වත්තල ගාලුපාර හා මක්කම ගෝල් ෆේස්

මේ කතාව මගේ යාළුවෙක් ගැන. පොර ලංකාවේ ප්‍රමුඛ පෙලේ අයි.ටී ආයතනයක තාක්ෂණික අංශයේ වැඩ කරන කෙනෙක්. ඉතිං මෑන්ස්ට කස්ටමර් ක්ම්ප්ලේන්ස් වලට ඇඩෙන්ට් වෙන්න කියලා දීලා තියෙනවා මෝටර් බයික් එකක් ඔෆිස් එකෙන්ම. ඒක ඉතිං මුගේ පන වගේ තමා. ඒ වගේම බයික් එකත් හොඳට අතට හුරුයි.

ඉතිං මේ ලඟදී දවසක පොර අපේ ඔෆිස් එකේ වැඩකටත් ආවා. හැබැයි මූ ආවේ බස් එකේ. කවදාවත් නැතුව මූ බස් එකේ ආපු නිසා මං ඉතිං ඇහුවා විස්තරේ…. ඔන්න ඉතිං මට කියපු ටික පහල තියෙනවා….. බොහොම සෝචනීය කතා පුවතක්…

මං – කෝ බං බයික් එක…

පොර – පොඩි කේස් එකක් වුනා බං… ලයිසන් එක දෙන්නේ නෑ දැන් ගෙදරින්.

මට මුලින්ම හිනා ගියේ ඒ කතාවට. උංගේ ගෙදරින් ඌට ලයිසන් එක දෙන්න නෑ… හරියට නිකං පොලිසියෙන් වගේ…

ඊට පස්සේ මං ඇහුවම… ඇයි බං මොකද වුනේ කියලා… ඔන්න කතාව කියනවා.

නෑ බං… එදා මං කුරුණෑගල ගිය. ගිහිං එද්දි ඇක්සිඩන්ට් වුනා බං.

මං – නෑ …. ඉතිං…

පොර – නෑ නෙමේ ඕයි…. දවස් දෙකක් විතර ඉස්පිරිතාලේ හිටියා.

මං – කොහෙද බං තුවාල වුනේ… කෝ ප්ලාස්ටරය්ක වත් නෑනේ…

පොර – මගුලෝ කියන දේ අහපංකෝ… මං වත්තල හරියට එද්දී ටිකක් පරක්කු වුනා. කෑල්ල කෝල් කරා ඉක්මනට එන්න කියලා. ඉතිං බං මාත් කලර් ලයිට් වලින් එහෙම ඉක්මනට පැන ගන්න හිතාගෙන වත්තල ඉඳන් ගාලු පාරට දාද්දී කාර් එකක් දැම්මා බං ඉස්සරහින්…

ඈ… වත්තල ගාලුපාරක්…. මං දැං හිතනවා මූ ඇත්තටම සීන් එකේ වේදනාව නිසා මඤ්ඤං කියෝනවද කියලා… එහෙව් එකේ නෝන්ඩි දාන්න හොඳ නෑනේ… ඉතිං ආයෙම කතාව කියනවා අරූ…

පස්සේ බං මං බ්‍රේක් කරා… අම්මට හුඩු අනාගතේ වැදුනනේ බං පෙට්‍රල් ටැංකියේ… ගාලු පාරේ හිටිය පොලිස් කාරයෙක් ඇවිත් ඉස්සුවේ වැටිච්ච පාරට.

මූ ආයෙමත් ගාලු පාරක් ගැන කියෝනවා… මට පව් කියලත් හිතෙනවා.  කොහොමත් අනාගතේට පාරක් වැදුනම තියෙන සනීපේ පිරිමි පාර්ශවේ දන්නවනේ… ඉතිං මාත් හිතුවේ මූත් ඒ වේදනාවෙන්ම කියවනවා වෙන්න ඇති කියලා.  ඊට පස්සේ ඕං තව මොනාද මොනාද කියලා කතාව ඉවර කලා. පස්සේ මං අයෙම ඇහුවා වත්තල කොයි හරියෙදිද බං කියලා… අර බං… කියලා ඔන්න ලෑන්ඩ් මාර්ක් වගේකුත් කියලා… එතෙන අතුරු පාරෙන් ගාලු පාරට දාද්දී බං… කිව්වා…

මං ඉතිං ඕක වැඩිය කාටවත් කියන්න ගියේ නෑ… උංගේ ඔෆිස් එකේ රිසිප්ෂන් අක්කට විතරක් කිව්වා…  කෝමත් උංගේ ඔෆිස් එකේ මගේ ටැංකියට එබෙන උං එකෙක් දෙන්නෙකුත්  ඉන්නවනේ…

ඒ කතාව ඉවරයි මේං තව ඒ වගේ කතාවක්. මගේ මුස්ලිම් යාලුවෙක් මක්කම ගියා. ඉතිං ඔන්න

මක්කම කිව්වට ඒ අසල තියෙන වෙන වෙන තැන් වලටත් යැවෙනවනේ… මූත් ඉතිං කට්ටිය එක්ක ගිහිං මුහුදක් අයිනට… මාර සිරා තැනලු. පොඩි පොඩි හට් ගහලා… එක එක විකාර තියෙනවලු….  පස්සේ මූ ඒ රටේ ඉන්න උගේ යාළුවෙක්ට කියනවලු…

අඩෝ … අපේ ගෝල් ෆේස් එකට වැඩිය උඹලෑ ගෝල් ‍ෆේස් එක ලස්සනයි බං…. කියලා….

අනේ මන්දා… ඒකෙ තුවක්කු එහෙම තියෙන්න නැතුව ඇති. උගෙන් ඕක අහන්නත් බෑ… මොකද  ඔය කතාවට මුල පුරාගෙන එන කොට…

අනේ මේ… තොගෙ  අම්මට….. කියලා පිං පුරෝනවා… ඉතිං අපිත් හිනාවෙලා මැරෙනවා මිසක්… අහන්න ඉන්න ටික අහන්න වෙන්නේ නෑ….

%d bloggers like this: