හිත ගිය ඇත්තී බැඳලද…? කියලා හොයාගන්න ක්‍රමයක්…

ඕං මුලින්ම කියන්නේ, අද පට්ට කුණු හබ්බ කතාවක් තමා මේකා ලියලා ඇත්තේ… හෙන ආතල් එකක් ගත්ත ඇහැකි කියලා හිතාගෙන…. එක එක ලින්ක් ක්ලික් කොරලා ආපු එවුන්ට තමා මේ… අද කතාව කුණු හබ්බයක් නෙමේ… දැං ඉතිං හැරිලා යන්න ලැස්තිවෙන්න එපා. මොකද මේක පිරිමි හැම කෙනෙකුටම බෝහෝම ප්‍රයෝජනවත් දෙයක්. ඔය මගේ පෝස්ට් එලකිරි එකේ පබ්ලිෂ් කොරන උන්දලා ඉන්නවා නම් මේං එල පෝස්ට් එකක්. හැබැයි ඉතිං ගෝල්ඩ් fish කියලා තියෙන තැන් වලට වෙන වෙන වචන නොදා පබිලිස් කරන්නලා. නැත්තං ඉතිං ඒක බුද්ධිමය දේපොළ උල්ලංගණය කිරීමක් වෙනවා. (සමහරවිට මුං මේ කෑල්ලම අයින් කරලා දාන්නත් ඉඩ තියෙනවා)

මට ඔව්වට නඩු දාන්න නම් බැහැ. ඒත් බොලව් මගේ මේ අහිංසක චූටි මොලෙන් හිතලා මේ වගේ වල් කතාවක් නිර්මාණය කොරන්න මං කන කට්ට දන්නේ මං විතරයි. සමහරදාට ඔ‍ෆිස් එකේ නිවාඩු දාලාත් කතා ලියනවා. අනේ මං වගේ පිස්සෙක්… නෙහ්…?

මේ ක්‍රමේ හොයාගත්තේ මං… ඒක නිසා මේ ක්‍රමයට මං පේටන්ට් එක ඉල්ලලා තියෙන්නේ. ඉල්ලුම් කරපු සංකේත නාමය තමා “ගැහුණුන්ගේ විවාහක බව සෙවීමේ ගෝල් පිස් න්‍යාය” හෙවත් ගෝල්ඩ් fish ගේ න්‍යාය… ගැහැණුන්ගේ විවාහක අවිවාහක බව සෙවීම පිළිබඳව.

ඔය අක්කලා නංගිලා බයින්න නං එපා… මේ මාළුවා අපේ මූණූ වල දැලි ගානවා කියලා….

මේ තියරියේ එක උප කොටසක් තියෙනවා. ඒ තමා බඳින්න ඉන්න අය සෙවීම. ඉතිං මේ කතාවේ හෙන….. අතීත කතාවකුත් තියෙනවා. ඒ තමා මහෞෂධ පණ්ඩිතයින්ගේ කතාව. එතුමා අමරා දේවියවනේ විවාහ කරගත්තේ. ඉතිං මුලින්ම එතුමා අමරා දේවියගෙන් සිංගල්ද ඩබල්ද කියලා ඇහුවේ… අතේ ඇඟිලි ටික ගුලි කරලා පෙන්නලා තමා.

ඒ කියන්නේ අතේ ඇඟිලි ගුලි කරලා නම් අමරා දේවිය බැඳලා. අතේ ඇඟිලි ටික විහිදුවල නම් එතුමිය බැඳලා නෑ… ඉතිං කෝම හරි මහෞෂධ කුමාරය අමරා දේවිය එක්ක විවාහ වුනා. ඒ එතුමිය අවිවාහකව හිටි නිසා.

ඉතිං ඒ අතීතයේ විවාහක බව හොයාගත් විදියනේ. මං හෙන විශ්ලේෂන වගයක් කරලා හඳුන්වලා දෙන ක්‍රමේත් ඔය පුරාණ ක්‍රමේට සමානයි. ආහ්… ඊට කලින් කියන්න ඕනේ… අපේ ආච්චිලා සීයාලා ගෑණු දරුවෙක් විවාහයට කලින් විවාහ වෙලාද නැද්ද කියලා හොයාගත්ත විදිය. ඒ තමා පැණි හඳ දාට ඇඳට සුදු රෙද්දක් එලන එක. හේතු නම් දන්නේ නෑ ඕං. මං වගේ ඔය සීන් එක නොදන්න තොත්ත බබාලා තම තමන්ගේ ගෑණූ දරුවන්ගෙන් අහගන්නලා. මට නම් ඉතිං අහගන්න කවුරුත් නැති නිසා කවුරු හරි පිං ඇත්තියෙක් කියලා දුන්නත් කමක් නෑ… 😛 ඒ වගේම මේ ක්‍රමය අසාධාරණයි කියලා දැං නම් මටත් හිතෙනවා. මොකද ඇඳ රෙද්දට හානියක් නොවී තියෙන්නත් පුළුවන්, පොඩි කාලේ අනතුරු වලට මූන දුන්නම, බයිසිකල් පැද්දම, හා උපතින්ම වුනත්.

ඊට පස්සේ තමා මගේ නූතන ක්‍රමේ. මේ ක්‍රමේ නම් 95% ක් විතර ෂූවර් ක්‍රමයක්. හැබැයි යොදාගන්න වෙන්නේ තමන්ගේ ඇහැගිය කෙල්ල බඳින්න කව්රු හරි මයිනෙක් ඉන්නවද කියලා බලාගන්න තමා. ඒ කියන්නේ මගේ තියරියේ උප කොටස. ඉතිං මෙහෙමයි කරන්න ඕනේ. හරී…. ලේසියි.

මුලින්ම කෙල්ලව ‍ෆලෝව් කරන්න. බ්ලොග් වල කරන ෆලොව් එක ‍නෙමේ ඕං. ඒකි යන බස් වල යන්න. බස් හෝල්ට් වල බහින්න. ඊට පස්සේ හොඳින් නිරීක්ෂනය කරන්න කෙල්ලගේ අත් දෙක.  බලන්න අත අමරා දේවියගේ වගේ නැතුව, ගුලිවෙලාද කියලා. එක අතක නිතරම මොබයිල් එකක් තියේනම්, ඔය පිරිමි ළමයින්ගේ හිත්වල තියෙන ආදරණීය සිතුවිලි එවෙලේම අතහැර ගන්න. මොකද කෙල්ලෙක් ෆෝන් එකක් නිතරම අතේ තියාගෙන ඉන්නේ වෙන අහවල් එකකට වත් නෙමේ… අර මයිනට මැසේජ් කරන්න කියලා තේරෙනවනේ.

ඊට පස්සේ වෙන එහෙකට ට්‍රයි කොලාට පවු නෑ. මොකද ඉතිං අපිත් පවුල් වුනාම නරකෙයි….? ඒ වගේම ඔයාලගේ  චිත්තස්කන්ධය පැහැරගත් කෙල්ල බස් එකේදී බහින්න කිට්ටුවෙලා ෆෝන් එක අදිනව නම් ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද ඒ සමහරවිට තමන්ව එක්ක ගෙන යන්න එන්න කියලා  බැඳපු මයිනට හරි, ගෙදර ඉන්න වැඩි හිටියෙකුට හරි එන්න කියන්න වෙන්න පුළුවන්. පස්සෙ බැඳපු එකෙක් නම් ආයෙමත් හිතේ තියෙන ප්‍රේමනීය සිතුවිලි වලට විරාමයක් දෙන්න.  එල්ස්…  අගේන් ‍ෆලෝව් දැට් ගර්ල්, ටූ ‍ඕර් ත්‍රී ටයිම්ස්.

තේරුනාද මන්දා…ඒ කිව්වේ… කෙල්ල බැඳපු එකියක් නෙවේ නම් තව චුට්ටක් ‍ෆලොව් කරපිය. එත‍කොට කෙල්ල ගෙදර කා එක්ක හරි යනවා එනවා නම්… වැඩේ ගොඩ. මොකද ඒ වගේ කෙල්ලෝ හොයන්න හෙන අමාරුයි. පුළුවන් ට්‍රයි එකක් දීලා ඒ වගේ කෙල්ලෙකුට ‍සැට් වුනොත් දෙයියනේ කියලා ජීවිතේ ඉතුරු කාලේ සන්තෝසෙන් ගෙවුවෑකි. ඒත් එහෙම අයවත් තව චුට්ටක් බලන්න. කියන්න බැහැනේ ගෑණූ අය… නෙහ්…? (මට දෙතුන් දෙනෙක් ගෙන් බැණුමක් අහගන්න හරී… ආසයි අප්පා. මොකද කෙල්ලොන්ගේ නියම පෙනුම එන්නේ කාට හරි අහිංසක [මං වගේ] කොල්ලෙකුට බනිද්දී)

ඒ තමා මගේ තියරිය. මේ තියෙන්නේ තියරියට අමතර දැනුමක් එකතු කොරන්න ගත් පුංචි උත්සහයක්. බැඳලා එන්ජෝයි කරලා, කරන්න තියෙන ඔක්කොම කරපු… (එහෙම කිව්වට ඉතිං මං දන්නෙත් නෑ බැන්දම මොනා කොරනවද කියලා… මොකෝ මං බැඳලා තියෙන එකක්යැ. මං දන්නේ… බැන්දම රෝස කැලෙන් බබාලා හම්බුවෙනවා කියලා විතරයි. ඒකත් කිව්වේ අපේ අම්මද කොහොද.. පොඩි කාලේ දවසක් ඒ පස්නේ ඇහුවම…) ටිකක් විතර මෝරපු පහේ ගෑණු ළමයෙකුට (ගෑණි කියන්න හොද නැහැනේ… හිත විතරක් තැලෙනවනේ…) හිත ගියොත් නම්… ටිකක් භයානකයි. මොකද එයාලා ෆෝන් පාවිච්චි කරන්නේ බොහෝම අඩුවෙන්. මොකද ඉතිං රෑට බයයි කියලයෑ… දැන් ඉතිං කාට බය වෙන්නද…? හප්පෝ ඉන්නවා කියලයෑ…. ඌ ඉන්නේ ගෙදරනේ. ඉතිං ඒ වගේ අයව හොයාගන්න තියෙන ලේසිම ක්‍ර‍මේ තමා මුද්ද… හැබැයි පුතෝ මගුල් මුද්ද මගුලෙන් ටික දවසකට පස්සේ උකස් කරලනම් ඒ කෙරුවාවත් ඉවරයි. අනිවා ඩෙෆා ඇඹලයෝ ටික පැනි හැලියට ඇදෙනවා. ඉතිං ඒ වගේ අවස්ථාවලදී නම් කොරන්න ඕනේ දේ මං නොදනී. අනික ඒ වගේ කෙනෙක් බැඳලද නැද්ද කියලා හොයන්න යන එක අම්බානෙට කන්න වෙන සීන් එකක් වෙන්නත් පුළුවන් වගේම… නඩු නැති කේස් එකක් වෙන්නත් පුළුවන්.  මට අත්දැකීම් නැති නිසා ඒ ගැන නම් නොදනී…

යකෝ දැන් මුං හිතයිද දන්නේ මේකට අත්දැකීම් නැහැයි කියන්නේ අනිත් ඔක්කෝටම අත්දැකීම් තියෙනවා කියලා… නෑ…. නෑ…. සත්තලනේ එහෙම්මත් නෙවේ…. මං ඉතිං හෙන පර්යේෂනයක් කොරලනේ ඔය ඔක්කොම හොයාගත්තේ…. ඒක නිසා ඉතිං අත්දැකීම් කෙසේ වෙතත් නිරීක්ෂන මගින් ලබාගෙත් තොරතුරු නම් ඕනෙ තරම් තියෙනවා.

ඉතින් මට තාම පේටන්ට් එක හම්බුනේ නැති වුනාට මං මේ තියරිය සාමාන්‍ය මහජන පාචිච්චිය සඳහා රිලීස් කොරනවා. සමහරවිට තව තව අප්ඩේට් එයි… එහෙම වුනොත් ඉතිං පහලින් හරි වෙනම පෝස්ට් එකකින් හරි දාන්න බැරියෑ… ආහ්… මේක මේ ඕපන් සෝස් තියරියක් ඈ… මගේ නම දාලා ඕනේ කෑල්ලක් එකතු කරන්න පූලුවන්… අනේ හැබැයි… මේ වගේ රත්තරං තියරියකින් කෑලි අඩු කොරන්න නම් එපා ඕං… තව තව උපකොටස් තියේනම් ඕනේ තරමක් එකතු කොරන්නලා… කිසි පස්නයක් නෑ…

මතකනේ…. බඳින්න ඉන්නවා නම් ෆෝන් එකක් ඇති… බැඳලනම් මුද්දක් ඇති… දෙකම නැත්තං හොයාගන්නේ වෙන්නේ අදාල කෙනාගෙන් අහලම තමා… ඒක අහන්න ගිහිං මූන දෙන්න වෙන ස්වභාවික විපත් වලට ගෝල්ඩ් fish වගකියනු නොලැබේ….

%d bloggers like this: