ජේසුගේ බුදුපිළිමේ….

කට්ටිය දන්නවා නේද, කළුතර ඉඳන් පානදුරට එද්දී… පාර දෙපැත්තේ කොසු, ඉදල්, වේවැල් භාන්ඩ එහෙම විකුණන කඩ තියෙනවනේ. ඉතිං ඔය කඩ වල මහා පරිමානෙන් ඒ වගේ වෙළඳාම් කටයුතු සිද්ධවුනාට, එදා වේල කීයක් හරි හම්බ කරගන්න වෙළෙන්දෝ එහෙම එක තැනකට වෙලා ඉන්නේ නෑ…

එයාල තමන්ගේ බයිසිකලේ කොසු ඉදල් බැඳගෙන ර‍ට වටේ යනවා. සමහරු යාපනේ මන්නාරම අම්පාර වගේ පැති වලටත් යනවා. ඉතිං අපේ ගමට අල්ලපු ගමේ ඉන්නවා පොරක්… මෑන් කරන්නෙත් ඔය බිස්නස් එකම තමා. හැබැයි පොර ඉගෙන ගෙන නෑ… අකුරු ලියන්න කියන්නත් බෑ…

ඒ ඔක්කෝටම හරි යන්න මූට ලෙසටම ගණන් හිලව් බේරගන්න නම් පුළුවන්. ඉතිං දැන් මෙයා තවත් කීප දෙනෙක් එක්ක ක්‍රිස්තියානි අය වැඩිපුර ගැවසෙන ප්‍රදේශයකට ගියලු වෙළඳාම් කටයුතු වලට. ඒ වගේම පොර හෙනම බෞද්ධායා. සිල් ගන්න එකනම් අනේ මනදා. හැබැයි නිවාඩු පාඩු වෙලාවට පන්සල පැත්තේ ගිහිං හාමුදුරුවරුන‍්ගේ දුක සැප බලන්න අමතක කරන්නේ නෑ….

ඉතිං ඔන්න පළවෙනි කස්ටමර් හැටියට ඇවිත් තියෙන්නේ පල්ලියක ෆාදර් කෙනෙක්. පස්සේ ෆාදර් මේ මනුස්සයා ගාවට ඇවිත් ඇහුවලු…

කීයද දරුවෝ කොස්සක්….?

රුපියල් අනූවයි ජේසු…  කියලා මූ උත්තර දෙනුවලු.

පස්සේ ආයෙමත් ෆාදර් අහනවලු…

අඩු නැද්ද දරුවෝ….?

නෑ ජේසු… ගොඩක් දුර ඉඳන්නේ අරගෙන ආවේ… කියලා… පස්සේ ඉතිං කෝම හරි ෆාදර් කොස්සක් අරගෙන. ඊට පස්සේ මෑන්ස් එක්ක ආපු අනිත් කට්ටියට ගිහින් කියනවලු…

අර පල්ලියේ ජේසු… මගෙන් කොස්සක් ගත්තා… අද නම් බිස්නස් එක කරගන්න පුළුවන් වෙයි… කියලා…

දැන් ඉතිං අහගෙන ඉන්න එවුන්ට ටිකක් විතර හිනාලු. පස්සේ කව්දෝ එකෙක් ඇහුවලු… කොයි ජේසුද බං… කියලා. මොකද ඉතිං කාටවත් මතකයක් නෑ… යේසුස් තුමන්  මේ ළඟකදී ආයෙමත් වතාවක් මරණින් නැගිට්ට බවක්.

පස්සේ පොර  උත්තර දෙනවලු….

අර බං… ජේසුගේ බුදුපිළිමේ ගාවින් හැරුනම තියෙන පල්ලියේ ඉන්නේ බං….

එතන හිටි කට්ටිය මූට ටොකක්කුත් ඇනලා කියලා දුන්නලු…. පල්ලිවල ඉන්නේ ජේසු නෙමේ ෆාදර් කියලා… මොකද මෑන් හිතං ඉඳලා ෆාදර්ට කියන්නේ ජේසු කියලා… ඔය සීන් ‍එක වෙලා තාම වැඩි දවසක් නෑ…

ඒ වගේම මේක ආගම් වලට නින්දා කලා කියලා වැරදි විදියට හිතන්න එපා. මේක ටිකක් මෝඩ මනුස්සයෙක්ගේ ඇත්ත කතාවක්. මට කිව්වෙ මගේ ෆිට් එකක්. මොකද මේ වෙළෙන්දාව මාත් දන්න කියන නිසා….

(ඇත්තටම අපිට බුදුහාමුදුරුවන්ගේ මුන දකිද්දී ඇතිවෙන ශාන්ති දායක සිතුවිල්ල යේසුස් තුමන්ගේ මූන දකිද්දිත් මට ලාවට වගේදැනෙනවා… දැන් ඉන්න මිනිස්සු වගේ නෙවේ…. ගොඩක් තැම්පත්… හික්මුන චරිත දෙකක්…)

Advertisements

51 Responses to “ජේසුගේ බුදුපිළිමේ….”

  1. Chanaka Aruna munasinghe Says:

    හකිස් හිකිස් LOLZ ROTFWL

  2. කල්හාර Says:

    වෙලාවට මූ බෞද්ධ වුනේ ………… නැත්නම් මහා විනාශයක් වෙන්නෙ ……….

  3. අකිකරුහිත Says:

    😀

  4. mada Says:

    ane santhoo.. Ub wrdilawath oy yaluwa ekk beruwl pththe yann ep, oy wge punchi wrdimkin ubalawa ellai…

    • ගෝල්ඩ් fish Says:

      ඈ… එව්වා කොහෙද අපිත් එකක්… මාලු මන්න පාරක් දෙනවා

  5. හංසකිංකිණි Says:

    පිෂ් මලයා බස් එකේ දුටු නාඳුනන නංගියෙක්ට: මේ….. නංගි ඔයා ක්‍රිස්මස්ද??

    නාඳුනන නංගි : (පිෂ් මලයාට නුරුස්නා බැල්මෙන් ඔරවයි)

    පිෂ් මලයා: අපෝ.. ඕකට ඔරවන්ඩ දෙයක් නෑනෙ.. ඔයා ඔය චර්ච් එකක් බෙල්ලෙ දාං ඉන්න හංද ඇහුවෙ..

    • ගෝල්ඩ් fish Says:

      ජනූ අක්කා…. ඔයා කන්ට තමා හදනවා… උණ හොඳෙයි?

      • හංසකිංකිණි Says:

        සනීපයි සනීපයි..

    • Hasitha Says:

      ඒ කතාව මම අහලා තියෙන්නේ මෙහෙම
      කොල්ලා අහනවා නංගී ඔයා ක්‍රිස්මස් ද කියලා
      කෙල්ල ඇයි කියලා අහපුවාම කියන්නේ බෙල්ලේ චර්ච් එකක් තියෙන හින්දා කියලා.

      පස්සේ කෙල්ල කියනවා අයියා බෙල්ලේ චර්ච් එකක් තිබ්බට මම ක්‍රිස්මස් නෙමෙයි ටෙම්පල් කියලා 🙂

      • ගෝල්ඩ් fish Says:

        හසිත ටෙම්පල්ද?

      • මකුළු පැංචි Says:

        ටෙම්පල් නෙවෙයි වෙසක් කිව්වනම් නෙ හරි…

      • ගෝල්ඩ් fish Says:

        මෙයා දන්න දේවල්

      • Hasitha Says:

        මම ටෙම්පල් නෙමේ :)) බෞද්ධ

  6. කුරුං ගුරුං Says:

    😛

  7. prabha Says:

    😀 😀

    • ගෝල්ඩ් fish Says:

      ඔයත් මොකෑ හිනා වෙන්නේ ? මිනිහෙකුට වැරදුනාම හිනා වෙනවද?

      • prabha Says:

        minihekuta weraduna nisa neme hina une…..

      • ගෝල්ඩ් fish Says:

        අනේ එහෙනං…???

  8. පිණිබිඳු Says:

    පව් අනේ ඒ මනුස්සයා. වෙලාවට ෆාදර් කොස්සෙන් ගැහුවෙ නෑ.

  9. Lankapriya Says:

    මන් මේ බැලුවේ කොසු ඉදල් වලින් පටන් අරන් නතර කරපු තැන..ළඟදී වැටක් පැනල අහුවෙලා කවුරුත් කොස්සක් එහෙම ගත්තේ නෑ නේද ?

  10. මධුරංග Says:

    නියම සීන් එක. සමහරුන ඔය බුදු පිලිම ඒ වගේම ජේසුගේ සුරවම් පටලැවෙනවා. දවසක් මං අදුනන නංගි කෙනෙක් පන්සල් ඇවිත් (ඒ නංගි කතෝලික) මල් පූජ කරලා අන්තිමේ කතෝලික අය ආගම සිහි කරලා කරන “පිතා පුත්‍රයා ……” දානවලු. ලැජ්ජාවේ පන ගියා.

    ” පිතා පුත්‍රයා…… ” කියලා කියන්නේ යාච්ඥාවක කොටසක් ලු. දන්න කෙනෙක්ගෙන් අසා දැන ගන්න. අර කට්ටිය දකුනු අත එහාට්ට මෙහාට වන වන කරන යාච්ඥාව.

    • ගෝල්ඩ් fish Says:

      ඒ නංගි හොඳයි බං… මං දන්න අයියා කෙනෙක් ඉන්නවා… පොර බුද්ධාගමේ… මෑන් ඉස්සර කතෝලික අක්ක කෙනෙක් එක්ක යාළුවෙලා හිටියා. ඉතිං මූත් පල්ලි වලට හෙම හෝ ගාලා යනවා.

      දවසක් පල්ලියෙද අර කුරුසේ ගහන්නේ නලලයි, අරහිස් දෙකයි පපුවයි යාකරලා. ඕක කරලා මූ පුරුද්දට අත් දෙක එකත් කරලා ජේසුට වැඳලා.

      • මධුරංග Says:

        අන්න ඒකතමයි මම දන්න තරමට ” පිතා පුත්‍රයා ……” යාච්ඥාව කරනවා කියලා කියන්නේ. අරම කුරුසේ අදින ගමන් යාච්ඥාව තමයි මම කියන්නේ.

      • ගෝල්ඩ් fish Says:

        අඩේ හිටහං හෙටම ඒ ගැන හොයලා බලන්න ඕනේ

  11. උන්නැහේ (පිලේ පැදුර) Says:

    හෙහ් හෙහ් හෙහ් හෙහ් ……
    හොඳටම ෂුවර් නේද මෑන් අල්ලපු ගමේ එකෙක් කියලා.

    • ගෝල්ඩ් fish Says:

      හික්… ඔයාලගේ වයස් බුවෙක්… ක්ලාස් මේට්ද දන්නෙත් නෑ….

  12. Haree Says:

    බෞද්ධ පල්ලියකට ගියා කිව්ව කතාවෙ අනිත් එක…

    • ගෝල්ඩ් fish Says:

      මේක ඇත්ත කතාවක් හරියෝ….පොර ටිකක් මෝඩ නිසා ඔය වගේ දේවල් ඕනෙ තරම් කරගන්නවා. තව ප්‍රසිද්ධ එකක් තියෙනවා ඒක කියන්න බෑ බං. කුණුහබ්බයක්.

  13. බුද්ධි Says:

    හිනා කාලා මැරෙනවා ඕයි! ජේසුගෙ බුදු පිලිමේ හක් හක් හා……

  14. Chejana Says:

    කිසිම කෙනෙක් ගිහින් කොස්සක් ඉදලක් ගන්නව පේන්නැති කඩ පාර අයිනෙ තියෙන්නෙ මොකටද කියල මම හිත හිත හිටියෙ… ඒ කියන්නෙ ඒව තොග විදියට විකුනන කඩ නේද.. ඒක දැනගත්ත එකම මැදෑ.

    • ගෝල්ඩ් fish Says:

      ඈ…. චේජනා අක්කේ…. ඔයා බොරු කියන්න එපා. ඒ කඩවලට ගොඩක්ම එන්නේ සංචාරකයෝ… සමහර සිංහල අය එක එක ඒවට කියන ඉංග්‍රීසි නම් දන්නේ නැතුව සිංහලෙන්ම කියලා දෙනවා.

      • උන්නැහේ (පිලේ පැදුර) Says:

        සංචාරකයො ඉදල් කොසු රට අරං යනවද බොල?

      • ගෝල්ඩ් fish Says:

        නෑ අයියේ මං හිතන්නේ හෝටල් වලට දීලා යනවා ඇති… ඇත්තට අහවල් එකට උං ඒවා ගන්නද මංදා.

      • Chejana Says:

        මේ මේ, මම බොරු කිව්වෙ නෑ

        “ඉතිං ඔය කඩ වල මහා පරිමානෙන් ඒ වගේ වෙළඳාම් කටයුතු සිද්ධවුනාට, ”
        උඩින්ම මෙහෙම ලියල තිබ්බම මම තේරුම් ගත්තෙ ඒ කඩ තියෙන්නෙ තොග වෙළඳාම් කරන්න කියල…

        මම නම් ඕවගෙ විදේශිකයො නම් ඉන්නව දැකල නෑ…මොකද මම ඕව දකින්නෙ ගාල්ලෙ ඉඳන් කොළඹ එද්දි පොඩි වෙලාවකට බස් එකේ කවුළුවෙන් නෙ…
        හැබැයි මෙහේ තියන කොහු ඉදල් දකිද්දි මට ඕව අරගෙන ඇවිත් දෙන්න නං හිතෙනව… ඒ වගෙම විදේශිකයො ගේන ගෙනියන දේවල්වල හැටියට කොහු ඉදල් වුණත් නොගෙනියන්න හේතුවක් නං නෑ…මම දැකල තියනව ජපානෙ ඉඳන් සර්ෆ්බෝඩ් ගෙනත් ගෙනියනව ඒ ගොල්ලො..

      • ගෝල්ඩ් fish Says:

        ගස් ගල් ගෙනියන එකේ කොස්සක් මොකද්ද…

  15. නවම් Says:

    හා හා ඕව ඔය සර්වාගමික දම්වැලේ එක පුරුකක් නෙව.

  16. හිස් අහස Says:

    හිනහ වෙලා බඩ රිදෙනවා මාළුවෝ !

  17. වජිර Says:

    ෆට්ටම ෆට්ට…. හිනා කාල මැරෙනව මාලුවෝ……..

  18. කරුමක්කාරයෙකුගේ දින සටහන් Says:

    (ඇත්තටම අපිට බුදුහාමුදුරුවන්ගේ මුන දකිද්දී ඇතිවෙන ශාන්ති දායක සිතුවිල්ල යේසුස් තුමන්ගේ මූන දකිද්දිත් මට ලාවට වගේදැනෙනවා…)

    ඈ බං. බොට ඒක ලාවටද දැනෙන්නේ?

    • ගෝල්ඩ් fish Says:

      ඔව්නේ බං.. ​කිතුදහම ගැන තියෙන්නේ චූටි දැනුමක් නිසා.. ලාවට දැනෙන්නේ…

  19. Hasitha Says:

    ලෝකේ හිටිය සියළුම ශාස්තෲවරු එක්වුණු තැන තියෙන්නේ පුදුමාකාර නිහඬබවක් කියලා කියනවනේ. ඒ අයට වාදකරන්න දෙයක් නැහැ. ඒ හැමෝම යමක් අවබෝධ කරගෙන ඉන්න නිසා


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: