හිත ගිය ඇත්තී බැඳලද…? කියලා හොයාගන්න ක්‍රමයක්…

ඕං මුලින්ම කියන්නේ, අද පට්ට කුණු හබ්බ කතාවක් තමා මේකා ලියලා ඇත්තේ… හෙන ආතල් එකක් ගත්ත ඇහැකි කියලා හිතාගෙන…. එක එක ලින්ක් ක්ලික් කොරලා ආපු එවුන්ට තමා මේ… අද කතාව කුණු හබ්බයක් නෙමේ… දැං ඉතිං හැරිලා යන්න ලැස්තිවෙන්න එපා. මොකද මේක පිරිමි හැම කෙනෙකුටම බෝහෝම ප්‍රයෝජනවත් දෙයක්. ඔය මගේ පෝස්ට් එලකිරි එකේ පබ්ලිෂ් කොරන උන්දලා ඉන්නවා නම් මේං එල පෝස්ට් එකක්. හැබැයි ඉතිං ගෝල්ඩ් fish කියලා තියෙන තැන් වලට වෙන වෙන වචන නොදා පබිලිස් කරන්නලා. නැත්තං ඉතිං ඒක බුද්ධිමය දේපොළ උල්ලංගණය කිරීමක් වෙනවා. (සමහරවිට මුං මේ කෑල්ලම අයින් කරලා දාන්නත් ඉඩ තියෙනවා)

මට ඔව්වට නඩු දාන්න නම් බැහැ. ඒත් බොලව් මගේ මේ අහිංසක චූටි මොලෙන් හිතලා මේ වගේ වල් කතාවක් නිර්මාණය කොරන්න මං කන කට්ට දන්නේ මං විතරයි. සමහරදාට ඔ‍ෆිස් එකේ නිවාඩු දාලාත් කතා ලියනවා. අනේ මං වගේ පිස්සෙක්… නෙහ්…?

මේ ක්‍රමේ හොයාගත්තේ මං… ඒක නිසා මේ ක්‍රමයට මං පේටන්ට් එක ඉල්ලලා තියෙන්නේ. ඉල්ලුම් කරපු සංකේත නාමය තමා “ගැහුණුන්ගේ විවාහක බව සෙවීමේ ගෝල් පිස් න්‍යාය” හෙවත් ගෝල්ඩ් fish ගේ න්‍යාය… ගැහැණුන්ගේ විවාහක අවිවාහක බව සෙවීම පිළිබඳව.

ඔය අක්කලා නංගිලා බයින්න නං එපා… මේ මාළුවා අපේ මූණූ වල දැලි ගානවා කියලා….

මේ තියරියේ එක උප කොටසක් තියෙනවා. ඒ තමා බඳින්න ඉන්න අය සෙවීම. ඉතිං මේ කතාවේ හෙන….. අතීත කතාවකුත් තියෙනවා. ඒ තමා මහෞෂධ පණ්ඩිතයින්ගේ කතාව. එතුමා අමරා දේවියවනේ විවාහ කරගත්තේ. ඉතිං මුලින්ම එතුමා අමරා දේවියගෙන් සිංගල්ද ඩබල්ද කියලා ඇහුවේ… අතේ ඇඟිලි ටික ගුලි කරලා පෙන්නලා තමා.

ඒ කියන්නේ අතේ ඇඟිලි ගුලි කරලා නම් අමරා දේවිය බැඳලා. අතේ ඇඟිලි ටික විහිදුවල නම් එතුමිය බැඳලා නෑ… ඉතිං කෝම හරි මහෞෂධ කුමාරය අමරා දේවිය එක්ක විවාහ වුනා. ඒ එතුමිය අවිවාහකව හිටි නිසා.

ඉතිං ඒ අතීතයේ විවාහක බව හොයාගත් විදියනේ. මං හෙන විශ්ලේෂන වගයක් කරලා හඳුන්වලා දෙන ක්‍රමේත් ඔය පුරාණ ක්‍රමේට සමානයි. ආහ්… ඊට කලින් කියන්න ඕනේ… අපේ ආච්චිලා සීයාලා ගෑණු දරුවෙක් විවාහයට කලින් විවාහ වෙලාද නැද්ද කියලා හොයාගත්ත විදිය. ඒ තමා පැණි හඳ දාට ඇඳට සුදු රෙද්දක් එලන එක. හේතු නම් දන්නේ නෑ ඕං. මං වගේ ඔය සීන් එක නොදන්න තොත්ත බබාලා තම තමන්ගේ ගෑණූ දරුවන්ගෙන් අහගන්නලා. මට නම් ඉතිං අහගන්න කවුරුත් නැති නිසා කවුරු හරි පිං ඇත්තියෙක් කියලා දුන්නත් කමක් නෑ… 😛 ඒ වගේම මේ ක්‍රමය අසාධාරණයි කියලා දැං නම් මටත් හිතෙනවා. මොකද ඇඳ රෙද්දට හානියක් නොවී තියෙන්නත් පුළුවන්, පොඩි කාලේ අනතුරු වලට මූන දුන්නම, බයිසිකල් පැද්දම, හා උපතින්ම වුනත්.

ඊට පස්සේ තමා මගේ නූතන ක්‍රමේ. මේ ක්‍රමේ නම් 95% ක් විතර ෂූවර් ක්‍රමයක්. හැබැයි යොදාගන්න වෙන්නේ තමන්ගේ ඇහැගිය කෙල්ල බඳින්න කව්රු හරි මයිනෙක් ඉන්නවද කියලා බලාගන්න තමා. ඒ කියන්නේ මගේ තියරියේ උප කොටස. ඉතිං මෙහෙමයි කරන්න ඕනේ. හරී…. ලේසියි.

මුලින්ම කෙල්ලව ‍ෆලෝව් කරන්න. බ්ලොග් වල කරන ෆලොව් එක ‍නෙමේ ඕං. ඒකි යන බස් වල යන්න. බස් හෝල්ට් වල බහින්න. ඊට පස්සේ හොඳින් නිරීක්ෂනය කරන්න කෙල්ලගේ අත් දෙක.  බලන්න අත අමරා දේවියගේ වගේ නැතුව, ගුලිවෙලාද කියලා. එක අතක නිතරම මොබයිල් එකක් තියේනම්, ඔය පිරිමි ළමයින්ගේ හිත්වල තියෙන ආදරණීය සිතුවිලි එවෙලේම අතහැර ගන්න. මොකද කෙල්ලෙක් ෆෝන් එකක් නිතරම අතේ තියාගෙන ඉන්නේ වෙන අහවල් එකකට වත් නෙමේ… අර මයිනට මැසේජ් කරන්න කියලා තේරෙනවනේ.

ඊට පස්සේ වෙන එහෙකට ට්‍රයි කොලාට පවු නෑ. මොකද ඉතිං අපිත් පවුල් වුනාම නරකෙයි….? ඒ වගේම ඔයාලගේ  චිත්තස්කන්ධය පැහැරගත් කෙල්ල බස් එකේදී බහින්න කිට්ටුවෙලා ෆෝන් එක අදිනව නම් ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද ඒ සමහරවිට තමන්ව එක්ක ගෙන යන්න එන්න කියලා  බැඳපු මයිනට හරි, ගෙදර ඉන්න වැඩි හිටියෙකුට හරි එන්න කියන්න වෙන්න පුළුවන්. පස්සෙ බැඳපු එකෙක් නම් ආයෙමත් හිතේ තියෙන ප්‍රේමනීය සිතුවිලි වලට විරාමයක් දෙන්න.  එල්ස්…  අගේන් ‍ෆලෝව් දැට් ගර්ල්, ටූ ‍ඕර් ත්‍රී ටයිම්ස්.

තේරුනාද මන්දා…ඒ කිව්වේ… කෙල්ල බැඳපු එකියක් නෙවේ නම් තව චුට්ටක් ‍ෆලොව් කරපිය. එත‍කොට කෙල්ල ගෙදර කා එක්ක හරි යනවා එනවා නම්… වැඩේ ගොඩ. මොකද ඒ වගේ කෙල්ලෝ හොයන්න හෙන අමාරුයි. පුළුවන් ට්‍රයි එකක් දීලා ඒ වගේ කෙල්ලෙකුට ‍සැට් වුනොත් දෙයියනේ කියලා ජීවිතේ ඉතුරු කාලේ සන්තෝසෙන් ගෙවුවෑකි. ඒත් එහෙම අයවත් තව චුට්ටක් බලන්න. කියන්න බැහැනේ ගෑණූ අය… නෙහ්…? (මට දෙතුන් දෙනෙක් ගෙන් බැණුමක් අහගන්න හරී… ආසයි අප්පා. මොකද කෙල්ලොන්ගේ නියම පෙනුම එන්නේ කාට හරි අහිංසක [මං වගේ] කොල්ලෙකුට බනිද්දී)

ඒ තමා මගේ තියරිය. මේ තියෙන්නේ තියරියට අමතර දැනුමක් එකතු කොරන්න ගත් පුංචි උත්සහයක්. බැඳලා එන්ජෝයි කරලා, කරන්න තියෙන ඔක්කොම කරපු… (එහෙම කිව්වට ඉතිං මං දන්නෙත් නෑ බැන්දම මොනා කොරනවද කියලා… මොකෝ මං බැඳලා තියෙන එකක්යැ. මං දන්නේ… බැන්දම රෝස කැලෙන් බබාලා හම්බුවෙනවා කියලා විතරයි. ඒකත් කිව්වේ අපේ අම්මද කොහොද.. පොඩි කාලේ දවසක් ඒ පස්නේ ඇහුවම…) ටිකක් විතර මෝරපු පහේ ගෑණු ළමයෙකුට (ගෑණි කියන්න හොද නැහැනේ… හිත විතරක් තැලෙනවනේ…) හිත ගියොත් නම්… ටිකක් භයානකයි. මොකද එයාලා ෆෝන් පාවිච්චි කරන්නේ බොහෝම අඩුවෙන්. මොකද ඉතිං රෑට බයයි කියලයෑ… දැන් ඉතිං කාට බය වෙන්නද…? හප්පෝ ඉන්නවා කියලයෑ…. ඌ ඉන්නේ ගෙදරනේ. ඉතිං ඒ වගේ අයව හොයාගන්න තියෙන ලේසිම ක්‍ර‍මේ තමා මුද්ද… හැබැයි පුතෝ මගුල් මුද්ද මගුලෙන් ටික දවසකට පස්සේ උකස් කරලනම් ඒ කෙරුවාවත් ඉවරයි. අනිවා ඩෙෆා ඇඹලයෝ ටික පැනි හැලියට ඇදෙනවා. ඉතිං ඒ වගේ අවස්ථාවලදී නම් කොරන්න ඕනේ දේ මං නොදනී. අනික ඒ වගේ කෙනෙක් බැඳලද නැද්ද කියලා හොයන්න යන එක අම්බානෙට කන්න වෙන සීන් එකක් වෙන්නත් පුළුවන් වගේම… නඩු නැති කේස් එකක් වෙන්නත් පුළුවන්.  මට අත්දැකීම් නැති නිසා ඒ ගැන නම් නොදනී…

යකෝ දැන් මුං හිතයිද දන්නේ මේකට අත්දැකීම් නැහැයි කියන්නේ අනිත් ඔක්කෝටම අත්දැකීම් තියෙනවා කියලා… නෑ…. නෑ…. සත්තලනේ එහෙම්මත් නෙවේ…. මං ඉතිං හෙන පර්යේෂනයක් කොරලනේ ඔය ඔක්කොම හොයාගත්තේ…. ඒක නිසා ඉතිං අත්දැකීම් කෙසේ වෙතත් නිරීක්ෂන මගින් ලබාගෙත් තොරතුරු නම් ඕනෙ තරම් තියෙනවා.

ඉතින් මට තාම පේටන්ට් එක හම්බුනේ නැති වුනාට මං මේ තියරිය සාමාන්‍ය මහජන පාචිච්චිය සඳහා රිලීස් කොරනවා. සමහරවිට තව තව අප්ඩේට් එයි… එහෙම වුනොත් ඉතිං පහලින් හරි වෙනම පෝස්ට් එකකින් හරි දාන්න බැරියෑ… ආහ්… මේක මේ ඕපන් සෝස් තියරියක් ඈ… මගේ නම දාලා ඕනේ කෑල්ලක් එකතු කරන්න පූලුවන්… අනේ හැබැයි… මේ වගේ රත්තරං තියරියකින් කෑලි අඩු කොරන්න නම් එපා ඕං… තව තව උපකොටස් තියේනම් ඕනේ තරමක් එකතු කොරන්නලා… කිසි පස්නයක් නෑ…

මතකනේ…. බඳින්න ඉන්නවා නම් ෆෝන් එකක් ඇති… බැඳලනම් මුද්දක් ඇති… දෙකම නැත්තං හොයාගන්නේ වෙන්නේ අදාල කෙනාගෙන් අහලම තමා… ඒක අහන්න ගිහිං මූන දෙන්න වෙන ස්වභාවික විපත් වලට ගෝල්ඩ් fish වගකියනු නොලැබේ….

Advertisements

78 Responses to “හිත ගිය ඇත්තී බැඳලද…? කියලා හොයාගන්න ක්‍රමයක්…”

  1. deeps Says:

    ane maaaluwo 😀

    • ගෝල්ඩ් fish Says:

      ඒ ක්‍රමේ සාර්ථක ක්‍රමයක් නේද… ඔයාලා ඉතිං පලපුරුදු අයනේ… කියන්න බලන්න…

      • deeps Says:

        yaa yaa very successful..pawul unata passe thama maath niharama fone eka bala bala inna purudu une 😛

      • ගෝල්ඩ් fish Says:

        ආහ්… ඒකනේ කියන්නේ… ඔය තියෙන්නේ මගේ න්‍යාය අනාථ නොවී සනාථ වෙන්න උදාහරණ.

  2. අපරාජිතයා :::: Aparajithaya Says:

    අපොයි උඹනම් කියවී කනකොට සැප දන්නේ අපිනේ………… 😦

    • ගෝල්ඩ් fish Says:

      අපොයි ඒ මොකද බං…?

      • අපරාජිතයා :::: Aparajithaya Says:

        යකෝ ඔව්ව බලන්න ගොහින් රන් පා පාරක් කනේ හිටියොත් කොහොමද ලැජ්ජාව මොන දෙයියෙක්ට කියන්නද බොල……..

      • ගෝල්ඩ් fish Says:

        ඒක තමා පුතේ කිව්වේ ස්වභාවික විපත් වලට වගකියන්නේ නෑ කියලා…

  3. haree Says:

    ඇයි බං දැන් බල්ලො බළල්ලු අතෙත් ෆෝන්නෙ…. කොහොමද ෆෝන් එකක් තිබ්බ පලියට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා හොයාගන්නෙ..
    මුද්දෙ සීන් එක නම් කරන්න පුලුවන්…හැබැයි අපලෙකට දාන මුද්දක් වුනොත් තමයි කේස්……

    • ගෝල්ඩ් fish Says:

      යකෝ අපලෙට, හතරවෙනි ඈඟිල්ලට මුද්ද දාන්නේ කොල්ලෝ… කෙල්ලෝ වම් අතේ හතරවෙනි ඈඟිල්ලට මුද්ද දාන්නේ මයිනෙක් සෙට් වෙලා ඌ කෙටුවම. අනික අපලෙට මුදු දාන්නේ මැද ඈඟිල්ලට.

      • sameera Says:

        මාලුවො දැන් කාලෙ කෙල්ලො බදින්නෙ නැතුවම මුද්ද දානවා කොල්ලොන්ගෙන් බේරෙන්නෙ , අත්දුටුයි සත්තයි……………..

      • ගෝල්ඩ් fish Says:

        ඈ… එහෙමත් එකක්ද?

  4. MaRLaN Says:

    බෝම ස්තූතියි මාලු අයියේ…

    • ගෝල්ඩ් fish Says:

      හරි එහෙනම්… උඹත් මයිනෙක් වුන දාට ​අපිටත් කියපං.

  5. roshanherath Says:

    බස් එකෙන් බහින්න ලං වෙද්දි ගෙදර කෙනෙක්ව ගෙන්වනවාද කියන එක ටිකක් විතර දෙගිඩියාවක් තියෙනවා. මොකද අනික් හැම වෙලාවටම ළඟින් ඉන්න ආරක්ෂකයා නැති නිසා ඒ වෙලාවට ගෙදර කෙනෙක්ගෙ ආරක්ෂාව ලබා ගන්නවා ද කියලා කවුද දන්නෙ…

    • ගෝල්ඩ් fish Says:

      ඉතිං ඒක බලාගන්න තමා බස් එකේ යන්න ඕනේ… (හනේ මෙහෙමත් මීටර්…. ) 😛

      මට පේන්නේ පුතා වැඩේට අතගහන්න වගේ හදන්නේ…. හික්…

  6. Hishan Melanga Says:

    ඕක ඉතින් කියන්නත් දෙයක්ය. හැමෝම බලන්නෙ ඔය තියරියට තමා. හැඹැයි පේටන්ට් එක ඉල්ලපු එක නම් පළවෙනි පාර වෙන්න ඕනෙ. ගෝල්ඩ් fish ගේ න්‍යාය කියනවට වඩා මේකට “අන්දමන්ධතාව” කියල නම් තිබ්බොතින් හොදට ගැළපෙනව.

  7. මදුශාන් Says:

    මේ මාලුවෝ ඕක කල් පැන්නා බන් බුකිය මොබයිල් වලට ආපු දවස් වලම!!.
    දැන් මේ බදින්න තියා හිතලාවත් නැති කෙල්ලො පොං එකෙ එල්ලිලා යනවා බුකිය හන්දා.. 😛 😛
    මම දන්නෙ නැද්ද් ඕවා 😛 😛

    • ගෝල්ඩ් fish Says:

      උඹෙ ඇත්තිත් එහෙම වෙන් ඇති…

      • මදුශාන් Says:

        හික් හික් මාලුවො එහෙම..ඇත්තියෙක් නම් නැ තාම හිත ගිය ඇත්තියො නම් ගොඩාආආආආඅයි…
        දැන් හිත ගිහින් ඉන්න එක හම්බ උනෙත් බුකියෙන් හන්දා මුකුත් කියන්නෙ න්ඇ මම 😛 😛 😀

      • ගෝල්ඩ් fish Says:

        කොල්ලෝ උඹේ කමෙන්ට් එකේ සමහර තැන් පරස්පර විරෝධීයිනේ බං.

      • මදුශාන් Says:

        මක් කොරන්නද බං හිතෙ එකයි අතෙ තව එකයි තියාගන ලියන්න ගියාම ඔහොම තමා..ලොල්
        මම කියන්න හැදුවෙ……………………
        අනේ එක්කො ඔනි නැ..ඕවා ප්‍රසිද්දියෙ කියන්න හොදත් නෑ 😛 😛

      • ගෝල්ඩ් fish Says:

        හ්ම්… හ්ම්…. මට විතරක් රහසෙන් කියපං… මොකෝ මං ඔව්වා මේ ටැංකියේ දානවා කියලැයි…

      • මදුශාන් Says:

        හික් හැමදාම ටැංකියෙ දාන්න ඔව්වා තමයි නෙහ් රහසෙං අහගත්තුවා 😛 😛
        මම මේ කිව්වෙ….පර්මනන්ට් ඇත්තියෙක් නෑ..
        දැන් හිත හිය ඇත්ති බුකියෙං තමා 😛 😛

      • ගෝල්ඩ් fish Says:

        එහෙම කරන්න එපා බං. පර්මනන්ට ්එකක් දැන්ම තියලා හොයාගනින්… එතකොට පස් පවින් වැලකිලා… හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්

  8. කුරුං ගුරුං Says:

    අයියේ ෆෝන් එකක් නැත්නම් මොකෝ කරන්නෙ?

    • කුරුං ගුරුං Says:

      ඒ මාලුවො “ඇත්ති” බැඳලද කියල ඇතාගෙන් කෙළින්ම ඇහුවොත් මොකෝ?

      • ගෝල්ඩ් fish Says:

        හා එහෙනම් අහල බලලා මටත් කියහංකෝ…

      • කුරුං ගුරුං Says:

        මට අලි බාසාව තේරෙන්නෙ නැ බං…

    • ගෝල්ඩ් fish Says:

      කුරුං… විහිලු කරන වෙලාවල් තියෙනවා.. හරිය…

  9. shanu Says:

    මේකනම් හැදෙන එකෙක් නෙමෙයි

  10. mada Says:

    el el wde test krl keynnanko, eth ithn awl gute knn unoth, mudu blnni, 4ne blnni gehen wrdiyt hethuwoth..

    *api mcho palmen eha thmi ithn… Ambalangoda..

  11. කල්හාර Says:

    මට මේක විතරක් කියපං කොල්ලො උඹ ඔය නය්‍යාය චෙක් කරන්න ගිහිං කී පාරක් ගුටි කාලා තියනවද කියලා ……

  12. prabha Says:

    niyama theory eka…mata ahnna thiyenneth owa karnna gihin malu aiya kipark withara swabawika wipath walata muhuna dunnada????

  13. සදරු / දේවා Says:

    මං නම් ඉතින් දැන් ඕවා හොයන්නේ නැ මාලුවෝ එත් ඔය තියරිය පාවිච්චි කරපු කාලේකුත් තිබුනානේ නොවැ

    • ගෝල්ඩ් fish Says:

      ඒ කියන්නේ දැන් .. සඳරු (අයියා) මයිනෙක්.. හික්…. 😛

  14. මලිය Says:

    ගෝල්ඩ් පිස්???
    මොකද්ද බොලා මේ කොරං තියෙන්නෙ, කඩ්ඩ උල් කරපු එවුන් වැරදියට හිතයි!
    එල තියරිය මචන්, නයාය චැක් කොරලනෙ තියෙන්නෙ? නැත්තන් කියාන් , මට බේරෙන්න හරි පුලුවන්නෙ වල් මාලුවගෙ වැඩක් කියලා.
    කොල්ලො මේ, ඉලංදාරිය බැලුවැයි?

    • ගෝල්ඩ් fish Says:

      මේ න්‍යාය මං චැක් කරලා තියෙන්නේ… ඒ වුනාට ඉතිං කියන්න බෑ… ආපදා වලට ලක්වෙන්න පුළුවන්…

  15. නවීන් Says:

    අඩො මාළුවෝ උඹේ තියරියට මගේ වෙන්න විපරෙත් අහුවෙනව බොල.. ජීවිතෙට මම කෝල් කලත් බස් එකේදි උත්තර දෙන්නේ නැ බොල… ගෝල්ඩ් ෆිෂ් ජාඩි දානව මාළුවො මේ තියරිය නිසා කවුරුහරි ඇඹලයෙක් පස්සෙන් ආවොත්…

    • ගෝල්ඩ් fish Says:

      අපෝ එහෙම හිතන්න එපා බං… බස් එකේදී කතා නොකරන්නේ කතාකරන්න අමාරුනිසා වෙන්න පුළුවන් බං. කෙල්ල ගැන එහෙම හිතන්න එපා. උඹට වාසනාවන්ත කෙල්ලෙක් හම්බුවෙලා ඇති බං… ඒක සුවර්….

      මං මේ පෝස්ට් එකේ දැම්මේ ගොඩක් ගෑණු ළමයි ගැන. උඹේ අහිංසකීව මේකට ඈදගෙන පවුල අවුල් කරගන්න එපා මචං. එහෙම වුනොත් ඒක මගේ ඔලුවට හෙන වදයක් වෙනවා බං. පුළුවන් උපරිමයෙන් ආදරේ කරලා, රැකබලා ගත්තා නම් ඔක්කොම හරි බං.

  16. සිහින ඉසව්ව Says:

    මුද්දෙන් නම් හොයාගන්න බැරිවෙයි බං. අද කාලේ කෙල්ලේ බදින්නත් කලින් මුදු දානවා බං. එකක් ෆැෂන් එකට. අනිත් එක කොල්ලන්ගෙන් බේරෙන්න.

    • ගෝල්ඩ් fish Says:

      අහවල් එකටෙයි අපෙන් බේරෙන්නේ… අපි යක්කුද? අපි උංව කනවද? නෑහැනේ…. පොඩ්ඩක් ඕනේ නං හුරතල් කරයි…

  17. Sanju Says:

    තියරිය හරි මල්ලි මම ෆෝන් එක ඇද යටින් ගන්නෙ කෝල් එකක් ආවම විතරයි නැත්නම් ඒක දවස් ගනන් ඇද යට

    • ගෝල්ඩ් fish Says:

      එත​කොට අර එලාම් සෙට් එක යද්දී ගන්නෙත් නැද්ද?

  18. තාරක Dilsh@n Says:

    මූටත් දැන් ඩිංගක් මොලේ පෑදෙනවා වගේ….

    • ගෝල්ඩ් fish Says:

      කෙල වෙන්නම එපැයි බං… දැන් බඩු හරි…

  19. හිස් අහස Says:

    මම මේ තියරිය පාවිච්චි කරලා බලලා රන් මාලුවාට කියන්නම් සාර්ථකද අසාර්ථකද කියලා … සාර්ථක උනොත් නම් ඉතින් මාළුවාට ගානක් ගෙවන්න උනත් බැරියැ … මෙන්න මේ වගේ වටින කියන දෙයක් දුන්නට උඹට පිං .. අපේ ගමේ නම් ඒක එලටම කරන්න පුලුවන් වැඩක් ..අපේ ගමේ කෙල්ලෝ ආවට ගියාට ෆෝන් ගන්නෑ ..

    • ගෝල්ඩ් fish Says:

      උඹ ඔව්වා අත්හදා බලන්නේ පරිස්සමට ඈ…

  20. සිරි කොලුවා Says:

    අඩෙ මාලු අයියෙ නියම පෆෙක්ට් වෙලාවට මෙක දැන්මෙ.. හික්zz මගෙ මිත්‍රයෙක් මෙ දවස් වල ඌගෙ හිත් පොජ්ජ හොරා ගත්ත ගවුම් කැල්ලක් පස්සෙ යන්වා. ඌත් මගෙන් මෙ ඊයෙ පෙරදා දවසක අහුවා අඩෙ කොමද බන් හොයා ගන්නෙ එකි යාලු වෙලාද ඉන්නෙ කියලා… මලෙ මලු මෙ මම දැන්මම ඌට මෙ ලින්ක් එක සෙන්ඩ් කරන්නම් …….. 😀 😀 😀 😀 😀

    • ගෝල්ඩ් fish Says:

      ඒකනේ කියන්නේ සමහරවිට උගේ ඉස්ට දේවතාව මං වෙන්න ඇති බං

      • තාරක Dilsh@n Says:

        දේවතාවො එච්චර පව් කරල තියෙනවද බන්?

  21. මධුරංග Says:

    මාලුවාටත් හිතෙන දේවල්. නියමයි මාලුවෝ. එහෙම කරලවත් කෑල්ලක් දාගන්න බලමු.

    • ගෝල්ඩ් fish Says:

      තවත් පවුකාර වැඩක් ගැන කියලා දුන්නවත්තද කියලත් හිතෙනවා බං දැන් නම්

      • මධුරංග Says:

        අඩෝව් මොකෝ මාලුවෝ එහෙම කියන්නේ……. අපි ගොඩ යනවට මොකෝ හරස් කපන්නේ 🙂

      • ගෝල්ඩ් fish Says:

        අනේ නෑ නෑ… ඉතිං… උඹලා ගොඩ ගියාම ඉතිං අපි ගොඩගියා ව​ගේ තමා. ඒත් බං අයියා ගොඩ ගියාම මල්ලිත් ගොඩ ගියා වගේ නෙවේනේ බං.

  22. Botta Says:

    තව ක්‍රමයක් තියේ.

    හොඳට මූණ දිහා කන්න වගේ බලං ඉඳලා එක පාරටම ගිහින් “Excuse me ඔයා xxxx(බොරු නමක් හදාගන්න) ගේ wife නේද?” කියලා අහන්න. Retun වෙන look එක බලලා එන ලේසියෙන්ම කියන්න පුළුවන් උත්තරේ. එන පොට හොඳ නෑ වගේ නං “Very Sorry මට වැරදීමක් වෙන්න ඇති” කියලා මාරු වෙන්නයි තියෙන්නේ.

    • ගෝල්ඩ් fish Says:

      ඔව්වට කියන්නේ සුනාමියට පනිනවා කියලා…. කොහෙන් කෑම සෙට් වෙයිද කියන්න බැහැනේ… හෙනම අනතුරු දායක වැඩක්… එත් ඉතිං වැඩේ හරි​ගියොත් නේද…?

  23. පිණිබිඳු Says:

    අපි ජාතියක් විදිහට මේ අවස්ථාවේ අතිශයින්ම ආඩම්බරයට පත්විය යුතු අවස්තාවකට එළඹ සිටිනවා. අපේ මාලුවා තමාගේ අත්දැකීම් සහ කැපකිරීම් මත මෙවැනි වටිනා න්‍යායක් අපිට ලබාදුන්නා. මේ වටින න්‍යාය තුල කෙල්ලන්ගෙන් කනේ පාරවල් සහ සෙරෙප්පු පාරවල් කීයක් තියෙනවද මාලුවට ලැබුණු. ඒ නිසා මාලුවා රන් මාලු සම්මානයෙන්ද පිදුම් ලබනවා.

  24. Lankapriya Says:

    සැහෙන්න තමුන්ම කරපු පරියෙෂනවල ප්‍රතිපල මෙහෙම හුදී ජන ලාම්පු කණගාටුව සඳහා පල කිරීම මහත් පල මහානිසංස පින්කමකි.. මේ කරනලද පින්කමේ බල මහිමයෙන මළුවට ටැංකියෙන් මිදී තව පිරිමියෙකුගේ හුලන් පොදක්වත් නොවැදුන කන්නියාවක්ම ලැබේවා..

    • ගෝල්ඩ් fish Says:

      සාධු සාධු සාධු… අයියේ උඹට බුදු බව ලැබෙනවා ඒ කරපු පාර්තනේට.

  25. නවම් Says:

    අනේ අපිට මොකටෙයි මේව දැං.

    • ගෝල්ඩ් fish Says:

      දැං ඉතිං හොයා ගෙනනෙ තියෙන්නේ…. ඒවුනාට කමක් නෑ මේක බුක් මාක් එකක් දාගන්න… පුතු පැට්ටට පෙන්නන්න බැරියේ… මේං පුතේ කෙල්ලෙක් සෙට් කොරගන්න විදිය කියලා ගෝල්ඩ් ෆිස් මාම කියලා තියෙනවා කියලා.

  26. namila Says:

    hikz…. elalaa… meka 75%witara hariyai…:p

  27. මකුළු පැංචි Says:

    අනේ මට ආසාවෙ බෑ ගොල්ඩ් fish ඔය පාරෙ යන මෝරපු ගෑනු ළමයෙක්ව ෆලෝ කරන්න ගිහින් කුඩ පාරක් කාපු දවසට දාන පෝස්ට් එක් කියවන්න….

  28. හසී Says:

    හිකිස්‌ 😛

  29. Rasika Says:

    මාලුවා අපිටත් පීනන්න තැන් නැති කරයි වගේ

  30. කෝඩුකාරයා Says:

    මාලුවො,මම මේ ළිපිය ගැන කෝඩුකාරයගෙ අඩවියේ වචන දෙක තුනක් දැම්ම්ට කමක් නැද්ද?


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: