මේං එල කතාවක්… හැබැයි කියෝලා මට වල් මාළුවා කිව්වොත් නම්… පුම්බලා උඩ අරිනවා. මේක ටිකක් විතර 18 පල්ෂ් එකක්. හැබැයි මං නම් මේ කතාව දැන ගත්තේ 16 මයිනාස් වලදී… ඔය.. අද වැස්ස නිසා ස්කෝලේ නොගිහින් බ්ලොග් කියෝ කියෝ ඉන්න පොඩි එව්වෝ ඉන්නවනම් දුවපල්ලා අහකට…
දැං මේ කතාවේ කතා නායකයා තමා මට ස්කෝලේදී කොම්පූටර් උගන්නපු සෑර්. වැරදිලා හරි සර් මේක බැලුවොත් සර් හිතාගන්න, සර්ට අනුකම්පාවෙන්… බොහෝම ලැදිව වුන් සුවච කීකරු ගෝලයා විසින් කෑලි අඩුකොට ෆන් එක තකා පමණක්ම කියන කතාවක් කියලා.
ඔයාලා දන්නවා නේද ඉස්සර තිබුන එල වීඩියෝ ප්ලේයර් එකක් VCD Cutter කියලා.ඒක තමා දැනට අවුරුදු ගාණකට කලින් තිබ්බ හොඳම විඩීයෝ ප්ලේයර් එක වගේම… පොඩි පොඩි එඩිටිං වැඩ කරගන්නත් කියාපු බඩුව. ඇඩෝබි ප්‍රිමියර් වගේ වීඩියෝ එඩිටිං ටූල් තිබුනට ඒවායෙන් කරන… ඔය වීඩියෝ එකක් අරං වෙන ඕඩියෝ සිංදුවක් දාන වැඩේ.. එතකොට ෆිල්ම් වල කෑලි කපලා වෙන වෙන එව්වා දාන වැඩ එහෙම සිරාවටම කරගන්න පුළුවන් වුනා මේකෙන්. ඒ වගේම හෙන චූටි ඉඩයි ඕනේ… ෆ්ලොපියක දාගෙන යන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. දැං ඉතිං අහන්න එපා මොකද්ද මාලූවෝ ෆ්ලොපිය කියන්නේ කියලා… ඒක දන්නේ නැත්තං පල කටුගෙට.
ඉතිං දැං ඔය VCL, MPlayer , GOM player වගේ එව්වා තිබුනට ඒ දවස් වල අර කලින් කිව්වත් වගේ කෝකටත් තෛලය තමා VCD Cutter. ඒ දවස් වල ඉතිං ජංජාලේ තිබුනට බොහෝම අඩු වේගයක්නේ තිවුනේ. ඒ වගේම ඔය දුප්පත් අක්කලා ඉන්න සයිට් තිබුනේ ගොඩක් අඩුවෙන්. දැං නම් ටේබල් ටෙනිස් කියලා සර්ච් කලත් එන්නේ… අර ඇඳුම් බාගෙට ඇඳගත්ත දුප්පත් අක්කා කෙනෙක්ගේ පිංතුරයක්නේ… ඉතිං මං මේ කියන දවස් වල අපේ කට්ටිය අක්කලාව බැළුවේ… සීඩී වලින් හා වී.එච්.ඇස් වලින් තමා.
මං එතකොට ස්කෝලේ එකොලහ වසරේ හරි දහය වසරේ හරි. අපිටනං ඉතිං ඔය දෙකම නෑ… තිබුනේ පත්තරේ තමා. වින්ද්‍යා, ප්‍රියාදරී වගේ එව්වා. ඒවාත් හෙන හිඟයි. ඉතිං ඔය වගේ හිඟ වෙලාවට කලේ තරුණි පත්තරේ හරි බිරිඳ පත්තරේ හරි බලන එක තමා.
හැබැයි ඉතිං අපේ සෑර්ලා අපිට වැඩිය ලොකුයිනේ. ඒ අයට ඕනෙ තරම් කොන්ටෑක්ට්ස් තිබුනලු ඒ කාලේ. ඒක නිසා ඉතිං සතියකට සීඩී එකක් දෙකක් වැරදුනේම නැහැ කියලා තමා කියන්නේ. බොරුද දන්නේත් නෑ… හෙන කට්ටයා පොර. පස්සේ ඉතිං ඔව්ව ස්කෝලේදී බලන්න බැහැනේ… ගෙදරම තමා බලන්නේ…
ආහ්… කියන්න අමතක වුනානේ… සර් බැඳලා… චුටි දුවෙකුත් හිටියා. තව නැවක් වරායට කිට්ටු කරලත් තිබ්බලු. පස්සේ ඉතිං දවසක් අපේ සෑර් ස්කෝලේ ඇරිලා කොහෙන්ද මන්දා හමුබුවෙච්ච සීඩී එකකුත් අරගෙන ගෙදර දුවලා. මොකද නැව් වරායට කිට්ටු කරාම… කන්ටේනරේ බානකං ඉතිං වාරකං වගේනේ ඒක නිසා. පස්සේ මොකක් හරි හේතුවකට සෑර්ට කඩේට යන්න වෙලා. දැන් ඕං පොර කඩේ ගිහිං එනවලු බයේ ගැහි ගැහි.. ගෑණි දැකලා තිබ්බොත් මං අනාතයි කියාගෙන. පස්සේ හොඳ වෙලාවට සර්ගේ වයිෆ් දැකලා නෑ… ඉතිං පොරට තවත් ආතල්…
පස්සේ ටිකක් රෑ වෙන්න දීලා එහෙම පොර කරලා තියෙන්නේ… සුවඳ දුම් අල්ලලා… මල් තියලා එහෙම සීඩී එක පීසී එකේ රොම් එකට දාපු එකලු. ඊට පස්සේ ඉතිං වයිෆ් පොඩි එක්කෙනා ගාවට යනකං ඉඳලා ඕං දෙයියං සිහිකොරගෙන වැඩේ පටන් ගත්තලු.
ඉතිං සර් ප්ලේ කරලා තියෙන්නේ VCD Cutter වලින්. මොකද VCD Cutter කීබෝඩ් එකට හෙනටම සපෝට්. තනිකරම කීබෝඩ් එකෙන්ම ෆුල් කොන්ට්‍රෝල් කරන්න පුළුවන්. හැබැයි එකක් ඇර. ඒ තමා Esc කී එක. කරුමේ කියන්නේ වෙන ඕනේ සොෆ්ට් වෙයාර් එකක Esc කී එක ගහපු ගමන් කර කර තියෙන වැඩ ටික නැවතිලා යනවා. අඩුම ගානේ ස්ක්‍රීන් එකෙන් වත් අයින් වෙනවනේ. හැබැයි VCD Cutter එකේ එහෙම නෑ… එකේදී Esc කී එක ප්‍රෙස් කරපු ගමන් ස්ක්‍රීන් එක ෆුල් ස්ක්‍රීන් වෙනවා. සෝයි නේද සත්තලනේ….
ඉතිං අපේ සර්ත් අර දුප්පත් අක්කලාගේ වැඩ කිඩ බලාගෙන ඉද්දී වයිෆ් කාමරේට ආවලු. පොරත් දඩ බඩ ගාලා Esc කී එක ප්‍රෙස් කරන ගමන් වයිෆ්ගේ දිහාට හැරුනළු. මෙන්න බොල වයිෆ් නිකං බය වෙලා වගේ මොනිරටරේ දිහා බලාගෙන ඉන්නවලු. හෆෝයි.. අපේ අහිංසක සෑර්….
මොනාද මිනිහෝ ඔය බලන්නේ….
පොර ඔලුවේ අත ගහගත්තලු…. ඇස් දෙක වහගත්තලු… කන් දෙකත් එසේමලු… පස්සේ කියවලු…
ෂ්… ෂ්… දුව ඇහැරෙයි කෑගන්න එපා… කියලා…
වයිෆ් කියනවලු… දුව තමා… තාත්ත කරන වැඩ දන්නවනම්… අනේ මනුස්සයෝ….
ආයෙම අපේ සර් කියනවලු… මෙහේ එන්නකෝ… කියලා ලඟින් වාඩි කොර ගත්තලු….
ඊට පස්සේ ඉතිං අනේ මන්දා… ඒ ටික මං හිතන්නේ කොටු කොටුලු…
හැබැයි ඒ ටිකේ කොටු දාන්න දේකුත් නැතිලු. මොකද ඉතිං ඔය ටී.වී එකෙත් එව්වා පෙන්නන්නේ… වාරකං නිසා ලයිට් ඩ්‍රින්ක් එකක් දාලා සේප් වෙන්න ඇති මං හිතන්නේ. අපි නරක් වෙයි කියලා ඒ ටික කිව්වේ නෑ මට. මොකද ඉතිං අපි ඒ දවස් වල සරීරෙන් හෙන චූටි ස්කෝලේ යන ළමයිනේ…
2011 මැයි 25 දින පෙ.ව. 9:43 ට
මොකද්ද ෆ්ලොපිය කියන්නේ මාලු අයියේ
2011 මැයි 25 දින පෙ.ව. 10:03 ට
අනේ සුදු නංගියේ… ඔය නෙට් එකේ සර්ච් එකක් දාන්න… Floppy කියලා. හැබැයි දුප්පත් අක්කලා අවොත් මං දන්නේ නෑ…
2011 මැයි 25 දින පෙ.ව. 9:51 ට
එදායින් පස්සේ සර්ට මොකක් හරි හිතුන දවසට සීඩි එකක් ගෙදර අරන් යනවලු. එහෙම නේද වල් මාලුවෝ ????? මම නම් දන්නේ නෑ. හැන් නම් කොටු දාන්න ඕනේ ත් නෑ.
කිව්වත් වගේ ඉස්සර ඔය පත්තර කෑල්ලක් වගේ තමා ලැබෙන්නේ. දැන් නම් නෙට් තියෙන හින්දා හිගයක් නෑ. 🙂
2011 මැයි 25 දින පෙ.ව. 10:04 ට
ආහ් එහෙමද හිඟයක් නැද්ද…? මෙන්න තවත් වැලේ.ඒ.ඒ.ඒ.ඒ….ක්.
2011 මැයි 25 දින පෙ.ව. 10:34 ට
අඩෝව්…… අපි බය නෑ ඩෝව්. ඕවා බලලා නැති කොල්ලෙක් හොයාගන්න බෑ. 🙂
2011 මැයි 25 දින පෙ.ව. 10:05 ට
gura ohma nam golayo kohoma athda??…aiya kohmda srge gedara wechcha ewa danne??? 😀
2011 මැයි 25 දින පෙ.ව. 10:08 ට
සර් මාත් එක්ක හෙන ෆිට්.. ඉතිං ඔය වගේ පොඩි පහේ ජොලි කතා මට කියනවා. (මට හිතෙන්නේ ඒක ඈහුනේ තියෙන වලත්ත කමට.. අනේ යකෝ.)
2011 මැයි 25 දින ප.ව. 7:02 ට
chikeeiya…apo api ehma na..
2011 මැයි 25 දින ප.ව. 9:14 ට
හ්ම්.. හ්ම්… මීයෝ දෙන්නා දෙන්නා අල්ලද්දි බලමුකෝ… 😛
2011 මැයි 26 දින පෙ.ව. 8:55 ට
man pusek neme aiye… 😀
2011 මැයි 25 දින පෙ.ව. 10:07 ට
මෙන්න මාලුව අපිව නරක් කරනවෝ….චී චී මාලුවා
2011 මැයි 25 දින පෙ.ව. 10:14 ට
අනේ හරී හොඳ එකා.. වරෙන් නලවන්න…
2011 මැයි 25 දින පෙ.ව. 10:16 ට
අනේ මට බැ ඔය වතුර මාරු කරන්නෙ නැති ටැංකිවල බහින්න..අන්න මම මේල් එකක් දාල ඇති…
2011 මැයි 25 දින පෙ.ව. 10:22 ට
එල මං බලන්නම්
2011 මැයි 25 දින පෙ.ව. 10:44 ට
එක එකා දෙන කෝල් වලට කතා කරන්නයි,බ්ලොග් පෝස්ට් දාන්නයි ද බොල කොම්පැනියෙන් පඩි ගෙවන්නෙ..?
2011 මැයි 25 දින පෙ.ව. 10:52 ට
හෆොයි … මාව කාපිය.
2011 මැයි 25 දින ප.ව. 7:31 ට
අයි අයියෝ….මම වෙජිටේරියන් බං… 😛
2011 මැයි 25 දින ප.ව. 9:15 ට
නෑ බොරු… එතකොට අර ඊයේ කාපු කුකුලා….
2011 මැයි 25 දින ප.ව. 9:53 ට
ඌව කාල තමා වෙජිටේරියන් වෙන්න හිතුනෙ
2011 මැයි 25 දින පෙ.ව. 10:09 ට
ඒ පාර දැන් පිෂ් මලය දිගටම නෝටි කතාම ලියන්ඩ ගත්තද??
හිටු අල්ලගන්ඩ
2011 මැයි 25 දින පෙ.ව. 10:14 ට
අනේ එහෙම එකක් නෑ අක්කේ… මේ ටිකේ ඉතිං හීතලයි නෙව.
2011 මැයි 25 දින පෙ.ව. 10:37 ට
මල් වාලුවා… මල් වාලුවා.. මල් වාලුවා.
2011 මැයි 25 දින පෙ.ව. 10:41 ට
ෂා මං මලක් වගේලු… තෑන්කු අක්කේ… උම්මා…
2011 මැයි 25 දින ප.ව. 12:02 ට
අනේ ඔව්… ලස්සනට පිපුණු පෙති විකසිත වුණු කෙහෙල් මලක් වගේ.. හික්ස්.
2011 මැයි 25 දින ප.ව. 2:17 ට
කෙහෙල් මල…. අඩෝව්…
2011 මැයි 25 දින පෙ.ව. 10:57 ට
බලාගන යද්දි මාළුවා විතරක් නෙමේ වල්. මාළුවගෙ ගුරු මාළුවත් වල් මාලුවෙක් නේ. හික් හික්. ඒක නෙමේ බොට ඔය කතාව සර්මද කිව්වේ?
2011 මැයි 25 දින පෙ.ව. 11:02 ට
නැතුව ඉතිං බොලෑ සර් කියන්නයැ… අපේ සර් මාත් එක්ක ෆිට්… ඒකත් ඔය මං කරපු මගෝඩි වැඩ නිසා තමා.
2011 මැයි 25 දින ප.ව. 1:54 ට
බලාගන යද්දි උඹල ඉස්කෝලෙ ගිහින් කරල තියෙන්නෙම මගෝඩි වැඩ නේ. දාපන් බලන්න ඒකත්. 😀
2011 මැයි 25 දින ප.ව. 2:19 ට
ඒක දාලා තියෙන්නේ….
https://prasanna86k.wordpress.com/2010/09/11/%e0%b6%86%e0%b7%83%e0%b7%8f-%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b7%99%e0%b6%b1-%e0%b6%af%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b6%b8/
2011 මැයි 25 දින පෙ.ව. 11:59 ට
vcd cutter කියලා එකකුත් තිබුණ නේද හැබැටම 😀
2011 මැයි 25 දින ප.ව. 2:17 ට
දැන්ද මතක් වෙන්නේ
2011 මැයි 25 දින ප.ව. 1:46 ට
අප්පා ඕව ගැන කතා කරන්නත් බයයි මචං අපේ ඉස්කෝලෙට ඔය සීඩී එකක් ගෙනාපු කොල්ලෙක්ව ඉස්කෝලෙන් අස් කලා ! අපේ ඉස්කෝලේ මාර නීතී රීති වලින් පිරිච්ච හිර ගෙයක් වගේ .. ඉතින් අන්තිමට ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුලට එනකොට හැමෝම ඔය 18+ මාතෘකා හිතේ පමනක් රඳවාගෙන මුනිවත රකිමින් ඉන්නවා ..ඉස්කෝලෙන් අස්කරනවාට බයේ !
කොච්චර පරිස්සමෙන් උන්නත් ඉතින් මාවත් ඉස්කෝලෙන් අස්කරා !
2011 මැයි 25 දින ප.ව. 2:18 ට
මං හිතන්නේ ඒ ඉස්කෝලේ තාම තියෙන්නේ උඹව අස්කරපු නිසා
2011 මැයි 25 දින ප.ව. 10:44 ට
උඹ කෝමද මට ඒම කීවේ පපුව පැලෙන්න වගේ
2011 මැයි 26 දින පෙ.ව. 7:30 ට
ගණන් ගන්න එපා බං විහිළුවටනේ
2011 මැයි 25 දින ප.ව. 1:53 ට
මම මේ කල්පනා කලේ මාළුවෝ… ඔය වගේ පුද්ගලික දෙයක් උඹත් එක්ක කියන්න උඹ සහ සර් අතරේ මොන වගේ සම්භන්ධයක් තියෙන්න ඇතිද කියලා…..
2011 මැයි 25 දින ප.ව. 2:19 ට
ඔය ඉතිං අභීත අයියා ඕනේ නැති රෙද්දවල්නේ කල්පනා කරන්නේ…
2011 මැයි 25 දින ප.ව. 10:45 ට
හූ හූ හූහූ හූ හූහූ හූ හූහූ හූ හූහූ හූ හූහූ හූ හූහූ හූ හූහූ හූ හූහූ හූ හූහූ හූ හූහූ හූ හූහූ හූ හූහූ හූ හූහූ හූ හූ
2011 මැයි 25 දින ප.ව. 3:00 ට
බොගේ සර් එහෙම දැන ගත්තො මේ වගේ කුප්ප පෝසට් දානවා කියලා, තෝව පට්ට ගහයි ………
2011 මැයි 25 දින ප.ව. 3:34 ට
නෑ කල්හාර අයියා… සර් දන්නවා බං මගේ හැටි…
2011 මැයි 25 දින ප.ව. 3:23 ට
Gurnm wad kry wge., dnnam pre school yn ek gw pw duppth akklge wd kid thiynwne, punchi pen wl purwl.. E athin un ali lucky.. Ona thrm ona welwka…
2011 මැයි 25 දින ප.ව. 3:35 ට
සික් මූ හරි වලත්තයෙක්නේ. ඉරිසියා කොරන්න එපා බොල පොඩි එව්න්ට… අනික යකෝ මේ පෝස්ට් එක වැඩිහිටියන්ට පමණයි. උඹ අහවල් එකටෙයි මේක බැලුවේ…? 😛
2011 මැයි 25 දින ප.ව. 6:35 ට
හැබෑට වීසීඩි කටර් එකෙන් මොන තරම් වැඩ ගත්තද මමත්…. (නරක වැඩ නෙමේ හරි.. මොකද නරක වැඩ කරන්න හම්බු උනේම නෑනෙ…)
2011 මැයි 25 දින ප.ව. 9:14 ට
අවාසනවා බං අවාසනාව
2011 මැයි 25 දින ප.ව. 8:14 ට
පොඩ්ඩක් හිටහන් ටේබල් ටෙනිස් සර්ච් කරල එන්නම්
2011 මැයි 25 දින ප.ව. 9:16 ට
හම්බුනාද බං?
2011 මැයි 25 දින ප.ව. 8:35 ට
අඩේ ෆ්ලොපියනන් දැකලා තියනවා ටේබල් ටෙනිස් කියල ගැහුවම ආවෙ අයියා කෙනෙක් අක්කා එක්ක බෝලයක් හොයන එකක් නෙ, හෙවුව තැනනන් අහන්න එපා!
එල පාර කිව්වලු!
(හොරෙන්) ආපෝ චී වල් මාලුවා!
2011 මැයි 25 දින ප.ව. 9:18 ට
ඒකනේ කිව්වේ… එල එල එව්වා එනවා කියලා.
2011 මැයි 26 දින පෙ.ව. 8:28 ට
11 වසරෙදී ඒ වගේ කතා අහන්න අයියා 18 වැඩිද 😛 දැන් කියනවා 18 ට අඩු උන්ට පලයන් කියලා 😦 😀 😀
2011 මැයි 26 දින පෙ.ව. 8:43 ට
හරි හරි ඉතිං දැං උඹට වයස කීයද?
2011 මැයි 26 දින පෙ.ව. 8:49 ට
16.9 😀
2011 මැයි 26 දින පෙ.ව. 8:56 ට
ආහ් එහෙනම් අව්ලක් නෑ බං… ඔය අවුරුදු 17 එවුන්ට ලයිසනු.් දෙන්නේ…
2011 මැයි 26 දින ප.ව. 5:57 ට
අම්මප දැන් ආසාවට VCD Cutter එකක් නැහැනෙව හොයාගන්න…….. 😉
2011 මැයි 26 දින ප.ව. 9:50 ට
හූ හූ……………