බබා වේල්ල බලන්න ගිය හැටි….

අද නම් ඕං හුරතල් කතාවක්. අර සමහර තැන් වල තියෙන්නේ සූර තල් මසුන් විකිනීමට ඇත…. කියලා. අන්න ඒ වගේ.

‍අර දඟකාර, නිර්භිත පොඩි පැටියෙක් ගැන කිව්වේ මතකද…? අර නර්ස් ආන්ටිට ත්‍රස්තවාදි ප්‍රහාරයක් එහෙම එල්ල කලේ… අන්න ඒ පොඩි බබා එයාගේ අම්මත් එක්ක ට්‍රිප් එකක් යන්න ලෑස්ති වුනා. එතකොට බබාට වයස අවුරුදු 3ක් විතර ඇති. ඒ දවස් වල නම් පූස් පැටියා වගේ අහිංසකයි. දැන් තමා… කෙල්ලෙක් ලඟින් යන්නේ නෑ බයයිලු. කොහොමත් ඒ දවස් වලම අම්මා කිව්වා, ඉෂාරා අක්කා අතේ හුරතල් වෙද්දී… මූ ලොකු වෙද්දී මීයෝ දෙන්නා දෙන්න අල්ලයි කියලා… අනේ ඉතිං පොඩි එකාට ඔව්වා ඒ දවස් වල තේරුනේ නැහැනේ…

ඔන්න ඉතිං පුංචි පැට්ටා ඇඟිලි ගැන ගැන බලන් හිටිපු දවස උදා වුනා. ඒ තමා අම්මයි අනිත් අක්කලයි එක්ක ට්‍රිප් එක යන එක. අර ඇඟිලි ගැනපු කතාවක් කිව්වනේ… ඉතිං ඔය ට්‍රිප් එකක් යනවා කියලා දැනගත්ත දා ඉඳන් පොඩි එකාගේ වැඩේ මනෝ පාරක් දාගෙන ට්‍රිප් එක ගැන හිතන එකලු. ඉතිං ඔහොම බැරූරුම් දෙයක් ගැන හිතද්දි හපන්නත් මොනා හරි තිබ්බනම් කෝමද..? පොඩි එකාට ඉතිං හපන්න දෙයක් අම්මගෙන් ඉල්ලන්න බැහැනේ… ඒක නිසා ඉතිං ඒකත් බබාම කරගත්තලු. කොහොම හරි බබාව ට්‍රිප් එකට කලින් දවසේ නියපොතු කපන්න හොයද්දී මුගේ නියපොතු නෑ… අර මනෝ පාර අස්සේ මූ ඒ ටිකට තමා වැඩේ දීලා තියෙන්නේ…

ඉතිං ඔන්න කෝම හරි බාබවයි අම්මවයි උදේ පාන්දරම තාත්ත ගෙනත් බැස්සුවා බස් එක ගාවට. පස්සේ ඉතිං අම්මා කොලු පැටියාව දුන්නා අක්කා කෙනෙක් අතට. වෙන කාගෙවත් අතට යන්නේ නැහැනේ ඉතිං… ඒක නිසා ඉෂාර අක්කා අතටම තමා. එතෙනින් එහාට වෙන එව්වා කියන්න ඕනේ නැහැනේ… බබා චුට්ටක් කලු නිසා හොඳා… නැත්තං ඉතිං කම්මුල් දෙක රතු වුනාම අම්මා දැක්කොත්….!

පස්සේ දැං ඕං ගමන යනවා…. බස් එක ඇතුලේ එක විකාරයයි. සිංදු කියනවා, අප්පොඩි ගහනවා… තාලම්පටකුත් කොහොන්දෝ මන්දා වදිනවා. ඉතිං පොඩි කොල්ලා කරන්නේ අම්මගෙයි ඉෂාර අක්කගෙයි මැද්දෙ… සීට් එකේ හිටගෙන උගේ චූටි ඇස් දෙකෙන් වටේටම ස්කෑන් කරනවා. දැන් නම් ඉතිං රබර් ඇහැ දාන්නේ වෙන දේකට වුනාට එදා හෙව්වේ ස්ලිං ස්ලිං සද්දේ එන්නේ කොහෙන්ද කියලා… තාලම්පට තියෙන තැන අන්තිමේ හොයාගත්තා. පස්සේ ඉතිං ඒක ඌට දෙන්නත් වුනා….

ඔහොම ගිහිං ගිහිං මෙන්න කට්ටියම ආවා වික්ටෝරියා වේල්ල බලන්න. ඉතිං ඒ යන පාරේ අයිනේ ලස්සනට මල් වවලා. පස්සේ ඉතිං ඔන්න කොල්ලට ලඟ පාත ඉන්නේ කෙල්ලෝ මල් කඩලා දෙනවා. සීතලට හැදෙන මල්නේ… පාට පාට.. එක එක සුවඳ…. ඉෂාර අක්කනම් කරන්නේ මල් ගත්ත ගමන් පුංචි එකාගේ කන උඩින් ගහනවා.. ඉකේ… මාර ලැජ්ජාව එතකොට. හරියට නංගි කෙනෙක් වගේ කියන්නේ… තාම බබා ගාව තියෙනවා කහපාට මලක් ගහලා ගත්ත පොටෝ කෑල්ලක්. එව්වා ඉතිං මේවෑ දාන්න බෑ නොවැ.

ඕං ඊට පස්සේ යාන්තං කිට්ටු කොලා වේල්ලට. අම්මට හුඩු අන්න තියෙනවා එල භාන්ඩයක්. බබාට සෙල්ලං කොරන්න කියාපු භාන්ඩේ… චූටියි… හුලුබුහුටියි… සෝයි… අනේ අම්මේ මට අරක ඕනේ… අනේ අනේ…. මට අරක අරං දෙන්න…. කියලා මෙන්න මූ විලාප තියනවා….

මොකද්ද…

අල තියෙන්නේ අම්මේ… අල කාපාට….

කොහෙද පැටියෝ…

අල තියෙන්නේ අනේ…. අල පාල උඩ…

ආච්චිට හාල් ගරන්න මූ ඉල්ලන්නේ අර පෙරිය සයිස් ක්‍රේන් එක නේද දෙයියනේ… කියලා බබාගේ අම්ම හිතුවට කිව්වේ නෑලු.

ඒක අපිට ගන්න බෑනේ පුතේ… ඒක කොහොමද ගන්නේ…

ඇයි අනේ… ඒක චුටියිනේ…

ඒ ඔයාට පේන හැටි… ඒක ගොඩක් ලොකුයි පුතේ…

අනේ… බෑ… බෑ… ඒක ඕනිමයි…. ඉහි…ඊ…. ඊ…..

දන්නවනේ පොඩි බබාලා බොරුවට අඩන හැටි. මූන බෙරි කරගෙන, තොල් දෙක අනිත් පිට හරෝගෙන… අත්දෙකෙන් චූටි ෂොට් දිදී… ඒත් කඳුළු නැතුව….

දැන් ඉතිං කෝමද මුගෙන් බේරෙන්නේ කියලා හිත හිතා බබාගේ අම්මා ලතවෙනවලු… අනේ දැං කොල්ලත් නිකං අඩන සයිස්ලු. ‍පොඩි එවුන් දන්නවැයි පර්යාවලෝකනය ගැන. දැන් ඉන්න සමහර අලියොත් නොදන්න කොට. ඉතිං කොලුවාට හි‍ෙතන්නෙම අර වාහනේ චූටි‍යි කියලා… ඊටත් හෙන හොට් කලර් එකක්නේ…ආසා හිතෙන්නේ නැද්ද ඉතිං… අනික ඔය කොල්ල ඉස්සරත් දැං වගේමලු හෙනම මුරන්ඩු කොල්ලලු. දැන් නම් ලඟදිම දවසක කොල්ලව ගෙදරින් පන්නන සම්භාවිතාව සෑහෙන වැඩියිලු.

ඊට පස්සේ…. ඒ වගේ එකක් ඔයා ලොකු උනාම ගන්න. දැන් අම්මට ඉන්න දීලා එන්න මෙහෙට… කියලා අර මෝඩ අක්කා අත් දෙක දික් කලාම කෝමද දෙයියනේ නොගිහින් ඉන්නේ… බෝනස් හාදුත් හම්බුවෙනවනේ….

අනේ ඉතිං කොල්ලා ක්‍රේන් එකේ හීනය අතෑරලා ගියාලු අක්කාගේ අත් දෙකට… ඒ ගියා… ගියාමලු අද වෙනකං ඊට පස්සේ වික්ටෝරියා වේල්ල බලන්න යන්න බැරිවුනාලු. දැං ඉතිං කෝමද බොල මං ඒ ක්‍රේන් එකෙන් සෙල්ලං කරන්නේ‍‍‍…? මේ ලඟදී හම්බුවෙච්ච පින්තූර වගයක් නිසා බබාට ඔය කතාව ආයෙම මතක් වුනා. ඒක නිසා ඕං හුදී ජන හිත සුව පිණිස ලියලා දැම්මා… අර බබාගේ අම්ම හිතුව වගේ මටත් දැං හිතෙනවා මෙහෙම…

ආච්චිගේ රෙද්ද කොහොමද යකෝ මේක හුදී ජන හිත සුව පිණිස වෙන්නේ…! මාත් ඉතිං ඕක හිතුනට අහන්න යන්නේ නෑ… නිකං ලියනවා විතරයි. ඒකයි පස්නාර්තේ නැතුව ආශිර්වාද ලකුණ දැම්මේ… නිකං මොකටද ඉල්ලං කන්නේ…?

 

Advertisements

27 Responses to “බබා වේල්ල බලන්න ගිය හැටි….”

  1. සාතන් Says:

    ඔය කිව්වට මාළුවට තියෙන්නෙ රබර් ඇස් දෙකක් නෙමෙයිලු… කාටුන් වල වගේ එලියට පනින ස්ප්‍රිං ඇස් දෙකක්ලු… කොල්ලො මුගේ ලගින් යන්නෙ නැත්තෙ ස්ප්‍රිං දෙකක් වගේ දොට්ට පනින ඇස්දෙක නරක තැන් වල වදිනවට බයේලු…

  2. මධුරංග Says:

    ගෝල්ඩ් ෆිශ් පොඩි කාලෙත් හෙනම වල් මාලුවෙක් නේ බොලව්. මොනා උනත් මාලුවෝ අපේ පොඩි කාලේ අපිට ගොඩක් වටිනවා.ඒකා ආයෙම ගන්න බෑනේ. මට නම් පොඩි කාලෙට යන්න පුලුවන් නම් එක පයින් !!!

    අර ෆෝටෝ එක උනත් මාරම වටියි ගෝල්ඩ් ෆිශ් ට.

  3. deeps Says:

    මේක කියවනකොට මතක් වුනා අපේ මලයාගේ වැඩක්. දවසක් කොහේදෝ පෙරහැරක් බලන්න ගියා. එතකොට ලයිට් පත්තුවෙන මොකක්ද ගැජට් එකක් අරන් දෙනකන් එයා හොදටම රණ්ඩු..හැබැයි අරන් දීලා දවසයි, ඒක තියනවද නැද්ද කියලත් ගානක් නැහැ මනුස්සයට…

    • ගෝල්ඩ් fish Says:

      මල්ලිගේ පිටේ තිබ්බට කව්ද දන්නේ නෑ…… ඇත්තටම වැඩේ කලේ…

  4. mada Says:

    paww… Kolla… Adenw…

  5. Kasun Chanaka Says:

    අම්මේ හොඳ බබා. අවුරුදු 3 දි ඔය ට්‍රිප් එක ගිය නිසා හොඳයි. නැත්තන් ඉතින්…….! මාත් පොඩි කාලෙ ලොකු අම්මලගෙ ඉස්කෝලෙන් යන ට්‍රිප් යන්න හරි ආසයි. මොකද එතකොට අක්කල තමයි මාව බාර ගන්නෙ.

    • ගෝල්ඩ් fish Says:

      අන්න අත්දැකීම් තියෙන කොල්ලෝ… කොහොමද ෆන් එක නේද?

  6. රත්ගමයා Says:

    නෑ නෑ…මම හිත හදා ගත්තා…මම අද වල් මාලුවා කියන්නේම නෑ…ඔ කියන්නේම නෑ වලත්ත මාලුවා කියලා හොදේ

  7. පිණිබිඳු Says:

    මල් වාලුවා. පෙනේද මුගෙ ඇට්ටරකම. වයසෙ හැටියටද වැඩ අම්මපා.

  8. කල්හාර Says:

    ඊයේ කාලයක් හිතාගෙන හිටපු පෝස්ට් එකක් ලිපි 3 කින් දැම්මා, ඒකයි මේ පැත්තෙ එන්න පරක්කු වුනේ ……..
    පොඩි කාලේ තරම් සුන්දර කාලයක් තවත් නැහැ මලයා ……..,

  9. නෙලුමා Says:

    එහෙනම් මාලුවෝ වරෙන් අපේ ගෙදර මම ගෙදර ගාවින්ම මහවැලි ගඟට දාන්නම්. කිලෝ මීටර 30ක් විතර පීනුවම වික්ටෝරියා වේල්ල බලතහැකි මොකෝ කියන්නේ එනවද?
    හැබැයි උඹට එච්චර දුර පීනන්න බෑ නේද……….
    ප.ලි.
    මාලු කැලි සපයනු නොලැබේ.

    • ගෝල්ඩ් fish Says:

      අම්මපා අර පලිය ඇතුලේ තියෙන එක ලැබේ උනා නං දැං එනවා

  10. අකීකරුහිත Says:

    මම ඔන්න මුකුත් කියන්නැ.. කිව්වොත් කියයි මම මඩ ගහනවා කියලා

    • ගෝල්ඩ් fish Says:

      මඩ පප්පි…. තාම ඉතිං මේකිට නිවාඩුනේ… අපිට කොහෙන්ද එහෙම චාන්ස්

  11. prabha Says:

    chike mal walu baba ……..podi kaleth kello gawatamai pinanne….dan kale kohoma athda kiyala hithaganna puluwanne ithin…….mal waluwa… 😀 😀

  12. සිහින ඉසව්ව Says:

    කියන්න තරම් දෙයක් නෑ බොලව්. මූ නම් තිත්තයා කාලෙත් වල් මාළුවෙක්ද කොහෙද.

  13. අපරාජිතයා :::: Aparajithaya Says:

    අපෝ ‍තෝ නම් පොඩි කාලෙ ඉදන්ම හෙනම වලත්ත මාලුවෙක්නෙ ශික්

  14. තාරක Dilsh@n Says:

    මමත් ඉස්සර ඕවට හෙන ආසයි බන්… ඕවට කිව්වෙ කහ පාට ඒවට..
    ඉස්සර මම ස්කෝලෙ යන පාර අයිනෙ තියෙනවා ලොකු බුල්ඩෝසර් බැකෝ එහෙම තියෙන තැනක්. ඉතිං කොල්ල හැමදාම ඔතන පහු වෙද්දි කෑ ගහල අඩනවලු එකක් ඕනෙ කියල…
    ඒ1 වසරෙදි හරි 2කේදි හරි…

    • ගෝල්ඩ් fish Says:

      තාම පරක්කු නෑ බං… එකක් ගනින් කෝම හරි.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: