කසාදෙට කලින් යාළුවෝ ටික නැති කරගමු…

බොහොම දුක්මුසු පුවතක් තමා අද කියන්න යන්නේ… පුංචි කාලේ… ඒ කියන්නේ අපි මොන්ටිසෝරි යන කාලේ ගමුකෝ…. ඉතිං ඒ දවස් වල ඉඳන්ම අපිට ඉන්නවනේ යාළුවෝ ගොඩක්. ඊට පස්සේ ස්කෝලෙදී තවත් සෙට් එකක් හැදෙනවා… ආයෙම පන්ති යද්දී වෙනමම සෙට් එකක් හැදෙනවා. ඊටත් පස්සේ ඔන්න නෙට් එකේ රවුං ගහද්දී ෆේස් බුක් ‍එකෙයි බ්ලොග් වලයි අරවෑයි මේවෑයි හැම තැනම යාළුවෝ. ඉතිං අපිට නොදැනිම මුළු විස්වයම ගම්මානයක් වෙලා. ඇයි ඉතිං ගම්මානෙම ඉන්න එවුන්ව අපි දන්නවනේ.

හැබැයි පුතාලා… ඔය පුතාලා කසාද බඳින්න කිට්ටුවෙද්දී අර ගම්මානෙට කෙලවෙනවා. ඇත්තම කියනවනම් කෑල්ලක් දාගත්ත ගමන් ගම්මානෙ බිඳ වැටෙන්න ගන්නවා. ඊට පස්සේ ඉතිං අපි හැමෝටම මුලින් ආපු කනට වැඩිය පස්සේ ආපු අඟ ලොකු වෙනවනේ.

ඒ වගේම ඔය පස්නේ බැරෑරුම්ම හරිය එන්නේ කෑල්ල සෙට් වෙලා ටික දවසක් යද්දී…. එතකොට ඉතිං කට්ටිය කරන්නේ මොබයිල් කොම්පැනි කාරයින්ව පෝසත් කරන වැඩේනේ. ඔන්න ඔහොම යද්දී… කෑල්ල ‍කොල්ලට ටෝක් කරනවා…

යාළුවෙන්න කලිං කොල්ලා කෙල්ලට ටෝක් කලාට යාළුවෙලා ටික දවසක් යද්දී ගේම සම්පූර්ණයෙන් අනිත් පැත්ත හැරෙනවා.

ඔයා කොහෙද ඉන්නේ…? මාව ගන්න එන්නේ නැද්ද…? අද ෂොපිං යමුද…, මට යට සායක් ගන්න තියෙනවා… එනවද? හෙට පාටි එකක් ගිෆ්ට් එකක් ගන්න යමුද…? ඔයා අද හවසට යාළුවොත් එක්ක කොහෙවත් යන්න එපා හරිද…? වගේ පස්න ගොඩාරියක් කොල්ලගේ කරපිට. අනේ ඉතිං අපේ අහිංසක පිරිමි ළමයි. කට්ට කාලා කාලා “හා” කියව ගත්ත නිසා ඉතිං කෙල්ලව වටිනව තමයි. ඒත් අර එදා ඉඳන් එකට කාපු, බීපු, සෙල්ලං කරපු යාළුවෝ….?

අන්තිමේ කෝම හරි වෙන්නේ… කෙල්ල කියනවා කොල්ලට… මේ…. බබා… ඔයා ඔය යාළුවෝ එක්ක එහෙ මෙහෙ යන එක ටිකක් අඩුකරන්න… කියලා. අන්න එතෙන තමා කොල්ල කෙලව ගන්නේ. අර ලඟදී ජීවිතයට එකතු වෙච්ච කෙල්ල කියන දේ අහලා කොල්ලා උගේ වටේ ඉන්න ඔක්කොම යාළුවෝ ටික නැති කරගන්නවා. අන්තිමේ හදිස්සියකටවත් යාළුවෙක් නෑ. ඊට පස්සේ දුක සැපට හැම දේටම කෙල්ල තමා. පස්සේ කොල්ලට කරදරයක් දුකක් ආවම… ඉතිං ඒ හැම දෙයක්ම කියන්න ඉතුරු වෙන්නේ අර කෙලි පොඩ්ඩ විතරයි.

ඉතිං කොල්ලා දන ගාගෙන ගිහින් කෙල්ලට කියනවා මොකක් හරි තියෙන ප්‍රශ්නයක් ගැන හරි කරදයක් ගැන හරි… ඊට පස්සේ කෙල්ල ගත් කටටම…

ඇයි… කෝ දැන් අර ඔයාගේ ඉස්සර හිටපු මහ ලොකු යාළුවෝ…? ආ…..

දැන් ඉතිං කාටද කියන්නේ දෙයියනේ… අපේ කොල්ලෝ අසරණවෙනවා. කොල්ලන්ට කවදාවත් මතක් වෙන්නේ නෑ ඌ උගේ යාළුවෝ ටික නැති කරගත්තේ කෙල්ල කියන දේ අහලා කියලා… පස්සේ ඉතිං පසු තැවෙනවා.

ඉතිං මං නම් කියන්නේ යාලුවෝ එකෙක් වත් නැති කරගන්න එපා. හදිස්සියකට අපිට ඉතුරු වෙන්නේ යාළුවෝ විතරයි. ඒක නිසා එකෙක්වත් නැති කරගන්න එපා. සමහරවිට යාළු‍වා කුඩු කාරයෙක් වෙන්න පුලුවන්, හොරෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්තං හෙන වැදගත් පොරක් වෙන්න පුළුවන්… ඔය මොකෙක් වුනත් කමක් නෑ කෑල්ලක් සෙට් වෙච්ච ගමන් උං එක්ක තියෙන සියළුම සම්බන්ධකම් නවත්තන්න තරම් ගුණමකු වෙන්න එපා. කෑල්ලගේ හිත නොරිද්දා… හරි මං දැං යාළුවෝ එක සම්බන්ධකමක් නෑ… කියන විදියට පේන්න විතරක් යාළුවෝ අයින් කරන්න. හැබැයි කවදාවත් උංව ඈත්ම කරන්න එපා. අතේ දුරින් තියාගන්න. මොකද කවද හරි කොයි වෙලේක හරි අපිට ඒ අයගේ උදවු අවශ්‍ය වෙනවා. ඒ වගේම කෑල්ලක් සෙට් වෙලා ටික කාලයක් යනකම් ෆිට් එකේම ඉන්න. ඊට පස්සේ කසාදෙට දවස් දාගෙන එද්දී යාළුවන්ගේ හිත් නොරිදෙන්න ටිකක් විතර ඈත් වුනානම් ගෑණූ ළමයාගේ හිතත් ෂේප් කරගන්න පුළුවන් වෙයි. එත‍කොට ඉතිං එයා හිතන්නේ… ආ… මෙයා දැන් හොඳයි… යාළුවෝ එක්කත් ආස්සරේ නවත්තලා කියලනේ… එතකොට ඉති යාළුවෝ ටිකයි පවුල් ජීවිතෙයි රැකෙනවා සිකුරුයි. හැබැයි ඉතිං කොල්ලොත් දැනගන්න ඕනෙ උගෙ යාළුවෝ ටිකත් එක්ක මාසෙකට සැරයක්වත් සෙට් වෙලා චැටක් දාන්න.

නැත්තං ඉතිං මගුල දාට තනියටවත් එකෙක් නැතිවෙයි. අඩුගානේ බිත්තිවල හුනු ටිකක් ගාන්න.

ඇත්තටම ගෑණු ළමයි හරිම ආත්මාර්තකාමියි. එයාලා හදන්නේ කොලු පැටියව එයාගේ ගාවම තියාගන්න. එහෙම හරි යන්නේ නැහැනේ අක්කලා / නංගිලා. කොල්ලටත් උගේ යාළුවෝ එක්ක සෙට් වෙන්න දෙන්න එපැයි. මොකද ඔයාලට විතරද කොල්ලට නොකියා කෙල්ලෝ රැලත් එක්ක ඇඳුම් කඩ වලටයි, මල් ප්‍රදර්ශන වලටයි යන්න හොඳ…? ඔය දැන් ඉතිං එහෙම ගිය අය හිනාවෙනවා… ඒක තමයි කියන්නේ කොලුවට පොඩි නිදහසක් දෙන්න. ඌව හිර කරලා උගේ පොඩි කාලේ ඉඳන් ඉන්න යාළුවෝ ටික නැති කරන්න එපා. ටිකක් ඈත් කරාට කමක් නෑ… ඒත් ඉතිං නැතිම කරන්න එපා…

එහෙම කලොත් අපිට ඉතුරු වෙන්නේ කෙල්ලව විතරයි… යාළුවෝ එකෙක් වත් නෑ… හදිසියකට සෙට් වෙන්න… පැදුරු සාජ්ජයක් දාන්න…. ම්හු…. එක යාළුවෙක් වත් නෑ… කෙල්ලයි පැටවු ටිකයි විතරක් ඉඳියි….

දැන් ඉතිං මහ ලොකුවට ගෑණු ළමයි ටික කියයි… අපෝ අපිනම් එහෙම කරන්නේ නෑ කියලා… හා බලමුකෝ බඳින්න කිට්ටු වෙද්දීත් ඔහොම්ම කියයිද කියලා….

%d bloggers like this: