දිය බිඳකුදු අපතේ නොගිය, අපේ පුංචි සාගරය

ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ, කොළඹ සිට කිලෝමීටර් 220ක් දුරින් පිහිටා ඇත. කොළඹ සිට A6 අධිවේගී මාර්ගය ඔස්සේ හබරනට පැමිණ, හබරනින් දකුණට හැරී A11 මාර්ගය ඔස්සේ  නැවතත් B287 මාර්ගයට අවතීර්න වීමෙන් පොළොන්නරුවට ළඟාවිය හැකි අතර පොළොන්නරුවට යන මාර්ගයේ එක පසෙකින් වැටී ඇති නිල් දිය දහර  පරාක්‍රම සමුද්‍රය නම්වේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයිති, ලංකාවේ සුන්දරතම ස්ථාන වලින් එකක් වන මෙය මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 1156ත් 1186ත් අතර කරවපු අනගි ශ්‍රී ලාංකික උරුමයකි.  වසරේ වැඩි කාලයක් වියළි දේශගුණයෙන් යුක්තව පවතින වියළි කලාපයට අයත් ප්‍රදේශයක , මෙවන් කිසිදා නොසි‍ඳෙන ජල තලයක් දැකීමට ලැබීමත් එහි සංචාරය කරන්නන්ට හා ස්ථිරම එහි වාසය කරනන්වුන්ට ඉතාමත් සිසිල දනවන්නකි. අහසින් වැටෙන එක දිය බිඳක්වත් මිනිසාගේ පරිහරනයට නොගෙන මුහුදට ගලා යන්න දිය නොහැක යන උත්තම චිත්තස්ථානයේ සිට තමන් යටතේ ජීවත් වූ වැසියන් කෙරෙහි අනුකම්පාවෙන් සෑදූ මේ සුන්දර ජලාශය, වර්ග කිලෝමීටර් 25ක පමණ ප්‍රමාණයක් පුරා විසිරී පැතිරී ඇත.

කිලෝමීටර් 12.5 ක් පමණ වූ වැව් බැම්මකින් සමන්විත වන මේ මහා සාගරයක් බඳු වූ ජල තලයේ ජලය බෙදා හැරීම සඳහා ස්වභාවික වාන් දොරටු එකකින් හා තවත් දොරටු 11කින් සමන්විත කර ඇත. වැව් බැම්මට මෙපිටින් පිහිටි හා පරාක්‍රම සමුද්‍රයේ සිට කිලෝ මීටර් ගානක් දුරට මෙහි ජලය ගෙනයන්නේ එවන් වාන් ඇලවල් මගිනි. එමෙන්ම මීටර් 12.5ක් පමණ වෙන උපරිම ගැඹුරකට හිමිකම් කියන මෙම ජලාශයෙහි සාමාන්‍ය ගැඹුර මීටර් 5ක් පමණ වේ.

සාමාන්‍යයෙන් ආගමික උත්සව වැඩිපුර පැවෙත්වෙන මැයි මාසයේ හා ජුනි මාසයේදී පරාක්‍රම සමුද්‍රය අවට ප්‍රදේශය ජනයාගෙන් නිතරම පාහේ පිරී පවතී. එමෙන්ම අවුරුද්දේ සෑම දිනකම පාහේ පො‍ළොන්නරුව අවට ඇති ගල් විහාරය ආදී කෞතුක ස්ථාන නැරඹීමට එන සැදැහවතුන්ගෙන් පරාක්‍රම සමුද්‍රය අවට ප්‍රදේශයට ජීවයක් එක්වේ. හිරු රැසින් පීඩිත වන දිවා කාලයේදී පවා මෙම වැව් බැම්ම මත ඇවිදිමින් හෝ හෙවන ඇති ස්ථානයක හිඳ ගෙන සිටීනම් අවට පරිසරයේ ඇති උෂ්නත්වය බිඳක් වත් නොදැනෙන බව පුදුම එලනව සුළුය. සිහිල් සුළඟත් සමග ජල තලයේ වැදී… ඇදී එන සිසිල් දිය පොද හිතට එක් කරන මිහිරියාව අත් විඳීමටනම් ඔබද එක් වරක්වත් අනිවාර්යෙන්ම පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදිය යුතුවේ.

සැන්දෑ හිරු සෙමන් සෙමෙන් මුළු අහසම තැඹිලි පැහැ කරමින් වැවේ එක් කෙලවරකින් බැස යද්දී දෘෂ්ටි විතානය මත ඇඳෙන සොඳුරු සේයාව ඒ තරම් අපූරුවට වෙනත් කිසිම ස්ථානයක දැක ගැනීමට නොහැකි වනු ඇතැයි මගේ හැඟිමයි. එමෙන්ම කිසියම් කෙනෙක් පරාක්‍රම සමුද්‍රය අවට ප්‍රදේශය නැරඹිමට යන්නේ නම් වැව් බැම්මේ දකුණු කෙළවරේ පිහිටි ශ්‍රී ලංකා හෝටල් සංස්ථාවට අයත් පොළොන්නරුව තානායමේ ඔබ වෙනුවෙන් නවාතැන් වෙන්ව පවතී. එමෙන්ම තවත් අවශ්‍ය තරමට තවාතැන් පහසුකම් ඕ‍නෑ තරම් තිබේ.

හැමදාමත්… කටෝර ශබ්ද අස්සේ හැප්පෙන අපිට මෙහෙම ගිහිං එක දවසක් හරි ඉඳලා එන්න පුළුවන්නම් ඒක ලොකු සැනසිල්ලක් වේවි ටික දවසකට හරි….

මං චූටි පන්ඩිත වැඩක් පටන් ගත්තා… පොඩ්ඩක් ඔලුව දාලා බලන්න මේ වැඩේ කොහොමද කියලා. මේකට ​අපේ අපරාජිතයා ගොඩක් උදව් කලා. පොර නැත්තං මේ පෝස්ට් එක අනාතයි. බොහොම ස්තූතියි මචං.

%d bloggers like this: