දැන් ටික දවසකට කලින් මං කිව්වනේ හිත ගිය ඇත්තී බැඳලද කියලා හොයාගන්න විදියක්… ඊට පස්සේ ඉතිං බැඳලා නැත්තං… ඒකිගේ කැමැත්ත ගන්න ක්‍රමේ තමා මේ… මේකට නං ඉතිං පොඩි යාළු කමක් තියෙන්න ඕනේ… කෙල්ල අකමැති වුනත් මේ සීන් එකේදී නම් අකමැතියි කියලා කියන්න විදියක් නැත්තටම නැතුව යනවා… මේකෙ හෙන නිධාන කතාවකුත් තියෙනවා… පහල තියෙන්නේ ඒක තමා…
ඔන්න පොඩි විසේකාර කොල්ලෙක් හිටියලු…. ඉතිං ඔය කොල්ලගේ අතේ එල්ලි එල්ලි හුරතල් වෙන චූටි නංගියෙකුත් උන්නලු. ඉතිං කොල්ලට නංගි ගැන ආදරයක් ඇති වුනාලු. ඒත් ඉතිං ඕක කෝමද අර චූටි කෙල්ලගෙන් අහන්නේ… ඔහොම හිත හිත හිටපු කොල්ලට පහල වුනා මරු අයිඩියා පාරක්.
ඉතිං කොල්ලා කට්ටකාගෙන හැදුවලු පොඩි සොෆ්ට් වෙයා කෑල්ලක්. පස්සේ ඒක… ආ නංගෝ ගේම් එකක් කියලා ගිහිං දුන්නලු. පස්සේ අර කෙල්ල… ඒක ප්ලේකරන්න අරං… චූටි ඈස්දෙක රතු කරගෙන කොල්ලගේ මූන දිහා බලාගෙන ඉන්නවලු කරකියාගන්න දෙයක් නැතුව. පස්සේ ඉතිං කෝම හරි… මං කැමතියි කියන එක කටින් නොකිව්වට, පුංචි ඈස් දෙකෙන් බලාගන්න කොල්ලට පුළුවන් වුනාලු. එදා ඉඳන් කොල්ලගේ ජීවිතේ ඒ පුංචි කෙල්ලම විතරක් වුනාලු. ඉතිං ඔය සීන් එක වෙලා දැන් අවුරුදු 4ක් පහක් වෙනවලු. කෙල්ලට ඔය ගේම් එක අමතක වුනාට තාමත් කොල්ලට මතකයිලු. ඒක නිසා ආයෙමත් වතාවක් ගේම් එක හැදුවලු. හදලා උගේ ටැංකියේ දැම්මලු.
දැං ඉතිං කාටවත් මට අකමැති වෙන්න බෑනේ … හූ… හූ…. හා පුළුවන්නම් නෑ කියමු බලන්න…
මේ තිරිකිස් සීන් එක ඕනේ අය බාගන්න…. එකෙක් හරි ගොඩ ගියොත් ඒ පිනත් මටනේ…
ෆ්ලෑෂ් ෆයිල්ස් සියල්ල අක්‍රිය තත්වයේ පවතී… 😦
2011 මැයි 29 දින පෙ.ව. 7:51 ට
යකෝ මේකේ නෑ කියන එක ඔබන්න බැහැනෙ ……….
කෙල්ලගේ මූණ රතු වෙලා නැවතුනා ඇති …….
කන පැලෙන්න දෙකක් දෙන්නෙ නැතුව …….
අන්න මල්ලියේ උඹට මගේ බ්ලොග් එකේ තෑග්ගත් තියනවා ……
ගිහිං ගත්තනං ………
2011 මැයි 29 දින පෙ.ව. 8:19 ට
ගත් සේක… අනේ මංදා මාව සතූ වෙලා…. ලැජ්ජාවට…
2011 මැයි 29 දින පෙ.ව. 8:02 ට
අඩෝ හොර මාලුවෝ….
මේක හොර ගේම් එකක් හරිය…. මේක ඔට්ටු නෑ…. 😀
2011 මැයි 29 දින පෙ.ව. 8:21 ට
හික්… ඇයි බං එහෙම කියන්නේ… බලපං කොයි තරම් සෝයිද කියලා…
2011 මැයි 29 දින පෙ.ව. 8:33 ට
කෝ යකෝ මේකේ නෑ කියන එක. ඒක හැම තැනම දුවනවනේ. එක තැනක තියපියකෝ.
කට්ට මාළුවා..
2011 මැයි 29 දින පෙ.ව. 9:07 ට
හික්… එතකොට කෙල්ල නෑ කියන එක ප්‍රෙස් කරයි…
2011 මැයි 29 දින පෙ.ව. 8:46 ට
අඩේ වල් මාලුව උබ කෙල්ලගෙන් කන පැලෙන්න කෑව නේද අපට නොකිව්වට….. වැඩේනං ආතල් තනි උත්තරේනෙ… නෑ කියල කියන්නෙ කනට දෙකක් අතපුරවල දීල වෙන්නඇතිනේ…..
2011 මැයි 29 දින පෙ.ව. 9:10 ට
පිස්සුද බං… අද වෙනකං මට මුකුත් කිව්වේ නෑ
2011 මැයි 29 දින පෙ.ව. 9:12 ට
මල් වාලුවා මේක පරිඝනක නීති රීති උල්ලංඝනය කිරීමක්. එහෙනම් ඉතින් කෙල්ල හා කියලා තියෙන්නෙ බෑ කියන්න බැරි කමටද කොහෙද. විහිළුවට හොඳේ කිව්වෙ.
2011 මැයි 29 දින පෙ.ව. 9:17 ට
අඩේ අක්කේ මට නඩු දාන්න නං එපා. කෙල්ල හා කියලා පස්සේ ඔය දැන් යස අගේට මුකුත් නොකිය ඉන්නේ…
2011 මැයි 29 දින පෙ.ව. 9:23 ට
හිකිස් බකස් ජබොස්…
2011 මැයි 29 දින ප.ව. 12:13 ට
😀
2011 මැයි 29 දින පෙ.ව. 9:28 ට
පරිස්සමින් හිටු මල් වාලුව…කෙල්ලෙක් ළඟදිම උඹට වයිරස් එකක් හදල දෙයි…..
2011 මැයි 29 දින ප.ව. 12:14 ට
ඒක හම්බුවෙලානේ බං තියෙන්නේ
2011 මැයි 29 දින පෙ.ව. 9:48 ට
එළම කිරි මාළුව මට මේක බාගන්න පුළුවන්ද මටත් මේ දවස්වල ඔය සීන් එක වෙලා තියෙන්නෙ….
2011 මැයි 29 දින ප.ව. 12:15 ට
හරි මචං… මේං http://www.fileden.com/files/2011/4/9/3112039/dialog.swf
2011 මැයි 29 දින පෙ.ව. 9:50 ට
මමත් කැමැත්ත ගන්න ගිහින් තව පොඩ්ඩෙන් කන පුරොලා කනවා. 🙂
2011 මැයි 29 දින ප.ව. 12:16 ට
හික්… අපරාදේ කෑවනම් තමා අගේ තියෙන්නේ….
2011 මැයි 29 දින පෙ.ව. 10:22 ට
මේක බාගන්න දියන්කෝ බං
2011 මැයි 29 දින ප.ව. 12:16 ට
අන්න දැම්මා මචං ලින්ක් එක…
http://www.fileden.com/files/2011/4/9/3112039/dialog.swf
2011 මැයි 29 දින පෙ.ව. 10:33 ට
අත්දුටුවයි, සත්තයි කිව හැකි, නොවරදින වශී ගුරුකමක් නේද?
2011 මැයි 29 දින ප.ව. 12:18 ට
නැතුව නැතුව… ඇස් පනා පිටම ප්‍රතිපල දෙනවා
2011 මැයි 29 දින පෙ.ව. 10:55 ට
හපොයි මේකේ නෑ එක දුවනවනෙ බෝල තෝ නම් මහා ප්රෝඩාකාරයෙක්ද කොහෙද… උඹ මේ පාර මේක හැදුවේ අර ඩෙල්ටා ෆෝර්ස් එකට ගහන එක බංකර් එක අස්සේ එකට රිංගන කෙල්ලට දෙන්න නේද නොදකින් වලත්තයා
2011 මැයි 29 දින ප.ව. 12:18 ට
පිස්සුද බං එකම තෑග්ග දෙන්නෙකුට දෙන්නේ නෑ…. මේක ටැංකිය බලන උඹලා වෙනුවෙන්
2011 මැයි 29 දින පෙ.ව. 11:30 ට
ඔව් ක්ලික් කලාට පස්සෙ, “මාත් ඔයාට කැමතියියි….!!! ” කියල දැම්මනම් මොකද?
නියම වැඩේ බන්..
උඹ ඔය පොඩි කෙල්ලත් බැදලද කියල හොයන්න ගියාද?
2011 මැයි 29 දින ප.ව. 12:20 ට
ඉතිං බං මාත් ඔයාට කැමතියි කියලා ආයේ අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවැයි ඕක දුන්නම
2011 මැයි 29 දින ප.ව. 12:05 ට
අලේ මේක මලු නෙ. තෝ නම් මහ වල් මාලුවෙක්ම තමා හික් හික් මමත් ට්‍රයි එකක් දැම්ම නෑ කියන්න කොහෙද??? හික් හික්ක් තෝ හොදයි ඡන්ද කොමසාරිස්කමට වගෙ
2011 මැයි 29 දින ප.ව. 12:23 ට
වෙන ඕනේ එහෙකට හා… දේසපාලනේටනම් බෑ…
2011 මැයි 29 දින ප.ව. 12:44 ට
ඔව් ඉතින්….ඔහොම ජිල්මාර්ට් එකක් නැති නම් මාලුවට කෙල්ලෙ සැට් වෙනවද
2011 මැයි 29 දින ප.ව. 12:52 ට
හ්ම්….
2011 මැයි 29 දින ප.ව. 3:00 ට
මගේ කුප්ප කමෙන්ට් වලට කැමති නෑ වගේ නේ…හ්ම්ම්ම්ම් ගාන්නේ…හොදා හොදා..මම පාලනයකින් කමෙන්ට් කරන්නම්
2011 මැයි 29 දින ප.ව. 3:13 ට
නෑ බං… මට ඒකට වෙන කියන්න දෙයක් හිතාගන්න බැරිවුනා…
2011 මැයි 29 දින ප.ව. 4:51 ට
man nam onna owwwwwwwwww kiyana ekama thora gaththa..na kiyana eka hema thanama duwanawane….aiyata mati maluwa kiyala kiyannath be ithin…poddak withara mole thiyenawa.. 😀 😀
2011 මැයි 29 දින ප.ව. 6:12 ට
හොඳ නංගි….. උම්මා…
2011 මැයි 29 දින ප.ව. 6:16 ට
chikeeeiiyaaa………..mata aurudu 7kwath nanna wei..
2011 මැයි 29 දින ප.ව. 6:33 ට
නෑ… නෑ… ඉන්නකෝ කියනකං…. මං ඔයාට උම්ම දෙන්න කලින් මට බලු ඉන්ජෙක්සන් එක විදගෙන, ඇන්ටි බයොටික් ලොලියකුත් බොන්න වෙනවා.
2011 මැයි 29 දින ප.ව. 5:04 ට
අඩෙ පිශ් අයියෙ උඹ තමා දවසකට වත් මාලුවා බන්……… 😀 අයියා දෙයියෙක් නෙවෙ දෙවාලයක් වීගෙන එන්නෙ මට.. හික්zz සමහර විට මෙ සිරියට ඔය ගෙම් එක ඉස්සරහට කොටියක් වටි…… 😀 😀
2011 මැයි 29 දින ප.ව. 6:12 ට
කේක් ඕනේ….
2011 මැයි 29 දින ප.ව. 5:28 ට
ආව් ආව්..මාලු අයියාටත් මාර දේවල් නෙ අනේ හිතෙන්නෙ
2011 මැයි 29 දින ප.ව. 6:14 ට
තෑන්කු යු …. (අනේ ඔයාගේ නම කියෝගන්න ගිහිං දෙතුන් පාරක්ම දිව හැපුනනේ)
2011 මැයි 29 දින ප.ව. 8:39 ට
එහෙම තමා ඉතින් අයියා..:) 🙂 දිව හැපෙන නම් තියෙන්නෙ අඩුවෙන් නෙ.ඔන්න මාත් එක්කෙනෙක්.:D
2011 මැයි 29 දින ප.ව. 8:53 ට
ආහ්… ඔව්නේ… සුභ පැතුම්…
2011 මැයි 29 දින ප.ව. 5:47 ට
එල එල මාලුවො… උඹත් මරු වැඩනෙ කරල තියෙන්නෙ….
මේ පාර නම් උඹට ඔයිට වඩා එකක් හදන්නම වෙනව පුතේ… පොඩි එකා කාලෙ ඔහොම දෙයක් කරල පෙන්නපු එකා ඊට වඩා සිරා වැඩක් කරල පෙන්නනකන් ආපහු සැරයක් කැමත්ත ගන්නව බොරු….
2011 මැයි 29 දින ප.ව. 6:14 ට
එහෙනම් ඉතිං මෙව්වා හදලා පෙන්නලා වැඩක් නෑ….
2011 මැයි 29 දින ප.ව. 7:33 ට
එල එල මාත් මේ සිස්ටම් එක පාවිච්චි කොරලම බලන්නම්. ගොඩ ගියොත් මාලුවාට පින්.නැත්නම් මූට හෙන….. හික්ස්
නියමයි බං. පට්ට අයිඩියා එකක්. කෙල්ලට ආදරේ නොකරම ඉන්න බැරි වෙන්න ඇති.
2011 මැයි 29 දින ප.ව. 8:10 ට
ආදරේ නම් මං දන්නේ නෑ… කැමති නොවී ඉන්න නම් බැරිවුනා….
2011 මැයි 30 දින පෙ.ව. 12:07 ට
අම්මට සිරි උඹ ඇයි මේක මෙච්චර පරක්කු කරලා ලීවේ ? උඹ මේක මීට කලින් ලීවානම් මම අද තාත්තා කෙනෙක් යකෝ ! .. අයියෝ ..මම පමා වැඩියි ..
2011 මැයි 30 දින පෙ.ව. 5:31 ට
හරි හරි… බං තව කල්තියෙනවනේ…
2011 මැයි 30 දින පෙ.ව. 12:12 ට
ඒ මචං මේක බාගන්න බෑ නේ කියා දියංකෝ බාන හැටි
2011 මැයි 30 දින පෙ.ව. 5:32 ට
ලින්ක් එක උඩ right click කරලා… save as target දීපං
2011 මැයි 30 දින පෙ.ව. 8:16 ට
පට්ටනේ….උබට පින් හුගක් හම්බෙයි 🙂
2011 මැයි 30 දින පෙ.ව. 9:34 ට
අනිවා අනිවා
2011 මැයි 30 දින ප.ව. 4:34 ට
හපොයි, එක්කො අපි කලින් ඉපදිලා….එහෙම නැත්නම් මාළුවා පරක්කු වෙලා ඉපදිලා..දැන් ඉතින් අපට මේවා වැඩක් නැහැනෙ,,,,
ඒ කාලෙ ඉතින් අපිට කොම්පීතරලා හිටිය එකක් යැ…
2011 මැයි 30 දින ප.ව. 8:30 ට
ඒ වුනාට ඕනේ කොරන ටික කොරගත්ත්නේ… 😀
2011 මැයි 30 දින ප.ව. 5:17 ට
මේක රන් වෙන්නෙ බ්‍රව්සර් එකක විතරද අයියා? නිකන් රන් වෙන්නෙ නෑ නෙ.
2011 මැයි 30 දින ප.ව. 8:31 ට
ඕක රන් කරන්න ෆ්ලෑෂ් ප්ල්යර් එක ඕනේ… ඊට පස්සේ ඒක හරහා EXE එකක් ගහගත්තම ඕනෙ එකක රන් වෙනවා
2011 මැයි 30 දින ප.ව. 8:50 ට
අනේ මාලු අයියෙ exe කරපු එකක් නැද්ද?
2011 මැයි 30 දින ප.ව. 9:56 ට
හදපු එකක් නම් නෑ… හදලා අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්නම් ඕනෙනම්
2011 මැයි 30 දින ප.ව. 10:42 ට
අනේ පුලුවන් නම් ඉඩ තියන වෙලාවක හදල ලින්ක් එකක් දාන්නකො.
2011 මැයි 31 දින පෙ.ව. 7:44 ට
ගනින් මචං http://www.fileden.com/files/2011/4/9/3112039/U%20like%20me.zip
2011 මැයි 31 දින පෙ.ව. 9:15 ට
thank u ayya………….
2011 මැයි 31 දින පෙ.ව. 9:49 ට
එලස් මචෝ
2011 මැයි 31 දින පෙ.ව. 10:39 ට
අනේ යකෝ…. මේක වන්චාවක්…
2011 මැයි 31 දින ප.ව. 12:14 ට
පිස්සුද ඕක සිරා වශියක්…
2011 ජූනි 11 දින පෙ.ව. 9:40 ට
මෙන්න මූ හොර ගේමක් හදලෝ……
2011 ජූනි 11 දින පෙ.ව. 10:00 ට
දැන් උඹ ඕක ප්ලේ කරලා බලන්නේ නැතුවද කෑගහන්නේ…
2011 ජූනි 11 දින පෙ.ව. 11:15 ට
නියම කොල්ලෙක්ගේ එළකිරි වැඩක් නේ. උපරිමයි ආයි කතා දෙකක් නැහැ 🙂
2011 ජූනි 11 දින පෙ.ව. 11:55 ට
එල එල… ඕං හසිත ඕනෙ නම් ඩවුන් කරගනින්
2011 ජූනි 20 දින ප.ව. 7:03 ට
මේකනම් උඹ කරපු එක තමා…. මචා…. කම්පියුටරයක් යූස් කරන්නෙ නැති කෙල්ලෙකුට දෙන්න එකක් නැද්ද ???
2011 ජූනි 20 දින ප.ව. 8:43 ට
එව්වා නම් දන්නේ නෑ බං….
2011 ජූලි 1 දින ප.ව. 8:29 ට
උඹ නම් නියමයි මචන්…….මම මේක කෙල්ලට දීලම බලන්නම්කො.
2011 ජූලි 1 දින ප.ව. 9:44 ට
එල එල… කනේ පාරක් එහෙම කෑවොත් කියපංකෝ.
2011 ජූලි 4 දින ප.ව. 3:34 ට
ඇයි බොල ඉත්තෑවො, මේකෙ කැමති නෑ කියන එක ක්ලික් කරන්න කලිං මට දඬු අඩුවක් ගෙනත් දීපං ඒක අල්ලල එක තැනක තියාගන්න. හික් හික්
ඉතිං කෙල්ල කැමති වුනැයි?
2011 ජූලි 4 දින ප.ව. 5:54 ට
නැතුව ඉතිං… අකමැතියි කියන්න විදියක් නැහැනොවැ…
2011 ඔක්තෝබර් 4 දින ප.ව. 12:32 ට
බාගන්න බැරියෝ, මොකද්ද හුටපටයක් තියෙනවා
2011 ඔක්තෝබර් 4 දින ප.ව. 4:17 ට
නැහැ සුනෙත් ලින්ක් එකේ අවුලක් නැහැ. ලින්ක් එක උඩ රයිට් ක්ලික් කරලා save as target දෙන්න.
2011 ඔක්තෝබර් 5 දින ප.ව. 1:02 ට
මචං කියපු විදියට කලා කියමුකෝ ඩෙක්ස්ටොප් එකටත් දාගත්ත.දැන් කොහමද ඕපන් කරගන්නේ.
සොරි වෙන්න ඕනේ මම මේ කොමිපිටර් වැඩ වලට දක්ෂ නැහැ.
2011 ඔක්තෝබර් 5 දින ප.ව. 1:18 ට
අප්පට සිර උඹට ෆ්ලෑෂ් වල තියෙන SAFlashPlayer.exe එක හොයාගන්න වෙනවා…
මෙතනින් ඩවුන් කරගනින්…. ඊට පස්සේ මේක අන්සිප් කරලා එන ෆයිල් එක උඩට අර ෆයිල් එක ඩ්‍රැග් කරපං.
2011 ඔක්තෝබර් 5 දින ප.ව. 1:32 ට
Thanks, මචන් බඩු වැඩ. දැන් මේක ලොක්ක වගේ කාට කාට හරි දුන්නකි
2011 ඔක්තෝබර් 5 දින ප.ව. 3:35 ට
හික්…. එල එල…..
2012 ජූලි 3 දින ප.ව. 6:17 ට
උඹ මේක හදන්නද උදේ ඉඳන් දැඟලුවෙ…
2012 ජූලි 3 දින ප.ව. 6:19 ට
මේක හදලා සෑහෙන කල්නේ… පරන එව්වා අවුස්සද්දි හම්බුවුනේ…
2012 සැප්තැම්බර් 18 දින ප.ව. 11:31 ට
අයියෝ.. මරු ගේම් එක.. 😀
2012 සැප්තැම්බර් 20 දින ප.ව. 8:49 ට
තෑන්ක්ස්….
2012 සැප්තැම්බර් 26 දින ප.ව. 5:48 ට
මාරු ට්‍රික් එක හේ හේ දෙන්නටම මගේ හදපිරි සුබපැතුම්
2012 සැප්තැම්බර් 26 දින ප.ව. 5:52 ට
තෑන්ක්ස්… 🙂
2013 අප්‍රේල් 12 දින ප.ව. 2:47 ට
ade el maluva………… ela ela……… yhava hadala dapan
2013 අප්‍රේල් 12 දින ප.ව. 9:00 ට
දැන් වෙලාව ටිකක් අඩුයි.