හිත ගිය ඇත්තී අකමැති වුනත් කැමත්ත ගන්න විදිය…

දැන් ටික දවසකට කලින් මං කිව්වනේ හිත ගිය ඇත්තී බැඳලද කියලා හොයාගන්න විදියක්… ඊට පස්සේ ඉතිං බැඳලා නැත්තං… ඒකිගේ කැමැත්ත ගන්න ක්‍රමේ තමා මේ… මේකට නං ඉතිං පොඩි යාළු කමක් තියෙන්න ඕනේ… කෙල්ල අකමැති වුනත් මේ සීන් එකේදී නම් අකමැතියි කියලා කියන්න විදියක් නැත්තටම නැතුව යනවා… මේකෙ හෙන නිධාන කතාවකුත් තියෙනවා… පහල තියෙන්නේ ඒක තමා…

ඔන්න පොඩි විසේකාර කොල්ලෙක් හිටියලු…. ඉතිං ඔය කොල්ලගේ අතේ එල්ලි එල්ලි හුරතල් වෙන චූටි නංගියෙකුත් උන්නලු. ඉතිං කොල්ලට නංගි ගැන ආදරයක් ඇති වුනාලු. ඒත් ඉතිං ඕක කෝමද අර චූටි කෙල්ලගෙන් අහන්නේ… ඔහොම හිත හිත හිටපු කොල්ලට පහල වුනා මරු අයිඩියා පාරක්.

ඉතිං කොල්ලා කට්ටකාගෙන හැදුවලු පොඩි සොෆ්ට් වෙයා කෑල්ලක්. පස්සේ ඒක… ආ නංගෝ ගේම් එකක් කියලා ගිහිං දුන්නලු. පස්සේ අර කෙල්ල… ඒක ප්ලේකරන්න අරං… චූටි ඈස්දෙක රතු කරගෙන කොල්ලගේ මූන දිහා බලාගෙන ඉන්නවලු කරකියාගන්න දෙයක් නැතුව. පස්සේ ඉතිං ​කෝම හරි… මං කැමතියි කියන එක කටින් නොකිව්වට, පුංචි ඈස් දෙකෙන් බලාගන්න කොල්ලට පුළුවන් වුනාලු. එදා ඉඳන් කොල්ලගේ ජීවිතේ ඒ පුංචි කෙල්ලම විතරක් වුනාලු. ඉතිං ඔය සීන් එක වෙලා දැන් අවුරුදු 4ක් පහක් වෙනවලු. කෙල්ලට ඔය ගේම් එක අමතක වුනාට තාමත් කොල්ලට මතකයිලු. ඒක නිසා ආයෙමත් වතාවක් ගේම් එක හැදුවලු. හදලා උගේ ටැංකියේ දැම්මලු.

දැං ඉතිං කාටවත් මට අකමැති වෙන්න බෑනේ … හූ… හූ…. හා පුළුවන්නම් නෑ කියමු බලන්න…

මේ තිරිකිස් සීන් එක ඕනේ අය බාගන්න…. එකෙක් හරි ගොඩ ගියොත් ඒ පිනත් මටනේ…

ෆ්ලෑෂ් ෆයිල්ස් සියල්ල අක්‍රිය තත්වයේ පවතී… 😦

88 Responses to “හිත ගිය ඇත්තී අකමැති වුනත් කැමත්ත ගන්න විදිය…”

  1. කල්හාර Says:

    යකෝ මේකේ නෑ කියන එක ඔබන්න බැහැනෙ ……….
    කෙල්ලගේ මූණ රතු වෙලා නැවතුනා ඇති …….
    කන පැලෙන්න දෙකක් දෙන්නෙ නැතුව …….
    අන්න මල්ලියේ උඹට මගේ බ්ලොග් එකේ තෑග්ගත් තියනවා ……
    ගිහිං ගත්තනං ………

  2. සෝරෝ Says:

    අඩෝ හොර මාලුවෝ….
    මේක හොර ගේම් එකක් හරිය…. මේක ඔට්ටු නෑ…. 😀

  3. සිහින ඉසව්ව Says:

    කෝ යකෝ මේකේ නෑ කියන එක. ඒක හැම තැනම දුවනවනේ. එක තැනක තියපියකෝ.
    කට්ට මාළුවා..

  4. කිඩෝ Says:

    අඩේ වල් මාලුව උබ කෙල්ලගෙන් කන පැලෙන්න කෑව නේද අපට නොකිව්වට….. වැඩේනං ආතල් තනි උත්තරේනෙ… නෑ කියල කියන්නෙ කනට දෙකක් අතපුරවල දීල වෙන්නඇතිනේ…..

  5. පිණිබිඳු Says:

    මල් වාලුවා මේක පරිඝනක නීති රීති උල්ලංඝනය කිරීමක්. එහෙනම් ඉතින් කෙල්ල හා කියලා තියෙන්නෙ බෑ කියන්න බැරි කමටද කොහෙද. විහිළුවට හොඳේ කිව්වෙ.

  6. කුරුං ගුරුං Says:

    පරිස්සමින් හිටු මල් වාලුව…කෙල්ලෙක් ළඟදිම උඹට වයිරස් එකක් හදල දෙයි…..

  7. santa Says:

    එළම කිරි මාළුව මට මේක බාගන්න පුළුවන්ද මටත් මේ දවස්වල ඔය සීන් එක වෙලා තියෙන්නෙ….

  8. සේලරු සින්බාද් Says:

    මමත් කැමැත්ත ගන්න ගිහින් තව පොඩ්ඩෙන් කන පුරොලා කනවා. 🙂

  9. Kathandara Says:

    අත්දුටුවයි, සත්තයි කිව හැකි, නොවරදින වශී ගුරුකමක් නේද?

  10. අපරාජිතයා :::: Aparajithaya Says:

    හපොයි මේකේ නෑ එක දුවනවනෙ බෝල තෝ නම් මහා ප්‍රෝඩාකාරයෙක්ද කොහෙද… උඹ මේ පාර මේක හැදුවේ අර ඩෙල්ටා ෆෝර්ස් එකට ගහන එක බංකර් එක අස්සේ එකට රිංගන කෙල්ලට දෙන්න නේද නොදකින් වලත්තයා

  11. තාරක Dilsh@n Says:

    ඔව් ක්ලික් කලාට පස්සෙ, “මාත් ඔයාට කැමතියියි….!!! ” කියල දැම්මනම් මොකද?
    නියම වැඩේ බන්..

    උඹ ඔය පොඩි කෙල්ලත් බැදලද කියල හොයන්න ගියාද?

  12. Sanju Says:

    අලේ මේක මලු නෙ. තෝ නම් මහ වල් මාලුවෙක්ම තමා හික් හික් මමත් ට්‍රයි එකක් දැම්ම නෑ කියන්න කොහෙද??? හික් හික්ක් තෝ හොදයි ඡන්ද කොමසාරිස්කමට වගෙ

  13. රත්ගමයා Says:

    ඔව් ඉතින්….ඔහොම ජිල්මාර්ට් එකක් නැති නම් මාලුවට කෙල්ලෙ සැට් වෙනවද

  14. prabha Says:

    man nam onna owwwwwwwwww kiyana ekama thora gaththa..na kiyana eka hema thanama duwanawane….aiyata mati maluwa kiyala kiyannath be ithin…poddak withara mole thiyenawa.. 😀 😀

  15. සිරි කොලුවා Says:

    අඩෙ පිශ් අයියෙ උඹ තමා දවසකට වත් මාලුවා බන්……… 😀 අයියා දෙයියෙක් නෙවෙ දෙවාලයක් වීගෙන එන්නෙ මට.. හික්zz සමහර විට මෙ සිරියට ඔය ගෙම් එක ඉස්සරහට කොටියක් වටි…… 😀 😀

  16. Laksrini Akshila Anurangi Says:

    ආව් ආව්..මාලු අයියාටත් මාර දේවල් නෙ අනේ හිතෙන්නෙ

  17. සාතන් Says:

    එල එල මාලුවො… උඹත් මරු වැඩනෙ කරල තියෙන්නෙ….

    මේ පාර නම් උඹට ඔයිට වඩා එකක් හදන්නම වෙනව පුතේ… පොඩි එකා කාලෙ ඔහොම දෙයක් කරල පෙන්නපු එකා ඊට වඩා සිරා වැඩක් කරල පෙන්නනකන් ආපහු සැරයක් කැමත්ත ගන්නව බොරු….

  18. මධුරංග Says:

    එල එල මාත් මේ සිස්ටම් එක පාවිච්චි කොරලම බලන්නම්. ගොඩ ගියොත් මාලුවාට පින්.නැත්නම් මූට හෙන….. හික්ස්

    නියමයි බං. පට්ට අයිඩියා එකක්. කෙල්ලට ආදරේ නොකරම ඉන්න බැරි වෙන්න ඇති.

  19. හිස් අහස Says:

    අම්මට සිරි උඹ ඇයි මේක මෙච්චර පරක්කු කරලා ලීවේ ? උඹ මේක මීට කලින් ලීවානම් මම අද තාත්තා කෙනෙක් යකෝ ! .. අයියෝ ..මම පමා වැඩියි ..

  20. හිස් අහස Says:

    ඒ මචං මේක බාගන්න බෑ නේ කියා දියංකෝ බාන හැටි

  21. panhida Says:

    පට්ටනේ….උබට පින් හුගක් හම්බෙයි 🙂

  22. Luckey Says:

    හපොයි, එක්කො අපි කලින් ඉපදිලා….එහෙම නැත්නම් මාළුවා පරක්කු වෙලා ඉපදිලා..දැන් ඉතින් අපට මේවා වැඩක් නැහැනෙ,,,,
    ඒ කාලෙ ඉතින් අපිට කොම්පීතරලා හිටිය එකක් යැ…

  23. Kasun Chanaka Says:

    මේක රන් වෙන්නෙ බ්‍රව්සර් එකක විතරද අයියා? නිකන් රන් වෙන්නෙ නෑ නෙ.

  24. Kasun Chanaka Says:

    අනේ පුලුවන් නම් ඉඩ තියන වෙලාවක හදල ලින්ක් එකක් දාන්නකො.

  25. Hasitha Says:

    නියම කොල්ලෙක්ගේ එළකිරි වැඩක් නේ. උපරිමයි ආයි කතා දෙකක් නැහැ 🙂

  26. Geeth Nuwan Says:

    මේකනම් උඹ කරපු එක තමා…. මචා…. කම්පියුටරයක් යූස් කරන්නෙ නැති කෙල්ලෙකුට දෙන්න එකක් නැද්ද ???

  27. කෝඩුකාරයා Says:

    උඹ නම් නියමයි මචන්…….මම මේක කෙල්ලට දීලම බලන්නම්කො.

  28. කරුමක්කාරයෙකුගේ දින සටහන් Says:

    ඇයි බොල ඉත්තෑවො, මේකෙ කැමති නෑ කියන එක ක්ලික් කරන්න කලිං මට දඬු අඩුවක් ගෙනත් දීපං ඒක අල්ලල එක තැනක තියාගන්න. හික් හික්

    ඉතිං කෙල්ල කැමති වුනැයි?

  29. suneth Says:

    බාගන්න බැරියෝ, මොකද්ද හුටපටයක් තියෙනවා

  30. suneth Says:

    මචං කියපු විදියට කලා කියමුකෝ ඩෙක්ස්ටොප් එකටත් දාගත්ත.දැන් කොහමද ඕපන් කරගන්නේ.
    සොරි වෙන්න ඕනේ මම මේ කොමිපිටර් වැඩ වලට දක්ෂ නැහැ.

  31. suneth Says:

    Thanks, මචන් බඩු වැඩ. දැන් මේක ලොක්ක වගේ කාට කාට හරි දුන්නකි

  32. සාතන් Says:

    උඹ මේක හදන්නද උදේ ඉඳන් දැඟලුවෙ…

  33. කෝරලේ මහත්තයා Says:

    මාරු ට්‍රික් එක හේ හේ දෙන්නටම මගේ හදපිරි සුබපැතුම්


සාතන් වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: