ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ, කොළඹ සිට කිලෝමීටර් 220ක් දුරින් පිහිටා ඇත. කොළඹ සිට A6 අධිවේගී මාර්ගය ඔස්සේ හබරනට පැමිණ, හබරනින් දකුණට හැරී A11 මාර්ගය ඔස්සේ නැවතත් B287 මාර්ගයට අවතීර්න වීමෙන් පොළොන්නරුවට ළඟාවිය හැකි අතර පොළොන්නරුවට යන මාර්ගයේ එක පසෙකින් වැටී ඇති නිල් දිය දහර පරාක්‍රම සමුද්‍රය නම්වේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයිති, ලංකාවේ සුන්දරතම ස්ථාන වලින් එකක් වන මෙය මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 1156ත් 1186ත් අතර කරවපු අනගි ශ්‍රී ලාංකික උරුමයකි. වසරේ වැඩි කාලයක් වියළි දේශගුණයෙන් යුක්තව පවතින වියළි කලාපයට අයත් ප්‍රදේශයක , මෙවන් කිසිදා නොසිඳෙන ජල තලයක් දැකීමට ලැබීමත් එහි සංචාරය කරන්නන්ට හා ස්ථිරම එහි වාසය කරනන්වුන්ට ඉතාමත් සිසිල දනවන්නකි. අහසින් වැටෙන එක දිය බිඳක්වත් මිනිසාගේ පරිහරනයට නොගෙන මුහුදට ගලා යන්න දිය නොහැක යන උත්තම චිත්තස්ථානයේ සිට තමන් යටතේ ජීවත් වූ වැසියන් කෙරෙහි අනුකම්පාවෙන් සෑදූ මේ සුන්දර ජලාශය, වර්ග කිලෝමීටර් 25ක පමණ ප්‍රමාණයක් පුරා විසිරී පැතිරී ඇත.
කිලෝමීටර් 12.5 ක් පමණ වූ වැව් බැම්මකින් සමන්විත වන මේ මහා සාගරයක් බඳු වූ ජල තලයේ ජලය බෙදා හැරීම සඳහා ස්වභාවික වාන් දොරටු එකකින් හා තවත් දොරටු 11කින් සමන්විත කර ඇත. වැව් බැම්මට මෙපිටින් පිහිටි හා පරාක්‍රම සමුද්‍රයේ සිට කිලෝ මීටර් ගානක් දුරට මෙහි ජලය ගෙනයන්නේ එවන් වාන් ඇලවල් මගිනි. එමෙන්ම මීටර් 12.5ක් පමණ වෙන උපරිම ගැඹුරකට හිමිකම් කියන මෙම ජලාශයෙහි සාමාන්‍ය ගැඹුර මීටර් 5ක් පමණ වේ.
සාමාන්‍යයෙන් ආගමික උත්සව වැඩිපුර පැවෙත්වෙන මැයි මාසයේ හා ජුනි මාසයේදී පරාක්‍රම සමුද්‍රය අවට ප්‍රදේශය ජනයාගෙන් නිතරම පාහේ පිරී පවතී. එමෙන්ම අවුරුද්දේ සෑම දිනකම පාහේ පොළොන්නරුව අවට ඇති ගල් විහාරය ආදී කෞතුක ස්ථාන නැරඹීමට එන සැදැහවතුන්ගෙන් පරාක්‍රම සමුද්‍රය අවට ප්‍රදේශයට ජීවයක් එක්වේ. හිරු රැසින් පීඩිත වන දිවා කාලයේදී පවා මෙම වැව් බැම්ම මත ඇවිදිමින් හෝ හෙවන ඇති ස්ථානයක හිඳ ගෙන සිටීනම් අවට පරිසරයේ ඇති උෂ්නත්වය බිඳක් වත් නොදැනෙන බව පුදුම එලනව සුළුය. සිහිල් සුළඟත් සමග ජල තලයේ වැදී… ඇදී එන සිසිල් දිය පොද හිතට එක් කරන මිහිරියාව අත් විඳීමටනම් ඔබද එක් වරක්වත් අනිවාර්යෙන්ම පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදිය යුතුවේ.
සැන්දෑ හිරු සෙමන් සෙමෙන් මුළු අහසම තැඹිලි පැහැ කරමින් වැවේ එක් කෙලවරකින් බැස යද්දී දෘෂ්ටි විතානය මත ඇඳෙන සොඳුරු සේයාව ඒ තරම් අපූරුවට වෙනත් කිසිම ස්ථානයක දැක ගැනීමට නොහැකි වනු ඇතැයි මගේ හැඟිමයි. එමෙන්ම කිසියම් කෙනෙක් පරාක්‍රම සමුද්‍රය අවට ප්‍රදේශය නැරඹිමට යන්නේ නම් වැව් බැම්මේ දකුණු කෙළවරේ පිහිටි ශ්‍රී ලංකා හෝටල් සංස්ථාවට අයත් පොළොන්නරුව තානායමේ ඔබ වෙනුවෙන් නවාතැන් වෙන්ව පවතී. එමෙන්ම තවත් අවශ්‍ය තරමට තවාතැන් පහසුකම් ඕනෑ තරම් තිබේ.
හැමදාමත්… කටෝර ශබ්ද අස්සේ හැප්පෙන අපිට මෙහෙම ගිහිං එක දවසක් හරි ඉඳලා එන්න පුළුවන්නම් ඒක ලොකු සැනසිල්ලක් වේවි ටික දවසකට හරි….
මං චූටි පන්ඩිත වැඩක් පටන් ගත්තා… පොඩ්ඩක් ඔලුව දාලා බලන්න මේ වැඩේ කොහොමද කියලා. මේකට අපේ අපරාජිතයා ගොඩක් උදව් කලා. පොර නැත්තං මේ පෝස්ට් එක අනාතයි. බොහොම ස්තූතියි මචං.
2011 ජූනි 6 දින පෙ.ව. 7:10 ට
“අහසින් වැටෙන එක දිය බිඳක් වත් ප්‍රයෝජනයට නොගෙන සාගරයට ගලා නොයා යුතුය” කියන කථාව දැක්කම මතක් වුනේ.. මහින්දාගමනය කියල අර අලුතෙන් ආපු ෆිල්ම් එකේදී තිස්ස රජතුමත් (දේවානම් පියතිස්ස වීමට පෙර) ඔය කථාව කියනව නේ.. 😀 ඒ කියන්නේ පරාක්‍රමභාහු රජතුමා, තිස්ස රජතුමාගෙන් උස්සපු වර්ඩ් එකක් වගේ…:D
ප.ලි – මහින්දාගමනය නම චාටර්..
2011 ජූනි 6 දින පෙ.ව. 7:14 ට
තාම බලන්න බැරි වුනානේ බං….
2011 ජූනි 6 දින පෙ.ව. 7:45 ට
යකෝ එහෙනම් අදම බලපං……… පට්ට චාටර්……… 😀
2011 ජූනි 6 දින පෙ.ව. 8:15 ට
ආ එළ එළ මලු මචන්…..දැන් එහෙනම් ගෝල් පිස් ජාත්‍යන්තරයට නේ?
2011 ජූනි 6 දින පෙ.ව. 8:41 ට
දෙකටම දෙකටම…
2011 ජූනි 6 දින පෙ.ව. 8:24 ට
maxx wdak mchoo..
2011 ජූනි 6 දින පෙ.ව. 8:42 ට
තෑන්ක්ස් මචං
2011 ජූනි 6 දින පෙ.ව. 8:46 ට
එල එල… පණ්ඩිත වැඩෙත් මරු… ඒත් ඉතිං අපිට සිංහල බෑ නෙ…
2011 ජූනි 6 දින පෙ.ව. 9:03 ට
මටත් ඒ හැටි බැ බං
2011 ජූනි 6 දින පෙ.ව. 8:50 ට
මම මෙහෙ තාම හොයනවා..මෙයා දාලත් ඉවරයි…මේ තියෙන්නේ යසට..අපුරුයි අයියා…
2011 ජූනි 6 දින පෙ.ව. 9:03 ට
අර හොයන ටික අපි තියාගමු වෙන කාට හරි වුවමනා වුනොත් කියලා
2011 ජූනි 6 දින පෙ.ව. 10:02 ට
පොඩි ටැංකියේ පීනලා
දැන් හොඳටම ඇතිවෙලා
ලොකු ලොකු වැව් බලබලා
අපිටත් විස්තර කළා
2011 ජූනි 6 දින ප.ව. 12:19 ට
හික්… තැන්කූ මේ පැත්තට එබුනට
2011 ජූනි 6 දින පෙ.ව. 10:20 ට
ඒයි මාලු. මගේ ගමත් පොළොන්නරුව. එහෙ අපු වෙලාවක ගෙදර ඇවිත් යන්න එන්න හොඳේ. ඇත්තටම කිව්වොත් පොළොන්නරුවෙ මිනිස්සුන්ට පරාක්‍රම සමුද්‍රය කියන්නෙ අම්මා වගේ. මිනිස්සු ඒ තරමට වැවට ආදරෙයි. වැව නැත්තම් මේ කුඹුරු අක්කර ලක්ෂ ගානම ඉවරයි. ඉස්සර කොටි කලබල කාලෙ අපේ තාත්තලා වැව් බැම්ම රැක්කෙ නිදි මරාගෙන මාරුවෙන් මාරුවට. වැව් බැම්ම පුපුරුවන්නයි කොටි හිටියෙ. එහෙම කරා නම් මුලු නගරයම වතුරෙන් යට වෙනවා. පහුගිය කාලෙ හොඳටම වැහැලා වැව කැඩෙන්න ළං වෙලා තිබුනෙ. අපේ ගෙවල් වල කට්ටියත් අයින් කරා වැව කැඩුනොත් ගෙවල් යට වෙන නිසා. ඒත් වැව කැඩෙන්න ඉස්සර වාන් දොරටු ගාවින් වැව් බැම්ම ටිකක් කපලයි පොළොන්නරුවම බේර ගත්තෙ.
2011 ජූනි 6 දින ප.ව. 12:19 ට
ඔයා පොළොන්නරුවෙද..? ඉවරා……යි…..
2011 ජූනි 6 දින ප.ව. 1:01 ට
ඒ මොකද බොල.
2011 ජූනි 6 දින ප.ව. 2:56 ට
නෑ නෑ…නිකං… මේ ටිකේ පොළොන්නරුවට වහිනවා කියන්නේ….
2011 ජූනි 6 දින ප.ව. 1:00 ට
maluwatath tikak molayak tyenawa neda??natnm mehma watina deyak gna post ekak dnne nane….mona unat wede niyamai……
2011 ජූනි 6 දින ප.ව. 2:55 ට
ඇති යන්තං හොඳක් කිව්වා
2011 ජූනි 6 දින ප.ව. 2:55 ට
නියම කිපියක් ලියලා තියෙන්නේ. මාත් එකපාරක් ට්‍රිප් එකක් ගියපු වෙලාවක පරාක්‍රම සමුද්‍රය බලන්න ගියා. දැක්කම ආස හිතෙනවා. මුහුද වගේ රැලිත් ගහනවා. අපේ අභිමානය තමා මේ. 🙂
2011 ජූනි 7 දින පෙ.ව. 8:15 ට
නැතුව මචං
2011 ජූනි 6 දින ප.ව. 11:01 ට
පරාක්‍රම සමුද්‍රයට වඩා එල අපේ සමුද්‍රය .. ඔයා දන්නවද ඒක ගැන ? මම ඉන්න පලාතේ මැප් එකක් අරගෙන බලන්න යාළුවේ ! ඔයාට පිස්සු හැදේවි ..
පෝස්ට් එක නියමයි මම උඩින් අරවිදිහට ලීවේ කින්ඩියට නෙවේ . අපේ සමුද්‍රය මතකෙට ආව නිසා ඇතිවෙච්ච අභිමානය හින්දයි /
2011 ජූනි 7 දින පෙ.ව. 8:18 ට
එහෙනං ඉතිං අපි ආපු දවසක බලාගන්න පුළුවන්නේ…
2011 ජූනි 7 දින පෙ.ව. 8:52 ට
ෂහ් වැදගත් ලිපි දෙකක්ම වැටිලනේ ටැංකියට ……….
කන පැලෙන්න ගහලා චාටර් වෙච්ච පෝස්ට් වලට වඩා කොච්චර හොඳද …………..
2011 ජූනි 7 දින පෙ.ව. 9:04 ට
හිතන් ඉන්නෙ අපි චාටර්ම පොරවල් කියලනේ….
2011 ජූනි 12 දින පෙ.ව. 8:30 ට
ඔය මම නැති අල්ල පනල්ලේ මූ මාව ලෙසටම වළදලා තියෙන්නේ…. අනේ අපොයි…ඔව්වා ඔනේ නැහැ මචෝ…. ප්‍රශංසා කවදත් ලැබෙනවා….. මට බනින්න හේතුවක් තියෙනම් විතරක් බැනහං… මොකෑ බං අපේ වැරදිනේ බං අඩු කර ගන්න ඕනා..
2011 ජූනි 12 දින පෙ.ව. 9:00 ට
උඹ මං වෙනුවෙන් කරපු උදව්ව අමතක කරන්න පුළුවන්ද බොල