දැං ඉතිං මගේ නෑමේ කතා හතරෙන් එකක් දන්නවනේ… මේ තමා ඒවැයින් දෙවැනි නෑම. හරියටම අනුපිළිවෙලට ගත්තොත් තුන්වෙනි නෑම. පලවෙනි එක ස්කිප් කරා…
ඉතිං මේ බීම සෙට් වුනේ… ගිය 2009 නොවැම්බර් මාසේ දවසක. මේකටනම් මට මල් වාලුවා කියන එකට අමතරව තම මොනා මොනා හරි අහගන්න වෙනවා. ඒත් ඉතිං මොනා කරන්නද අපේ ලොක්කට දුක හිතුනා කියන්නේ ඉතිං මට දුක හිතුන වගේ තමා… අපි ඉතිං හොඳ ගෝලයොනේ….
ඇත්තටම මේක විනය විරෝධී ක්‍රියාවක්. සමාජ සාරධර්මයි අරවයි මෙව්වායි ඔක්කොම එකතු කලාම මං කරලා තියෙන්නේ උල තියන්න ඕනේ වැරැද්දක්… මේකයි සීන් එක. අපේ ලොක්කාගේ වයිෆ් නැතිවුනා 2008 දී. ඉතිං 2009 දී වයිෆ්ට පිං ලබාදීමේ දැහැමි පරමාර්ථයෙන් සර්ව රාත්‍රික පිරිතක් තිබ්බා. ඕකට ඉතිං මාත් සහභාගී වුනා…
පස්සේ ඔන්න ඉතිං ගෙදර සරසලා… පාර දෙපැත්තේ පහන් පත්තු කරලා.. කොඩි දාලා… ඔක්කොම ඉවර වෙද්දී රෑ හත විතර වුනා. ඊට පස්සේ තමා අපේ කම්පැණියේ වැඩ කරන අනිත් අයියලා ආවේ… ඔන්න ඊට පස්සේ හාමුදුරුවරුත් වැඩම කලා. එතකොට රෑ නමයට විතර ඇති.
මල්ලී… මෙහෙ වරෙන් ගමනක් යන්න…
ඈ…. කොහෙද බං….
වරෙන්කෝ පැහැන්නේ නැතුව… පොඩි වාසියක්…
හ්ම්… යමු එහෙනම්…
කියාගෙන මාත් ඩිස්කවරියට නැග්ගා. නැග්ග ගමන් මේ මල්ල තියාගනින් කියලා හෙන මල්ලකුත් දුන්නා. පස්සේ ඉතිං කෙලින්ම නැවැත්තුවේ කොට්ටාවේ වයින් ස්ටෝර්ස් එකේ… අනේ මාව සීතල වෙලා….
කව්ද හිතුවේ මෙහෙම දේකට කියලා. ලොකු මල්ලක් දුන්නම මං හිතුවේ හෙට දානෙට උයන්න අල හරි ඒ වගේ මොනා හරි ගේන්න යනවා කියලා. පස්සේ මාව එක්ක ගෙන ගිය අයියා…
ඔහොම හිටහං… මං ඉක්මනට එන්නම් කියලා… පාර පැනගෙන ගියා…
ගියා විතරයි මූ ආයෙම එනවා…. උඹට මොනාද….
ඈ… මට …? ආහ්… ඔන්න ඔහේ බියර් එකක් ගන්න අයියේ…
ඉතිං පොරත් ගියා. පස්සේ මූ අර මල්ල පුරෝගෙන ආවා කියමුකෝ…. මල්ලී…. මාර වැඩේනේ බං…. බියර් නෑ… මං ඒක නිසා උඹට බ්‍රැන්ඩි එකක් ගත්තා. අවුලක් නෑනේ….
දැන් ඉතිං කටක් ඇරලා ගියා පාර වෙච්ච දේ කියන්නේ කෝමද…? ඒ නාගත්තතෙත් බ්‍රැන්ඩි නිසානේ. ඉතිං මං හිතාගත්තා අද නං බොන්නෙම නෑ කියලා… මොකද ඉතිං මෙතෙන ටැප් එක ඇරියොත් හරිනෑනේ…
පස්සේ ඔන්න ගියා පිරිත් ගෙදරට. ගිහිං ඒ ගෙදරට එහා පැත්තේ තිබුන ගෙදර පිලිකන්නේ තමා සෙට් වෙන්න සූදානම් කරලා තිබුනේ. ඌරා, කුකුලා… මාලු බැදලා… කඩල… වගේ ඒවා තමා බයිට් එක… සැන්ඩි වලට කෝක්…. එහා පැත්තේ පිරිත, මෙහා පැත්තේ බාර් එක. හරී…. සෝක් හොඳට පිං ලැබෙන්න ඇති.
ඉතිං ඔන්න කට්ටිය එක දෙක නවනව. ඒ අස්සේ තව අයියා කෙනෙක්…
මලේ මේං…. ටිකක් දාගනින්… නිදිමරන්නත් එපැයි…
ම්හු… මට එපා බං… බොන්න බෑ…
අනේ මේ බබා නැතුව…. මෙන්න මේක බීපං…
ඔහොම ආදරෙන් පුදද්දී ඉතිං නොබී ඉන්න හිත හදාගන්න හෙන අමාරුයි. පස්සේ කෝක් ටිකක් වැඩිපුර දාගෙන වන් ෂොට් බිව්වා. අර ඉංගිරිස් පිල්ම් වල තියෙන්නේ. ජුංඩං වීදුරුවකින් එක පාර කටට හලාගන්නේ… අන්න ඒ වගේ… සුද්දා බැරි බැරි ගාතේ එහෙම කලාට අපි එහෙම කරන්නේ නෑනේ… අපි සිංහයොනේ… ඉතිං ඒක නිසා ඊට වඩා හතර ගුණයක් විතර ලොකු වීදුරුවකින් තමා මං එක පාර කටට හලා ගත්තේ…
ඒ වුනාට ඒක කොකා කෝලා රහයි. ඊට පස්සේ ඉතිං ආයෙම තව එකක් දාගත්තා. පස්සේ එක අයියා කෙනෙක් කියනවා… ආ… ඔය බෑ කිව්වට යස අගේට බොන්නේ….
ඔහොම කියන කොට ඉතිං එන කික් එක ගැන ආයෙ කියන්න දෙයක් නෑනේ… ඉතිං ඒ පාර කෝක් ටිකක් අඩුවෙන් දාලා… ලොකු උගුරු දෙකකට සෙට් කරං ඇදලා දැම්මා. මං හිතන්නේ බ්‍රැන්ඩි එහෙම බොන්නේ නැතුව ඇති. චුට්ට චුට්ට තමා බොනවා ඇත්තේ…. ඒ වුනාට ඉතිං සුවඳ ආපු වෙලේ ඉඳන් අපි සිංහයොනේ… නැද්ද…?
ආයෙ අර පර සුද්දා වගේ ටොනික් පියනෙන් බොන්නේ මොකටද… ලංකාවේ හදපු ලංකාවේ වීදුරු තියෙද්දී…. හ්ම්… අපි නම් සැලෙයි සුද්දගේ වැඩ වලට. දැන් ආවොත් දැං ගහනවා ඩෝ… අමුඩයක් අන්දලා තමා ආයෙ යවන්නේ… හරිය… අපි මාතර මිනිස්සු හරිය… ඉපදුනේ වෙන කොහෙවත් තමයි… ඉන්නෙත් වෙන කොහෙවත් තමයි… ගෑණිත් වෙන කොහෙවත්…ආහ්… සොරි සොරි තාම නීත්‍යානුකූලව බැඳපු කෙල්ලෙක් නැහැනේ…. අඩෝ… ඒ වුනාට ගම මාතර හරිය…. අහුවෙන්න එපා හිනා වෙලා මං කියන ඒවට. උස්සලා ගහනව පිසටක්වල….
ඉතිං ඔය වගේ බොහොම නිර්භීත සිතුවිලි වලින් හිත පිරීගෙන එද්දී යාන්තමට වගේ ජී.පී.එස් ට්‍රැකින් සිස්ටම් එක අවුට් යනවා. ඊට පස්සේ කොම්පාසස් එක…. අන්තිමට සමබරතාව…. තාම දෙකයිනේ… ඒ වුනාට මේකත් හෙන ආතල් වැඩේ. මොකද මගේ ඉස්සරහා ඉන්න අයියලා කතා කරන කොට තොල් හෙල්ලෙනවා පේනවා… කට හඬඇහෙන්නේ ටිකක් වෙලා ගිහිල්ලා… ඔන්න ඉතිං කොල්ලා තුන් වෙනි වීදුරුවත් නවාගන්න කියලා… බෝතලේ ගත්තා…
මලේ ඔය තුන්වෙනි වීදුරුව….
හරි … හරි…. මං කෙලින් බං… මෙව්වා ඉතිං වීදුරුනේ… ලොකු ජෝග්ගු නෙමේනේ….
අර අයියත් ඉතිං පන්ඩිතයට උගේ වැඩකරගන්න දීලා සේප් එකේ හිටියා… මේන්න ඊට පස්සේ ජයග්‍රාහී තුන්වන උගුර…. අඩේ මං හිතන් හිටියේ අද බොන්නේ නෑ.. කියලනේ… ඒ වුනාට මේං තුන් වෙනි වීදුරුව…. හෆෝයි මං බැඳලා නොහිටියේ වෙලාවට… එහෙම වුනානම් මං ගෑණි ඉද්දිම පරන එව්වා ටිකත් උස්සං ඒවි. මේ පේන්නැතෑ දැං බොන්නේ නෑ කියලා හිතාගෙන ආපු එකා. කාටද ඉතිං විස්වාසෙං කියන්න පුළුවන් පළවෙනි වීදුරුව දැම්මම හිත වෙනස් වෙන්නේ නෑ කියලා… මං නං කියන්නේ බීම නිසා අපේ මුළු චිත්ත පරම්පරාවම වෙනස් වෙනවා… සිග්මන් ප්‍රොයිඩ්ට වත් බැරි වුනා නෙව ඕක හොයාගන්න… බලන්න මං කොයි තරම් ශ්රේෂ්ධයෙක්ද… නේද…? ඉතිං මං මගේ විද්‍යාත්මක චින්තනය මෙහෙයවන්න ඕනේ තව දුරටත්… එතකොට මටත් තව තව දේවල් හොයාගන්න පුළුවන්…
ඒ විදියට හිතෙන්න ගන්නේ තුන් වෙනි වීදුරුවෙන් පස්සේ… දැං ඉතං බඩු ගානට සෙට් වෙලා තියෙන්නේ… දැං රෑබික් කියුබ් එකක් එහෙම තිබ්බනම් මරේ මරු… ඇයි බැළුම් බෝල… මිරික මිරික ඉන්න තිබ්බා…. ඊට පස්සේ ඕං… කෙල ගහන්නවත් නැගිටින්න බෑ… සිස්ටම් එකම අවුට්…
ඒත් මට විතරයි… අපේ අනිත් උං ගහනවා. මට පුළුවන්ද සෙකන්ඩ් වෙන්න… මං ඉතිං හතර වෙනි වීදුරුවත් දාගත්තා. ඒක නම් බිව්වේ මතක විදියට උගුරු දහයකට විතර… ඇයි ඉතිං වීදරුව අල්ල ගන්න වෙන එකෙක් ඕනෙනේ…. ඊට පස්සෙ මතක් වෙනවා… හුටා හෙට ගෙදර යන්න ඕනේ නේද…? මෙහෙම බීලා හරියන්නේ නැහැනේ… දැන් ඉතිං නවත්තන්න ඕනේ….කියලා.
අනේ ඉතිං එතකොට ගොඩක් ලේට්… දැං අර හතරෙම ආතල් එක දැනෙනවා. පස්සේ ඉතිං අර නැට්ට කැඩිච්ච බල්ලා වගේ දනිස් දෙකට ඔලුව තියාගෙන නැමිලා හිටියා. එක පාරටම අපරභාගේ කැළඹීම් සහිත ස්වාභාවයක්… මල කෙලියයි දැං මොකෝ කරන්නෙ… කබරයා නේද ඇදී ගෙන එන්නේ… ඒත් දෙය්යනේ බිව්වා විතරයිනේ… පස්සේ ඉතිං ලඟම තිබ්බ කෙසෙල් පඳුරකට ලෑන්ඩ් කලා… අම්මෝ ඔලුව වෙනදට වැඩිය බරයි. දැන් තමා තේරෙන්නේ ඔලුවත් තියෙනවා කියලා….
පස්සෙ ඔන්න කට්ටියම මාව… අර ගෙදර වැලේ තිබ්බ චීත්තයක් අරගෙන කාඩ් බෝඩ් එකක් උඩින් දාලා ඇල කෙරෙව්වා. බිව්වට ඉතිං කවදාවත් මගේ මීටරේ අවුට් යන්නේ නෑ… මං කරන කියන දේ හොඳටම මතක හිටිනවා… පස්සේ ඔන්න තව අයියා කෙනෙක් ගෙනත් දුන්නා ඇඹුල් කෙසෙල් ගෙඩියක්…
ආ… මේක කාපං එතකොට හරියනවා කියාල… මාත් ඉතිං ඕනේ දෙයක් කියලා ඇරලා දැම්මා… කාලා ඉවර වුනා විතරයි අරූ කිව්ව විදියටම හරි ගියානේ…
දැං කබරා ඇදෙන්නේ ලෑල්ලටම පාගලා… අනේ මන්දා පෙරේදා කාපුවත් තියෙනවා වගේ… පස්සේ ඉතිං අපේ ලොක්කා ඇවිත් මෑනුත් දෙකක් නවාගෙන…
පුතා මේං යතුර… කාර් එක ඇරගෙන ඇලට් එකක් දාපං… කියලා යතුර දුන්නා… දැං හරි… සැපට නින්දක් දාන්න පුළුවන්නේ… කියලා ගියා…. හුටා යතුර දාන්න හිල නෑ… නෑ… නෑ,.හිල තියෙනවා යතුර දාන්න බෑ… මාර කේස් එක… මොනා වෙලාද මන්දා…. ඊට පස්සේ ඔන් තව එකෙක් ඇවිල්ලා දොර ඇරලා කකුල් දෙකත් උස්සලා ඇතුලට දාලා මාව දාලා දොර වැහුවා…
පස්සේ ඉතිං වෙනදා වගේම එලාම් එකේ වෙලාවට ඇහැරුනා… හ්ම් එතකොට නම් මොකුත් අවුලක් නෑ… අවුලක් තියෙන්න මං කෝමත් අවුලෙන් හිටියේ නෑනේ… මගුලක් කතාකරනවා…
ඊට පස්සේ ඉතිං දානෙට වැඩේ දීලා… හතට විතර ගෙදරට ගෙනත් දැම්මා අයියා කෙනෙක්. ඇත්තට එදා මං තනියම ආවනං තාම මග…
පස්සේ ඔන්න ගියා ඔෆිස්…
අඩෝ චීත්තේ….කව්දෝ අපේ එකෙක් කිංඩියක් දානවා… දැං ඉතිං වසලා ඉවරයි… ඒ අස්සේ එකෙක් ෆොටෝ එකකුත් අරගෙන…. අනේ ඉතිං මටමයි වෙන්නේ… දැනට වුනත් බොන තැනකට ලං වෙද්දී…
මේ අපිට නම් බෑ… චීත්ත හොයන්න… ඒක නිසා ලාවට දාපං ඈ… කියලා කියනවා. එතකොට ඉතිං බීම එපාම වෙනවා…. ආයෙමත් කාඩ් ගහගන්නේ මොකටද ඔය මදෑ කියලා හිතිලා පැත්තකට යද්දී…
මලේ මේං… ටිකක් දාගනින්…..
2011 ජූනි 4 දින පෙ.ව. 7:21 ට
බේබදු වල් මාලුවා. මාලුවට බොන්න බැරි හැඩයි. යකෝ ඔච්චර අමාරුවෙන් මොකට බොනවද මංදා මුන්.සර්ගේ වයිෆ්ගේ මලගේ මුන් ටික මගුල් ගෙයක් කොරගෙන නේ.
2011 ජූනි 4 දින පෙ.ව. 7:27 ට
චීත්ත මාලුවා !!!!! 🙂
2011 ජූනි 4 දින පෙ.ව. 8:00 ට
ඉතිං බං සර්ට දුකය කියන්නේ අපිටත් දුකයිනේ… ඒකනේ…
2011 ජූනි 4 දින පෙ.ව. 7:32 ට
“හුටා යතුර දාන්න හිල නෑ… නෑ… නෑ,.හිල තියෙනවා යතුර දාන්න බෑ… මාර කේස් එක… මොනා වෙලාද මන්දා….”
අඩේ මේ උඹ බැන්දට පස්සෙනම් බොන්න එපා….. 😀
2011 ජූනි 4 දින පෙ.ව. 8:01 ට
හරි වැඩක්නේ බැන්දට පස්සේ නොබී පුළුවන්ද බොල..? ගෑණි මාව දික්කසාද කරයි.
2011 ජූනි 4 දින පෙ.ව. 8:07 ට
කොයිල් මාලුවා !!!! 🙂
2011 ජූනි 4 දින පෙ.ව. 8:21 ට
උඹට බිලා හිල් පටලවා ගන්න ගියොත් නම් අනිවා දික්කසාද කොරයි තමයි ඉතින්….. 😀
2011 ජූනි 4 දින පෙ.ව. 8:26 ට
හලො මාලුවා කබරයා ඩෙම්මැ හිටගෙනඩ ?
2011 ජූනි 4 දින පෙ.ව. 10:07 ට
ගහක් අල්ලගෙන ඒකට වත්තං වෙලා බං
2011 ජූනි 4 දින පෙ.ව. 8:33 ට
එල මාළුවෙක්නෙ!
අෆ්ෆා බ්‍රැන්ඩියක් ගහන්න තියන ආසාව ස්ටොක් එක පුරෝලා තියෙන්නෙ වොඩ්කා වලින් අලුතින් ගේන්න සල්ලි නෑ, උබට වැඩි වැඩියෙන් හොදහොද ජාතියෙන් සෙට් වෙන්න කියලා මම කැපෙනවා
ජය!
2011 ජූනි 4 දින පෙ.ව. 10:08 ට
දැන් මම බොන්නේ නෑ බං…
2011 ජූනි 12 දින ප.ව. 8:14 ට
උඹ ඉස්සර බිව්වෙත් නෑනෙ
2011 ජූනි 12 දින ප.ව. 9:19 ට
හික්… 🙂
2011 ජූනි 4 දින පෙ.ව. 8:43 ට
හොඳ වැඩේ…අන්තිමට උඹටම හරියන ඇඳුමකුත් හම්බෙලා…චීත්තෙ
2011 ජූනි 4 දින පෙ.ව. 10:08 ට
උඹටත් දවසක අඳින්න වෙයි…
2011 ජූනි 4 දින පෙ.ව. 8:53 ට
wal maluwata hoda wade beri dewal karnwata…..mala gedarakata gihnwath inna hati danne na…..ochcharama bonna peretha nam apayata gihin lodiya bona ekath aiyata sulu deyakne….oya biwwa widiyatama APAYE lodiya hali 4k withara bonna hambunoth kohmada????ela… 😀 😀 😀
2011 ජූනි 4 දින පෙ.ව. 10:09 ට
බය කරන්න එපා හලෝ… පපුව පැලිලා මැරෙයි….
2011 ජූනි 4 දින පෙ.ව. 9:00 ට
bothle.., bothle.., yko RA bon widiyt ne tho BRANDY bel thiyenne…
2011 ජූනි 4 දින පෙ.ව. 10:10 ට
අපිට ඉතිං ඒ දවස් වල උඹලා වගේ යාළුවෝ හිටියේ නෑනේ… පදම අහගන්න…..
2011 ජූනි 4 දින පෙ.ව. 9:05 ට
අපෝ බන් මාලුවො මම නම් වැරදිලාවත් උඹත් එක්ක නම් බොන්නෙ නෑ…. මොකද මම ඉන්න පැත්ත පලාතක චීත්ත රෙදි හොයාගන්න නෑ බන්….
2011 ජූනි 4 දින පෙ.ව. 10:10 ට
කමක් නෑ කලිසම් තියෙනවනේ… ඇයි බං කොට සායවල්…. ඒවා හොඳා…
2011 ජූනි 4 දින පෙ.ව. 9:24 ට
හු හු හු හොද වැඩේ මල් වාලුවාට 🙂
2011 ජූනි 4 දින පෙ.ව. 10:11 ට
නරිච්චි මොකද යකෝ මනුස්සයෙක් නාදන්න කමට අමාරුවේ වැටුනම හූ කියන්නේ?
2011 ජූනි 4 දින පෙ.ව. 10:21 ට
මල් වාලුවා.,…ඒකත් නරකම නෑ නේ….
2011 ජූනි 5 දින ප.ව. 3:11 ට
හ්ම්….
2011 ජූනි 4 දින ප.ව. 1:37 ට
කියන්න නම් ගොඩාරියක් මගේ මතකෙට ගලා එනවා…. චිත්ත මාළුවා… කියලා විතරක් කියන්නම්කෝ …(කෙහෙද අයියෙ මේ පිසටක්වල තියෙන්නේ)
2011 ජූනි 5 දින ප.ව. 3:13 ට
පිසටක්වල පේනනේ ටිකක් දාගත්තම. අකුරු මාරු වෙන එව්වා වචන ටැපලෙන එව්වා සුළු දේවල්
2011 ජූනි 4 දින ප.ව. 5:27 ට
මචං මම 9 වසරේ ඉන්නකොට තනියම බියර් බෝතලයක්ම බොනවා ..මට බඩු බනිස් උනේ මුල්ල පටස් ගහපු දා විතරයි .ඔච්චර අමාරුවෙන් නම් බොන්න එපා නිකම් නැති ලෙඩ වැටෙන එක විතරයි වෙන්නේ .
2011 ජූනි 5 දින ප.ව. 3:20 ට
අපි ඔය තරම් ඩේන්ජර් නෑ මලේ
2011 ජූනි 6 දින පෙ.ව. 8:08 ට
හොඳ වඩේ වල් , බේබදු, මෝඩ චීත්ත මාලුවාට
2011 ජූනි 6 දින පෙ.ව. 8:41 ට
නපුරා
2011 ජූනි 6 දින පෙ.ව. 9:16 ට
හු හු හූ හූ චීත්ත මාලුවා අලුත්ම කාඩ් එක
2011 ජූනි 6 දින පෙ.ව. 10:31 ට
ඒයි කබර මාලුවා…
2011 ජූනි 6 දින පෙ.ව. 10:43 ට
හිකිස්..මල් වාලුවට දැනුත් වැදිල වගෙයි පැංචිටනම් පේන්නෙ….”උස්සලා ගහනව ‘පිසටක්වල’….”…. 😛
2011 ජූනි 6 දින ප.ව. 12:21 ට
අනේ ඉතිං ඔය බලන්නකෝ
2011 ජූනි 6 දින ප.ව. 8:07 ට
😀 අඩෙ පිශ් අයියා මෙ නැම 5ට මාවත් සෙට් කර ගනින් අයියෙ හොදෙ. මටත් එතකොට පොටො කැල්ලක් ගහලා ජුන්ඩන් ආතල් එකක් ගන්න පුලුවන්… හික්zz එදාට කබරයා ගියාම නිදි කරවන්නේ චිත්තයක් උඩ නෙවෙ _____ එකක් උඩ හලි. 😀 😀
අඩෙ බොසත් නියම ඩයල් එකක් වගෙ නේ අයියා.. පින් කොරන්න ඔනෙ ඔහොම බොසාල ලබන්න .. හික්zz
2011 ජූනි 7 දින පෙ.ව. 8:17 ට
අර මොකක් උඩද බං නිදි කරනවා කිව්වේ…?
2011 ජූනි 7 දින පෙ.ව. 8:56 ට
සාටර් වෙන එකේ ඉමක් කොනක් නැහැ සික් විතරක් ……….
කොයි දේත් ගානට කොරපිය කොල්ලො ………
2011 ජූනි 7 දින පෙ.ව. 9:04 ට
ඉඳලා හිටලානේ…