මේ කතාව මගේ යාළුවෙක් ගැන. පොර ලංකාවේ ප්රමුඛ පෙලේ අයි.ටී ආයතනයක තාක්ෂණික අංශයේ වැඩ කරන කෙනෙක්. ඉතිං මෑන්ස්ට කස්ටමර් ක්ම්ප්ලේන්ස් වලට ඇඩෙන්ට් වෙන්න කියලා දීලා තියෙනවා මෝටර් බයික් එකක් ඔෆිස් එකෙන්ම. ඒක ඉතිං මුගේ පන වගේ තමා. ඒ වගේම බයික් එකත් හොඳට අතට හුරුයි.
ඉතිං මේ ලඟදී දවසක පොර අපේ ඔෆිස් එකේ වැඩකටත් ආවා. හැබැයි මූ ආවේ බස් එකේ. කවදාවත් නැතුව මූ බස් එකේ ආපු නිසා මං ඉතිං ඇහුවා විස්තරේ…. ඔන්න ඉතිං මට කියපු ටික පහල තියෙනවා….. බොහොම සෝචනීය කතා පුවතක්…
මං – කෝ බං බයික් එක…
පොර – පොඩි කේස් එකක් වුනා බං… ලයිසන් එක දෙන්නේ නෑ දැන් ගෙදරින්.
මට මුලින්ම හිනා ගියේ ඒ කතාවට. උංගේ ගෙදරින් ඌට ලයිසන් එක දෙන්න නෑ… හරියට නිකං පොලිසියෙන් වගේ…
ඊට පස්සේ මං ඇහුවම… ඇයි බං මොකද වුනේ කියලා… ඔන්න කතාව කියනවා.
නෑ බං… එදා මං කුරුණෑගල ගිය. ගිහිං එද්දි ඇක්සිඩන්ට් වුනා බං.
මං – නෑ …. ඉතිං…
පොර – නෑ නෙමේ ඕයි…. දවස් දෙකක් විතර ඉස්පිරිතාලේ හිටියා.
මං – කොහෙද බං තුවාල වුනේ… කෝ ප්ලාස්ටරය්ක වත් නෑනේ…
පොර – මගුලෝ කියන දේ අහපංකෝ… මං වත්තල හරියට එද්දී ටිකක් පරක්කු වුනා. කෑල්ල කෝල් කරා ඉක්මනට එන්න කියලා. ඉතිං බං මාත් කලර් ලයිට් වලින් එහෙම ඉක්මනට පැන ගන්න හිතාගෙන වත්තල ඉඳන් ගාලු පාරට දාද්දී කාර් එකක් දැම්මා බං ඉස්සරහින්…
ඈ… වත්තල ගාලුපාරක්…. මං දැං හිතනවා මූ ඇත්තටම සීන් එකේ වේදනාව නිසා මඤ්ඤං කියෝනවද කියලා… එහෙව් එකේ නෝන්ඩි දාන්න හොඳ නෑනේ… ඉතිං ආයෙම කතාව කියනවා අරූ…
පස්සේ බං මං බ්රේක් කරා… අම්මට හුඩු අනාගතේ වැදුනනේ බං පෙට්‍රල් ටැංකියේ… ගාලු පාරේ හිටිය පොලිස් කාරයෙක් ඇවිත් ඉස්සුවේ වැටිච්ච පාරට.
මූ ආයෙමත් ගාලු පාරක් ගැන කියෝනවා… මට පව් කියලත් හිතෙනවා. කොහොමත් අනාගතේට පාරක් වැදුනම තියෙන සනීපේ පිරිමි පාර්ශවේ දන්නවනේ… ඉතිං මාත් හිතුවේ මූත් ඒ වේදනාවෙන්ම කියවනවා වෙන්න ඇති කියලා. ඊට පස්සේ ඕං තව මොනාද මොනාද කියලා කතාව ඉවර කලා. පස්සේ මං අයෙම ඇහුවා වත්තල කොයි හරියෙදිද බං කියලා… අර බං… කියලා ඔන්න ලෑන්ඩ් මාර්ක් වගේකුත් කියලා… එතෙන අතුරු පාරෙන් ගාලු පාරට දාද්දී බං… කිව්වා…
මං ඉතිං ඕක වැඩිය කාටවත් කියන්න ගියේ නෑ… උංගේ ඔෆිස් එකේ රිසිප්ෂන් අක්කට විතරක් කිව්වා… කෝමත් උංගේ ඔෆිස් එකේ මගේ ටැංකියට එබෙන උං එකෙක් දෙන්නෙකුත් ඉන්නවනේ…
ඒ කතාව ඉවරයි මේං තව ඒ වගේ කතාවක්. මගේ මුස්ලිම් යාලුවෙක් මක්කම ගියා. ඉතිං ඔන්න
මක්කම කිව්වට ඒ අසල තියෙන වෙන වෙන තැන් වලටත් යැවෙනවනේ… මූත් ඉතිං කට්ටිය එක්ක ගිහිං මුහුදක් අයිනට… මාර සිරා තැනලු. පොඩි පොඩි හට් ගහලා… එක එක විකාර තියෙනවලු…. පස්සේ මූ ඒ රටේ ඉන්න උගේ යාළුවෙක්ට කියනවලු…
අඩෝ … අපේ ගෝල් ෆේස් එකට වැඩිය උඹලෑ ගෝල් ෆේස් එක ලස්සනයි බං…. කියලා….
අනේ මන්දා… ඒකෙ තුවක්කු එහෙම තියෙන්න නැතුව ඇති. උගෙන් ඕක අහන්නත් බෑ… මොකද ඔය කතාවට මුල පුරාගෙන එන කොට…
අනේ මේ… තොගෙ අම්මට….. කියලා පිං පුරෝනවා… ඉතිං අපිත් හිනාවෙලා මැරෙනවා මිසක්… අහන්න ඉන්න ටික අහන්න වෙන්නේ නෑ….
2011 ජූනි 2 දින පෙ.ව. 7:41 ට
වත්තලින් කොහොමද බොලව් ගාලු පාරට දාන්නේ. මමත් වත්තල. උපන්තේකට අහපු නැති කතාවක් නේ . මක්කමත් ගෝල්ඩ් ෆේස් එකක් තියෙනවානේ. 🙂
2011 ජූනි 2 දින පෙ.ව. 8:21 ට
මල්ලිත් කාඩ් එකක් ගහ ගන්න වගේ හදන්නේ “මක්කමත් ගෝල්ඩ් ෆේස් එකක් තියෙනවානේ” ගෝල්ඩ් ෆේස් නෙමේ බොල ගෝල් ෆේස්… ගාලු මුවදොර.
2011 ජූනි 2 දින පෙ.ව. 8:38 ට
අඩ්ඩා….. පොඩි අකුරු වැරදීමක් උනා නේ. එආක් ගනන් ගන්න එපා මාලුවෝ !!!!!
2011 ජූනි 2 දින පෙ.ව. 7:57 ට
යාළුවගේ බයික් එක පල්සරයක් වෙන්න ඇති අනාගතේට කෙල වුනා නම්…. දවස් දෙකක් ඉස්පිරිතාලෙ ඉන්න වුනනම් පවු බන් ඌ… වත්තලින් නෙමෙයි නුවර දිහාවෙන් ගාලුපාරට දැම්මත් මොකුත් කියන්න එපා….
2011 ජූනි 2 දින පෙ.ව. 8:22 ට
ඒ මොකද ඒ? ඒහේ කොහෙද බං ගාලු පාරක්… ගාලු පාර තියෙන්නේ කොළඹ ඉඳන් ගාල්ලටනේ.
2011 ජූනි 2 දින පෙ.ව. 8:00 ට
Adeeeee danne nethi parakne me thiyenne, poddak google map eka search ekak eheme dala beluwanam langinma yana parka hari hoyaganna beri wena ekak ne mama hithanne. 😀
2011 ජූනි 2 දින පෙ.ව. 8:47 ට
බලපං බලපං… ගාලුපාරක් තියෙනවද කියල වත්තල පැත්තේ … උඹ කිව්වත් වගේ තිබුනොත් හෙම…
2011 ජූනි 2 දින පෙ.ව. 8:21 ට
දෙවෙනි කතාව සිරා පලවෙනි එක තේරුනේ නෑ…….
2011 ජූනි 2 දින පෙ.ව. 8:50 ට
පළවෙනි එකේ තාර දාලා කාපට් කරුපු හැම පාරම ඌ හිතාගෙන ඉන්නේ ගාලු පාර කියලා.
2011 ජූනි 2 දින පෙ.ව. 8:36 ට
malu aiyata inneth niyama malu yaluwo tikak tama….:D 😀
2011 ජූනි 2 දින පෙ.ව. 9:04 ට
මේ පේන්නේ නැතුවැයි
2011 ජූනි 2 දින පෙ.ව. 8:50 ට
ඔයා ඉතින් සියල්ල දත් නේ
2011 ජූනි 2 දින පෙ.ව. 8:58 ට
මහ දැනමුත්තා අපේ නෑදෑයෝ වෙනවා. බොරනම් අහන්න අරයගෙන්.
