම ඉන්න එවුන්ව අපි දන්නවනේ.

හැබැයි පුතාලා… ඔය පුතාලා කසාද බඳින්න කිට්ටුවෙද්දී අර ගම්මානෙට කෙලවෙනවා. ඇත්තම කියනවනම් කෑල්ලක් දාගත්ත ගමන් ගම්මානෙ බිඳ වැටෙන්න ගන්නවා. ඊට පස්සේ ඉතිං අපි හැමෝටම මුලින් ආපු කනට වැඩිය පස්සේ ආපු අඟ ලොකු වෙනවනේ.

ඒ වගේම ඔය පස්නේ බැරෑරුම්ම හරිය එන්නේ කෑල්ල සෙට් වෙලා ටික දවසක් යද්දී…. එතකොට ඉතිං කට්ටිය කරන්නේ මොබයිල් කොම්පැනි කාරයින්ව පෝසත් කරන වැඩේනේ. ඔන්න ඔහොම යද්දී… කෑල්ල ‍කොල්ලට ටෝක් කරනවා…

යාළුවෙන්න කලිං කොල්ලා කෙල්ලට ටෝක් කලාට යාළුවෙලා ටික දවසක් යද්දී ගේම සම්පූර්ණයෙන් අනිත් පැත්ත හැරෙනවා.

ඔයා කොහෙද ඉන්නේ…? මාව ගන්න එන්නේ නැද්ද…? අද ෂොපිං යමුද…, මට යට සායක් ගන්න තියෙනවා… එනවද? හෙට පාටි එකක් ගිෆ්ට් එකක් ගන්න යමුද…? ඔයා අද හවසට යාළුවොත් එක්ක කොහෙවත් යන්න එපා හරිද…? වගේ පස්න ගොඩාරියක් කොල්ලගේ කරපිට. අනේ ඉතිං අපේ අහිංසක පිරිමි ළමයි. කට්ට කාලා කාලා “හා” කියව ගත්ත නිසා ඉතිං කෙල්ලව වටිනව තමයි. ඒත් අර එදා ඉඳන් එකට කාපු, බීපු, සෙල්ලං කරපු යාළුවෝ….?

අන්තිමේ කෝම හරි වෙන්නේ… කෙල්ල කියනවා කොල්ලට… මේ…. බබා… ඔයා ඔය යාළුවෝ එක්ක එහෙ මෙහෙ යන එක ටිකක් අඩුකරන්න… කියලා. අන්න එතෙන තමා කොල්ල කෙලව ගන්නේ. අර ලඟදී ජීවිතයට එකතු වෙච්ච කෙල්ල කියන දේ අහලා කොල්ලා උගේ වටේ ඉන්න ඔක්කොම යාළුවෝ ටික නැති කරගන්නවා. අන්තිමේ හදිස්සියකටවත් යාළුවෙක් නෑ. ඊට පස්සේ දුක සැපට හැම දේටම කෙල්ල තමා. පස්සේ කොල්ලට කරදරයක් දුකක් ආවම… ඉතිං ඒ හැම දෙයක්ම කියන්න ඉතුරු වෙන්නේ අර කෙලි පොඩ්ඩ විතරයි.

ඉතිං කොල්ලා දන ගාගෙන ගිහින් කෙල්ලට කියනවා මොකක් හරි තියෙන ප්‍රශ්නයක් ගැන හරි කරදයක් ගැන හරි… ඊට පස්සේ කෙල්ල ගත් කටටම…

ඇයි… කෝ දැන් අර ඔයාගේ ඉස්සර හිටපු මහ ලොකු යාළුවෝ…? ආ…..

දැන් ඉතිං කාටද කියන්නේ දෙයියනේ… අපේ කොල්ලෝ අසරණවෙනවා. කොල්ලන්ට කවදාවත් මතක් වෙන්නේ නෑ ඌ උගේ යාළුවෝ ටික නැති කරගත්තේ කෙල්ල කියන දේ අහලා කියලා… පස්සේ ඉතිං පසු තැවෙනවා.

ඉතිං මං නම් කියන්නේ යාලුවෝ එකෙක් වත් නැති කරගන්න එපා. හදිස්සියකට අපිට ඉතුරු වෙන්නේ යාළුවෝ විතරයි. ඒක නිසා එකෙක්වත් නැති කරගන්න එපා. සමහරවිට යාළු‍වා කුඩු කාරයෙක් වෙන්න පුලුවන්, හොරෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්තං හෙන වැදගත් පොරක් වෙන්න පුළුවන්… ඔය මොකෙක් වුනත් කමක් නෑ කෑල්ලක් සෙට් වෙච්ච ගමන් උං එක්ක තියෙන සියළුම සම්බන්ධකම් නවත්තන්න තරම් ගුණමකු වෙන්න එපා. කෑල්ලගේ හිත නොරිද්දා… හරි මං දැං යාළුවෝ එක සම්බන්ධකමක් නෑ… කියන විදියට පේන්න විතරක් යාළුවෝ අයින් කරන්න. හැබැයි කවදාවත් උංව ඈත්ම කරන්න එපා. අතේ දුරින් තියාගන්න. මොකද කවද හරි කොයි වෙලේක හරි අපිට ඒ අයගේ උදවු අවශ්‍ය වෙනවා. ඒ වගේම කෑල්ලක් සෙට් වෙලා ටික කාලයක් යනකම් ෆිට් එකේම ඉන්න. ඊට පස්සේ කසාදෙට දවස් දාගෙන එද්දී යාළුවන්ගේ හිත් නොරිදෙන්න ටිකක් විතර ඈත් වුනානම් ගෑණූ ළමයාගේ හිතත් ෂේප් කරගන්න පුළුවන් වෙයි. එත‍කොට ඉතිං එයා හිතන්නේ… ආ… මෙයා දැන් හොඳයි… යාළුවෝ එක්කත් ආස්සරේ නවත්තලා කියලනේ… එතකොට ඉති යාළුවෝ ටිකයි පවුල් ජීවිතෙයි රැකෙනවා සිකුරුයි. හැබැයි ඉතිං කොල්ලොත් දැනගන්න ඕනෙ උගෙ යාළුවෝ ටිකත් එක්ක මාසෙකට සැරයක්වත් සෙට් වෙලා චැටක් දාන්න.

නැත්තං ඉතිං මගුල දාට තනියටවත් එකෙක් නැතිවෙයි. අඩුගානේ බිත්තිවල හුනු ටිකක් ගාන්න.

ඇත්තටම ගෑණු ළමයි හරිම ආත්මාර්තකාමියි. එයාලා හදන්නේ කොලු පැටියව එයාගේ ගාවම තියාගන්න. එහෙම හරි යන්නේ නැහැනේ අක්කලා / නංගිලා. කොල්ලටත් උගේ යාළුවෝ එක්ක සෙට් වෙන්න දෙන්න එපැයි. මොකද ඔයාලට විතරද කොල්ලට නොකියා කෙල්ලෝ රැලත් එක්ක ඇඳුම් කඩ වලටයි, මල් ප්‍රදර්ශන වලටයි යන්න හොඳ…? ඔය දැන් ඉතිං එහෙම ගිය අය හිනාවෙනවා… ඒක තමයි කියන්නේ කොලුවට පොඩි නිදහසක් දෙන්න. ඌව හිර කරලා උගේ පොඩි කාලේ ඉඳන් ඉන්න යාළුවෝ ටික නැති කරන්න එපා. ටිකක් ඈත් කරාට කමක් නෑ… ඒත් ඉතිං නැතිම කරන්න එපා…

එහෙම කලොත් අපිට ඉතුරු වෙන්නේ කෙල්ලව විතරයි… යාළුවෝ එකෙක් වත් නෑ… හදිසියකට සෙට් වෙන්න… පැදුරු සාජ්ජයක් දාන්න…. ම්හු…. එක යාළුවෙක් වත් නෑ… කෙල්ලයි පැටවු ටිකයි විතරක් ඉඳියි….

දැන් ඉතිං මහ ලොකුවට ගෑණු ළමයි ටික කියයි… අපෝ අපිනම් එහෙම කරන්නේ නෑ කියලා… හා බලමුකෝ බඳින්න කිට්ටු වෙද්දීත් ඔහොම්ම කියයිද කියලා….

58 Responses to “කසාදෙට කලින් යාළුවෝ ටික නැති කරගමු…”

  1. මධුරංග Says:

    ආදරයේදී කවුද බොලව් ආත්මාර්ථකාමි නැත්තේ. කවුරු කවුරුත් අඩු වැඩි වශයෙන් ආත්මාර්ථකාමියි. ගෝල් ෆිශ් කියන කතාව හරි. තමන් කෙල්ලෙක් එක්ක යාලු වෙච්චි පලියට යාලුවෝ ටික අත ඇරලා දාලා ඉන්න හොද නෑ. කෙල්ල උනත් තේරුම් ගන්න ඕනේ. යාලුවෙක් හිටපු පලියට එහෙම කියන්න හොද නෑ. අන්න යාලුවොත් එක්ක සෙට් වෙලා බොනවනම් (ගෝල්ඩ් පිස් වගේ) ඒ වෙලාවට යාලුවෝ ආස්සරේ කරන්න ඉඩ දෙන හොද නෑ. කොල්ලා නැති නාස්ති වෙනවා. 🙂

    නේද මාලුවෝ ????

  2. පූසා Says:

    ඇත්ත ඇත්ත. මමත් අත්දැකීමෙන්ම දන්නවා. කෙල්ල එක්ක ගතකරන කාලය වැඩි වෙන්න වැඩි වෙන්න යාළුවෝ එක්ක සෙට් වෙන කාලය අඩුවෙනවා. ඒත් කෙල්ල දමල ගහලා ගිය දවසක අපිට ඉතුරු වෙන්නේ යාළුවෝ ටික විතරයි. ඒක නිසා කෙල්ලවත් තියාගන්න ඕනේ යාළුවොත් තියාගන්න ඕනේ. 😀

  3. පුංචි හිත Says:

    මේකා මල් වාලුවා, චීත්ත මාලුවා, බේබදු මාලුවා විතරක් නෙමේයි දුෂ්ඨ මාලුවත් වෙලා ඔයාලා තමා ආත්මාර්ථකාමී

  4. cjgayan Says:

    මාලුවො කියන එක නම් සහතික ඇත්ත. අපි ඩෙනගන්න ඔනෙ ඩෙකම සමබරව පවත්වගෙන යන්න. මොකඩ අර කතාවක් තියෙනවනෙ අඩු ගනෙ පෙට්ටිය උස්සන්න වත් යලුවො 4 ඩෙනෙක් හොයගන්න කියල…:D

  5. කුරුං ගුරුං Says:

    මාලුවා සිරා කතාව හොඳේ…දැන් කියපං බලන්න මොන කෙල්ල නිසාද උඹට ඔහොම උනේ?

  6. නවීන් Says:

    උඹේ කටේ ප්ලැටිනම් දාන්න වටිනව මාළුවෝ..

  7. කල්හාර Says:

    කොල්ලා පොඩි උනාට ටිකක් ලොකු පෝස්ට් එකක් දාලා තියෙන්නෙ …….
    ඕකට කෙටියෙන්ම දෙන්න තියෙන උත්තරේ තමයි ………
    1. කෙල්ල දැනගන්න ඕන කොල්ලව ඕනෑවට වඩා පාලනය කරන්න නොගිහිං ඉන්න, ඒ වගේම දෙයකට අකමැති නම් ඉල්ලීමකින් මිස බල කිරීමකින් ඒ දේ ලබා නොගන්න. එහෙම නැත්නම් ඒක කවද හරි කසාද බැඳපු දවසක හරි බලපානවා. මොකද කොල්ලට කෙල්ලගේ නීත්‍යානුකූල අයිතියක් දැනට නැති වුනාට බැන්දට පස්සෙ තියනවනෙ, එතකොට “මම අද උන් එක්ක බොන්න යනවා තමා ඇයි මාව නවත්තන්නද” වැනි ප්‍රශ්නවලට මූණ දීමට සිදු විය හැක. මෙය දික්කසාදය දක්වාද දුර දිග යා හැකිය. (සමහර කොල්ලන් යාලු වන දවසේ සිට විවාහය දක්වා හා ඉන්පසු ජීවිත කාලයම සුවච කීකරු කුක්කන් මෙන් සිටිනුද දක්නට හැක.)

    2. තවද කොල්ලා කෙල්ලට ආදරය කිරීමට පටන් ගන්නා දින සිටම හැම දෙයක්ම ඕවර් ලිමිට් යන්නේ නැතිව සිදු කල යුතුය. එනම්, (කන පැලෙන්න ගසා චාටර් වීම, කොකු දා ගැනීම, රස්තියාදු ගැසීම) මේවා කොලු කාලයේ සාමාන්‍ය සිදුවීම් නිසා අල්පයක් ඇරුණු කොට අනෙක් සියලුම කෙල්ලන් ඕවර් ලිමිට් නොයන්නේ නම් කිසිත් කියන්නේ නැත.

    3. මා නම් එදා සිට අද වන තෙක් හැම දෙයක්ම ගානට කරගෙන යමි. අද වෙනතුරුත් ඉල්ලීමක් මිස කරන්න එපා යැයි ඕඩර්ස් ලැබී නැත.

  8. Luckey Says:

    විවාහයෙන් පසු කිව්වත් නොකිව්වත් යාළුවන් ආශ්‍රය කිරිමට තනිකඩ සමයෙ මෙන් කල නොහැක. මාළුවාගේ කට හොඳ නැති බැවින් මේ ගැන වැඩිදුර අදහස් දැක්වීම අනතුරුදායක බව හැඟේ.

  9. පිණිබිඳු Says:

    බලාගෙන යද්දි මාලුවගෙ කතාවත් ඉතින් ඇත්ත තමා.

  10. සිරි කොලුවා Says:

    ආ…. පිශ් අයියට යශො නංගිවත් සද්දයක් දැන්මද … හික්zz 😀 අලෙ මොකො මෙ එක පාලට යාලු මාලුවො මතක් උනෙ.. අඩෙ අයියා මොනවා උනත් කතාව ඇත්ත. සිරි මල්ලිට කෙල්ලෙක් නොහිටියත් ඌත් එක්ක බොක්කෙන් හිටි යාලුවො දෙන්නෙක් ඔය වගෙම කැල්ලක් සෙට් උනාට පස්සෙ සිරි මල්ලිව අමතක කල හොද අත්දැකිමක් මෙ සිරි මල්ලිට තියනවා. :)))

  11. නවම් Says:

    එම්බා මාළුව, අගනේයැ.. මා තගේ ශ්‍රී මුඛයේ මසුරන් මල්ලක්ම දමමි මේ තෙපලූ කතාවට,

    කවුද ඩෝ මට යාළුවො ආශ්‍රය කරන්න එපා කියන්නෙ ? එතනින්ම සැරෙන්ඩර්…….. 😀

  12. නවම් Says:

    තැන්කූ බං ආයෙම මගෙ බ්ලොග් එක මතක් කරල දුන්නට. අම්මප මේ වැඩත් එක්ක මට ඒක අමතක වෙලානෙ තිබුනෙ.

  13. rawana Says:

    අනේ යකෝ මගුල් ගෙදර හුනු ගාන්න තමා තොපිට යලුවො ඔනේ. ඇයි ඉතින් අනිත් ඒවගේ උබම හුනු ගාගන්න වානේ ඇ.lol

  14. හසී Says:

    අපේ අයියාගේ යාළුවො සෙට් එක එකට.. බදින්න කලින් පාටියයි, වෙඩින්,හෝම් කමින් දෙකයි, බැන්දාට පස්සේ පාටියකුයි 4ක්ම දෙනවා ඒ තරම් යාලුවන්ට කරනවා හිකිස්‌ 😀

    “යාළුවෙන්න කලිං කොල්ලා කෙල්ලට ටෝක් කලාට යාළුවෙලා ටික දවසක් යද්දී ගේම සම්පූර්ණයෙන් අනිත් පැත්ත හැරෙනවා.” මේකනම් සහතික ඇත්ත…. 😦

  15. සාතන් Says:

    හෙහ්… සහතික ඇත්ත මාලුවො… ඔය කෙල්ලො ඔහොම්මමයි.. උන් අපිට කොල්ලො ආස්සරේ කරන්න එපා කිව්වට අපි ඕක කිව්වොත් කොහොමට තියෙයිද?…. අනිවාර්යෙන් සන්නි 18ම නටනව…. අත්දැකීමෙන් කියන්නෙ.. 😉

    වාත වෙවී කෙල්ලො එක්ක තියා අම්ම තාත්ත එක්කවත් ඉන්න බැරි එකේ මම නම් කියන්නෙ ඉන්නව නම් ඉඳපන්… බැරිනම් පලයන් කියන එක තමයි ඔය වගේ වෙලාවට….

  16. prabha Says:

    kathawa nam ithin aththa thama…..kello tikak withara athmarthakamiy…ehma natuwath be…hebei ithin ehma kiyala anith kenage nidahasai, eyage yaluwo tikai nathi karana ekath weradiy…

  17. deeps Says:

    මේකට පිරිමි ළමයාගේත් පොඩි වරදක් තියනවා කියලා හිතෙනවා. සමහරු තමන්ගේ ගෑනු ළමයට යාළුවො අදුන්වලා දෙන්නේ නැහැ විවිධ හේතු මත. එහෙම වුනාම කාන්තා පාර්ශවය දන්නේ නැහැ යාළුවො කවුද , මොනවද කරන්නේ, එයාලා කොයි වගේ අයද කියලා…එහෙම නොදන්නා කම නිසා ගෑණු ළමයා කියන්න පුළුවන් යාලුවන්ගෙන් පොඩ්ඩක් ඈත් වෙන්න කියලා…මට හිතෙන්නේ නම් දෙන්නගේ යාළුවෝ දෙන්නම අදුනගෙන ඉන්න ඕනේ කියලා… එතකොට ඔහොම ප්‍රශ්න අඩුයි..මගේ යාළුවන් ❤ ට අදුන්වලා දෙන්න කලින් එයා මට එයාගේ යාළුවෝ , ළගින්ම ආශ්‍රය කරන අය ඔක්කොම වගේ අදුන්වලා දුන්නා..ඒ වගේම ඒ යාළු මාළුවෝ ගැන ගොඩක් දේවල් කියලා දුන්නා..ඒක නිසා මට නම් තාම එක දවසක් වත් හිතිලා නැහැ "අනේ ඔය යාලුවොන්ගෙන් පොඩ්ඩක් ඈත් වෙන්න " කියලා කියන්න…එහෙම කියන්න හිතෙන්නේ නැත්තේ එයාලත් මගේ ජීවිතේ ලඟම යාළුවෝ බවට දැන් පත් වෙලා තියන නිසා…අනික ඉස්කෝලේ කාලේ, එහෙම නැත්තම් වෙන වෙලාවක ඒ යාළුවෝ මගේ to-be-hubby ට උදව් කරලා තියනවා කියලා දන්න නිසා මට නම් ජීවිතේට කටක් ඇරලා කියන්න බැහැ එයාලගෙන් ඈත් වෙන්න කියලා.

  18. mahima2md Says:

    සහතික ඇත්ත මචෝ මගේ හොදම යාලුව දැන් මාසේකට කලින් බැන්දා වෙඩින් එකේන් පස්සෙ තාම ඌව දැක්කේ නේ බන්. කොහොම උනත් අපි දැනගෙන හිටිය ඕක වේවි කියලා

  19. මකුළු පැංචි Says:

    මකුළු පැංචිනම්…එයාගෙ වවුල් කුමාරයට ඕනතරම් නිදහස දීලයි තියෙන්නෙ…හැබැයි මොන තරම් කා එක්ක කොහෙ ගියත් වෙන දිහාවකට හිත නොයන විදිහට එයාව තමන්ගෙම කරගන්න හැටි පැංචි දන්නවා…වවුල් කුමාරයගෙ යාලුවොත් පැංචි අඳුනනවා.කොටින්ම මකුළු පැංචියි වවුල් කුමාරයයි යාලුවෙලා මුලින්ම එලියට ගිය දවසෙදිත් එයාගෙ යාළුවෙක් හදිස්සියෙම එතනට කඩාවැටුනා…ඒකෙන් අපි දෙන්නහෙ දවස තවත් රසවත් වුණා කිව්වනම් තමා හරි…මට මගේ යාළුවො එක්ක ගතකරන්න එයා ඕන තරම් නිදහස දෙනවනම් එයාගෙ යාළුවො එක්ක එයාට නිදහස දෙන එක සාධාරණයිනෙ… අනික ”කෙල්ලො වගේද කොල්ලො” කියලනෙ වවුල් කුමාරයා හැම වෙලේම කියන්නෙ…හික්ස්…

  20. රන් සමනළියක් Says:

    අසාධාරණයි මොකද ඔකේ අනිත් පැත්ත මට වෙලා තියෙන්නේ…මට ඉස්සර යාලුවෝ ගොඩායි…..ගොරකා යක්කු නිසා තමයි එහෙම වෙන්නේ.. බොරු අමුලික බොරු කොල්ලෝ තමයි කෙල්ලන්ගේ යාලුවෝ නැති කරන්නේ…මේ මට වගේ ….කියවලා බලන්න….http://ransamanaliyak.blogspot.com/

  21. හිස් අහස Says:

    මාලුවා දාපු කතා අතරින් වැදගත්ම කතාවක් තමයි මේක

  22. අපරාජිතයා :::: Aparajithaya Says:

    අනිවා මචෝ කවදා හරි ඔය කයි දෙන කෙල්ලම බෝට්‍ටුවක් තිබ්බොත් එදාට ඉතුරු වෙන්නේත් හිත හදන්න හරි ලඟ ඉන්න යාලුවෝ විතරයි මචෝ….


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: