අළුත් පාරේ වාසනාව…!

මේ කතාව නම් එක එක්කෙනා එක එක විදියට කියෝලා තේරුම් ගනියි. අනේ හැබැයි මට නම් ඔය දේසපාලන සීන් ඇදගෙන බනින්න එපා. මොකද මං දේසපාල‍නේ දන්නේ නෑ…

ඉතිං ඊයේ ඉරිදනේ… ගෙදර ඉන්නේ එදාට විතරයිනේ… ඒක නිසා මළගෙයක් තිබිලා ඒකට යන්න කියලා මගේ යාළුවෙක්ව සෙට් කොරගත්තා. මළගේ තියෙන්නේ කළුතර හොරණ පාරේ. දැන් ඉතිං එහෙට යන්නේ නාගස්හංදියෙන් හැරිලා. ඉතිං මාත් තව යාළුවෙක් එක්ක ගමනේ යා… ඔහොම ටික දුරක් යන කොට මේං බොල අපේ අළුත් මහ පාර. අර හයිවේ… එක…. අම්මෝ…. දිගට දිගේ බැබලෙනවා. ඊට පස්සේ ඉතිං ඒක පාස් කරගෙන ගිහිං ආයේ තව ටික දුරකින් ආයෙමත් අර වගේම සුපිරි පාරක්… අම්මද බොල අපි යූ ටර්න් එකක් ගහලා මලගෙදරට යන්න… සෝයි නේ….

අපිට මුලින් හයිවේ එක සෙට් වුනේ සාමාන්‍ය වාහන යන පාරට උඩින්… ඒත් දෙවෙනියට… හම්බුනේ අපේ පාරට වඩා පහලින්…. ඔය තියෙන්නේ…. දිලිසි දිලිසි…

පස්සේ ඉතිං මළගෙදරට ගියා. එතෙනත් කතාව අපේ අළුත් පාර ගැන. එක එක අය එක එක එව්වා කියනවා. ඉතිං මාත් ඔය ටික බොහෝම සාවදානව අසා සිටියා. විවිධ මත විවිධාකාර අය විසින්… අවසානාව කියන්නේ ගොඩක් නොවුනත් කීප දෙනෙක් දකින්නේ මේ පාර හදන එකේ නරක පැත්ත.

එක්කෙනෙක් කියනවා…

මේ පාර හදන්න ගත්ත එකෙන් දැං වහිද්දී වතුර බහින්න තැනක් නෑ… වෙනදා යට නොවිච්ච ගෙවල් පොඩ්ඩක් වැස්සත් යට වෙනවා….

ඒක නම් පොඩ්ඩක් විතර ඇත්ත වගේ. මොකද අපි යන පාරෙත් වෙල් පිරිලා ඉතිරිලා වතුරෙන් වැහැච්ච තැන් තිබුනා. ඒත් ඉතිං මේ පාර අපේ රටට ලැබෙන ලොකු දායාදයක් කියලා ඒ මිනිස්සුන්ට තේරුමක් නෑ…

ඒ වගේම තව කෙනෙක් කියනවා…. මේ පාර නිසා… ඉඩම් ගොඩක් නැතිවුනා කියලා.

අනේ මන්දා… ඒ මිනිස්සුන්ට ඒවාට වන්දි ගෙව්වා මං දන්න විදියටනම්… හ්ම්… කමක් නෑ… දැං ඉතිං අහගන්නකෝ මං හිතන විදිය.

මුලින්ම බලන්න මේ පාර නිසා ඇතිවෙන වාසි. විනාඩියක් හිතලා බලන්න මේ පාර නිසා රස්සාවල් නැති කී දෙනෙක්ට රස්සාවල් ලැබුනද..? ඒ වගේම ඔය ලොරි, ටිපර් අරං ගෙවල් අස්සේ දාගෙන හිටිය අයට කොයි තරම් වැඩ කරන්න ලැබුනද….? තවමත් ඉවර නැහැනේ… ඊට පස්සේ සුළු සේවක රැකියා කොයිතරම් ලැබුනද…. විදුලි කාර්මික රැකියා කොයි තරම් ලැබුනද…? ජොබ් එකක් නැතුව පිස්සු කෙල කෙල හංදි ගානේ රස්තියාදු ගහපු තරුණ ජීවිත කීයක් නම් දැනටමත් තම ශ්‍රමය මේ හයි වේ එක වෙනුවෙන් යොදවනවද…? ඇයි මේ දේවල් ඒ මිනිස්සුන්ට පේන්නේ නැත්තේ‍‍‍…. ගොඩ දෙනෙක් දකින්නේ හොඳ වුනාට ඒ අතරේ ඉන්න කීප දෙනෙක් හරි නරකක් දැකීම නම් කනගාටුවට කරුණක්.

ඇත්ත… පාරට අයිතිවෙන ප්‍රදේශ වල මිනිස්සුන්ට තමන්ගේ ගෙවල් දොරවල්… උපතින්ම ලැබුන ඉඩම් එහෙ නැතිවුනා තමා. ඒත් ඒවාට සරිලන වන්දියක් හම්බුනානේ… ඒ විතරක්ද දෙයියනේ… මේ හදන පාර හදන්නේ අපේම රටේනේ… අපිටම වැඩ ගන්නනේ… මොකද මේකේ නාසා එකේ රොකට් යවන්න හදන එකක්යෑ…

අනික මේ පාර නිසා ගාලු පාරේ තියන වාහන තදබදය මහ ගොඩකින් නොවුනත් වාහන පනහකින් සීයකින් හරි අඩුවෙයිනේ. එතකොට අපි යන ගමනක් අපිටමනේ ඉක්මනට යාගන්න පුළුවන් වෙන්නේ… ඒ වගේම ඔය අළුත් පාරට වෙනමම බස් සේවයකුත් වැටුනොත් ඒකෙනුත් තව තව රැකියා අවස්ථා බිහිවෙනවා. ම්… තව තියෙනවා… ඔය පාරේ වාහන නවත්ත තැන් වල හදන්න නියමිත සුපිරි වෙළඳ සැල් වලදී තවත් රැකියා අවස්ථා කීයක් නම් උපදිනවද. මොකද එව්වට පිට රටින් මිනිස්සු ගේනවා කියලද… නෑනේ… ඒ අවස්ථාවත් හිමිවෙන්නේ අපේම රටේ මිනිස්සුන්ටනේ…

ඒ වගේම මේ පාර හැදීම නිසා අර කලිං කිව්වත් වගේ පොඩි පොඩි අවාසි තියෙනවා. ගං වතුර ප්‍රශ්නය එහෙම නම් ටිකක් දරුණුයි. මාත් මේ පොඩි පොඩි ප්‍රශ්න කියලා කිව්වට මේවාට ඇත්තටම මුහුණ දෙන මිනිස්සුන්ට නම් මේවා ලොකු ප්‍රශ්න. ඒවාටත් ඉතිං විසඳුම් නැතුව නෙමෙයිනේ තියෙනවනේ….

මගේ චූටි මොලේට ‍තේරෙන එකම දේ නම්… මේ පාර හදන එක ‍ගොඩක් හොඳයි. ඒ වගේම ඒ පාර හැදීම නිසා ඇතිවෙන ප්‍රශ්න වලට යොදන්න ඕනේ පිළියම් යොදනව නම් තවත් හොඳයි. මොකද සුපිරි මාර්ගයක් හදන්න වියදම් කරන සල්ලි වලින් සොච්චම් ගානක් වැයවෙයි… අර කරදරයට පත් වුන මිනිස්සුන්ගේ කරදර ටික නැති කරලා දාන්න… එතකොට හැම දෙනාගෙම අශිර්වාදයෙන් අපේ රටේ අළුත් පාරේ වැඩ ටික ඉවර වෙලා… අපේ මිනිස්සුන්ට රැකියා ලැබිලා… අපේ රටම දියුණුවෙයි….!

Advertisements

43 Responses to “අළුත් පාරේ වාසනාව…!”

  1. තාරක Dilsh@n Says:

    ගොඩක් මිනිස්සු බලන්නේ වීදුරුවේ හිස් භාගෙ.
    කිසිම වීදුරුවක් පොඩ්ඩක්වත් හිස් නොවී වතුර බිමට නොවැටී පුරවන්න බෑ.
    ඒකෙන් බිමට වැටෙන වතුර බිංදුවට වඩා ඒකට පිරුන ටික ගැන, ඒ පිරුන ටිකෙන් කරන්න පුලුවන් දේ ගැන අපේ ම්නිස්සුන්ට ඉගෙන ගන්න තව සෑහෙන කාලයක් යයි..

  2. සෝරෝ Says:

    යහපත අඩු වෙලා අයහපත වැඩි වුනොත් තමා අවුල.. ඒත් මමනම් ඕවා දන්නෑ.. කථා කරන්න ගියොත් අර උඹ කිවුව වගේ දේසපාලනේ කථා කලා වෙනවා..

    හැබැයි තවත් එකක් තියෙනවා.. මේ පාරවල් හදන්න වෙන් කරන සල්ලි වලින් කීයෙන් පංගුවක් අරයගේ මෙයාගේ සාක්කු වලට යනවද කියල නම් දන්නෑ… හැබැයි එහෙම යන එක නම් ෂුවර්…

    • ගෝල්ඩ් fish Says:

      එහෙම යෑම නිසා තමා බං… සමහර වෙලාවට ලොකු ලොකු අඩුපාඩු වෙන්නේ

  3. Kasun Chanaka Says:

    මේකනෙ අයියෙ, ගොඩක් මිනිස්සු ඕන දෙයක් දිහා බලන්නෙ පාට කණ්නාඩි දාගෙන නෙ. කොච්චර හොඳ දෙයක් කලත් වැඩක් නෑ වැරදි කණ්නාඩියෙන් නම් බලන්නෙ ඒ මනුස්සයට ඒකෙ හොඳක් පේන්නෙම නෑ. ඕනම රටක දියුනුවට අවශ්‍ය ප්‍රධානම දේ තමයි විදිමත් මාර්ග පද්ධතිය. අනිත් හැම දෙයක්ම වගේ රඳා පවතින්නෙ ඒ මත. සමහරු ඕක දන්නෙ නෑ, සමහරු දැනගත්තත් පිළිගන්න කැමති නෑ.

    • ගෝල්ඩ් fish Says:

      තව සමහරු ඉන්නව බං… උංට ඕනේ හැම දේකම නරක දකින්න.. උං හිතන්නේ උං මහ විචාරකයෝ කියලා…

      • Kasun Chanaka Says:

        ඔව් ඔව් එහෙමත් ඩයල් ඉන්නව තමයි. උන්ට පාට අවුලකුත් නෑ, මොකා කලත් වැරදි. සිරාවටම උන් හිතන් ඉන්නෙ එහෙම කලාම උන් හෙන විචාරකයො වෙනව කියල.

      • ගෝල්ඩ් fish Says:

        ඔව් බං දන්න රෙද්දකුත් නෑ… මහ ලොකුවට කියවනවා

  4. ලහිරු චානක Says:

    මම දන්න තරමින් නම් අපේ ගෙවල් හරියට ඉස්සර ඉඳන්ම තිබ්බ ගංවතුර ඕක නිසා නැති උනා මාළුවෝ, කට්ටියනම් කියන්නේ මේකෙ දෙපැත්තේ ලොකු කාණු දෙකක් තියෙන හන්දා වතුර බහින එක පහසුයි කියල.

    කොහොම නමුත් අපිත් මේ පාර අසලම වගේ තමා ඉන්නේ. ඉඩම් අහිමි වෙච්ච මම දන්න හැම දෙනාටම වගේ තිබ්බ පැල්පත වෙනුවට මාලිගා ගහන්න වන්දි ලැබුණා… ඒ මිනිස්සු යාන වාහන පවා අරගෙන

    • ගෝල්ඩ් fish Says:

      මමත් ඒක දන්නවා බං… ඒත් මට තාමත් හිතාගන්න බැහැ අර මිනිස්සු මොනාද කියවපු බහුබූත කියලා…

      • තාරක Dilsh@n Says:

        දැන් ඕකෙ වාහන යනවද බන්??

      • ගෝල්ඩ් fish Says:

        තාම නැහැ බං

  5. මධුරංග Says:

    ඒකෙන් වාසි වගේම අවසිත් තියෙනවා. ඔහොම සීන් එකක් කොත්මලේ ජලාශේ හදනකොටත් උනා. ගොඩක් ගෙවල් තමන්ගේ වතු ජලාශයට යට උනා. සමහර අයගේ පරම්පරාගත ඉඩම් පවා ජලාශයට යට උනා.

    තමන්ගේ ඉඩම් නැති වෙනවා ගෙවල් දොරවල් නැති වෙනවා කියලා ඒ අය මේකට අකමැති උනා නම් අද රටක් සශ්‍රික කරන කොත්මලේ ජලාශය නෑ. හැම හොද දෙයක් ලබන්න කැපවීම් කරන්න ඕනේ.

    • ගෝල්ඩ් fish Says:

      ඒක තමා ඇත්ත බං. ඒත් අර මිනිස්සු ඔය කතාව පිලිගන්නේ නැහැනේ… සමහරවිට එයාලට මොකක් හරි පොඩි අඩුපාඩුවක් වෙන්න ඇති.

  6. mada Says:

    el kthw mchn, highway wade elm kiri, eth bn mot.bike wlt ynn den nathulu.. Ann ekt mt mr duki, galle road 1 ynthn 60 pnnth leynw ne bn, hdessem dekt geyth ynn wenne 40 – 50 thmi.. Eth highway ek ikmnt ewr wenwnam hodi..

  7. පිණිබිඳු Says:

    මොනදේ උනත් ගාලු පාරෙ ට්‍රැෆික් අඩු වෙන එකම කොච්චර ලොකු දෙයක්ද?

  8. නවම් Says:

    අපේ මිනිස්සු කිසිම් දෙයක් විස්වාස කරන්න කැමති නෑ බං. හැම වෙලාවෙම අසුභ වාදීවමයි බහුතරයක් ඕනෑම දෙයක් දිහා බලන්නෙ. ඒත් කාලයක් යනකොට ඒ අයගෙත් කටවල් ඉබෙම වැහෙනව ප්‍රතිඵල දකිනකොට. බලාගෙන ගියාම ගොඩක් දෙනා විරුද්ධවෙන්නෙ අවබෝධයක් නැතිව. අනික තමන් ඡන්දෙ නොදීපු පක්ෂෙන් කරන දෙයක් නම් කොහොමත් හොඳ නෑනෙ.

  9. රත්ගමයා Says:

    මාලුවාගෙන් ඇඩ් එකක්…. හික් හික්…

  10. Luckey Says:

    මම ඔය පාරෙ ටික කාලයක් වැඩ කලා මාළුවො//….මෙහෙ එන්න ඉස්සර…දවසක් එක මනුස්සයෙක් ඇවිත් බොහොම දුකෙන් කතා කලා. මුලින් එයාගෙ ඉඩම පාරට ගන්නවා කීවලු. ඒත් පස්සෙ ගත්තෙ නැහැලු. ඉඩම අහිමි නුන එක ගැන හරි කණගාටුයිලු….

    (හැමෝම එහෙමයි කියලා කියනවා නෙවෙයි. ඒත් වැඩි දෙනෙක්ගෙ තත්වය මේකයි )

  11. කුරුං ගුරුං Says:

    මචෝ අපටත් ඔය වගේ පාරක් හෙට අනිද්දාම සම්බ වේ….කිව්වලු

    • ගෝල්ඩ් fish Says:

      එතකොට මං භාගයක් දුරට එන්නම්… උඹ ඉතුරු භාගේ වරෙන්… අපි සෙට් වෙමු…!

      • කුරුං ගුරුං Says:

        ඇයි උඹ BCS එකට එන්නෙ නැතෙයි?

  12. Kathandara Says:

    පාර කියන්නේ තාර දාපු කෑල්ල විතරක් නෙමේ, මුළු කොරිඩෝර් එකම, ඒ කියන්නේ දෙපැත්තේ තියෙන හැම දෙයක්ම, බෝක්කු පාලං සේරම එකටයි ඩිසයින් කරලා දහන්න ඕනෑ.
    හැදුවාට මදි, ඒවා නඩත්තුව එයිට වඩා වියදම් යන වැඩක් දිගුකාලීනව.

    • ගෝල්ඩ් fish Says:

      ඒක නම් ඇත්ත අයියේ… ඒත් ඉතිං නඩත්තු වෙන්නේ වෙන වෙන එවුන්නේ

  13. ශාන් Says:

    ඇත්තටම කිව්වොත් රටක් දියුණු වෙන්න නම් හොඳ මාර්ග පද්ධතියක් රටට අවශ්‍යයි.අධිවේගී මාර්ග ඉදිකිරීමෙන් ඒ දේ වෙනවා කියලා හිතන්න පුළුවන්.හැබැයි අපේ රටේ අවුල තියෙන්නේ රටේ සංවර්ධනය කෙසේ වෙතත් එක් එක්කෙනාගේ සාක්කු සංවර්ධනය වෙන එක

  14. හිස් අහස Says:

    මෙන්න බොලේ පාර ! මේවගේ පාරක් අපේ ගමටත් ආවොත් ..එදාට මම තමයි “වැලන්ටිනෝ රෝසි” ආයේ පදිනවා සීය පන්නලා

  15. aluthkolla Says:

    යතාර්ථවාදී කොල්ලෙක්…. උඹල වගේ වෙනවනම් ඔක්කොම උන්…

    • ගෝල්ඩ් fish Says:

      හික්… අපි වගේ වුනොත් ජාති ආගම් කුල මල මුකුත් නැති උං තමා බිහිවෙන්නේ….

      • කුරුං ගුරුං Says:

        ඒ විතරක් නම් මදැ…අනේ වෙන එකෙක්වත් මූ වගේ නම් වෙන්න එපා…

  16. දුකා Says:

    අනිවාර්යෙන් රටක ගමනාගමන පද්ධතිය හරි හමන් විදිහට සකස් කරගෙන ඉන්න ඕන අනිත් කොයි දේ වෙන්නත් . .
    රටක සංවර්ධනයට මූලිකවම බලපාන දෙයක් ඒක . .

    ඒක නිසා පුද්ගලික හේතු නිසා විරුද්ද වෙන එකට මමත් විරුද්ධයි . .

    හැබැයි කොටියෙන් හදන්න පුලුවන් පාරකට කෝටි දහයක මහජන මුදල් වැයකරනවනම් අනිවාර්යෙන් ඒවට විරුද්ද වෙන්න ඕන . .

    එහෙම නේද මලේ . .

  17. roshanherath Says:

    ඒ වුනාට කොච්චර අලුතින් පාරවල් හැදුවත් වැඩක් නෑ තියෙන පාරවල්වල වලවල් ටික හරියට වහන්න බැරිනම්.. සමහර පාරවල්වල වලවල් වහලා දවසක් යද්දි තිබුනට වඩා ලොකු වලවල්.. ඒ වගේම සමහර පාරවල් කවදාවත් හැදෙන් නෑ.. අවුරුදු ගානක් එකම විදිය. සමහර තැන්වල තාර තියා පාර තිබුනා කියන්න ගල්කැටයක්වත් නෑ…

    • roshanherath Says:

      මම නම් කියන්නෙ අධිවේගී මාර්ග හදන්න කලින් දැනට තියෙන පාරවල් ටික හොඳට හදන්න ඕනි කල්පවතින විදියට.. මොකද අධිවේගී මාර්ග පාවිච්චි කරන අයට වඩා අබලන් පාරවල් වල යන අය දුක් විඳිනවා.. අධිවේගී වාහන වලට අබලන් පාරවල අබලන් බව දැනෙන් නෑ..

      • ගෝල්ඩ් fish Says:

        ඒ කතාවත් ඇත්ත බං

  18. කල්හාර Says:

    පොඩි උනාට කොල්ලා කියලා තියෙන්නෙ සම්පූර්ණ ඇත්ත …………….
    අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ හැම තිස්සෙම කලු පැත්ත මිසක් සුදු පැත්ත දකින්න නෙමේනෙ …………


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: