ගෑණි උඹව පන්නනවා, ඔය මගුල නිසා… (අම්මට මාට්ටු වෙච්ච මගේ ඩබල් ගේම් එක)

කාලෙකට කලිං ස්කෝලේ මාව අත ඇරලා ගියා…
ඊට පස්සේ යාළුවෝ ටික මාව තනිකරලා ගියා…
දැනට අවුරුදු කීපයකට කලින්,
එයත් මගෙන් අයින් වුනා…
පෙරේදා යද්දී… මාළු ටිකත් මැරිලා…
අන්තිමට මට ඉතුරු වු‍නේ උඹ විතරයි…

සල්ලි ටිකක් එකතු කරලා උඹව ගත්තේ…
හිත හදාගන්න…
ටිකක් වෙලා උණුහුමට තුරුල් වෙන්න…
එහෙම නැතුව වනචරකම් කරන්න නෙවේ…
කෝම කෝම හරි…
උඹ මට මගේ පන වගේ වු‍නා…
අම්මට බය හිතෙන්න ඇති…
මං ඩබල් ගේමක් යද්දී…
ගෙදර ගිය වෙලේ ඉඳන්,
උඹත් එක්ක සෙල්ලං කරද්දී…
අම්මා කිව්වේ මෙච්චරයි…

උඹ ගෑණියෙක් ගෙනාපු දාට, ගෑණි උඹව පන්නනවා, ඔය මගුල නිසා…

මං ඒත් ගනන් ගත්තේ නෑ….
මට හැමදේටම වඩා, උඹව වටිනවා.
අරයා නැතිදුකයි, යාලුවෝ නැති දුකයි…
මං නැති කර ගත්තේ…
උඹත් එක්ක එකතු වෙලා…
එක එක විකාර කරලා.
මතකද අපි ගේම් ගැහුවා…
සිංදු ඇහුවා…, ග්‍රැෆික් කරා…
ඇයි බං… බ්ලොග් පෝස්ට් නම් කීයක් ලිව්වද?

දැන් ඉතිං ඒ ඔක්කොමත් දාලා…
මාවත් තනිකරලා…
උඹ යන්නද හදන්නේ…?
එතකොට මට මුකුත් නැතිවෙනවා…
අරයා නම් කතාවක් වත් නෑ…
අයිඩන්ටියයි, ලයිසන් එකයි තාම නෑ…
ලබන මාසෙන් පස්සේ රස්සාවත් නෑ…
අද හෙටම උඹත් නෑ….

කමක් නෑ… සී එක ආයෙමත් දෙකට කඩලා…
ඕං මං ආයෙමත් ජනෙල් තිබ්බා.
ඒත් අද හවසට යද්දිත්…
උඹ ලෙඩ වෙලා හිටියොත්…???
ඊයේ කාපු කට්ට දන්නේ මං විතරයි…
ඔලුව අතගාලා… රොම් එක පිහිදාලා…
ඇඳෙනුත් වැටෙන්න ගිහිං….

මං දන්නවා බං ෆේටල් එරර් කියලා…
ඒකත් හරියට ඒඩ්ස් වගේ…
හොඳ කරන්න බෑ…
ඔය මොන ලෙඩේ තිබ්බත්….
මට උඹව නැතුව බෑනේ…
මගේ ලැපියේ…

හිතපං ඩිංගක්…
මං කොයිතරම් සතුටෙන් උන්නද උඹ එක්ක…
කොයි තරම් දැනුමක් දුන්නද මට,
විනෝදය, හිනාව, ෆන් එක…
ඒත් බං උඹ මාව දාලා ගියොත්….
තව එකියක් ගේන්න තව කාලයක් යයි බං…!

Advertisements

39 Responses to “ගෑණි උඹව පන්නනවා, ඔය මගුල නිසා… (අම්මට මාට්ටු වෙච්ච මගේ ඩබල් ගේම් එක)”

  1. සාතන් Says:

    බඩු හරි වගේද?…. උඹ ඕකෙන් වෛරස් ලියන හින්ද දිඨ්ට දම්ම වේදනීය කරුමෙ පළ දීලා….

    හරිගියෙ නැත්තන් හාඩ් එකට ෆුල් ෆෝර්මැට් එකක් දීල බලපන්…. මගේ නම් ඔහෙම ලෙඩක් ඇවිත් අලුතෙන් ජනේල් ගහපු ගමන් හරි ගියා…

    • ගෝල්ඩ් fish Says:

      හාඩ් එක ෆෝමැට් කරන්න දෙන්නේ නෑ බං.. ඒක තමා අවුල… bad sectors….

      • සාතන් Says:

        ඔය ලෙඩේ ආවහම sectors එකින් එක check කරල ගොඩ දාන ක්‍රමයක් තිබ්බ බන්… ටිකක් හොයල බලපන් නෙට් එකෙ… එක පාරක් එහෙම දෙයක් කලා මීට අවුරුදු දෙක තුනකට කලින්… හැබැයි ඉතිං දවසක් විතර යන වැඩක්….

        මතක නෑ බන් කලේ කොහෙමද කියල… ටිකක් හොයල බලපන්…

      • ගෝල්ඩ් fish Says:

        මොකෙන් හොයන්නද බං?

  2. මධුරංග Says:

    ඉක්මනට මොකක් හරි කරගන්න බලන්න නැත්නම් ඉතින් මාරම කම්මැලියි. මාලුවාටත් ඉදලා ඉදලා වෙන්නේ මාරම වැඩ තමයි.

    • ගෝල්ඩ් fish Says:

      වැඩක් නෑ බං කතාකරලා… අනාතවෙලා ඉන්නේ…

  3. හංසකිංකිණි Says:

    අයියෝ දුකේ බෑ වෙලා තියෙන දේට!!!!!

  4. sameera Says:

    හාර්ඩ් 1ක් Slave කරලා බලප0 Data ටික ගොඩ දා ගන්න

  5. අකිකරැ හිත Says:

    අයියෝ

    • ගෝල්ඩ් fish Says:

      “අකිකරැ හිත” නෙවෙයි “අකීකරු හිත” 😛

      • අකිකරු හිත Says:

        ආ දැන්නෙ දැක්කෙ…මේ දවස් වල අකීකරු හිතට අපලයිද මංදා..යන යන තැන මොකක් හරි අවුලක්

      • ගෝල්ඩ් fish Says:

        අපල නම් සුරයක් දාමු

  6. කල්හාර Says:

    අහෝ ඛේදයකි, දුකකි, ඉරකි, තිතකි මලයෝ පිස්සු කෙලින්න හදන්න එපා ……….
    කොහොම හරි ෂේප් එකක් දා ගන්න බලපං ……..

    • ගෝල්ඩ් fish Says:

      ්‍බැරිවෙයි වගේ අයියේ… මෙච්චර කල් බේත් කර කර දිව්වා… . දැන් නම් අසාධ්‍යයි.

  7. Praසන්ன Says:

    අහෝ ඛේදයකි !

  8. පිණිබිඳු Says:

    අයියෝ ඔහොම උනාට පස්සෙ නම් වැඩක් නෑ නේද? අතක් පයක් කැඩුනා වගේ තමා. අපි මේවට කොච්චර ඇබ්බැහි වෙලාද නේද

    • ගෝල්ඩ් fish Says:

      අනේ මන්දා අක්කේ… ගෑනී මැරිච්ච මිනිහා වගේ…

  9. යස්යා Says:

    අතපය කඩා දැම්මත්
    නොදැනෙනා වේදනාවක්
    දැනෙන්නේ මොකොටදෙයි?
    වොරන්ටි තියෙනාවානම්….
    නැත්නම් ඉතින් මොකක් හරි ජිල් මාට් එකක් දාපන්…
    උබ කොම්පූටර් දෙයියානේ…..
    වැඩ කෑල්ලක් දාලා බලපන් බන්……

    • ගෝල්ඩ් fish Says:

      අහලා නැද්ද මචං කතාවක්…
      ලෙඩා මැරුණත් ගෙදර ඩොකා…
      බෙහෙත් දෙන්නෙ නෑලු…
      ලෙඩාට…

      • යසියා Says:

        ඇයි මෙහෙව් කතාවකුත් තියෙන්නෙ වඩ්ඩගේ ගෙදර වාඩිවෙන්න පුටුවක් නැතෙයි කියාලා…. එල එල.. කොහොමහරි ලැප හදා ගනින් නැත්නම් අපිටයි පාඩු

      • ගෝල්ඩ් fish Says:

        ඔව් ​මේ වගේ කුණුහරුප වෙන කාගෙන් අහන්නද නේ?

  10. රත්ගමයා Says:

    තෝ මහම මහ වලත්ත මාලුවෙක් කියන්නේ නිකන් නෙමේ නේ….ලැප් එකෙනුත් ලිංගිකත්වය අවුස්සනවා….

  11. කුරුං ගුරුං Says:

    ආ මාලුවා…එහෙනම් තෝ මේකටයි ඊයෙ qsfox එකත් හෙව්වෙ…ජනෙල් තියාගෙන වැඩ කරපිය…

  12. නවම් Says:

    අපේ අම්මත් ඔයි කතාවනං මටට් කිව්ව බොල. දැන් නං ගෙදර ගියාම ලැප් එක දානව ඇඳ යටට. නැත්නං මට තමයි ඇඳයට ඉන්න වෙන්නෙ එලි වෙනකං.

  13. ..ChAnDiKa.. Says:

    මාලු යාලුවෝ… හාඩ් එක හුටස් වුනොත් ලිනක්ස් පාරක් දාලා නෙට් එක පැත්තෙ නම් රවුමක් දාන්න පුලුවන්. හාඩ් එක නැතිනිසා මුකුත් සේවු කරගන්නනම් බැරිවෙයි. පෙන් එකට ලිනක්ස් දාලා දුවපං. 🙂

    • ගෝල්ඩ් fish Says:

      තියෙන තැනකින් ලින්ක් එක දියන්

      • ..ChAnDiKa.. Says:

        පොඩි ගූගල් පාරක් දාල බැලුවම මෙන්න මෙහෙම එකක් ආවා. http://www.pendrivelinux.com/
        උඹත් පොඩි ට්‍රයි එකක් දාලා බලපන්. මෙන්න මේකත් එල. http://www.puppylinux.com/flash-puppy.htm

      • ගෝල්ඩ් fish Says:

        එල මචං මං බලන්නම්

  14. සමාදි Says:

    යාලු මාලුවෝ, මේ ලින්ක්ස් දෙක බලන්න

    http://www.hardwaresecrets.com/article/Recovering-Hard-Disks-with-Bad-Blocks/29
    http://www.datarecovery.com.sg/data_recovery/bad_sector_on_hard_disk.htm

  15. අපරාජිතයා :::: Aparajithaya Says:

    අඩෝ පිස්සු කෙලින්න එපා ඩෝ හදාගනින් ලැප මොන ලබ්බක් හරි කරලා… 😦

  16. තාරක Dilsh@n Says:

    හරි ගියේ නැත්නම් අලුතෙන් හාර්ඩ් එකක් ගහගනින්…

  17. Lukson Says:

    Hello Malli
    Is that the blue screen you got? Can you please a put a better image of your blue screen? Put a link to the dump file if you can. What version of Janel you have? How do you know it is a Hard Disk failure? It could be any thing such as driver issue. I can give you a hand if I can have more info.
    PS: Sorry for typing in Kaduwa. My sinhala typing is horendous 🙂 100 times sorry Malli for that.
    Hithawath
    Ayya


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: