ජේසුගේ බුදුපිළිමේ….

කට්ටිය දන්නවා නේද, කළුතර ඉඳන් පානදුරට එද්දී… පාර දෙපැත්තේ කොසු, ඉදල්, වේවැල් භාන්ඩ එහෙම විකුණන කඩ තියෙනවනේ. ඉතිං ඔය කඩ වල මහා පරිමානෙන් ඒ වගේ වෙළඳාම් කටයුතු සිද්ධවුනාට, එදා වේල කීයක් හරි හම්බ කරගන්න වෙළෙන්දෝ එහෙම එක තැනකට වෙලා ඉන්නේ නෑ…

එයාල තමන්ගේ බයිසිකලේ කොසු ඉදල් බැඳගෙන ර‍ට වටේ යනවා. සමහරු යාපනේ මන්නාරම අම්පාර වගේ පැති වලටත් යනවා. ඉතිං අපේ ගමට අල්ලපු ගමේ ඉන්නවා පොරක්… මෑන් කරන්නෙත් ඔය බිස්නස් එකම තමා. හැබැයි පොර ඉගෙන ගෙන නෑ… අකුරු ලියන්න කියන්නත් බෑ…

ඒ ඔක්කෝටම හරි යන්න මූට ලෙසටම ගණන් හිලව් බේරගන්න නම් පුළුවන්. ඉතිං දැන් මෙයා තවත් කීප දෙනෙක් එක්ක ක්‍රිස්තියානි අය වැඩිපුර ගැවසෙන ප්‍රදේශයකට ගියලු වෙළඳාම් කටයුතු වලට. ඒ වගේම පොර හෙනම බෞද්ධායා. සිල් ගන්න එකනම් අනේ මනදා. හැබැයි නිවාඩු පාඩු වෙලාවට පන්සල පැත්තේ ගිහිං හාමුදුරුවරුන‍්ගේ දුක සැප බලන්න අමතක කරන්නේ නෑ….

ඉතිං ඔන්න පළවෙනි කස්ටමර් හැටියට ඇවිත් තියෙන්නේ පල්ලියක ෆාදර් කෙනෙක්. පස්සේ ෆාදර් මේ මනුස්සයා ගාවට ඇවිත් ඇහුවලු…

කීයද දරුවෝ කොස්සක්….?

රුපියල් අනූවයි ජේසු…  කියලා මූ උත්තර දෙනුවලු.

පස්සේ ආයෙමත් ෆාදර් අහනවලු…

අඩු නැද්ද දරුවෝ….?

නෑ ජේසු… ගොඩක් දුර ඉඳන්නේ අරගෙන ආවේ… කියලා… පස්සේ ඉතිං කෝම හරි ෆාදර් කොස්සක් අරගෙන. ඊට පස්සේ මෑන්ස් එක්ක ආපු අනිත් කට්ටියට ගිහින් කියනවලු…

අර පල්ලියේ ජේසු… මගෙන් කොස්සක් ගත්තා… අද නම් බිස්නස් එක කරගන්න පුළුවන් වෙයි… කියලා…

දැන් ඉතිං අහගෙන ඉන්න එවුන්ට ටිකක් විතර හිනාලු. පස්සේ කව්දෝ එකෙක් ඇහුවලු… කොයි ජේසුද බං… කියලා. මොකද ඉතිං කාටවත් මතකයක් නෑ… යේසුස් තුමන්  මේ ළඟකදී ආයෙමත් වතාවක් මරණින් නැගිට්ට බවක්.

පස්සේ පොර  උත්තර දෙනවලු….

අර බං… ජේසුගේ බුදුපිළිමේ ගාවින් හැරුනම තියෙන පල්ලියේ ඉන්නේ බං….

එතන හිටි කට්ටිය මූට ටොකක්කුත් ඇනලා කියලා දුන්නලු…. පල්ලිවල ඉන්නේ ජේසු නෙමේ ෆාදර් කියලා… මොකද මෑන් හිතං ඉඳලා ෆාදර්ට කියන්නේ ජේසු කියලා… ඔය සීන් ‍එක වෙලා තාම වැඩි දවසක් නෑ…

ඒ වගේම මේක ආගම් වලට නින්දා කලා කියලා වැරදි විදියට හිතන්න එපා. මේක ටිකක් මෝඩ මනුස්සයෙක්ගේ ඇත්ත කතාවක්. මට කිව්වෙ මගේ ෆිට් එකක්. මොකද මේ වෙළෙන්දාව මාත් දන්න කියන නිසා….

(ඇත්තටම අපිට බුදුහාමුදුරුවන්ගේ මුන දකිද්දී ඇතිවෙන ශාන්ති දායක සිතුවිල්ල යේසුස් තුමන්ගේ මූන දකිද්දිත් මට ලාවට වගේදැනෙනවා… දැන් ඉන්න මිනිස්සු වගේ නෙවේ…. ගොඩක් තැම්පත්… හික්මුන චරිත දෙකක්…)

%d bloggers like this: