මං මේ ජීවිත කාලෙටම තාම….., බීම නිසා නාගත්තේ හතර පාරයි. අර සමහර අයියලා වගේ පාරවල් මාරු කරගෙන වෙන ගෙවල් වලට ගියේ එහෙම නෑ ඕං. ටිකක් වැඩි වුනාම කියවන්නෙත් නෑ… පුළුවන් තරම් සයිලන්ට් එකේ තමා ඉන්නේ… වලි වලට යන්නෙත් නෑ…. වල්කං කොරන්නෙත් නෑ… ඇත්තෙන්ම සහෝදරවරුණි මං බිව්වම, නොබී ඉන්නවට වැඩිය අහිංසකයි…. නිමලයි, පවිත්‍රයි… කීකරුයි…, සුවචයි… දැහැමියි…
හැබැයි ඉඳලා හිටිලා ඔය පවිත්‍රකමට එහෙම කෙලවෙනවා. මං මේ පෝස්ට් එක නෑම-1 කියලා ටයිට්ල් කරෙත් ඒක නිසාමයි. ඒ කියන්නේ තව තුනක් තියෙනවා කියන එකනේ. ඒ නෑම් වලින් පළවෙනිම කුළුඳුල් නෑම…. තමා නියම නෑම… කිසි කතාවක් නෑ රාජකීය නෑමක්… ඒක කෙලින්ම යන්නේ යශෝධරාවත කැටගරියට… ඒක නිසා ඒක පස්සේ ලියන්නනම්….
මේ මගේ දෙවෙනි නෑම… ඒත් ටැංකියට දාන පළවෙනි නෑම.
ඕං කතාව පටන් ගත්තා. 2008 දී, මම දැන් වැඩ කරන ඔෆිස් එකට ආපු අලුතම අපිට සෙට් වුනා ඇනුඅල් ට්‍රිප. ගිය සැරේ වගේ චාටර් එකක් නෙමේ. පට්ට ආතල්. අපි ගියේ නුවරඑළියේ. ඉතිං මුල්ම දවසේ …. ඕං සාදු කාර දීලා බස් එකට නැග්ගට මොකද පැයක් යන්න කලින් දීපු සාදු කාර වමාරනවා…. කෝම හරි යාන්තං මමත් බේරිලා උන්නා. මොකද අර කලින් කිව්වා වගේ පළවෙනි නෑමෙන් පස්සේ මං ටිකක් විතර ප්‍රවේසම් වෙනවා. බොන්න තිබ්බ පලියට බොන්නේ නෑ… වගේම බියර් එකකින් එහාට යන්නෙම නෑ…
ඉතිං ඔන්න මුල් දවසේ දවල් හරියේදී… අපි ගියා තේ ෆැක්ටරියක් බලන්න. ඊට පස්සේ එන ගමන් කෑම කාලා එහෙම හවස් වෙද්දී ආවා රම්බොඩ උමග ගාවින්ම තියෙන රම්බොඩ හෝටලයට. එතෙන නම් ඇඬෙනවා. මැක්සා ප්ලේස එක. එක පැත්තකින් රම්බොඩ ඇල්ල වැටෙනවා…. අම්බෝ ඒකෙ ලස්සන. ඊට පස්සේ ඉතිං අපේ තියෙන කැසිල්ලට හවස් වෙලා ගියා නාන්න කියලා ඇල්ල පාමුලටම. වතුර ටික නිකං ඩීප් ෆ්‍රීසර් එකේ දාලා වගේ….
ඔන්න ඉතිං ඊට පස්සේ නෑවා… පීන පීන නෑවා… පස්සේ අමාරුවෙන් කකුල් දෙකත් වෙවුල වෙවුල ආයෙමත් හෝටලයට ගියා. එතකොට රෑ හතට විතර ඇති. බිං කළුවර වැටීගෙන එන වෙලාව. ඉතිං අපේ අයියලාටත් ඔය වෙලාවට කන පාත්වෙන්න දාගත්තෙ නැත්තං නිකං මොකද්ද මොකද්ද වගේලු. ඒක නිසා කට්ටිය බොනවා බීමක්… ආයේ ලොවෙත් නෑ…. සැන්ඩිත් නෑ… බයිටුත් නෑ… ගල් බෝතල් කටේ තියන් ගහනවා. සීතල හින්දා වැඩිය වදින්නේ නෑ මං හිතන්නේ…
පස්සේ කෝම හරි මං ඇතුලු අපේ අනිත් හතර දෙනත් සෙට් වුනා මේසෙකට. අපි ඉතිං ලයිට් ඩ්රින්කර්ස්ලානේ… ඒක නිසා අපි ගත්තේ ස්ට්‍රෝන්ග් බියර් තුනක් විතරයි. බයිට් එකට පොටෑටෝ චිප්ස් හා සැර කඩල. ඔන්න ඉතිං කට්ටිය ලොකු ලොකු වීදුරු පුරෝලා බියර් දාගෙන චියර්ස් කරලා එහෙම බොනවා. ආහ්… බියර් වීදුරුවලට දාද්දි… අරක්කු වගේ චුට්ට චුට්ට දාන්නේ නෑ… අන්ඩ තියෙන වීදුරුවකට කට පෙත්තට වඩා අඟලක් විතර පහලට තමා දාන්නේ… ඒ දාද්දිත් නුපුරුදු කාරෙයෙක්ට නම් පිරෙන්න දාන්න බෑ… මොකද බියර් එක පෙන ඇවිල්ලා හැලෙනවා. පෙන නගින්නේ නැති වෙන්න බියර් දාන්න ඉගෙන ගන්න ඕනේ… මට නම් ඉතිං දැන් ඒ වැඩේ පුළුවන්.
ඉතිං ඔහොම අපේ ලයිට් ඩ්‍රින්ක් එක යද්දී… අපේ බොස් කෙනෙක් එනවා… පොරත් ලඟ නවලා….
ආහ්… පුතාලා…. කෝමද..? චී…. චී…. බියර් විතරද…? මොකද්ද බං….
ආ… මෙන්න මේ බ්‍රැන්ඩි එකත් ගහපල්ලා….
කියලා බ්‍රැන්ඩි එකකුත් දුන්නා. පස්සේ කාටද මන්දා කතා කරලා කෝක් එකකුත් ගෙන්නලා දුන්නා. දැං ඉතිං බීපල්ලකෝ. එතන හිටිය යාළුවන්ගෙන් මමයි තව දෙන්නෙකුයි ඇරෙන්න අනිත් උං ටිකක් විතර හාඩ් ඩ්‍රින්ක්ස් වලට පුරුදු අය. උංට මේක නතින් වුනාට අපිට මැජික් වගේ…. අනේ ඉතිං කවදා බීපු බ්‍රැන්ඩිද කියලා බියර් වීදුරුවටම ටිකක් දාගෙන කෝක් එකත් මික්ස් කරලා ඇදලා ඇරියා…
මට ඒ වෙලාවෙනම් කිසි ෆන් එකක් නෑ… මොකද ඉතිං මේකෙන් මොනා වෙනවද කියලා දන්නේ නෑනේ… ඉට පස්සේ ආයෙමත් ටිකක් ගැහුවා. දැන් නම් නිකං සමනලයා වගේ… වටේට මල් වතු වගේ… ඔලුව දෙපාරක් විතර ගැසුවා… ම්හු…. හරියන පාටක් නෑ… පස්සේ ඉතිං කෝම හරි බ්‍රැන්ඩි එක ඉවර කරලා කට්ටිය එක්ක ගියා පොඩි ඩාන්සින් පාරක් දාලා වෙරි බස්සගන්න. මං ඔය කිව්වේ ටිකයි. ඉතුරු ටික කියාගන්න බැහැ… නිකං ලැජ්ජා සීන් එකක් එනව හිතට. ඊට පස්සේ ඔං ඉතිං නටනවා.
අනේ මගේ නැටුම්…. කොහෙ නටන්නද? විසික්වෙනවා හැම පැත්තටම. පස්සේ ඉතිං මේං ආයෙමත් එකෙක් එනවා… ආහ් මල්ලා…. මේං… ෂොට් එකක් දාගනින්… කියාගෙන… ආයෙ ඉතිං අපි කවද්ද කෑමට බීමට බෑ කිව්වේ කියලා ඒකත් බිව්වා…
ඒ පාර බිව්වේ වෙන ජාතියක්… පස්සේ ආයෙමත් බියර් එකක් සෙට් වුනා… ඒකත් ඇදලා ඇරියා නැත්තං ඉතිං අපේ එව්වොන්ගේ මූනු ටික අඤ්ඤ කොරොස් වෙනවනේ… අනික මේ වගේ වෙලාවක නොබී වෙන කොහේදී බොන්නද…?
ඔන්න ඉතිං ඊට පස්සේ මට බඩු හරි වගේ… අර මල් වතු සීන් එකට අමතරව මුළු ලෝකෙම කැරකෙන සීන් එකකුත් එනවා. පස්සේ මගේ ලඟ හිටිය පුරුදු කාරයෙක් මාව අතින් අල්ලගෙන එක්කං ගියා හොටලේ පොඩි එව්වොන්ට තියෙන ළමා උද්‍යානෙට. මාව එක්කරං යද්දී අනිත් අපේ ඔෆිස් සෙට් එකේ එවුනුත් ආවා. පස්සේ මාව ඔන්චිල්ලාවේ වාඩි කරෝලා එකෙක් මගේ ඔලුව අතගානවා. තව එකෙක පිට….
පස්සේ විනාඩි පහක අවෑමෙන් ඇරියා නේද කබරයා පාරක්…. ළමා උද්යානේට මක් වුනාද මන්දා. ඒ අස්සේ රම්බොඩ පැත්තට නිතරම වැටෙන පුංචි හිරිකඩ පාරත් එනවා…. කෝමත් මං එදා ඉඳන් වැස්සට ලයික් නිසා… ඒකත් හෙන ආතල් සීන් එකක් වුනා. පස්සේ ඉතිං කට්ටිය මාව වත්තං කරගෙන අරගෙන ගියා අපේ කාමරේට.
ගිහිං මාව ඇඳෙන් තියලා.. මුං මගේ සපත්තු ගලවන්න ලෑස්තිය…. එව්වා කොහෙද මා එක්ක. මුං හදන්නේ මගේ සපත්තු දෙක ගල් කරන්න. ආච්චිට හාල් ගරන්න වෙන්නේ එතකොට. මට හෙට උදේට දාන්න සපත්තු හොයන්න වෙනවා. ඒක නිසා මං ටක් ගාලා බැරි බැරි ගාතේ නැගිටලා මංම ගැලෙව්වා සපත්තු දෙක. ඊට පස්සේ මං දොයි.
මේං බොල ඊට ටික වෙලාවකට පස්සේ ෆෝන් එකේ එලාම් එක වදිනවා. නැගිටලා බලද්දී පාන්දර 5.30යි. මං උදේට නැගිටින්න තියාගෙන ඉන්න එලාම් එක. ඒ කියන්නේ මං පාන්දර හතරාමාර විතර වෙනකං පිස්සු කෙලලා. මට හිතුනේ එහෙම. පස්සේ ස්විච් එක දාලා බලද්දී… අනිත් සහෝදරවරු මට ඇඳ දීලා… උං ඔක්කොමලා බිම… ඒ කියන්නේ උංට පැය භාගෙට ලෙසටම නින්ද ගිහිං.
පස්සේ ඉතිං ඕං එකා දෙන්න නැගිටිනවා. මාත් නැගිටලා ඔලුව ගසලා දාලා… ගිහිං නා ගත්තා. වෙලාවට හොට් වෝටර් තිබ්බේ… නැත්තං එවෙලෙම මැරෙනවා. පස්සේ ටිකක් සේප්. ඕං පටන් ගන්නවා අපේ එවුන්ගේ බන ටික…
එකෙක් කියනවා….යකෝ…. බොන්න බැරිනම් නොබී ඉඳපිය. පෙරේත කමට බොනවා බොනවා ඉවරයක් නෑ…. තෝ ඊයේ රෑට කෑවෙත් නෑ… කාමරෙට ආවෙ අපේ කරපිටින්…
අම්බෝ… මුංගේ බොරු…. මාව වත්තං කොරන් ආවා තමා… එකෙක් වත් උස්සගෙන නම් ආවේ නෑ…
ආයෙ තව එකෙක්….
බලපං උඹ නිසා අපිටත් කන්න බැරිවුනා. මොනද බං බිව්වේ උඹ…?
ඌ බබා… මං බීපුවා දන්නවනම් වෙරි වෙනවැයි. අනික් මං කිව්වද ඌට කන්න එපා කියලා නැහැනේ….
ඉතිං ඔය වගේ අවකැපෙන කතා ගානක් අහගන්න වුනා මට. අන්තිමේ අපේ බොස්… කාමරේට ඇවිත්… ඔව්ව ඔහොම තමා පුතා… පුරුදු වෙද්දී හරියයි. කලවම් ගහනව නම්… ළඟ නවන්න එපා බං… අරිෂ්ටෙ බොනවා වගේ බොන්න… කියලා මගේ උරේටත් තට්ටුවක් දාලා ගියා.
පොර හිතන් ඉන්නේ මාවත් බේබද්දා කරන්න. දැක්කනේ දීපු උපදෙස්….
පස්සෙ ඉතිං කෝම හරි අන්තිමේ මං විතරක් චා වෙලා. අනිත් එවුන් මං නිසා වාත වෙලා. පස්සේ එදා හිතාගත්තා ආයේ බොනවනම් ලිමිට් එකට කියලා. ඒත් ඉතං මට හොඳටම සුවර් මං එදා බිව්වෙත් ලිම්ට් එකට කියලා… ඒත් ඇයි මන්දා වෙරි උනේ…?
2011 මැයි 27 දින ප.ව. 1:28 ට
matath ohoma una eka parak mama awidan apu video ekak ape ewun horen aragena thibune aye 2k ne naya paraday ela ela ohoma yan ……
2011 මැයි 27 දින ප.ව. 3:06 ට
හිටපංකෝ තව කබර කතා 2ක් තියෙනවා.
2011 මැයි 27 දින ප.ව. 1:51 ට
මාළු වෙරි…. උඹටත් කාමරේට යන්න පාර මතක බැරි උනාද?
2011 මැයි 27 දින ප.ව. 3:06 ට
මතක නෑ අභීත අයියේ…
2011 මැයි 27 දින ප.ව. 1:54 ට
මං හිතන්නේ මං පරක්කු උනා..මේ 201 වෙන්න ඕන ඒත් උදේ ඉදන් එන්න බැළුවට මට උඹේ ටැංකියට එන්න පුළුවන් උනේ නැහැ..එකක් මගේ නෙට් කනෙක්ෂන් එක ස්ලෝ වෙලා තියෙන්නේ…ඒ මදිවට මේක ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක් ගන්නවා ඒ තරමට පාසි පැලෑටි..තිරිවාන කැට අනන් මනන් පුරෝලා නෙව..ඒක හින්දයි කොයි තරං ආස උනත් මේ ටැංකියට ඔළුව දාන්න හොර.
ඒත් උඹ 200 ගැහැවුවා කියලා දැන ගත්තහම කොහොම හරි දගලලා සෑහෙන්න වෙලාවකට පස්සේ එබුනා..
සුභ පැතුම් මාළුවෝ…!
2011 මැයි 27 දින ප.ව. 3:07 ට
එසේම වේවා මරායියා…!
2011 මැයි 27 දින ප.ව. 1:55 ට
මාළුවා තොත්ත බබානේ
2011 මැයි 27 දින ප.ව. 3:08 ට
නගේ ඔයා මාත් එක්ක.. මේ ටිකේම ඔරොප්පුවෙන් වගේනේ…
2011 මැයි 27 දින ප.ව. 3:28 ට
නංගිට බොරු කියන අයියලා එක්ක නංගි ඔරොප්පුයි
මම හෙට පානදුරේ එනවා අහුවෙන්න එපා මට
2011 මැයි 27 දින ප.ව. 3:35 ට
අපොයි ඉවරයි
2011 මැයි 27 දින ප.ව. 2:06 ට
වෙරි මට හොදටම වෙරි කෙලින් යන්න බෑ…
මොනවද පෙව්වේ කෝ පාර පේන්නැ…//// මේ සින්දුව කිය කියාලු මාළු අයියා එදා නැටුවෙ
200ට සුබ පැතුම් අයියා…
2011 මැයි 27 දින ප.ව. 2:26 ට
5000% ක් එකඟයි ඔයා එක්ක අක්කීකරු
2011 මැයි 27 දින ප.ව. 3:11 ට
බොලා දෙන්නා තමා කවදහරි මාව නැතිබංගස්ථාන කරන්නේ
2011 මැයි 27 දින ප.ව. 3:09 ට
නංගි දන්නවනේ මං ඔය 2.50 සිංදු කියන්නේ නෑ කියලා….
2011 මැයි 27 දින ප.ව. 3:18 ට
එහෙම තමා අයියලාට ආදරේ නංගිලා උනාම 😀
2011 මැයි 27 දින ප.ව. 3:27 ට
ඒකත් එහෙමද…. හ්ම් හ්ම්…
2011 මැයි 27 දින ප.ව. 2:12 ට
මදැයි ලග නවන්න ගිහින් කරගත්තු හදියක්. අනිත් පාර මම් වගේ බියර් එක උන්ද කසාය ගහනවා වගේ ගහලා දාපන්. මට නම් ඇත්තටම බයිට් ඕනේත් නෑ. ශැන්ඩි ත් ඕනේ නෑ. කොටින්ම අමුවෙන්ම ඇරලා දාන්න පුලුවන්.
2011 මැයි 27 දින ප.ව. 3:09 ට
හෆොයි බියර් එකට මොන සැන්ඩිද බොල…?
2011 මැයි 27 දින ප.ව. 4:46 ට
බියර් එකට නෙමෙයි බොල ශැන්ඩි දාන්නේ. ගල් ගහද්දි තමා ශැන්ඩි දානේ නැත්තේ. දැන් නම් පූර්ණ අමද්‍යප සංගමයේ.
2011 මැයි 27 දින ප.ව. 4:59 ට
අනේ පල යන්න
2011 මැයි 27 දින ප.ව. 2:22 ට
කලවං උනොත් නම් අනිවා. බඩුම තමා. අනික උඔ ලයිට් ගහලා හාඩි ගහලා ආයිත් ලයිට් ගහලනේ. ලයිට් ගහලා හාඩි ගැහුවට කමක් නෑ. හාඩි ගහලා ලයිට් ගැහුවොත් නං බඩු බනිස්.
2011 මැයි 27 දින ප.ව. 3:10 ට
ඔව්වා දන්නේ කව්ද මචං… අහුවුනාද ගැහුවා…
2011 මැයි 27 දින ප.ව. 2:50 ට
බේබද්දා….කුපාඩියා….කුප්පයා….
2011 මැයි 27 දින ප.ව. 3:11 ට
ආ මේ… මොකෝ… උඹේ විශේෂන ටික මට දාලා…?
2011 මැයි 27 දින ප.ව. 11:39 ට
මේවා දැන් අයිති බොට තමා….
2011 මැයි 27 දින ප.ව. 3:01 ට
කබර මාලුවා………. 😀
2011 මැයි 27 දින ප.ව. 3:12 ට
අම්මපා මුං බොන්නෙ නැති එවුන් වගේනෙ කතාව…
2011 මැයි 27 දින ප.ව. 3:09 ට
චී…. බේබදු මාළුවා….
2011 මැයි 27 දින ප.ව. 3:13 ට
හෙන කින්ඩිනේ බන්.. ඕව මොනවද මම දවසක් පාටි එකකදි තාත්තට හොරෙන් කවලම් ගහලා… තාත්තමයි මාව කාර් එකෙන් වාඩි කෙරෙව්වේ… එදා ඉදන් අවුරුදු ගානක් යනකන් ඒක පට්ට ගැහුවා කට්ටිය… එල එල…. ඉතුරුවාත් දාපිය…
යකෝ මට ආයෙත් බොන්න ඔනේ…
ජය වේවා…. දැන් හොයපන්කෝ බොන්න සල්ලී….. චී… බේබද්දා……………….කක්කී…
2011 මැයි 27 දින ප.ව. 3:25 ට
හික්.. මේක දැකපු එකෙක් උගේ ගානේ මට බොන්න කතාකරනවා බං…. මං බෑම කිව්වා… කෝ ඉතිං අහන එකක් යැ.
2011 මැයි 27 දින ප.ව. 4:06 ට
//ඒ දාද්දිත් පුරුදු කාරෙයෙක්ට නම් පිරෙන්න දාන්න බෑ//
පුරුදු කාරයොන්ට පුළුවන් මයේ හිතේ
2011 මැයි 27 දින ප.ව. 4:26 ට
තෑන්කු මචං වැරැද්ද පෙන්නුවට. බලපං අනිත් ඔක්කොමලා දෙකක් නමාගෙනද කොහෙද මේක කියවලා තියෙන්නේ….
2011 මැයි 27 දින ප.ව. 5:43 ට
||බීම නිසා නාගත්තේ හතර පාරයි. අර සමහර අයියලා වගේ පාරවල් මාරු කරගෙන වෙන ගෙවල් වලට ගියේ එහෙම නෑ ඕං. ටිකක් වැඩි වුනාම කියවන්නෙත් නෑ… පුළුවන් තරම් සයිලන්ට් එකේ තමා ඉන්නේ… වලි වලට යන්නෙත් නෑ…. වල්කං කොරන්නෙත් නෑ… ඇත්තෙන්ම සහෝදරවරුණි මං බිව්වම, නොබී ඉන්නවට වැඩිය අහිංසකයි…. නිමලයි, පවිත්‍රයි… කීකරුයි…, සුවචයි… දැහැමියි…||
එහෙනං අහවල් දෙයකටෙයි බං බොන්නෙ?
2011 මැයි 28 දින පෙ.ව. 7:08 ට
බොන්නේ අර කිවව ටික වෙන්න… නැත්තං ඉතිං මං යකා වගේනේ…
2011 මැයි 27 දින ප.ව. 6:18 ට
අඩෙ අයියා සිරාවටම බන්… ඔය දන් නැති බ්‍රැන්ඩ් ලඟ නවන්න එපා අයියා. අනික ගසන එකක් හොදට කාලා ගහපිය. 😀 hikzz සිරි කොලුවත් ඉස්සර නම් හොද හාඩ් ඩ්රින්ක කෙනෙක් තමා. හැබැයි ජිවිතෙට කබරයා ලෙවල් එකට නම් ඇවිත් නැ. දැන් නම් ඉතින් මෙ සිරියත් පිශ් අයියා වගෙම තමා.. බියර් එකෙන් එහාට යන් නැ කවදාවත්.
2011 මැයි 28 දින පෙ.ව. 7:08 ට
අන්න ආදරුසවත් මල්ලිලා
2011 මැයි 27 දින ප.ව. 7:35 ට
සික් පජාතයි 😛
2011 මැයි 28 දින පෙ.ව. 7:08 ට
ඈ…. අපි නිකං මෙයාලා එක්ක බොනව වගේ
2011 මැයි 27 දින ප.ව. 8:13 ට
hoda wade peretha kamata bonawata….beri dewal nokara hitiyanam harine..apayata gihin lodiya bonna wei…. 😀
2011 මැයි 28 දින පෙ.ව. 7:09 ට
අනේ ඇයි නංගියේ බය කරන්නේ…?
2011 මැයි 27 දින ප.ව. 8:18 ට
අඩෝ මම දවසක් අම්බානෙට ගහලා වැටිලා ඉන්න වෙලවක එකෙක් මගෙ ජොකා ගලවන් ගිහින්.ගෙදර ගිහින් බලන කොට ජොකා නෑ කලිසම ඇඳලා.එදායින් පස්සෙ නම් වැටෙන්න ගැහුවෙ නෑ මොකද වෙන මොකක් හරිත් ගලවන් ගියොත් කියලා…
2011 මැයි 28 දින පෙ.ව. 7:10 ට
ඒ වගේ වැඩ කරන එවුන් නම් නෑ බං වෙලාවට. අපේ උංගේ නියම මනුස්ස කම එන්නේ බිව්වම…
2011 මැයි 27 දින ප.ව. 9:16 ට
විලි ලැජ්ජ නැතුව කියන හැටි විතරක්!!! චීකේ මාලුව
http://www.kopikade.net/2010/05/blog-post_8410.html
😛
2011 මැයි 28 දින පෙ.ව. 7:11 ට
මං උඹේ ලින්ක් එක දැක්කේ නෑ…
2011 මැයි 28 දින පෙ.ව. 12:20 ට
මම බීම නිසා .. නාගත් වාර ගනන .. මතක් කරගෙන එන්නම් … ඒව මට වඩා මතක මගේ අම්මට මගේ අම්ම ඒව ඩයිරියේ ලියනවා . .. ඔහොම ඉන්න මම අහගෙන එන්නම් ..
2011 මැයි 28 දින පෙ.ව. 7:12 ට
අපෝ ගෙදරටනම් චාටර් වෙන්න බීලා නෑ… අනික මං බියර් එකක් ගැහුවත් ගෙදර අය ඒක දන්නෙත් නෑ…. වැඩි වුනොත් මං ගෙදර යන්නෙත් නෑ…
2011 මැයි 28 දින පෙ.ව. 9:15 ට
mluwath hodt kn bon ekek ne.. Dngththa ekth hodi.. El el.. Podi idea 1k dennam, RED LEBEL ek NECTO wlin sndi krl ghl blpnko.. Gahl apithth keypn…
2011 මැයි 28 දින ප.ව. 3:21 ට
සික් මුං හදන්නේ අපිව නරක් කරන්නමනේ…
2011 මැයි 28 දින පෙ.ව. 11:32 ට
එන්න පරක්කු වුනාට සොරි වෙන්න ඕන මාළු මල්ලියා ……..
ඇත්තටම 200 ගැහුවා කියලා මේ කමෙන්ට් වලින් දකිනකං මම දන්නෙ නැහැ ……..
දන්නවා නම් කොච්චර වැඩ තිබුනත් මුලින්ම එනවා ………..
මුලින්ම මගේ උණුසුම් සුබ පැතුම් ……….
කොල්ලො ඔය විදියට ගියොත් නම් කොතනින් නතර වෙයිද දන්නෙ නැහැ …………..
කල්පනාවෙන් ……………
2011 මැයි 28 දින ප.ව. 3:22 ට
මටත් ඒක ලොකු ප්‍රශ්නයක් අයියේ…
2011 මැයි 28 දින ප.ව. 1:13 ට
අපොයි මු මාලුවෙක් උනාට මහා පෙරේත මාලුවෙක් නොවැ…. යකෝ බිව්වට කමක් නැහැ අනික් උන්ට වාත නොවී හිටු…..
2011 මැයි 28 දින ප.ව. 3:22 ට
හරි අපි පෙරේතයි කියමුකෝ… එතකොට උඹ?
2011 මැයි 28 දින ප.ව. 8:36 ට
උඹ නාපු කථා අහල අපිටත් නාගත්තු ඒව දාන්න හිතෙනවනෙ ඉතිං…
එල එල මිත්තරය 200ට සුභ පැතුම්!….
2011 මැයි 28 දින ප.ව. 8:44 ට
කොච්චර එක්කද බං… දාපංකෝ බලන්න් නාපු හැටි…
2011 මැයි 29 දින ප.ව. 7:58 ට
ඒ උඹ 200ත් ගැහුවද බන්.. සුභ පැතුම් ඈ…
නියර මෙහෙමනම් කුඹුර කොහොම ඇත්ද??
2011 මැයි 29 දින ප.ව. 8:11 ට
මොකද්ද බොල ඒ හරුපේ?
2011 මැයි 29 දින ප.ව. 8:23 ට
අංක 2 න්නැම මෙහෙමනම් 1න් නෑම කොහොම ඇත්ද?????
2011 මැයි 29 දින ප.ව. 8:38 ට
ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ බං
2011 ජූනි 2 දින පෙ.ව. 4:07 ට
කමු
බොමු
නටමු
ටිකක් ඉතුරු කරමු
ඒකෙන් ටිකක් පිනටත් දෙමු
……මමත් පුංචි බේබද්දෙක්..
2011 ජූනි 2 දින පෙ.ව. 8:20 ට
පුංචි නෙමේ ලයිට්.. ලයිට්…