2011 ජූනි 2 දින පෙ.ව. 9:10 ට
හිකිz…අනා ගතේ අපේ අතේ කියන්නෙ නිකං ද?
දවස් දෙකක් ඉන්න වැදුන කියන්නෙ නම්….අපොයි
2011 ජූනි 2 දින පෙ.ව. 10:01 ට
පවු බං ඌ… සීන් එක මතක් වෙද්දිත් මූණ ඥාව් වෙනවා.
2011 ජූනි 2 දින පෙ.ව. 9:17 ට
අර එක ජාතියෙ කුරුල්ලොලුනෙ එකට ඉන්නෙ….
මේ නොදන්න කමටයි අහන්නෙ…මාළුවොත් එහෙම ද?
2011 ජූනි 2 දින පෙ.ව. 10:03 ට
ඔවුනේ මාලු ඉන්නේ රෑන් පිටින්නේ…
2011 ජූනි 2 දින පෙ.ව. 10:29 ට
මාළුවා වගේම නැතැ මාළු යාළුවොත්
2011 ජූනි 2 දින ප.ව. 12:34 ට
අඩෝව්…
2011 ජූනි 2 දින ප.ව. 12:15 ට
මේක හීනෙන් වෙච්ච ඇක්සිඩන්ට් එකක්ද. නැත්තන් ගාලු පාරක් කොහෙද වත්තල
2011 ජූනි 2 දින ප.ව. 12:34 ට
ඒකනේ දෙයියනේ මේ කතාව දැම්මේ… ටියුබ් ලයිට් හොඳ එක
2011 ජූනි 2 දින ප.ව. 1:53 ට
අපිත් ගාල්ලේ තමයි.
බලනකොට - ගෝල්- ඉන්ටර්නැෂනල් වෙලානේ.
ප්‍රීතියි…ර්ප්රීතියි….
2011 ජූනි 2 දින ප.ව. 8:49 ට
ගම නම් ගාල්ලෙලු… වැඩ?
2011 ජූනි 2 දින ප.ව. 10:14 ට
වැඩත් අංක 01 හරිය?
2011 ජූනි 2 දින ප.ව. 3:43 ට
ඇත්තට මු කොහේදිද ඔය අහවල් එක තලන් තියෙන්නේ බන්,වත්තලින් ගාලුපාරට දාන ශෝට් කට් එක අහ ගත්තනම් මාර ලේසි………..මොක වුනත් ඌට වෑදුනු පාර දරුනුවටම වෑදිලා තියනවා………
2011 ජූනි 2 දින ප.ව. 8:48 ට
දරුණුවට කියන්නේ බං… තාම මූණ ඇඹුල් වෙනවා…
2011 ජූනි 3 දින පෙ.ව. 5:41 ට
වත්තල ගාලු පාරක්..කනේ පව්..සෑහෙන දරුණු පාරක් වැදිලා වගේ..ඔය ඇක්සිඩන්ට් එක වෙලාවෙ පොර හෙල්මට් එකක් දාලා නෙවෙයි ඉන්ට ඇත්තෙ ෂුවර් එකටම… හිකිස්….
2011 ජූනි 3 දින පෙ.ව. 7:35 ට
ඔය කිව්වේ ඉතිං… මකුලියේ… අහවල් තැනට හෙල්මට් දානවද බොල?
2011 ජූනි 6 දින පෙ.ව. 10:46 ට
අහවල් තැන විතරක් නෙවෙයිනෙ මාළුවො වැදිලා තියෙන්නෙ බලාගෙන යනකොට…නැත්තන් ඔලුව කොලොප්පන් වෙනවැයි.. (මෝඩ ගෝල් ෆිසා) :p
2011 ජූනි 3 දින ප.ව. 12:40 ට
මම මාලුවා මට කිසි දිනක කිසි දෙයක් වැරදිලාවත් වරදින්නේවත් නැත …………
මා බලා සිටින්නේ කාට හරි වරදින තුරුය …………….
2011 ජූනි 3 දින ප.ව. 12:42 ට
ඈ…. අනේ නෑ අයියේ මට ඇති පදම් වැරදිලා තියෙන්නේ… ඒක නිසා තමා මේ හිත හදාගන්න බ්ලොග් එක ලියන්නේ…. 😦