දැන් ටික දවසකට කලින් මං කිව්වනේ හිත ගිය ඇත්තී බැඳලද කියලා හොයාගන්න විදියක්… ඊට පස්සේ ඉතිං බැඳලා නැත්තං… ඒකිගේ කැමැත්ත ගන්න ක්රමේ තමා මේ… මේකට නං ඉතිං පොඩි යාළු කමක් තියෙන්න ඕනේ… කෙල්ල අකමැති වුනත් මේ සීන් එකේදී නම් අකමැතියි කියලා කියන්න විදියක් නැත්තටම නැතුව යනවා… මේකෙ හෙන නිධාන කතාවකුත් තියෙනවා… පහල තියෙන්නේ ඒක තමා…
ඔන්න පොඩි විසේකාර කොල්ලෙක් හිටියලු…. ඉතිං ඔය කොල්ලගේ අතේ එල්ලි එල්ලි හුරතල් වෙන චූටි නංගියෙකුත් උන්නලු. ඉතිං කොල්ලට නංගි ගැන ආදරයක් ඇති වුනාලු. ඒත් ඉතිං ඕක කෝමද අර චූටි කෙල්ලගෙන් අහන්නේ… ඔහොම හිත හිත හිටපු කොල්ලට පහල වුනා මරු අයිඩියා පාරක්.
ඉතිං කොල්ලා කට්ටකාගෙන හැදුවලු පොඩි සොෆ්ට් වෙයා කෑල්ලක්. පස්සේ ඒක… ආ නංගෝ ගේම් එකක් කියලා ගිහිං දුන්නලු. පස්සේ අර කෙල්ල… ඒක ප්ලේකරන්න අරං… චූටි ඈස්දෙක රතු කරගෙන කොල්ලගේ මූන දිහා බලාගෙන ඉන්නවලු කරකියාගන්න දෙයක් නැතුව. පස්සේ ඉතිං කෝම හරි… මං කැමතියි කියන එක කටින් නොකිව්වට, පුංචි ඈස් දෙකෙන් බලාගන්න කොල්ලට පුළුවන් වුනාලු. එදා ඉඳන් කොල්ලගේ ජීවිතේ ඒ පුංචි කෙල්ලම විතරක් වුනාලු. ඉතිං ඔය සීන් එක වෙලා දැන් අවුරුදු 4ක් පහක් වෙනවලු. කෙල්ලට ඔය ගේම් එක අමතක වුනාට තාමත් කොල්ලට මතකයිලු. ඒක නිසා ආයෙමත් වතාවක් ගේම් එක හැදුවලු. හදලා උගේ ටැංකියේ දැම්මලු.
දැං ඉතිං කාටවත් මට අකමැති වෙන්න බෑනේ … හූ… හූ…. හා පුළුවන්නම් නෑ කියමු බලන්න…
මේ තිරිකිස් සීන් එක ඕනේ අය බාගන්න…. එකෙක් හරි ගොඩ ගියොත් ඒ පිනත් මටනේ…
ෆ්ලෑෂ් ෆයිල්ස් සියල්ල අක්රිය තත්වයේ පවතී… 😦